සියලූම පළාත්පාලන ආයතනවල කාලය මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් එදිනට පළාත් පාලන මැතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි නියෝජිතයින් පිරිසක් අද (29) පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යයාලය වෙත පැමිණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා හමු වී ඉල්ලීමක් කළහ.
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට පැවසුවේ මැතිවරණ නිසි වේලාවට පවත්වන බවට පසුගිය මැතිවරණවලදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද ජනතාවට පොරොන්දු වූ බැවින් පළාත් පාලන මැතිවරණය තවත් කල් නොදමා කඩිනමින් පැවැත්විය යුතු බවයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් උදය ගම්මන්පිල, හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පුංචි ඡන්දෙ ඉක්මනින් ඉල්ලයි
කලණි විතානගේ Tuesday, 01 March 2016 02:29 AM
නිසි කලට වැසි යම් සේ රටකට වැදගත්වේද එසේම නිසි කලට ඡන්දය වැදගත්. (නි)
කේ පී Monday, 29 February 2016 02:16 PM
ඡන්දය කල්දාන්නෙ බයට. (ර)
නෞෂි Tuesday, 01 March 2016 04:15 AM
ඡන්දෙට යන්න තියෙන තදියම මොකක්ද? ඊට වඩා වැදගත් දේවල් තියෙනවා රජයට. මෙයාලට එල්ලෙන ලනු නෙතිව ඉන්නේ. (ර)
සෙනරත් Monday, 29 February 2016 03:15 PM
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවන සැම දෙනාටම සුභ ආරංචියක්. (නි)
අජිත් රණසිංහ Monday, 29 February 2016 03:46 PM
ඡන්දෙ තියන එක හොඳයි. මොකද මෙයාලට තියන කලබලේ . රටේ සල්ලි නාස්ති නොකර ආණ්ඩුවේ වැඩ කටයුතු වැඩ සටහනකට කොරන්න ඉඩ ප්‍රස්ථාව නොදී කලබල කිරීමෙන්ම පැහැදිලි රහසක් තිබෙන බව නම් පේන්න තියනවා ! මිනිසුන්ව මෝඩයන්ට ගණන් ගත්ත කාලයකුත් තිබුන බව මතක තියා ගත්තොත් හොඳයි .(බ)
අජිත් රණසිංහ පැරිස් Monday, 29 February 2016 03:48 PM
පහු පහු වෙනකොට කොහු කොහු වෙන බව දන්නා හින්ද තමයි ඔය තදියම ? (බ)
සුසන්ත Monday, 29 February 2016 08:14 PM
අද තියෙන්නේ ඡන්ද කලට වෙලවට කරන ආණ්ඩුවක් නෙමෙයි. පුළුවන් තරම් ඒවා කල්දාලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුණු කූඩේට දමන ගමන් බොරු යහපාලන කයිවාරු ගසන ආණ්ඩුවක්. මෙහෙම තමයි ඉස්සර 80-90 ගණන් වලත් තිබුනේ (නි)