පිටි පටවන ලොරියකින් රැගෙන ගිය අවුරුදු තුනක ඇත් පැටවා පින්වල ඇත්අතුරු සෙවණට භාර දී සැකකරුවන් අගෝස්තු 27 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (14) නියෝග කළේය.
පොලිසිය නොමග යවමින් අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දි පසුගිය 12 වැනිදා මාතලේ බලකඩුවේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අලි පැටියා අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලිපැටියා ටික දවසකින් හරක් පැටියෙක් වෙයි (නදී)
මේ අලි පැටියාගේ නියම අයිතිකරුව අත් අඩංගුවට ගන්නේ නැත්තේ අැයි? අවශ්‍ය තැන්වල හිල්? (නදී)
කොස්ගහට මෝල්ගහෙන් ඇන්න වගේ මම මේ ටික කිවේ එදාම නේද ? මහා එව්වො පැත්තක මේ කොස් ඇට මියෝ දෙන්න පවු ගෙවනවා (නදී)
අලිපැටියා ගෙන ගියාට රිමාන්ඩ් කර ඇති දෙදෙනා රියදුරු සහ සහායක වෙන්න ඇති. මහ මුදලිවරු රිමාන්ඩ් කරයි කියලා තමයි බය (නදී)
දැක්කා නේද අපේ දක්ෂ පොලීසිය. පොලීසිය නොමඟ යවමින් අලි පැටියා ගෙනයන්න හැදූ සැකකරුවන් ඇල්ලුවා. (නි)
මෙහි මහ මොළකරුවන්ගේ නම් ගම් අපිට දැනගන්න ලැබෙන්නේ කවදාද? (නි)
එතකොට අලි පැටියාගේ අයිතිකාරයට මොකුත් ප්‍රශ්නයක් නැද්ද ......? (දී)
එදා වේල කන්න රැකියාව කරන අහිංසක ලොරි රියදුරයි සහයකයි රිමාන්ඩ්. (දී)
එතකොට මෙතන මහ මොළකාරයා අල්ලාගන්නේ නැද්ද? (නි)
කමල්, අපේ පොලිසියට මගෙත් උපහාරය! දරුණු සැකකරුවෝ හිතන්න ඇති පොලිසියත් එක්ක සෙල්ලම් කරන්න. ඒවා කොහෙද? (නි)
ඔය රිමාන්ඩ් කරපු දෙන්නව බරපතල වැඩ සහිත ජීවිතාන්ත නිවාඩුවකට යැව්ව නම් මේ වගේ දේවල් වෙන එක අඩුකරගන්න තිබ්බා. මොකද සල්ලිවලට උනත් ජීවිතේටම හිරේ යන්න මිනිස්සු ඉන්නවා නම් ඉන්නේ අතලොස්සක් නිසා. එ්ටිකත් අඩු උනහම මේ වගේ දේවල් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙන එකක් නෑ. (නදී)
පව් අහිංසක අලි පැටියට අම්මත් නැති උනා. ඒ අසරනයව ඔය තත්වෙට ඇදල දැම්ම හැම කෙනාටම ශාපවේවා. (නදී)
තිලා,ඔයා කියන දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. කවුරු,කී කාලයකට ඇතුලට ගියත්,ඒ අඩුව පුරවන්න කඩේ යන්න, ඕන තරම් කට්ටිය හොයා ගන්න අවශ්‍ය අයට පුළුවන්. (නදී)
අලි පැටියා කළුතරටලු යන්න හිටියේ. (නදී)
අල්ලපු පොලිස් මහත්තුරුන්ට ලගදීම මාරු ලැබෙයි (නදී)