පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.
ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.
පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.
වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජනේලයක රැදි මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය අංශු වලින් රුසියාව විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.
2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම සුවිශේෂි කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ කමිටුවේ මෙන්ම ජාත්‍යන්තර විද්‍යාත්මක සඟරාවේද මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ ජීවයක් පවතින බවත් එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම ජීවී කොටස් හා සමාන බව ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ ‘අපි ‘ එකමුතුවෙහි සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කමල බුදුදහමට එන්ට කාලය ඇවිල්ල .. කුහක කම අතහැර පිලිගනිල්ල. සාදු සාදු (අ)
ඇත්තටම මේ වගේ දෙවල් පළකිරීම වටිනවා (නි)
මේ විෂය ගැන නිසි අවබෝධයක් ලබාගෙන රාමුවකට කොටුනොවී විවෘතව බලන්න. (නි)
හොයාගත්ත එක්කෙනාට මොනවද මහාචාර්ය තුමාල දුන්නේ ? (දී)
මට නම් කියන්න දෙයක් නැහැ (නි)
රටේ වෙන දේවල් ඇහුවම පිටසක්වල ජීවින් ඉන්න බව තමයි පෙනෙන්නේ නේද ? (නදී)
අසාම් සහ ගයාන් දන්න දේවල්? (නි)
පිටසක්වල ජීවින් ලංකාවට සැපත් වෙන්නවත් මාන බලනවද දන්නේ නැහැ. (නි)
මහාචාර්ය චන්ද්‍රාගේ සොයාගැනීම හරි හෝ වැරදි වියහැකිය (නි)
කාලෝචිත සොයාගැනීමක් (නි)
මම නම් ලංකාවේ පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා දැනගෙන හිටියේ ගොඩක් කල් ඉඳලා. හැම දෙයක්ම මෙහෙයවන්නේ පිටසක්වල ජීවීන් තමයි (නි)
මේ දවස්වල ඌවටත් පිටසක්වල ජීවීන් බැහැලලු. (නි)
අපිට මොකද අනේ (දී)
ලෝකය වර්තමානය වනවිට ඩාවින්වාදය ප්‍රතික්ෂේප කරමින් සිටිනවා නොවේද? බුදුදහමේ ජීවී සම්භවය පිළිබඳ යථාර්ථය මේ වනවිට සනාථ වී තිබෙනවා. (නි)
ඩාවින්ගේ පරිණාමවාදය පිළිගන්න තුරු මිනිසුන් ජීවයේ සම්බවයේ යථාර්තය පැහැදිලිව නොදකින බව විශ්වාසයි. (අ)
පොලොන්නරුව පැත්තේ හාල් මොල් වලින් හාල් හන්ගන්නෙත් එහෙනම් මේ පිට සක්වල කට්ටිය වන්න ඕන අනේ අම්මප අහු වුණොත්නම් ගහනව කැඩෙන්න (අ)
ලංකාවේ මහාචාර්ය වරු කිව්වා මේවා ලංකාවේම පොලවේ පස් කියල ,බ්‍රිතාන්නයේ ඉන්න ලංකාවේ මහාචාර්ය වරයා කියනවා පිටසක්වල ජීවින් කියල ,කවුරු හරිද කවුරු වැරදිද කියන්න බැහැ. මොනවා වුනත් ඡන්දයක් ලංවෙන කොට මේවා එලියට දානවා.එකපාරක් කිව්වා පුත්තලමෙන් ගෑස් හම්බවුණා කියල නමුත් අද වෙනතුරු හම්බ වෙච්ච ගෑස් එකක් නැහැ. (අ)
