තලේබාන් ත්රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් ගුවන්තොටුපොළට එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය.
ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ සිටි පිරිස්, එකිනෙකා පෙරළා ගනිමින්, තල්ලු කරමින් බස් රථ සහ ලොරි රථවලට ගොඩවී එල්ලෙන්නාක් මෙන් ගුවන් යානාවලට ගොඩවීමට උත්සාහ ගන්නා අයුරු දුක්වෙන ඉතාමත් ඛේදනීය වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබේ.
ඇතැමුන් ගුවන් යානාවල තටුවල සහ රෝදවල එල්ලී යෑමට උත්සහ ගත් අතර ඔවුන් ගුවන් යානාවලින් පහළට ඇද වැටෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ විකාශනය වේ.
ඊට අමතරව ගුවන්තොටුපොළේ සිදුවුණු තෙරපීම් නිසා කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.
(ඩේලිමේල් ඇසුරිනි)
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පණ බේරාගන්න පොරකන ඇෆ්ගන් වැසියෝ
Prabha Monday, 16 August 2021 04:29 PM
මෙහෙ කට්ටියක් ඕනෙ කියලා දඟලන්නේ ඕක හින්දා නේද?
Dilshan Monday, 16 August 2021 05:21 PM
ඇමෙරිකන්, එක්සත් රාජධානියේ මිනිස්සු ගිය තැන විනාශ කරනවා.. ජපානයට බෝම්බ දැම්ම වියට්නාමය දෙකට බෙදුවා. ඉරාකයේ සදාම් හුසේන් මැරුවා. ඉරානය විනාශ කළා. තව කියන්න ගොඩයි.
RaveendraMonday, 16 August 2021 06:06 PM
සහතික ඇත්ත. අපේ වැඩිම දෙනෙකුට නොතේරෙන්නෙත් එයම තමයි... ඍජුව විනාශ කිරීමට අපහසු නම් NGO මගින්ද හීන්නූලෙන්, බෙදුම්වාදය මගින්ද වැඩේ කරති.. ඩොලර්වලට රැවටෙන අපේම කාලකන්නි පාහරයින් උපන්රට පාවාදෙමින්ද සිටීම කණගාටුවකි...
සෙනෙවිරත්න Monday, 16 August 2021 07:43 PM
දැන් තියෙන පවුලේ පාලනයයි, තලේබාන්වරුයි අතර මොකක්ද වෙනස...?
JayasenaMonday, 16 August 2021 11:57 PM
රවීන්ද්‍ර මහත්තයා ඩොලර් වලට විකිනෙණ කාලකන්නි ගැන කියනකොට සෙනෙවිරත්න අඬන්නේ ඇයි?
BamunuarachchiWednesday, 18 August 2021 10:11 AM
දැන් පවුල නැතුව අපි නොදන්න ඒ, බී, සී, ඩී, පාලනය කළොත් ඔහෙට දැනෙන වෙනස මොකක්ද? ඔබට ඕනේ පාලනයේ වෙනසක්ද? නම්වල වෙනසක්ද? මොකක්ද ගැරන්ටිය ඒ, බී, සී, ඩී, කියන අය හොඳට පාලනය කරයි කියලා...
Rata Perata Monday, 16 August 2021 07:39 PM
අමරිකාව, එංගලන්තය විතරක් නෙමෙයි රාජපක්ෂලා අල්ලගෙන චීනේ කරන්නෙත් ඕකම තමයි. අපි එදා ඉඳලා හිටියා වගේ නොබැඳි ජාතික ප්රතිපත්තියක හිටියා නම් ඉවරයි.
මුණසිංහ Tuesday, 17 August 2021 07:46 AM
සෙනවිරත්න සහ ඔබට ලැබී ඇති ප්‍රතිචාර අනුව පේනවා නේද වෙනස. රට අස්ථාවර වෙලා විනාශ වෙනව දකින්න කැමති දේශද්‍රෝහින් ඕනම රටක 2-3% විතර ඉන්නව කොහමත්.
