විපක්ෂය පිටසක්වලින් අපේක්ෂකයකු රැගෙන ආවත් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බොරුයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේදී පැවසීය.
පෙරටුගාමීන්, ජනතා විමුක්ති පෙරමුණ හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය රජය අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව පවතී යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයතුංග හරි, ජනතාව මහින්දව දිනවනවා. (නදී)
ආණ්ඩුව දිනද්දී අන්තිමට වැඩියෙන්ම පරදින්නේ එජාප, ජේවීපී පාක්ෂිකයන්ට වඩා සන්ධාන පාක්ෂිකයෝනේ. එහෙම නේද බන්දුල? දිනන්නේ ඡන්දය ඉල්ලන කට්ටියයි.එහෙම නේද? බන්දුල පෙරේරාට ව්‍යංගයෙන් කියන දේ තේරුම්ගන්න ටිකක් අමාරුයි වගේ. (නි)
ඒ වුණාට තුන්පාරක් ඉල්ලන්න බැහැ නේද? (නි)
ජයග්‍රහණය ශක්තිමත්වීමට සමහර ඇමති පුතුන්ගේ ක්‍රියාපිළිවෙත් පාලනය කරගන්න. (නි)
සඳුනි සහ බන්දුල මහතාට අපේ සුබ පැතුම්! ඔබලා දිනූ නමුත් මුළු රටම පරාදයි. අපි කඩේ යන්නේ රට වෙනුවෙන්. ඒකයි අපිට දුක. (නි)
විපක්ෂයට තිබෙන ලොකුම ප්‍රශ්නයත් ඔන්න ඕකයි. ඒ අය ඉන්නේ පිටසක්වලින් ආ අය වගෙයි. ඒකයි ජනමතයක් ගොඩනඟන්න තරම් ශක්තියක් නැත්තේ. (නි)
උණු හින්දා බොන්නත් බැහැ. කිරි හින්දා අහකදාන්නත් බැහැ. (නි)
බන්දුල වගේ කඩේ යන කෙනෙක් ගැන මම අහලා වත් නැහැ. හැමදාම බොරුවෙන් රජ කරන්න බැහැ. රජකම් කලත් කළකම් පලදේ කියල කියමනක් තියෙනවා. එ්ක සත්‍ය නම් කව්රුත් අඬන දිනය වැඩි ඈතක නෙවෙයි. (නදී)
අනේ බන්දුල නොදිටි මොක්පුර (නදී)
සදුනි, යසින්ත කියන දේ ගිය අවුරුදු 10 දීම වුණානේ. ලෝක වෙළෙදපොලේ පිටිකිරි, බොරතෙල් මිල හොඳටම පහළ වැටිලා තියෙනකොට, අනුකම්පාවක් නැතුව බඩුමිල වැඩිකළා. දැන් සොච්චමක් අඩු කරනවා. ඒත් සමහරු කියනවා දැනුත් දෙන්න බැහැ, පාඩුයි කියලා. (නි)
බුදු දහම බොරු නැහැ කවදා හරි පඩිසන් දෙනවා (නදී)
සත්‍යා, මහින්ද වැනි ශ්‍රේෂ්ට නායකයෙක් පරද්දන්න හිතන්නවත් එපා. ඔහු දුටු ගැමුණු රජු හා සමාන කරන්න පුළුවන් ජාතික වීරයෙක්. ඉන්නකම් බනීවි නමුත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි (නදී)
පොදු අපේක්ෂකයා ලෙස "පාටලී චම්පික රණවක " වැනි බුද්ධිමතකු පෙරට අවොත් මහින්දට ඇපත් නැත. මේ තත්වය වෙනස් වීමට යම් තරමක බලපෑමක් කලහැක්කේ මෙවර "ඇයවැයටය". ආණ්ඩුව මෙවර ජනබලය තමා වෙත නැවත ආකර්ෂණය කර ගැනීමට ඉතිහාසයේ නොවී විරූ වැඩිම සහන ලබා දෙන අයවැය මෙවර ඉදිරිපත් කරනු ඇත. මතක තබා ගන්න මා මෙය කියන්නේ ඉතා වගකීමෙන්ය (නදී)
