IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පූජිත ජයසුන්දර බ්‍රසල්ස් සමුළුව අමතයි

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ෂ්රාන්ට් මොන්ටානා ෆෝරම් සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළේ  නැගෙනහිර පාළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහාතායි.

වසර දෙකකට වරක් පවත්වන මේ සමුළුව  දින දෙකක් පුරා පැවැතියේය.  ලෝකයේ බොහෝ රටවල ඉහළ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ. අපරාධ විමර්ශන, ත්‍රස්තවාදි ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය ජාවාරම, පරිසර දුෂණය, ජාතීන් අතර සහජීවනය, මහජන ආරක්ෂාව මෙම සම්මන්ත්‍රන න්‍යාය පත්‍රයේ විශේෂ මාතෘකා විය.  විවිධ විෂයන්ට ලෝක ප්‍රසිද්ධ විශාරදයෝ මෙම සමුළුව අමතති. අවුරුදු 147ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව මහජනයා අතර තිබු මිතුරු සම්බන්ධය වර්තමානය වන විට ඉතාමත් දුර්වල තත්වයකට පත්වී ඇති බවත් , පළුදුවී ඇති එම අවාසනාවන්ත තත්වය යලි ප්‍රතිවර්ධනය කිරීම උදෙසා එම සමුළුවට විෂය මුලීක උපදෙස් ඉතාමත් වැදගත් බවත් ශ්‍රී ලංකා නියෝජිතයා කියයි.

පරිසර දුෂණය අවම කර ගැනීම සදහා  මහජනයා දැනුවත් කිරීමට අවශ්‍යය උපාය මාර්ග හා ඒ සදහා අවශ්‍යය කරන පිලියම් මෙම සම්මන්ත්‍රනයේදි ලබාගත් දැනුම අතරට එක්වන බවත්, ඊට අමතරව විවිධ ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම උදේසා ආදේශ කළ හැකි විවිධ ක්‍රමවේදයන් ඉහත සමුළුවට ඇතුලත් වූ අතරම සාමාන්‍ය ජනයා හා නිරතුරු සබදකම් පවත්වන පොලිස් දෙපාර්තමේන්තුවට එම තත්වයන් වර්ධනය කිරීමෙහිලා විශේෂ කාර්ය භාරයක් සිදුකල හැකි අතරම පොලීසිය යනු මහජනයාගේ ආරක්ෂකයා මෙන්ම සේවකයා බවද ජයසුන්දර මහතා  සදහන් කරයි.

තමා මේ සමුළුවේ දී ලබාගත් දැනුම සියලූදෙනා අතරට එක්කොට ඔවුන්ව දැනුවත් කිරීමට තම උපරිම උත්සහාය දරන බවද  ජයසුන්දර මහතා පවසයි.

 

 



අදහස් (0)

පූජිත ජයසුන්දර බ්‍රසල්ස් සමුළුව අමතයි

රංජිත් සේනාරත්න Saturday, 26 October 2013 07:39 AM

මෙතුමා ඉතාමත් හොඳ නිලධාරියෙක් .. ඒ ගැන කියන්න දෙයක් නැ..පොලිසියේ නිලධාරීන් ගේ මහත්මා ගතිගුණ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෙවැනි නිලධාරීන්ගෙන් ..(නදී)

:       0       0

සුනිල් Saturday, 26 October 2013 08:26 AM

නාකොටික් එකේදි හොද සේවයක් කළා. (නි)

:       0       0

පුජන Saturday, 26 October 2013 08:26 AM

මොහු දක්ෂ පොලිස් නිලධාරියෙක් වෙන්න ඇති. නමුත් තව කොපමණ රාජ්‍ය නිලධාරීන් මෙවැනි සම්මන්ත්‍රණ වලට සහභාගි වෙනවද? (නි)

