බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ෂ්රාන්ට් මොන්ටානා ෆෝරම් සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ නැගෙනහිර පාළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහාතායි.
වසර දෙකකට වරක් පවත්වන මේ සමුළුව දින දෙකක් පුරා පැවැතියේය. ලෝකයේ බොහෝ රටවල ඉහළ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ. අපරාධ විමර්ශන, ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම, පරිසර දුෂණය, ජාතීන් අතර සහජීවනය, මහජන ආරක්ෂාව මෙම සම්මන්ත්‍රන න්‍යාය පත්‍රයේ විශේෂ මාතෘකා විය. විවිධ විෂයන්ට ලෝක ප්‍රසිද්ධ විශාරදයෝ මෙම සමුළුව අමතති. අවුරුදු 147ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව මහජනයා අතර තිබු මිතුරු සම්බන්ධය වර්තමානය වන විට ඉතාමත් දුර්වල තත්වයකට පත්වී ඇති බවත් , පළුදුවී ඇති එම අවාසනාවන්ත තත්වය යලි ප්‍රතිවර්ධනය කිරීම උදෙසා එම සමුළුවට විෂය මුලීක උපදෙස් ඉතාමත් වැදගත් බවත් ශ්‍රී ලංකා නියෝජිතයා කියයි.
පරිසර දුෂණය අවම කර ගැනීම සදහා මහජනයා දැනුවත් කිරීමට අවශ්‍යය උපාය මාර්ග හා ඒ සදහා අවශ්‍යය කරන පිලියම් මෙම සම්මන්ත්‍රනයේදි ලබාගත් දැනුම අතරට එක්වන බවත්, ඊට අමතරව විවිධ ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම උදේසා ආදේශ කළ හැකි විවිධ ක්‍රමවේදයන් ඉහත සමුළුවට ඇතුලත් වූ අතරම සාමාන්‍ය ජනයා හා නිරතුරු සබදකම් පවත්වන පොලිස් දෙපාර්තමේන්තුවට එම තත්වයන් වර්ධනය කිරීමෙහිලා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි අතරම පොලීසිය යනු මහජනයාගේ ආරක්ෂකයා මෙන්ම සේවකයා බවද ජයසුන්දර මහතා සදහන් කරයි.
තමා මේ සමුළුවේ දී ලබාගත් දැනුම සියලූදෙනා අතරට එක්කොට ඔවුන්ව දැනුවත් කිරීමට තම උපරිම උත්සහාය දරන බවද ජයසුන්දර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පෞද්ගලිකව දන්නා මොහු වැදගත් බුද්දිමත් නිහතමානී අවංක පොලිසියට අවශ්‍යම කෙනක් පොලිස්පති වීමට ගොඩක් සුදුසු කම් තියනව නුවර සේවය අකුරට කලා මම හදවතින්ම සුබ පතනවා ඔබට (අ)
නිකවැරටිය වැදගත් ජයසුන්දර පරම්පරාවේ, ජයවර්ධනපුර සරසවියේ, කළමනාකරණ විශේෂ උපාධිලාභී සහ වෙනත් විදේශ උපාධි ද සහිත සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම ඉතා හොඳින් හැසිරවිය හැකි බුද්ධිමත් පොලිස් නිලධාරියෙකි. අල්ලසට දුෂණයට තදින් විරුද්ධ නිලධාරියෙකි. උපාධියෙන් පසු ඒ. එස්. පි විභාගයෙන් ඉහළින්ම ලකුණු ගෙන පොලිස් සේවයට එකතු වූ රටේ සම්පතක්. සමන් හදරාගම - සබරගමුව සරසවිය (නි)
බුදු දහම අනුව තමයි ජීවිතය හැඩගස්වා ගෙන රටට සේවය කරන්න උපන් වැදගත් නිලදාරියෙක් ඔබතුමා.(නදී)
මීළඟ පොලිස්පති.? ඔබට සුබ පැතුම්. පොලිසියම දන්ගස්සල හරි කමක් නෑ මහත්තයෝ අවංක පොලිස් පොඩ්ඩන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හදන්න. (නදී)
බුදු දහමට ඉතාම ගෞරවයක් ඇති ඉතාම උතුම් නිලදාරියෙක් ඔබතුමාට මගේ සුභ පැතුම්.(නදී)
අපොයි පොලිසියද? ඔක්කොම එකයි.(නදී)
මම හැම දම ගුරු කරන පොලිස් නිලධාරියෙක්.(නදී) .
