රුපියල් දාහත් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා රත්තරන් ගාංචුවක් සහිත පටියක් ඉනෙහි බැඳගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යාමට පැමිණි ඉන්දියා ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු පනස් අට හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු රන් ගාංචුවේ බර ග‍්‍රෑම් තුන්සිය පනහක් බවත් කිසිවෙකුටත් සැක නොසිතෙන ලෙසින් ගාංචුවේ මතුපිට රිදී ආලේප කර තිබු බව රේගුව කියයි.
සැකකරු ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 195 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් මේ බව රේගුවට දන්වා ඇත.
රේගුව විසින් ප‍්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ දියණියගේ විවාහ මංගල්‍ය සඳහා මෙය ඩුබායි වලදී මිලට ගත් බවයි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඞී.එන් හෙට්ටි ආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට මේ තරම්ම රත්තරන් අහේනියක්ද මේ දවස් වල? මිනිස්සු එක එක ක්‍රම වලට රත්තරන් අදිනවා ඉන්දියාවට..(නදී)
ඒ ඉන්දියානුවගේ මුදල් වලින් ගත්ත ගාංචුව තියාගන්න රේගුවට බලයක් තියෙනවද? ඒක හරිම අසාධාරණයි නේද? (නදී)
අන්න අන්න මොහමඩ්ගේ මල්ලෙනුත් බළලෙක් පැනලා. වැඩිදුර පරීක්ෂණ රේගුවට බාරයි. (නි)
සිද්දික්, මුදලාලි වෙන්න බැරිද ගාංචුව විකුණලා තියෙන්නේ. (නි)
නිලධාරිනි, යාම වගේම ඒමත් පරීක්ෂා කළොත් නරකද? ඩුබායි සිට දිල්ලියට ගුවන් ගමන් තහනම් කරලද දන්නේ නැති නිසා අහන්නේ (නි)
දැන් එතකොට ලංකාවේ ඉහල නිලධාරීන්, ව්‍යාපාරිකයන් වගේ භාවිතා කරන ලක්ෂ 40-50 වටිනා රන් අත් ඔරලෝසුත් මේ වගේ පරීක්ෂා කරලා අත් අඩංගුවට ගන්නවද? (නදී)
මුහුද හාරන්න කොපමණ යනවද? (නදී)