අපේ රටට ආඩම්බරයක්. (අ)
මේක හොද සොයා ගැනීමක්..අපේ රටට ආඩම්බරයක් .මේකටත් ජරා දේශපාලනය ගාවන්න එපා (අ)
ලසන්ත,කව්රුත් බුදුදහමට එන්න යන්න ඕනේ නැ. සදාචාරයට අනුකුලව, සමාජයේ අනුනට කරදරයක් නැතිව ජිවත් වෙන එක තමයි බුදුදහම කියන්නේ.(අ)
ඇයි දන්නේ නැද්ද රාවණ කියල එක්කෙනක් එන්නාව කියල කියන මහාචාර්යවරියක් ඉන්නවා නේ ,(අ)
සමහර අදහස් දැක්කම හිනා යනවා. මුලින්ම කියන්න තියෙන්නේ අද ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් පවසන්නේ පරිණාමවාදය නිවැරදි බවත් දෙවියන් යනු බලවත් සක්වල ජීවියෙක් විය හැකි බවත්, පෘථිවියට ජීවය සහිත සෛල ගෙනවිත් මෙහි ජීවය ඇති කළේ ඔවුන් බවත්ය. (නි)
ඇත්තටම ගොඩක් හොඳ සොයාගැනීමක් (නි)
ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ පිට සක්වල ජීවීන් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා (නදී)
ඇත්තටම හොඳ සොයාගැනීමක්.මේ පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණ කළොත් ලොකු ජයග්‍රහණයක් අපේ රටට ළඟාකර ගන්න පුලුවන් (නි)
මෙම අද්විතීය සොයාගැනීම වෙනුවෙන් දායක වූ ශ්‍රී ලාංකික විද්වතුන් හට උපහාර පිදිය යුතුයි නේද? (නි)
හොඳ සොයාගැනීමක් වගෙයි (නි)
ආගම දේසපාලනය වගේ දේවල් ගන්නේ නැතුව විද්‍යාත්මක තොරතුරු ලැබෙනවානම් හොද (දී)
අනේ මන්දන්නේ නැහැ (දී)
සුභ පතනව මේ වැඩේට සහභාගී වුන සැමට ඒ වගේම තව තව සොයා ගැනීම් කිරීමට හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා (අ)
ඔව් මම දැක්කා පිටසක්වල ජීවියෙක්ව. ඌ අාව මන් ගාවට එ්ත් උෟට මාව පේන්නේ නැහැ කියලා මන් දැන ගත්තා. ඊට පස්සේ විදුලි වේගෙන් උෟ යන්න ගියා. උගේ ඔලුව ලොකුයි ලොකු ඇස් අන් දෙකක් වගේ උඩට ඉස්සුන යමක් තිබුනා. මම මාස තුනක් පොලොන්නරුව ඉස්පිරිතාලේ හිටියේ කොමා එකක් ඇවිත් කම්පනයට. මේවා ප්‍රසිද්ද කරන්න දෙන්නේ නෑ (නදී)
ඔය කවුරු මොනවා කිවුවත් බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියන ඒවා බොරු වෙලා නැහැ. එ්ක තමා ඇත්ත. (නදී)
මේවා හොයන එක නම් හොඳ වැඩක් (නි)
ඇයි අප්පේ දැන්ද දන්නේ?, අපේ රට පාලනය කරන්නේ "එලියන්" ලා නේ, එකයි උද්දමනය, දුෂණ , හොර මැරකම් දවස ගානේ ඉහල යන්නේ. රත්න (අ)
මේ ප්‍රදේශය නිතරම පිටසක්වල ජීවෙන්ගේ බල පෑම තියෙනව ! විශේෂයෙන් සෝමාවතී චෛත්‍ය ට පිටසක්වල ජීවීන් එන බව මම අහල තියෙනව. (අ)