මෙතුමා මහනුවර පළාතේ සේවය කල කෙටි කාලයේ ත්‍රස්තවාදය පැතිරීමට එරෙහිව කල මහඟු සේවය අත්දැකීමෙන්ම දනීමි. ගම මට්ටමේ සුපරීක්ෂණ කමිටු ඇරඹුනා. එහෙත් එතුමා මහනුවරින් ගීයාට පසු ඒ කටයුතු එතැනින්ම ඉවරයි. පොලිසියේ තිබෙන වැරද්ද නම් එක් අයකු විසින් කල හොඳ දෙයක් ඊළඟට එන නිලධාරියා විසින් අනුගමනය නොකිරීම පමණක් නොව, එක් අයකු විසින් කල වැරදි දෙයක් ඊළඟට එන නිලධාරියා විසින් ඊටත් වඩා වැඩියෙන් කිරීමයි.(නදී)
පොලිස් නිලදාරින්ටත් දඩුවම් දුන් මෙතුමා රටට ඉතා අගනා මිනි පහනක්.(නදී)
ඔබට සැමදා ජය.(නදී)
ධර්මරාජ පුතුණුවනි, ඔබට ආසිරි! (නි)
ඔබ වැනි ගුණගරුක පොලිස් නිලධාරීන් මුළු රටටම වාසනාවක් (නි)
වැරදි නොකර හිටියා නම් වාස් ගුණවර්දනත් හොදයි. මෙයා වගේම දක්ෂයි. (නි)
මොහු දක්ෂ පොලිස් නිලධාරියෙක් වෙන්න ඇති. නමුත් තව කොපමණ රාජ්‍ය නිලධාරීන් මෙවැනි සම්මන්ත්‍රණ වලට සහභාගි වෙනවද? (නි)
මම අද තමයි මෙතුමා ගැන දැනගත්තේ. ප්‍රතිචාර වලින් 99.9%කම හොද කියන්නේ. මේකත් වාර්තාවක්. (නි)
ධර්මරාජ විදුහලට ඔබ ආඩම්බරයක්. ඔබට ආසිරි !! (නි)
රටට අවශ්‍ය කථා කරන මිනිස්සු නෙමේ. වැඩ කරන මිනිස්සු. අපි දැක්කා වැඩ.පම්පෝරි විතරයි. වැඩ නෑ . රටකට අවශ්‍ය නිතිගරැක නිලධාරින් මිස නිතිය තමා අතට අරං වැඩ කරන අය නෙමේ.කවුරැ හරි වැරදි කරලා ඇත්නම් රටේ පවතින නිතිය අනුව කටයුතු කළ යුතුයි.මොකද ඔය කියන නිලධාරියා කවදාවත් වැරදි කරලා නැද්ද. කුරැනැගලත් මාස කිපයක් හිටියා නේද. එකතැනක වැඩි කාලයක් ඉන්න බෑ. ස්ථාන මාරැ කරන්නේ වැඩ හොද හින්දාද. පොලිස්පති වෙන්න හිතා ගෙන වෙන්න ඇති පම්පොරි ගහන්නේ . ඔයිට වැඩිය හොද ගාමිනි නවරත්න වැනි නිතිගරැක පොලිස් නිලධාරි නිලධාරින් පොලිසියේ ඉන්නවා හැබැයි නිහඩයි. වැඩ විතරයි . කථා නෑ. ඇයි වර්තමාන පොලිස්පති තුමා ඔහු කරන සේවය අගය කල යුතුයි. පොලිස් ඉතිහාසයේ හිටිය කිර්තිමත් නිලධාරියෙක් පොලිස්පති වරයෙක් ඔහු සේවයේ සිටියදිම ඇගයිමට ලක් කල යුතු අයෙක්.(අ)
පූජිත් ජයසුන්දර කියන්නේ ලෝකපූජිත දක්ෂ නිහතමානි පොලිස් නිලධාරියෙක්. අපිට ආඩම්බරයි නියම සුදුස්සා තෝරාගෙන මේ සමුළුවට සහභාගී කරවීම පිළිබඳව.ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