ඒකනායකට මංඥන් වගේ. අපිනේ ඡන්දෙ දෙන්නේ. ටිකක් රෑවෙයි මේ පාර. (නදී)
හීනෙන් තමයි (නදී)
පිට සක්වලින් කොහොම වෙතත් රනිල්ට තියෙන භය අර වරායේ වාහනයකින් අදිද්දී අල්ලපු මඩ පොස්ටර් වලින්ම පේනවා.. ඕවට අපේ පැරැන්නෝ කියන්නේ "කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙනවා" කියලයි. (නදී)
කරුමේ කියන්නේ රටත් ජනතාවත් දිනවන්න කෙනෙක් නැති හැටි.(හේ)
ඔව් ඔව් ඡන්දෙන් දිනනවා (නදී)
එ්ක හරි ඇමතිතුමා. තමුන්නාන්සේලා හැමදාම දිනුම් අහිංසක මිනිස්සු හැමදාම පරාදයි. (නදී)
නැව ගිලෙන්න ලගයි මියෝ පනිනවා. හිට්ලෙර් කීවෙත් ඔය ටිකම තමයි අන්තිම මොහොතේත් කිවේ යුද්දේ අපි දිනවා ජර්මන් හමුදාව නොසැලී සිටින්න කියා.(හේ)
මේ කතාවේ තියෙන්නේ එකිනෙකට පරස්පර විරෝධී කියමන් දෙකක්නේ.(හේ)
බුදු දහම බොරු නැහැ කවදා හරි පඩිසන් දෙනවා (නදී)
කට අැරගෙන බලාගෙන ඉන්න.(නදී)
ජනාධිපතිවරයාට තරගයක් නොමැති බව නම් ඇත්ත. නමුත් ඔහුට ලොකුම හානිය සිදු කරන්නේ කසිකබල් ඇමතිවරු රොත්තක් හා බලයෙන් මත්වුනු ප්‍රාදේශීය දේශපාලන පර පුට්ටන් පිරිසයි. (නදී)
හැබැයි නියෝජ්‍ය ඇමති තුමනි, ඔන්න දිනුවට පස්සේ මේ ඇමති මණ්ඩලේ අඩු කරන්න කියලා කියන්න ඕන හොඳේ. (නදී)
ඒකනම් ඇත්ත.(හේ)
දිණුවේ නැත්නම් ඕවා කියන අයටනේ උන් හිටි තැන් නැති වෙන්නේ. ජනතාවට මොනා උනත් නේද? (නදී)
අනිවාර්යෙන්ම. මහින්ද දිනුම්. අපි පරාදයි.(හේ)
මහින්ද මහත්තයා දිනනවා, පස්සේ දුවන නන්දිමිත්‍රත් දිනනවා. මාස 6ක් යද්දී අපිට වෙන දේ බලන්න. බොරු නම් 2015 ජුනි වෙද්දී රටේ ආර්ථිකය, බඩු මිලට මොනවද වෙන්නේ කියලා බලන්ඩ. (නදී)
දිනුෂ් වගේ කෙලින් කතාකරන රටේ බහුතරය මහින්ද මහත්තයට කැමැති බව පිළිගන්න. අවංකව තමන් පරාද වෙන බව පිළිගන්න නිහතමානී විරුද්ධ මතධාරීන් ඉන්න එක ගැන සතුටුයි. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේද, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේද? (නදී)
මහින්ද මහතාගේ නම විකුණගෙන කන්නේ නැතුව , ඔය කට්ටියත් මිනිසුන්ට සමීප වෙන්න. මිනිසුන්ට පිහිට වෙන්න. (නදී)
යසින්ත..ගෙවුණු අවුරුදු දහය තිස්සෙම විපක්ෂය ඔය කතාව කිව්වා. (නදී)
කියන තත්ත්වේ අනෙක් පැත්ත තමයි වෙන්නේ.(හේ)
කොහොමත් බුද්ධිමත් ජනතාව නැවතත් මහින්දව දිනවනවා. (නි)
දිනන්න පුළුවන් බව අපිටත් විශ්වාසයි (නි)
අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා දිනනවා! (නි)