IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පිටපතක් ලියාගෙන එක එක්කෙනාගෙ පස්සෙන් යනවා

2016-12-11-ent-101

2016 රාජ්‍ය සම්මාන උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය රංග ශිල්පියාට හිමි සම්මානය හිමි වූයේ රොෂාන් රවීන්ද්‍ර හටය. ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ ජැක්සන් ඇන්තනිගේ දස්කොන් නාට්‍ය මාලාවේ දස්කොන් ලෙස රඟපෑම වෙනුවෙන් රොෂාන් රවීන්ද්‍ර එලෙසින් සම්මානයට පාත‍්‍ර වූ මොහොතක අපි ඔහු සඳැල්ලට කැඳවීමු.

 

රොෂාන් රවීන්ද්‍ර, ඔබ නිරන්තරයෙන් මෙලෙස සම්මානයට පාත‍්‍රවනවා. ඒ වගේම නිර්දේශත් වෙනවා. මේ ඔබ ලද කී වැනි සම්මානය ද?

2016-12-11-ent-100අටක් - නමයක් මේ දක්වා ලැබිලා තියෙනව. පසුගිය වසර හයේදීම හොඳම නළුවා සම්මානයට නිර්දේශ වුණා. මෙවර විශේෂත්වය වුණේ රයිගම්, සිග්නීස්, ධක්‍ෂක්‍ උළෙලවලදීත් මේ දස්කොන් නාට්‍ය ඇගයීමට ලක්වීමයි.

 

රොෂාන් මේ විදියට චරිත තෝරා ගන්නේ සම්මාන ලැබේවි යැයි අනුමාන කරන නිර්මාණවලට විතර ද?

මම කවදාවත් සල්ලි මුල් කරගෙන රඟපෑව කෙනෙක් නෙවෙයි. එහෙම නම් වෙළෙඳ දැන්වීම් හරහා මට විකිණෙන්න තිබුණා. තව තවත් ඕනෑ තරම් චරිත තෝරා ගන්නා තිබුණා. කවුරු හරි ඒ විදියට මගෙන් අහනවා නම්, ඒක හරි කුහක ප‍්‍රශ්නයක්.

 

ඇයි ඒ විදියට ”රාමුවකට” දාලා අහන්න හේතුව?

වැදගත් විදියට ජීවත් වෙන්න උත්සාහ කිරීම, දායක වන නිර්මාණය වෙතින් සමාජයට කුමක් හෝ වැදගත්කමක් ගෙනදීම, එතකොට සම්මානත් ලැබීම, මේ වගේ දේ නිසා තමයි. මටත් රසවින්දනයක් තියෙනවා. ඒ නිර්මාණය වෙතින්, රූප රාමු සංකලනයෙන් ඒ ප‍්‍රකාශනයෙන් ගලා යන රසය ගැන මම හිතනවා. අනෙක නිර්මාණයක් යනු පේ‍්‍රක්ෂකයින් ඉල්ලන දේම ලබාදීම නොවෙයි. වැදගත් දේ සමාජගත කිරීමයි. ඒ නිර්මාණය කොටස් 40කින් කරන්න පුළුවන් ද? එහෙම නැත්නම් ප‍්‍රශ්නයක් නැතිව ප‍්‍රශ්නයක් හදලා නාට්‍ය කරනව ද? නාට්‍යයකින් කුමක් ද කළ යුත්තෙ? මේ විදියට බොහෝ දේ කතා කරන්න පුළුවනි. නමුත් මම රඟපාන්නෙ ඇත්තටම ජීවත් වීමේ අපේක්ෂාවන්. එහෙමමයි කියලා ඕනෑම දෙයකට දායක වෙලා මුදලක් පැතීම පරමාර්ථය නොවෙයි. මම හිතන විදියයි ඒ.

 

වෘත්තීය රංගනය පමණක් කරගත් ශිල්පියකුට?

ඔහුට ඔහුගේ ජීවිතය සොයා ගෙන යා යුතු වෙනවා. ඔහුට ජීවත් වෙන්න ඕනෑ නම් ගෙවල් කුලිය ගෙවා ගත යුතු නම් මේ රඟපෑම් කාර්යන් අතරේ එක්කෝ දේශපාලකයකුට කඬේ යන්න ඕනෑ.