:       0       0

සමන් Saturday, 26 October 2013 08:26 AM

නිකවැරටිය වැදගත් ජයසුන්දර පරම්පරාවේ, ජයවර්ධනපුර සරසවියේ, කළමනාකරණ විශේෂ උපාධිලාභී සහ වෙනත් විදේශ උපාධි ද සහිත සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකම ඉතා හොඳින් හැසිරවිය හැකි බුද්ධිමත් පොලිස් නිලධාරියෙකි. අල්ලසට දුෂණයට තදින් විරුද්ධ නිලධාරියෙකි. උපාධියෙන් පසු ඒ. එස්. පි විභාගයෙන් ඉහළින්ම ලකුණු ගෙන පොලිස් සේවයට එකතු වූ රටේ සම්පතක්. සමන් හදරාගම - සබරගමුව සරසවිය (නි)

:       0       0

සම්පත් Saturday, 26 October 2013 07:42 PM

මම පෞද්ගලිකව දන්නා මොහු වැදගත් බුද්දිමත් නිහතමානී අවංක පොලිසියට අවශ්‍යම කෙනක් පොලිස්පති වීමට ගොඩක් සුදුසු කම් තියනව නුවර සේවය අකුරට කලා මම හදවතින්ම සුබ පතනවා ඔබට (අ)

:       0       0

දැදිගම Friday, 25 October 2013 06:17 PM

පොලිස්පති තනතුරට සුදුසු මහත්මයෙක් . ලැබේද දන්නේ නැත .(අ)

:       0       0

නිමේෂ් (අම්පාර) Monday, 28 October 2013 11:35 PM

පූජිත් ජයසුන්දර සර් පූජිතයි. කතාවෙන් විතරක් නොව එතුමා ක්‍රියාවෙනුත් සමාජයට අපේ රටට ඉමහත් සේවයක් කරමින් ඉන්න නිහතමානී ඉතාමත් හොද ගතිගුණ වලින් සැබෑ මිනිසත්කමින් පිරුණු නිළධාරි මහත්මයෙක්. ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි.... (නි)

:       0       0

මිහිර Saturday, 26 October 2013 09:08 AM

බුදු දහම අනුව තමයි ජීවිතය හැඩගස්වා ගෙන රටට සේවය කරන්න උපන් වැදගත් නිලදාරියෙක් ඔබතුමා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 27 October 2013 02:15 PM

පූජිත් ජයසුන්දර කියන්නේ ලෝකපූජිත දක්ෂ නිහතමානි පොලිස් නිලධාරියෙක්. අපිට ආඩම්බරයි නියම සුදුස්සා තෝරාගෙන මේ සමුළුවට සහභාගී කරවීම පිළිබඳව.ඔබට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Saturday, 26 October 2013 09:31 AM

මීළඟ පොලිස්පති.? ඔබට සුබ පැතුම්. පොලිසියම දන්ගස්සල හරි කමක් නෑ මහත්තයෝ අවංක පොලිස් පොඩ්ඩන්ට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හදන්න. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 26 October 2013 09:35 PM

මම අද තමයි මෙතුමා ගැන දැනගත්තේ. ප්‍රතිචාර වලින් 99.9%කම හොද කියන්නේ. මේකත් වාර්තාවක්. (නි)

:       0       0

සමන් හදරාගම Friday, 25 October 2013 07:57 PM

මම විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස මොහු සමග රාජකාරි කටුතු කර තිබෙන නිසා දන්නවා මෙතුමා ඉතාම දක්ෂ නීතිගරුක අවංකව රාජකාරි කරන ඉහළ නිලධාරියෙක් බව. හොඳ අනාගතයක් තිබෙන මොහු පොලිස් දෙපාර්තමේන්තුවට සම්පතක්. (නි)

:       0       0

නිරාන් Saturday, 26 October 2013 10:17 AM

බුදු දහමට ඉතාම ගෞරවයක් ඇති ඉතාම උතුම් නිලදාරියෙක් ඔබතුමාට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

අමිළ කටුනායක Saturday, 26 October 2013 10:22 AM

අපොයි පොලිසියද? ඔක්කොම එකයි.(නදී)

:       0       0

ලක්මාල් Saturday, 26 October 2013 10:20 PM

ධර්මරාජ විදුහලට ඔබ ආඩම්බරයක්. ඔබට ආසිරි !! (නි)