මෙම කැබලි පෘතුවියෙන් විසිවුණා කැබලි නැවත වැටීමක් විය හැකි.එසෙයි නොවනට ජීවය සහිත ලොවක් සොයාගැනීම සදාකාලික සිහිනයක්....මෙවැනි අර්ද සොයාගැනීම් පදනම් විරහිතයි යන්න මගේ හැගීම (අ)
මාර්ක්, නියම අදහස.අනුර, නැගිටින්න වැඩට යන්නේ නැද්ද අද?උදේ වෙලා. (අ)
අපේ ජනපතිඳුන්ගේ වාසනා මහිමය. (අ)
මේවා බොරු නොවේ පිටසක්වල ජීවින් ඉන්නවා මේවගේ තොරතුරු දාන ලංකාදීපයට ස්තුතියි
සමරනායක, වාසනාව කියලා දෙයක් නැත.ඔබ අවුරුදු 85 ජිවත් වෙනවනම් යම්කිසි දවසක හෝ කාලයක ඔබේ ජිවිතයට සුබ ලෙස සිදුවීම් සිද්දවෙන්න පුළුවන්.අනික අපේ සිරිතක් තියෙනවා තව කෙනෙකුගේ දක්ෂතාවය, එකෙනගේ වාසනාවක් ලෙස පෙනීම. මා විවාහ වුනු දවසේ මම හා හැමෝම හිතුවා මම හරි ලකී කියලා.ඉදින් පසුව ගැන මා කිය යුතුද?.(අ)
මේ විශ්වය පුරා ජීවය පැතිරී තිබෙනවා. එම පැතිරීමට අප පෘථිවියත් අඛණ්ඩව දායක වෙමින් පවතිනවා. මේ පොළොවේ තියෙනවා පර්ණාමයේ ඉතා ප්‍රාථමික අවස්ථාවේ සිට පවතින ප්ලවාංග ජීවීන්. එම ජීවීන් නොකඩවා අන්තරීක්ෂ අවකාශයට ගසාගෙන යමින් තිබෙනවා. ඒවා කොහේහරි ග්‍රහලොවක පතිත වූ විට එහිත් ජීවය ආරම්භ වෙනවා. මේ ලෙසයි මේ පොළොවේ ජීවය ආරම්භ වුණෙත්. (නි)
මේ අලුත් දේවල් එංගලන්තයේ ජාතික අභ්‍යවකාශ මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැද්ද? අභ්‍යවකාශය සම්බන්ධ අලුත් සොයාගැනීම් ඉදිරිපත් කර සනාථ කර ගතයුත්තේ මෙම මණ්ඩලයෙන්නොවේද? (නි)
පෘථිවියෙන් එපිට ජීවය පැවතිය හැකි ග්‍රහලෝක කීයක් තිබෙනවද? ඔය එකකවත් පෘථිවියට සමාන වායුගෝලයක් තියෙන්න බැරිද? (නි)
මට නම් මොකුත්ම හිතාගන්න අමාරුයි (නි)
පිටසක්වල ජීවීන් කෙසේවෙතත් දැනට ඉන්න ජීවීන්ගේ අනාගතය සුරක්ෂිත කළොත් තමයි හොඳ නේද? පරීක්ෂණ කර වකුගඩු රෝගයේ සුලමුල සොයාගන්න (නි)
මට නම් මේ ගැන පොඩි සැකයක් තියනවා. (නි)
මම නම් මේ දේවල් එතරම් විශ්වාස කරන්නේ නැහැ (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ලංකාවේ ඉන්නේ පිටසක්වලවත් නැති අමුතුම වර්ගයේ සත්ව කොට්ඨාශයක්. ළමයින්ව පොළවේ ගහන තාත්තලා, නිසි ප්‍රමිතියක් නැති දොස්තරලා ළඟට යන විශේෂ වෛද්‍යවරු, තමන් බලයට ආවිට කරනවා කියන අමුලික බොරු වලට රැවටිලා ලක්ෂ ගණන් මනාප දෙන අමුතුම සත්ව කොට්ඨාශයක් ඉන්න විශ්වයේ තිබෙන වෙනම ග්‍රහ ලෝකයක්. (නි)
කවුරු කෙසේ වෙතත් ලංකාවේ ඉන්න දේශපාලකයෝ නම් පිටසක්වල කට්ටියක් බවයි මට හිතෙන්නේ. (නි)
