(ධම්මිකා බාලසූරිය)

ජාතික ජනබලවේගය පක්ෂයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය පරාජයට පත්විය.

අයවැය විවාදය පලමු අයවැය කියවීම  සභාපති සංජීව කරුණාසාගර මහතාගේ ප්‍රධාතත්වයෙන් ප්‍රාදේශීය සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සභිකයන් තිස්අට දෙනකු මෙම සභාව නියෝජනය කරනු ලබන අතර අයවැය විවාදය සඳහා සභිකයන් සියලු දෙනාම සහභාගි වී සිටියහ.

ඡන්ද විමසීම විවෘතව සිදු කෙරුණු අතර ජාතික ජනබලවේගය පක්ෂයේ සභිකයන් දාහත් (17) දෙනකු , සමස්ථ ලංකා මහජන කොංග්‍රසය පක්ෂයේ එක් මන්ත්‍රීවරයකු (1) අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගිජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු එකොළොස් (11) දෙනෙකු , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්‍රීවර හය (6) දෙනකු , ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු දෙදෙනෙකු (2) , එක්‌සත් ජාතික පක්‍ෂයේ එක් මන්ත්‍රීවරයකු (1) , සර්වජන බලය පක්ෂයේ එක් (1) මන්ත්‍රීවරයකු ලෙස මන්ත්‍රීවරු විසි (20) දෙනකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.

වැඩි ඡන්ද දෙකකින් පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්විය.