නැත්නම් හේත්තු වෙන්න ඕනෑ. කලාකරුවකුට මේ භූමිය ගැලපෙන්නෙ නැහැ. ගලපෙන විදියට එතැන නිර්මාණය කරන්න මේක පාලනය කරන අයට අවශ්‍ය නැහැ. වෘත්තීය තත්ත්වයට පත් වුණොත් විතරයි මෙතැනට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු ඒකරාශී වෙන්නෙ. ලාභ උපයන තැනක් නොවුවොත් කවුරුවත් ආයෝජනය කරන්නෙ නැහැ. නමුත් චැනල් හිතන්නෙ ඒ විදියට නොවෙයි. ආපස්සට ගිහිල්ලා කන්දෙ ගෙදර, කඩුල්ල වැනි දේ නැවත පෙන්වීම, ඉතින් ආපස්සට ගිිහින් පේ‍්‍රක්ෂකයා කතා කරන්නෙ ඒකයි. තවමත් ඒවා පාස් කර ගෙන යන්න බැරි වෙලා. හැබැයි මේ නිසා දැන් සිටින කලාකරුවන්ට බනිනවාට මම විරුද්ධයි. පරණ අය පුරාජේරු ගැහුවට මේ අපි අද යන්නේ ඒ අය හදපු පීල්ලෙයි. ඉතින් කලකරුවො කියන්නේ මැජික් කාරයොත් නොවෙයි. නිෂ්පාදකයකු රවට්ටපු කෙනකුට නැවත නාට්‍යයක් කරන්න පුළුවන් ද?

 

ඔබට නිර්මාණකරණයට එන්න පුළුවන්නේ?

පිටපතක් ලියාගෙන මාත් අවුරුදු දෙකක් තිස්සේ එක එක්කෙනා පස්සෙ යනවා. ගිහින් කතා කරනවා. ගිරවෙක් වගේ එකම දේ කියමින් යනවා. නමුත් තවම නිෂ්පාදකයෙක් ලැබුණෙ නැහැ.

 

රොෂාන් රවීන්ද්‍ර ඇත්තටම ඔබ කොහොම කෙනෙක් ද? මේ ඔබ හිතන විදිය ද ප‍්‍රකාශ කළේ?

මම හරිම සරලව ජීවත් වෙන්න පුරුදුව සිටින කෙනෙක්. ලොකු බලාපොරොත්තු ඇතිව නෙවෙයි ජීවත් වන්නේ. එහෙම දේවල් තිබුණෙත් නැහැ. ඒ වගේම මම එහෙම දේ ගැන හිතුවෙත් නැහැ. අදටත් සමහර වෙලාවට මම මගේ යාලූවන්ට වදයක් වෙලා උන්ගෙන් සල්ලි ඉල්ලාගෙන උන්ගෙ පස්සෙ ගිහින්.

 

ඔබ යම්කිසි කළකිරීමක ද සිටින්නෙ?

මගේ තරුණ කාලය මම නිර්මාණ වෙනුවෙන් හරයකට දිය කළා. කවදා හරි අපි යනකොට සැබෑ රසවින්දනය දීලා යන්න ඕනෑ. ඒ වටපිටාව හදලා යන්න ඕනෑ. නමුත් අද රසවින්දනය කියන දේ මොට්ට කරලා දාලා තියෙන්නෙ. මට වෙච්ච දේ මගේ ළමයින්ට විය යුතු නැහැ. නමුත් අවංක චේතනාවෙන් නිවැරදි කලාවක සිටිය නිසා 2018 දක්වා හෝ මේ ගැහැටවලට මුහුණ දෙනවා. දුර දක්නා නායකත්වයක් අපටත් ලැබුණොත් සතුටු වෙන්න පුළුවනි. රටකට ඇත්තටම හොඳ රසවින්දනයක් අවශ්‍යයි.

 

සඳුන් ගමගේ

 

 



අදහස් (0)

පිටපතක් ලියාගෙන එක එක්කෙනාගෙ පස්සෙන් යනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6609 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4978 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 928 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1330 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3184 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4160 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40181 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site