බමුණු.Monday, 16 August 2021 07:48 PM
ඇයි අපේ පෞරාණික බුදුපිළිම වහන්සේලා මේ ත්‍රස්තයින් කඩා විනාශ කරා අමතකයිද? දැක්කද සහරාන්ලට උදව් දුන් අල්කයිඩා ත්‍රස්තයින් නිදහස් කරලා. ෂරියා නීතිය ගැනත් සඳහන් වුණා. ඇමරිකන් භීතිය මත හිඳ පමණක් තීරණ ගන්නට එපා. අපේ රටේ බුදු දහම රැක ගැනීමට කැපවූ ඕල්කට් තුමාත්, ඇමරිකානුවෙක්. අපේ රටේ බුදුපිළිම වහන්සේලා කැඩූ සහරාන් කල්ලියේ අයට හා කිතුණු පල්ලිවලට පහරදුන් ත්‍රස්තයින් හට කෝටිප්රකෝටි ගණනින් මුදල් දුන්නා. ඇයි ඒවා අමතක...? ඇඟෙන් නොව මොලයෙන් සිතන්න පුරුදු වෙන්න.
PereraMonday, 16 August 2021 11:59 PM
1948 සුද්දා ලංකාව අපේ එවුන්ට භාර දීලා යනකොට ලංකාව දකුණු ආසියාවේ දියුණුම රට .සිංගප්පූරුවේ ලී ක්වාන් යූ කිව්වේ සිංගප්පූරුව ලංකාව වගේ කරනවා කියලා .විනිමය අනුපාතිකය 1 පවුමකට රුපියල් 2 යි . ඒ වගේ රටක් කාලා දැම්මේ අපේ එවුන් මිසක් සුද්දෝද?
pakeer Monday, 16 August 2021 06:56 PM
ඒ කියන්නේ මෙච්චරකල් තලෙයිබාන් එවුන්ව කන්ට්‍රෝල් කරලා තියෙන්නේ, බටහිර ජාතීන්ද? අනේ මන්දා මට නම් මේක පැහැදිලි මදි...
rocky Monday, 16 August 2021 08:20 PM
දිශාන් මහත්තයෝ, නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න එක හොඳයි නේද?
රට වැස්සෝ Monday, 16 August 2021 09:54 PM
2001 බාමියන් බුදු පිළිම විනාශ කලා. ඊට පස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්ථානයට කුඩු වෙනකම් ගැහුවා. එම බාමියන් බුදු පිළිම විනාශ කරන්න මුල් වුන ඔසාමා බින් ලාඩන් මරලා අල්ලා ගාවට යන්න බැරි වෙන්න මරලා මුහුදට දැම්මා. අල්ලා වෙනුවෙන් සුපර් මාර්කට් ගිය කුරාණය අකුරටම ක්‍රියාත්මක කල අල්ලාගේ කියමන් හොදටම කරපු එකාට. අද නැවත ඇෆ්ගනිස්ථානය තිබුනට වඩා අපායක් වී ඇත. 2001- 2021 අවුරුදු 20යි. බාමියන් බුදු පිළිම කඩලා 2001 අවුරුද්දේ පටන් ගත්තා. තාම ඉවර නැත. බුදු පිළිමය යනු බුදු දහම නොවේ. නමුත් බුදු රජාණන් වහන්සේ නියෝජනය කරන සංකේතයක්. ඒ තුළ බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණය, අනන්ත සීලය, අනන්ත සේවය නියෝජනය කරයි. උන්වහන්සේ ඉගැන්වූ ජීව හිතවාදී දහම. සත්‍ය/ඇත්ත ගැන ඇති කරගත් තරහ. එය අනුමත කල එරට බහුතරයක් ජනතාව නිසා අවුරුදු 20 රටම අපායක් වී ඇත. තවම ඉවර නැත. බුදු රජාණන් වහන්සේ ජීවමාන නෑ. ධර්ම රත්නය ජීවමාන නෑ. මහා සංඝරත්නය ජීව මානයි. තෙරුවනින් ජීවමාන එකම රත්නය මහා සංඝරත්නය. ලංකාවේ බණ්ඩාරනායක මහතා ගාතනය කල ඔසී කොරයා අතහැර, එය මහා සංඝරත්නය පිට පටවා මහා සංඝරත්නයට කල වැරදි නිසා ලංකාව සිරිමාවෝ පාලනයෙන් පසු පිරිහීමට ගමන් කරයි.
ලුම්බිණි Tuesday, 17 August 2021 08:17 AM
ඇමෙරිකාව අවුරුදු 20ක් මේ රටට ප්රජාතන්ත්රවාදය ගෙනෙන්න උත්සාහ කළා. මේ රටවල් වලට නොගැලපෙන පාලන ක්‍රම ගේන්න බැහැ.
Nihal Tuesday, 17 August 2021 09:06 AM
දැන් ඉතින් ආයෙත් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් .ගෝනි බිල්ලෝ වගේ පොරවාගෙන ඉන්නයි වෙන්නේ