පූජිත් ජයසුන්දර සර් පූජිතයි. කතාවෙන් විතරක් නොව එතුමා ක්‍රියාවෙනුත් සමාජයට අපේ රටට ඉමහත් සේවයක් කරමින් ඉන්න නිහතමානී ඉතාමත් හොද ගතිගුණ වලින් සැබෑ මිනිසත්කමින් පිරුණු නිළධාරි මහත්මයෙක්. ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.... (නි)
ඔහු නියම ධර්මරාජ පුත්‍රයෙක් (නි)
ඇත්තෙන්ම පූජිත ජයසුන්දර යනු මහත්මා ගති ඇති පොලිස් නිළධාරියෙක්.මෙවැනි උතුම් නිලධාරින් අප රැකගත යුතුයි. ඔහුට බුදු සරණයි (නි)
කවුද අර රන්ජිත්? දන්නා මිනිස්සු මෙතුමා ගැන දන්නවා. (නි)
මොකක්ද මේ රන්ජිත්ට තිබෙන පිස්සුව? මට පෙන්නේ පුජිත් සර් එක්ක මොකක් හරි අවුලක් වගේ. (නි)
ඉතාමත් අවංක දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්.අපේ රටට ආදරය කරන,මේ වගේ උසස් නිලධාරින් අපේ රටේ පොලිස් සේවයට ආඩම්බරයක් (නි)
පුදුම ශක්තියක් අහිංසක මිනිස්සුන්ට මේ වගේ නිලධාරීන් තාමත් පොලිසියේ ඉතුරු වෙලා ඉන්න එක ගැන. දළදා සමිදු සරණයි ඔබට දම්රද සොයුර. (නි)
අවංක නිලධාරියෙක් වන ඔබට, කැපිලි - කෙටිලි ඇති බව පෙනෙනවා. ඉතාම ප්‍රවේශමෙන් ගමන යන්න.ඔබට, තුනුරුවන්ගේම සරණයි. ජය වේවා ! (නි)
චේතනාව අවන්කනම් සමස්ත පොලිසියම දන ගස්සෙව්වත් මොකෝ.මෙතුමා අවංක දක්ෂ නිලධාරියෙක්.(අ)
නියමයි ....හොඳ කෙනෙක්. (ස)
වැඩක් කරන්න පුළුවන් හොඳ මහත්මා ගතිගුණ තියෙන පොලිස් නිලධාරියෙක්. ඔබට ජය !!! (ස)
මෙයා එහෙදි කවුරුත් දණ ගස්සන්න හැදුවේ නැද්ද දන්නේ නැහැ. (ස)
අවංක, රාජකාරිය දේව කාරියක් සේ සලකන ඔබට ගැලපෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුවේ තනතුරකි. (ස)
මෙවැනි දක්ෂ පොලිස් නිලධාරින් වැඩි වැඩියෙන් අපට ලැබේවා! ජයසුන්දර මැතිතුමනි!..ඔබට ජයෙන් ජය! (නදී)
ඉතාමත් හොද රාජ්‍ය සේවකයෙක් තම රාජකාරීය අකුරට ඉස්ඨ කරන ඒවගේම මහජනතාව සමග කිට්ටු සම්බන්දතාවයක් පවත්වන හොද පොලිස් නිලදාරියෙක් , ඔබ අනිත් නිලදාරින්ට ආදර්ශයක් , ජයවේවා.(නදී)
සුභ පැතුම්! (නදී)
බ්‍රසයිල් අාවා නම් අපිටත් පොඩ්ඩක් කියන්න තිබුනනේ.තවම මෙහෙ ඉන්නවද දන්නේ නැහැ (නි)
පොලිස්පති තනතුරට සුදුසු මහත්මයෙක් . ලැබේද දන්නේ නැත .(අ)
මම විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස මොහු සමග රාජකාරි කටුතු කර තිබෙන නිසා දන්නවා මෙතුමා ඉතාම දක්ෂ නීතිගරුක අවංකව රාජකාරි කරන ඉහළ නිලධාරියෙක් බව. හොඳ අනාගතයක් තිබෙන මොහු පොලිස් දෙපාර්තමේන්තුවට සම්පතක්. (නි)