මේක විශ්වාස නොකර ඉන්න ඕන තරම් සාධාරණ විද්යනුකුල හේතු තියෙනවා, තර්කානුකූලව හිතල බලපුවහම මේක කිසිම පදනමක් නැති නිගමනයක් පමනයි. ජානමය සහ භෞතික වශයෙන් සමාන ජීවීන් පොළොවෙන් පිට ඉන්නවා යැයි කීම පරිනාමවාදයට පටහැනියි. ජීවීන් ඇති වීමට සුදුසු පරිසරයක් සෞරග්‍රහමණ්ඩලයේ පෘතුවියෙන් එපිට අනුමාන කල හැකි එකම තැන බ්‍රහස්‍පති ගේ චන්ද්‍රයෙක් වන යුරෝපා පමනයි. එයත් ගණ අයිස් තට්ටුවකින් වැහිලා තියෙන්නේ (නදී)
දැන් ඔස්ට්‍රේලියාවට හොරෙන් එන්න බැරි නිසා ඔය එහෙ ගිය අයද දන්නේ නැහැ නේද ? (නදී)
අසාම්, සෞරග්‍රහ මණ්ඩලේ හැරුනම තවත් ඒවගේ ග්‍රහ මණ්ඩල ඕනෑතරම් අපගේ සුර්යා වැනි තාරකා වටා පරිබ්‍රමණය වෙමින් පවතිනවා. ග්‍රහකය එවැන්නකින් පැමිණියා දැයි සෙවීමක් තමයි කල යුත්තේ. ආගමික මත වල පදනම්ව පූර්ව නිගමන කරන්ඩ එපා. ජානමය වශයෙන් සමාන හෝ වෙනස් ජීවයක් පැවතීම පෘතුවි ජීවීන්ගේ පරිනාමවාදයට පටහැනි නැහැ. උදාහරණයක් ලෙස, පෘතුවියෙන් කැඩී විසිවී යන පාෂාණ කොටසක, නොමැරී දිගුකාලයක් පැවතිය හැකි සයිල වෙනත් සුදුසු පරිසරයකදී යලි සක්‍රිය වෙන්න පුළුවන්. ඉහත උල්කා කොටස පෘථිවියෙන් කැඩී ගිය එකක් නොවේ යයි ඔප්පු කල හැකි නම්, එය ප්‍රමාණවත් සාක්ෂියක් වේවි. (නදී)
මේවා අපේ චින්තනය නිසා වෙන දේවල් (නදී)
සමහරවිට අනාගතේදී මීටත් වෙනස් මතයක් මහාචාර්යවරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. (නි)
සමරනායක,මේක කාගෙවත් වාසනා මහිමයක් නොවෙයි. මේවා කොතරම් වෙනත් රටවලටත් මුහුදටත් වැටෙනවාද?කෝකටත් දේශපාලනය ගාවගන්න එපා. (නි)
අවබෝධයෙන් සුත්‍ර පිටකය කියවන්න. එවිට මේවා අලුත් පණිවුඩ නොවේ. (නි)
මෙය මුහුදු ජලය ඉහළට අද ගැනීමේදී එම ජලය සමඟ ඉහළට ඇදී ගිය ජීවී කොටසක් විය නොහැකිද? (නි)
මම නම් හිතන්නේ ඕකට අර ඒලියන් නංගි සම්බන්ධ ඇති (නි)
සමහරු තමන් ඉපදුනු රටට අපහාස කරනවා.ලක්ෂ ගණනකට එක පාපතරයෙකු කරන දේවලට මෙම පින්බිමට අපහාස කරන එක වරදක් . ඔය විදිහට එළිපිටම නීති මඟින් අපරාධ කරන රටවල් තමා ලෝකයේ වැඩිපුර තියෙන්නේ. ඕනෑම කෙනෙක් ඉන්නවා නම් යන්න මෙහෙන්, තහනමක් නැහැ. නමුත් ඔයාලව එම රට වලින් බාරගනීවිද දන්නේ නම් නැහැ. මෙම රට සමහරුන්ට අගය නැතුවට අපි ඉපදුනු රට අපිට වටිනවා. (නි)
මේක වෙන්න පුළුවන් දෙයක්. හැම දෙයකටම ඡන්දෙ ගාවගන්න එපා. මේ වගේ දේවල් දාන ලංකාදීපයට ගොඩක් ස්තූතියි! මොකද මේ වගේ දේවල් වලින් අපේ බාල පරම්පරාවට නව සොයාගැනීම් වලට යොමුවෙන්න පුළුවන් (නි)
මම මේ දන්නෙ නැති නිසා අහන්නේ. උල්කාස්මය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? හරිනම් උල්කාෂ්මයක් පොළවට එනකොට ගිනිගෙන දැවෙනවා නේද? (නි)
මෙතරම් දුරට තොරතුරු දැනගන්න ලැබීම සතුටක් (නි)