:       0       0

තුසිත(ලෙබනන්) Friday, 25 October 2013 08:52 PM

මගේ ගමත් අම්පාර.මගේ ගමේ පොලිසිය ගැන මම නම් හුගක් සතුටු වෙනවා.ඒ වගේම මගේ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා ගැන සතුටු වෙනවා. ඔබතුමාට මගේ පළාතට හොද සේවයක් කරන්න හැකි වන්න යැයි සුබ පතනවා. (නි)

:       0       0

ලාල් Friday, 25 October 2013 09:05 PM

දක්ෂ නිලධාරියෙක් (නි)

:       0       0

හරිත දුමින්ද බොතේජු Saturday, 26 October 2013 11:24 AM

මම හැම දම ගුරු කරන පොලිස් නිලධාරියෙක්.(නදී) .

:       0       0

සමරසේකර Saturday, 26 October 2013 11:39 AM

මෙතුමා මහනුවර පළාතේ සේවය කල කෙටි කාලයේ ත්‍රස්තවාදය පැතිරීමට එරෙහිව කල මහඟු සේවය අත්දැකීමෙන්ම දනීමි. ගම මට්ටමේ සුපරීක්ෂණ කමිටු ඇරඹුනා. එහෙත් එතුමා මහනුවරින් ගීයාට පසු ඒ කටයුතු එතැනින්ම ඉවරයි. පොලිසියේ තිබෙන වැරද්ද නම් එක් අයකු විසින් කල හොඳ දෙයක් ඊළඟට එන නිලධාරියා විසින් අනුගමනය නොකිරීම පමණක් නොව, එක් අයකු විසින් කල වැරදි දෙයක් ඊළඟට එන නිලධාරියා විසින් ඊටත් වඩා වැඩියෙන් කිරීමයි.(නදී)

:       0       0

සඳුනි Friday, 25 October 2013 09:39 PM

චේතනාව අවන්කනම් සමස්ත පොලිසියම දන ගස්සෙව්වත් මොකෝ.මෙතුමා අවංක දක්ෂ නිලධාරියෙක්.(අ)

:       0       0

ශ්‍රද්ධා Friday, 25 October 2013 09:44 PM

මෙතුමා රත්නපුර සේවය කල කාලපරාසය තුල, අපවත් වී වදාළ බෝඩිසත්ව ගුණෝපේත මහාරට්ඨගුරු අතිපුජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිපානන් වහන්සේ ලඟින්ම ඇසුරුකළ, අපේ රට, අපේ කම, සහ අපේ සංස්කෘතිය ගැන හොඳ ඉවක් තිබෙන කාර්යසුර, අවංක සහ බුධිමත් උසස් පොලිස් නිලධාරියෙක් වන මෙතුමා අපේ පොලිසිය ට සම්පතකි.(අ)

:       0       0

ටිකිරි Friday, 25 October 2013 09:58 PM

පුජිත නුවර කෙනෙක් නුවර අය එහෙමතමයි ජය වේවා (අ)

:       0       0

දිනුක Thursday, 31 October 2013 07:40 PM

ඔහු නියම ධර්මරාජ පුත්‍රයෙක් (නි)

:       0       0

ජනක Friday, 25 October 2013 10:46 PM

පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටින දක්‍ෂතම නිලධාරින් කිහිප දෙනෙකුගෙන් ප්‍රමුඛස්තානයේ සිටින නිලධාරි මහතා ලෙස මම දකිමි. මොහුගේ සේවාව ඉතාමත් නිර්මලයි. ආගම, රට, ජාතිය කෙරෙහි ලෙන්ගතු මිනිසෙකි. මොහුගේ සේවාවට සමහර දේශපාලකයින්නම් කැමති නැත. දිනක පොලිස්පතිවී පොලිසියත් ජනතාවත් අතර ඇති දුරස්බව නැතිකිරීමට හැකි, පක්‍ෂ පාට වලට ගැතිකම් නොකරන, සුජාත නීතියක් ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවායි පාර්ථනා කරමි. (අ)

:       0       0

පොනිල් Saturday, 26 October 2013 12:32 PM

පොලිස් නිලදාරින්ටත් දඩුවම් දුන් මෙතුමා රටට ඉතා අගනා මිනි පහනක්.(නදී)

