සිංහරාජයේ හා තෙත් කලාපවල පමණක් හටගන්නා බෙරලියමල් මේ දිනවල මතුගම වලල්ලාවිට පැනියාවල රක්ෂිතයේ දක්නට තිබේ. වසර හතරකට සැරයක් හට ගන්නා මේ මල් පෝෂ්‍යදායි ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. විද්‍යාත්මකව බෙරලිය (Shorea cordifolia) නමින් හඳුන්වන අතර, ආයුර්වේදයේ සඳහන් පරිදි බෙරලියා ප්‍රභේද කිහිපයක් වෙයි. ඒවා නම් රත් බෙරලිය, කොටිකං බෙරලියයි. දානයකට බෙරලිය ව්‍යාංජන සකසා දිය හැකිනම් එම දානය ඉතා දුර්ලභ දානමය පින්කමක් ලෙසටද ගැමියෝ සලකති. බෙරලියා සෑදෙන්නේ අඩි 100 කටත් වඩා උස ගස්වලය. හට ගන්නා කාලයට මේවා සොයා ගැමියෝ විශාල වශයෙන් මහ වනයට ඇදෙති. බෙරලියා කොළය ඉතාම සිහින්ය. බෙරලියා ගෙඩිද කුඩාය. වසර හතරකට පසු හැදෙන කාලයට බෙරලියා ගෙඩි දහස් ගණනින් ගස් යට වැටේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෙයක් ගැන දැනුවත් කළාට ස්තූතියි! (නි)
ඉතාම සුන්දර දසුනක් (නි)
මෙම රක්ෂිතයේ ආරක්ෂාවට වැඩපිළිවෙළක් යොදන්න වෙයි (නි)
මේම ලිපිය හා අදහස් දැක්වුවන්ගේ ලිපි කියවීමි. "බෙරලිය"ශාකය ගැන හඳුන්වා දුන් ලංකාදිපයට මගේ සුභ පැතුම්!
හරිම ලස්සනයි (නි)
බෙරලිය වල තියෙන, අනිත් ශාක වල නැති විශේෂ ගුණය මොකක්ද? (නි)
අපේ රටේ තියෙන වටිනාකමක් සහිත දේවල් ගැන අද සිටින තරුණ පරපුර දන්නවා අඩු නිසා මේ වගේ දේශීය වටිනාකමක් සහිත දේවල් ගැන ඔබගේ පුවත්පතේ සඳහන් වීම ගැන ලංකාදීප, ඔබට ස්තුතියි (නි)
ගලබඩ සහ කුමාර්, මේක බෙරලිය ගැන ප්‍රවෘත්තියක්. එහෙම නැතුව රටේ අර්බුද ගැන නොවේ (නි)
බෙරලිය තම්බලා පොල් එක්ක ඉතා රසවත්. අවසාන වරට කන්න ලැබුනේ මීට අවුරුදු විසිපහකට විතර පෙර. තවමත් රසය දැනෙනවා. (නි)
මේ බෙරලිය කියන්නේ හොර ගස් වලටමද? හොර ගෙඩිත් මේ වගේමයි නේද? (නි)
අශෝක කියන්නේ කුඹුරුවල හැදෙන දිය බෙරලිය වෙන්න ඇති. ජපන් ජබර කියලත් කියනවා. දම්පාට මලකුත් පිපෙනවා. සමහරු ඒවත් කනවා.වැඩිය කෑවහම මත්වෙනවා කියලත් අහලා තියෙනවා. (නි)
රුවන් හා ශාපික් ඔබලා සඳහන් කර ඇත්තේ 'හොර' නමින් හදුන්වන ශාකයේ ඵලය පිළිබඳවයි, බෙරලිය ඵලය කුඩාවන අතර හොර ඵලය තරමක් විශාලය, හොර ශාකයද ලංකාවට ආවේනික වන අතර එහි ඵලය ආහාරයට ගන්නේ නැත..(අ)
ගලබඩ හා කුමාර, මේ රන් දිවයිනට ගරහන්න එපා. මේකේ ජීවත්වෙන නරුමයන් නිසා මිස මේ රන් දිවයින ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවේ (නි)
