ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට තම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා අල්ලස් ලබා දීමට සිදුව ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය කළ නවීනතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ලෝකයේ රටවල් 107 ක එක් ලක්ෂ දහහතර දහසක් සහභාගී කරගෙන මෙම සමීක්ෂණය පැවැත්විණි.
දේශපාලඥයින් දුෂණ ක්‍රියාවල යෙදෙන බව ඉන්දියාවේ සියයට86 ක් ද ලංකාවේ සියයට 51 ක් ද ප්‍රකාශ කර තිබේ.
පසුගිය වසරක කාලයේ පොලිසියට අල්ලස් දීමට සිදු වූ බව ඉන්දියාවේ සියයට 62 ක් සහ ශ්‍රී ලංකාවේ සියයට 43 ක් ප්‍රකාශ කළ බවද එම සමීක්ෂනයෙන් හෙළි කර ඇත.
අල්ලස සහ දුෂණය ලොව පුරා ඉතා ශීග්‍රයෙන් වර්ධනය වන බවට මෙම සමීක්ෂණය සාක්කි සපයන බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟදීම ලංකාව පළමු තැනට එනවා ෂුවර්, දුෂණය, වංචාව එක්ක (නි)
මෙම සමීක්ෂණයට ලක් වූ අනෙක් රටවල් සමග බලන විට ලංකාව තවමත් ගොඩක් හොඳයි. (අ)
අපි කප් එක ගහයි දැන් යන විදිහට නම්. (නි)
ලංකාවී සියලුම රජයේ ආයතනවල නිලධාරීන් ටෙන්ඩර් ලබා දෙන්න පගාව ගන්නවා.(නදී)
මෙම සමික්ෂනය වැරදි. ලංකාවේ දේවාලයකින් පන්සලකින් වත් පගාව නොදී වැඩ කොරගන්න බැහැ අනෙක් ආයතන ගැන කවර කතාද.(අ)
අපරාදේ මම නම් හිතාගන හිටියේ ලංකාව පලවෙනි තැන ගනියි කියලමයි. හැබැයි තව අයුරුද්දක් දෙකක් ඉවසල හිටියොත් නම් බැරිවෙන එකක් නැහැ. අපේ රජයේ ආයතන ඒ තරමටම සේවය අවන්කවම ඉටුකරනවා. එහෙම කරන්න බැරි උදවිය වෙන්න ඇති පඩි මදි කියල ස්ට්‍රයික් කරන්නේ. ඔහොම යන්, ඔහොම යන්.(නදී)
මේ අවුරුද්දේ ලංකාව ඉන්දියාව පරදනවා. ඒකේ කතා දෙකක් නැහැ. ජය වේවා !! (නි)
මේ පගා ගෙහිල්ල දැනගන්න සමීක්ෂණ මොකටද ? ඕනෙම නොදරුවෙක් පවා මෙය දන්නා දෙයක්නේ.(නදී)
මේ කියන සංවිධානය ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද ?මෙම රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණු සහ මුදල් වැයකිරීම් පිළිඹඳව ද පළමුව සොයා බැලිය යුතුයි (අ)
අපේ ලංකාව තවමත් හොඳයි. (දී)
මතක තියාගන්න මේක රටේ ජනතාවගේත් වැරැද්ද හැමතැනකදිම තමන්ගේ ලෙහෙසියට සල්ලි දීල වැඩ කරගන්න බලනවා මම හොදටම දන්නවා තමන් නිවැරදිනම් සල්ලි දෙන්න ඔන නැහැ (අ)
ලංකාව පලමු තැනට ආපු නැති එක ගැන දුකයි මොකද හැම එහෙකම මුල් තැන ලංකාවට නේ (අ)
ඉන්දියාවට සාපේක්ෂව ලංකාව නොම්බර එකයි බලන්න ගියාම.(නදී)
ලුම්බිණි අපිත් ලංකාවේ ඉන්නකොට හිතුවේ ඔහොම තමයි. (දී)
තමන් හරි වුනත් පගාව දුන්නේ නැත්නම් වැඩේට කාලාන්තරයක් යනවා. එක අතකට පගවත් නැතුවම බැරි දෙයක්. ඒකේ අගේ දැනෙන වෙලාවල් එමට තියෙනවා. (දී)