:       0       0

උඩලගම සෙනරත් Saturday, 26 October 2013 12:43 PM

ඔබට සැමදා ජය.(නදී)

:       0       0

සුභාෂිණි Friday, 25 October 2013 11:20 PM

ඔහු උසස් නිළධාරියෙක් (නි)

:       0       0

රංජිත් Sunday, 27 October 2013 06:16 AM

රටට අවශ්‍ය කථා කරන මිනිස්සු නෙමේ. වැඩ කරන මිනිස්සු. අපි දැක්කා වැඩ.පම්පෝරි විතරයි. වැඩ නෑ . රටකට අවශ්‍ය නිතිගරැක නිලධාරින් මිස නිතිය තමා අතට අරං වැඩ කරන අය නෙමේ.කවුරැ හරි වැරදි කරලා ඇත්නම් රටේ පවතින නිතිය අනුව කටයුතු කළ යුතුයි.මොකද ඔය කියන නිලධාරියා කවදාවත් වැරදි කරලා නැද්ද. කුරැනැගලත් මාස කිපයක් හිටියා නේද. එකතැනක වැඩි කාලයක් ඉන්න බෑ. ස්ථාන මාරැ කරන්නේ වැඩ හොද හින්දාද. පොලිස්පති වෙන්න හිතා ගෙන වෙන්න ඇති පම්පොරි ගහන්නේ . ඔයිට වැඩිය හොද ගාමිනි නවරත්න වැනි නිතිගරැක පොලිස් නිලධාරි නිලධාරින් පොලිසියේ ඉන්නවා හැබැයි නිහඩයි. වැඩ විතරයි . කථා නෑ. ඇයි වර්තමාන පොලිස්පති තුමා ඔහු කරන සේවය අගය කල යුතුයි. පොලිස් ඉතිහාසයේ හිටිය කිර්තිමත් නිලධාරියෙක් පොලිස්පති වරයෙක් ඔහු සේවයේ සිටියදිම ඇගයිමට ලක් කල යුතු අයෙක්.(අ)

:       0       0

ඩෙන්සිල් ප්‍රියදර්ශන Thursday, 31 October 2013 09:58 PM

ඇත්තෙන්ම පූජිත ජයසුන්දර යනු මහත්මා ගති ඇති පොලිස් නිළධාරියෙක්.මෙවැනි උතුම් නිලධාරින් අප රැකගත යුතුයි. ඔහුට බුදු සරණයි (නි)

:       0       0

ශෙහාන් Saturday, 26 October 2013 02:36 PM

ධර්මරාජ පුතුණුවනි, ඔබට ආසිරි! (නි)

:       0       0

තාරක Friday, 25 October 2013 03:57 PM

නියම සුදුස්සෙක්, සුදුසු තනකට ගිහින්(දිල්)

:       0       0

එරංග Friday, 01 November 2013 06:27 PM

ඉතාමත් අවංක දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්.අපේ රටට ආදරය කරන,මේ වගේ උසස් නිලධාරින් අපේ රටේ පොලිස් සේවයට ආඩම්බරයක් (නි)

:       0       0

බන්දුල Sunday, 10 November 2013 02:24 AM

අවංක නිලධාරියෙක් වන ඔබට, කැපිලි - කෙටිලි ඇති බව පෙනෙනවා. ඉතාම ප්‍රවේශමෙන් ගමන යන්න.ඔබට, තුනුරුවන්ගේම සරණයි. ජය වේවා ! (නි)

:       0       0

නන්ද Friday, 25 October 2013 04:00 PM

නියමයි ....හොඳ කෙනෙක්. (ස)

:       0       0

රසික Friday, 25 October 2013 04:05 PM

වැඩක් කරන්න පුළුවන් හොඳ මහත්මා ගතිගුණ තියෙන පොලිස් නිලධාරියෙක්. ඔබට ජය !!! (ස)

:       0       0

සම් Friday, 25 October 2013 04:07 PM

මෙයා එහෙදි කවුරුත් දණ ගස්සන්න හැදුවේ නැද්ද දන්නේ නැහැ. (ස)