මගේ ගමත් අම්පාර.මගේ ගමේ පොලිසිය ගැන මම නම් හුගක් සතුටු වෙනවා.ඒ වගේම මගේ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා ගැන සතුටු වෙනවා. ඔබතුමාට මගේ පළාතට හොද සේවයක් කරන්න හැකි වන්න යැයි සුබ පතනවා. (නි)
දක්ෂ නිලධාරියෙක් (නි)
නියම සුදුස්සෙක්, සුදුසු තනකට ගිහින්(දිල්)
මෙතුමා රත්නපුර සේවය කල කාලපරාසය තුල, අපවත් වී වදාළ බෝඩිසත්ව ගුණෝපේත මහාරට්ඨගුරු අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපානන් වහන්සේ ලඟින්ම ඇසුරුකළ, අපේ රට, අපේ කම, සහ අපේ සංස්කෘතිය ගැන හොඳ ඉවක් තිබෙන කාර්යසුර, අවංක සහ බුධිමත් උසස් පොලිස් නිලධාරියෙක් වන මෙතුමා අපේ පොලිසිය ට සම්පතකි.(අ)
පුජිත නුවර කෙනෙක් නුවර අය එහෙමතමයි ජය වේවා (අ)
පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින දක්‍ෂතම නිලධාරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රමුඛස්තානයේ සිටින නිලධාරි මහතා ලෙස මම දකිමි. මොහුගේ සේවාව ඉතාමත් නිර්මලයි. ආගම, රට, ජාතිය කෙරෙහි ලෙන්ගතු මිනිසෙකි. මොහුගේ සේවාවට සමහර දේශපාලකයින්නම් කැමති නැත. දිනක පොලිස්පතිවී පොලිසියත් ජනතාවත් අතර ඇති දුරස්බව නැතිකිරීමට හැකි, පක්‍ෂ පාට වලට ගැතිකම් නොකරන, සුජාත නීතියක් ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවායි පාර්ථනා කරමි. (අ)
ඔහු උසස් නිළධාරියෙක් (නි)
කුරුණෑගල අපිටත් ආඩම්බරයක් .... (නි)
මගේ කිසිම පෞද්ගලික තරහක් හෝ අමනාපයක් කිසිම පොලිස් නිලධාරියෙක් සමග නැහැ. නමුත් හොරකම් කළ බීඩියක් සොයාගත්තත් පත්තරේ හෝ ටීවී එකේ මූණ දාගන්න සමහරු දඟලන බොළඳ දැඟලිල්ල දුටුවම දුක හිතෙනවා.එතකොට ඔහුට තියෙන සමාජ පිළිගැනිම හීන වෙනවා. (නි)
අපේ නුවර වීරයාට ජයවේවා! මෙවැනි අය හරිම ටිකයි ලංකාවේ ඉන්නේ. (නි)
ඔබ ශ්‍රී ලංකා පොලිසියේ වීරයාය (නි)
කථාවට නම් හොදයි. . පොලිස්පති ධුරයටත් හොදයිද? (නදී)
මෙතුමා ඉතාමත් හොඳ නිලධාරියෙක් .. ඒ ගැන කියන්න දෙයක් නැ..පොලිසියේ නිලධාරීන් ගේ මහත්මා ගතිගුණ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෙවැනි නිලධාරීන්ගෙන් ..(නදී)
නාකොටික් එකේදි හොද සේවයක් කළා. (නි)