සීමා නිර්ණය කොමිසම සඳහා මැතිවරණ කොට්ඨාස නිර්ණය කිරීම වෙනුවෙන් ලබාදී තිබූ කාලය තවත් මසකින් දීර්ඝ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා පැවසීය.
කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නිර්ණය වෙනුවෙන් එම කොමිසමට ලබා දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබූ අතර සීමා නිර්ණය කටයුතුවල ගැටලූ පවතින හෙයින් මෙලෙස කාලය දීර්ඝ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ හේතුවෙන් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කළ ආකාරයටම මෙම වසරේ දී මැතිවරණය පැවැත්විය නොහැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ දී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස එක්සත් ජනතා නිදහස් මහ ලේකම් මහින්ද අමරවීර මහතා තමන්ට කිව්වත් ඔහු කියන දේ කරන්නට තමන් සූදානම් නැතැයි ෆයිසර් මුස්තෆා මහතා අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ද පැවසීය.
කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධ අභියාචනා විමර්ශන කටයුතු මෙම අගෝස්තු මාසයේදී අවසන් කිරීමට නියමිතව තිබුණද අදාළ කමිටුවට එම කාලය ප්‍රමාණවත් නෙවීම නිසා එය ලබන සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ද ඇමැතිවරයා කීය.
මේ අතර සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව සැප්තැම්බර් 30 වැනිදා දුන්නත් මෙම වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත් වීම සඳහා කාලය ප්‍රමාණවත් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එම වාර්තාව ලැබී මාස තුනක් ඇතුළත මැතිවරණය පැවැත්විය හැකි බවද සභාපති සඳහන් කළේය.
2012 අංක 22 දරණ පනතින් කොට්ඨාස ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කර ඇති නිසා මැතිවරණ කොමිසමට මැතිවරණය ප්‍රකාශ කිරීමේ බලයක් නැතැයිද මෙවැනි අවස්ථාවක මැතිවරණය පැවැත්විය හැක්කේ අමාත්‍යවරයාගෙන් ගැසට් නිවේදනයක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබුණහොත් පමණක් බව ද ඔහු කීවේය.
මැතිවරණය ප්‍රමාදවීම ගැන මැතිවරණ කොමිෂන් සභාවට චෝදනා කිරීමෙන් පළත් නැතැයි ද ඔහු කියා සිටියේය.
මේ මැතිවරණය නව ක්‍රමයට නොපවත්වන්නේ නම් හදිසි නීතිය නොමැති විට පළාත් පාලන ආයතන නිල කාලය ඉකුත් වී මාස 6ක් ඇතුළත මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ හැකියාව තමන් සතු බව කී දේශප්‍රිය මහතා කීවේය. පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතු වී ඇති පනත ගෙන ආවේ පසුගිය රජය සමයේ නිසාත්, දැන් පවතින්නේ තවත් ආණ්ඩුවක් නිසාත් මැතිවරණය ප්‍රමාදවීම ඇතැමුන් විසින් දේශපාලන අවියක් කරගැනීම සාධාරණ නැතැයි ද සඳහන් කළේය.
මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන නොවන බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව කී සභාපතිවරයා පැවති මැතිවරණ දෙපාර්තමේන්තුව මෙන්ම වත්මන් කොමිෂන් සභාව ද ඉතා ස්වාධින ආයතන බව පැවසූ අතර කිසිම දිනෙක ඒවාට අනවශ්‍ය අතපෙවීම් සිදුනොවූ බව ද පැවසීය.
දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී මාධ්‍යවේදීන් සමග අද පැවැත්වූ සාකච්ඡාවකදීය.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පුංචි ඡන්දේ ලබන වසරේ
රොකී Tuesday, 03 May 2016 03:01 PM
කල්පනාවෙන්! රටේම ඉන්න හොරුන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයින්ට නාමයෝජනා ලැබෙන්න පුළුවන් (නි)
දුමින්ද Monday, 02 May 2016 09:04 AM
ගාල්ලේ ජන බලය පුංචි ඡන්දෙට මදිද. (ර)
ෂෙල්ටන් Tuesday, 03 May 2016 03:00 AM
බාලගිරි දෝෂය අද නොවේ හෙට. (නි)