:       0       0

නිමල් Saturday, 26 October 2013 03:15 PM

ඔබ වැනි ගුණගරුක පොලිස් නිලධාරීන් මුළු රටටම වාසනාවක් (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 25 October 2013 04:11 PM

අවංක, රාජකාරිය දේව කාරියක් සේ සලකන ඔබට ගැලපෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුවේ තනතුරකි. (ස)

:       0       0

ශෙනාල් Saturday, 26 October 2013 02:16 AM

කුරුණෑගල අපිටත් ආඩම්බරයක් .... (නි)

:       0       0

කුසුමාවතී Saturday, 26 October 2013 02:26 AM

මගේ කිසිම පෞද්ගලික තරහක් හෝ අමනාපයක් කිසිම පොලිස් නිලධාරියෙක් සමග නැහැ. නමුත් හොරකම් කළ බීඩියක් සොයාගත්තත් පත්තරේ හෝ ටීවී එකේ මූණ දාගන්න සමහරු දඟලන බොළඳ දැඟලිල්ල දුටුවම දුක හිතෙනවා.එතකොට ඔහුට තියෙන සමාජ පිළිගැනිම හීන වෙනවා. (නි)

:       0       0

මොන්ටි මිලානෝ Saturday, 26 October 2013 02:41 AM

අපේ නුවර වීරයාට ජයවේවා! මෙවැනි අය හරිම ටිකයි ලංකාවේ ඉන්නේ. (නි)

:       0       0

ආනන්ද Saturday, 26 October 2013 02:51 AM

ඔබ ශ්‍රී ලංකා පොලිසියේ වීරයාය (නි)

:       0       0

ප්‍රබෝද Thursday, 31 October 2013 11:30 PM

කවුද අර රන්ජිත්? දන්නා මිනිස්සු මෙතුමා ගැන දන්නවා. (නි)

:       0       0

ප්‍රබෝද Thursday, 31 October 2013 11:32 PM

මොකක්ද මේ රන්ජිත්ට තිබෙන පිස්සුව? මට පෙන්නේ පුජිත් සර් එක්ක මොකක් හරි අවුලක් වගේ. (නි)

:       0       0

ලාල් Saturday, 26 October 2013 04:05 PM

වැරදි නොකර හිටියා නම් වාස් ගුණවර්දනත් හොදයි. මෙයා වගේම දක්ෂයි. (නි)

:       0       0

ජයනාත් Friday, 01 November 2013 07:43 PM

පුදුම ශක්තියක් අහිංසක මිනිස්සුන්ට මේ වගේ නිලධාරීන් තාමත් පොලිසියේ ඉතුරු වෙලා ඉන්න එක ගැන. දළදා සමිදු සරණයි ඔබට දම්රද සොයුර. (නි)

:       0       0

ගාමිණී වික්‍රමසිංහ Friday, 25 October 2013 04:51 PM

මෙවැනි දක්ෂ පොලිස් නිලධාරින් වැඩි වැඩියෙන් අපට ලැබේවා! ජයසුන්දර මැතිතුමනි!..ඔබට ජයෙන් ජය! (නදී)

:       0       0

මහේෂ් Friday, 25 October 2013 04:54 PM

ඉතාමත් හොද රාජ්‍ය සේවකයෙක් තම රාජකාරීය අකුරට ඉස්ඨ කරන ඒවගේම මහජනතාව සමග කිට්ටු සම්බන්දතාවයක් පවත්වන හොද පොලිස් නිලදාරියෙක් , ඔබ අනිත් නිලදාරින්ට ආදර්ශයක් , ජයවේවා.(නදී)

:       0       0

සමප්‍රිය වනිගසිංහ Friday, 25 October 2013 04:58 PM

සුභ පැතුම්! (නදී)

:       0       0

රංජිත් Saturday, 26 October 2013 06:07 AM

කථාවට නම් හොදයි. . පොලිස්පති ධුරයටත් හොදයිද? (නදී)

:       0       0

බුද්දික Friday, 25 October 2013 05:35 PM

බ්‍රසයිල් අාවා නම් අපිටත් පොඩ්ඩක් කියන්න තිබුනනේ.තවම මෙහෙ ඉන්නවද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4456 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 20 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 42 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 59 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 75 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 131 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site