බෙරලිය කියන්නේ හොර ගස් වලට නොවේ (නි)
මේක සුළගේ පාවෙන හොර ද? (නදී)
ගාල්ල දිස්ත්‍රික්කෙ කන්නෙලිය රක්ෂිකයෙක් මේ දවස් වල මේවා තියෙනවා. වේලලා පිටි කරලා ගත්තම හැලප හදන්න පුළුවන් ඒ වගේම බඩේ අමාරු වලටත් ගුණයි. (නදී)
හොර වගේ වුණාට මේ හොර නෙමෙයි (නි)
අර රන්වල පැත්තේ මැණික් සහ රන් එකතු කරන්න කොන්ත්‍රාත් දුන්න වගේ පනියාවලත් කාට හරි දෙයිද දන්නේ නෑ. (නදී)
අපොන්සු, ඉහත නන්දනගේ අදහස කියවන්න. එවිට බෙරලියා මල් වල ගුණය කොතෙක්ද කියලා තේරෙයි. මමත් මේ බලන්නේ බෙරලිය මල් ටිකක් හොයාගන්න විදියක්. මගේ නෝනත් ගොඩක් කැමති වෙයි. (නි)
ඔව් චන්ද්‍රා; මම හිතුවේ දිය බෙරලිය තමයි: ඒවා කන බවක් මම දැනගෙන් හිටියේ නැහැ. මේ විස්තර වලට ලංකාදීපයට ඉතාමත් ස්තුතියි (නදී)
ඇත්තටම මෙවන් දුර්ලභ දේවල් ගැන දැනුවත් කිරීම පිළිබඳව ඔබගේ ආයතනයට බෙහෙවින්ම ස්තුතියි! නමින් අසා තිබුනත් බෙරලිය යනුවෙන් ඡායාරූපයකින් හරි දැක්කේ අදයි. තව තවත් මෙවන් දේවල් ලැබෙන්න සළස්වන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
ගැමි ලියන් රසට හදන කෑම හරිම රසයි (අ)
මම මෙච්චර කාලයක් බෙරලිය කියල හිතාගෙන හිටියේ වතුරේ වැවෙන නිල්පාට මල් පිපෙන පැලෑටිය කියල. පහදා දීම ගැන ස්තුතියි. පුංචි කලේ මටත් මතකයි අපි මේවා උඩදැම්මහම කැරකි කැරකි පහලට එනවා. මේ තරම් ගුණදායක දෙයක් කියල දැනගෙන හිටියේ නැහැ.(අ)
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ... පන ඇතිමහා සමුදුරු පවුරෙන් වයට... හෙළදිවයින මගෙයි මා ඉපදුන රටය..... ලොව අන්සියලු දිවයින් මෙිකට යටය...(මගේ රටෙි රත්තරන් පොලවෙි මොනවද වැවෙන්නෙ නැත්තෙ) (නදී)
වටිනා ලිපියක් ස්තුතියි ලංකාදීප (නදී)
මේ අර කැරකි කැරකි වැටෙන මල නේද, චාරිකාවකට සිංහරාජෙ ගියපු කාලෙ අපි ඕවා උඩ යැව්වා. මෙච්චර දුර්ලභ ආයුර්වේද ශාකයක් කියල දන්නෙ අදයි. (ස)
මේ වගේ දේවල් අපට දැකීමට හැකිවීම සතුටුයි. මේ ව්‍යන්ජනය ඉතාමත් රසවත් හා ගුණදායක විය යුතුයි. (ස)
නියමයි. (ස)
වැල් පෙනෙල මෙන් සියගුනයක වාජීකරණ ශක්තියල් බෙරලියා මල් වලට ඇති බව සිංහල වෙද්දු සහ ගම්මු ප්‍රකාශ කරනවා. ගෙදර පිරිමියා දවසක් වෙහෙසිලා කැලේ මැද්දට ගොස් අඩි සියයක් පමණ උස ගස් වල නැග බෙරලියා මල් කඩාගෙන එනතෙක් බිරින්දෑ වරු ලිප ගිනි මොලවා තුන පහ ලිප තබා බලා සිටින්නේ එදිනම රාත්‍රියට එය රසවත්ව උයා තම සැමියාට ඉක්මනින් කවන්න කියා ජනප්‍රවාද ගොඩක් ඇසෙනවා. (නදී)
පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ... පන ඇතිමහා සමුදුරු පවුරෙන් වයට... හෙළදිවයින මගෙයි මා ඉපදුන රටය..... ලොව අන්සියලු දිවයින් මෙිකට යටය...(මගේ රටෙි රත්තරන් පොලවෙි මොනවද වැවෙන්නෙ නැත්තෙ ( ඔබේ කාව්‍ය සංග්‍රහය පැරණි උනත් රසවත් ) (නදී)
හඳපානාගල පැත්තට ගියා නම් රත්තරන් පොළොවේ වැවෙන දේවල් බලා ගන්න තිබුනා. ගැහැනියකට මහා දවල් බස් එකක යන්න බැරි, පිරිමි ළමයෙකුටවත් පාරේ යන්න බැරි, ඕනෑම ඔලුවක් කුඩු කිරීමට 'ගාස්තුවක්' ඇති රට ගැනද ඔය කියන්නේ? ලෝකේ අනිත් රටවල් ඔක්කොම කාන්තාර කියලද හීතුවේ? (ස)
කාල පලයන් පෙරලි පෙරලි කිව්වලු. මටත් ලැබුනා නම් බෙරලිය මල්මිටක්. (නදී)
ගැමුණු පුතා මේ කරන සමජ සේවය මම අගය කරනවා (අ)
ගොඩක් අය නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීම ගැන එසැන ලංකාදීපයට ස්තුතියි ...මේ වගේ දුර්ලබ දේවල් ගැන දැනුම තව තවත් ලබා දීමට හැකිවේවා (නදී)
පණියාවල මේ දිනවල 'කෙලි මඬලක්' වෙලා ඇති බවයි මගේ අදහස. (අ)
ගලබඩ මහත්තයෝ කටේ රත්තරන් දාන්න ඕන, ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි කාගෙවත් අවසර ඕන නෑ කියල මගේ තාත්ත කියල දීල තියෙනවා. (ස)
මම දැක්ක හොදම සහ වැදගත්ම ප්‍රවෘර්තියක් ....බොහොම ස්තුතියි ලංකදීප (අ)
මේ අර රූං පෙත්ත වගේ කැරකි කැරකී වැටෙන මලද (ගෙඩි) ද? (නි)
මෙවැනි සුළඟ මගින් වියාප්තවන මේ හැඩය සහිත ගෙඩි වර්ග බොහොමයක් ඇත (දිල්)
ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය මෙවැනි දේවල් අපට දකින්න ලබාදීම ගැන (නි)
බෙරලිය කියන්නේ රසවත් ගුණවත් ආහාරයක් වගේම ලංකාවට ආවේණික ජාත්‍යන්තර රතු දත්ත පොතට එකතු වුණ ශාකයක්. (නි)
ලංකාදීප පුවත්පතට මගේ ප්‍රණාමය, මෙවැනි දේවල් අපට දකින්න ලබාදීම ගැන. (නි)
නොදන්නා අයගේ දැනගැනීමට මම මෙය ආහාරයට සකස් කර ගන්න විදිය කියන්නම්. සියලු පොතු ඉවත් කර ඇටය සුද්ද කරගෙන උණුදියේ දමා වතුර පෙරා අව්වේ දමා හොදින් වියළාගන්න. එය කලක් තබාගත හැක. කෑමට ගෙනීමට උවමනා ප්‍රමාණය වංගෙඩියේ කොටා පෙනේරයකින් හලා පිටි ගන්න.එම පිටි ඕනෑම කෑමක් සාදා ගැනීමට සුදුසුය. ඇට පිටින් තම්බා පොල් සමඟ කෑමද ඉතා රස ගුණ වේ.කුරක්කන් පිටි වලට සමාන රසක් ඇත. (නි)