IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


'පත්තිනි' චරිතය මම එපා කිව්වා

2016-04-29-ent-63

තවත් පූජනීය චරිතයකට ජීවය දෙමින් පූජා යළිත් අප අතරට එන්නේ මැයි 5 වැනි සිකුරාදා සිට තිරගතවන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ "පත්තිනි" සිනමා නිර්මාණය හරහාය. සීතල නුවරඑළියේදී අපි පූජා සෙනෙහෙබර කතාබහකට සම්බන්ධ කර ගත්තේ ඒ පිළිබඳව ඇගේ අදහස් අසා දැනගැනීමටය.

 

2016-04-29-ent-64පූජාට "පත්තිනි" වෙන්න ලැබුණු හැටි මතකද?

ඔව්, ඒ වනවිට මම සුනිල් සර්ගේ "කුස පබා* චිත්‍රපටයේ වැඩ කරමින් හිටියෙ. ඒ කාලෙම මාත් එක්ක වැඩ කළ ජැක්සන් අයියා දස්කොන් කරන බවත් කීවා. එහි ඇති ඉන්දියානු පසුබිම නිසා මට එහි ප්‍රධාන චරිතයක් කරන්න ආරාධනා කළා. ඒත් "පත්තිනි" පිළිබඳව තිබුණු ඉන්දියානු නෑකම මම දැනගෙන හිටියෙ නැහැ. අපි දැනගෙන හිටියේ "කන්නගී*ගේ කතාව විතරයි. කන්නගීගේ පිළිරැව චෙන්නායිවල ප්‍රකට දේශපාලන නායකයින්ගේ පිළිරූ ආශ්‍රීතව තිබෙනවා අපි දැකලා තියෙනවා. ඇයට ඒ රටේ හිමිවෙන්නෙ පූජනීය ස්ථානයක්. ඒත් කන්නගී "පත්තිනි" ලෙස ලංකාවෙ දේවත්වයෙන් සළකන බව මම දැනගත්තෙ පස්සෙ.

 

ඒ බව දැනගත්තම ඔබ ඒ චරිතය කරන්න කැමති වුණාද?

නැහැ... බොරු නම් අහලා බලන්න මම සුනිල් සර්ට කිව්වා සිංහල සිනමාවට අලුත් මුහුණක් අවශ්‍ය මේ වගේ කාලෙක ඇයි නවක නිළියක් මේකට නොගන්නෙ කියලා. ඔහු ඒ අදහස ප්‍රතික්ෂේප කළාම මම ඔහුට තවත් විකල්ප යෝජනා කළා. ඒත් ඒ කිසිම දේකට ඔහු කැමති වුණේ නැහැ. අවසානෙදි මට ඒ චරිතය කරන්න වුණා.

 

ඒ චරිතයේ ඔබ දකින සුවිශේෂිතා මොනවද?

ජීවිතයේ සියලුම අභියෝගයන්ට ධෛර්යයෙන් හා දැඩි විශ්වාසයෙන් මුහුණ දෙමින් ඇය ප්‍රකට කළ ශක්තිය හා ප්‍රබලතාවය තමයි ඇය තුළ දුටු ප්‍රධානම ගුණාංගය. සියලුම බාධක හමුවේ ඇය සිය සැමියා සමඟ ආදරෙන් බැඳී සිටියදී, ඔහු ඇය දේවේශසහගත ලෙස අත්හැර දැමීම, ඇයගේ සියලුම වස්තූන් සොරකම් කිරීම, වෙනත් ගැහැනියක හා ඇසුරකට පැටලී ඒ තුළින් දරුවකුට පියකුවීම මේ සියලුම දේවල් හමුවේ ඇය නොසැලී සිටීම පමණක් නොව අවසානයේදී ඔහු යළිත් ඇය වෙත එද්දී ඔහු නැවතත් භාර ගැනීමට තරම් ඇය තුළ තිබුණු ඒ දයාවේ හා කරැණාවේ මහිමය, කාන්තාවක් ලෙස මම අගේ කරනවා.

 

මේ කතාව ඔබ දැන සිටි "කන්නගී" කතාවට සමානද?

සුනිල් සර් මේ කතාව ඉතාම ආකර්ෂණීය ලෙස ලියා තිබෙනවා. චරිත ඉතාම ලස්සට ගොඩනඟා තිබෙනවා. ඇත්තටම අපි දැන සිටි කන්නගීගේ කතාවෙන් ඔබ්බට ගොස් මනිමේඛලාගේ හා මාධවීගේ භූමිකාවන්වල සහයෝගයත් සමඟ ඔහු මේ කතාවට අලුත් අරුතක් ලබාදී තිබෙනවා.

 

"පත්තිනි" නැතහොත් "කන්නගී" චරිතය තුළින් අපේ කාන්තාවන්ට උකහා ගත හැකි ගුණාංග තිබෙනවාද?

අනිවාර්යයෙන්ම. දේවත්වයෙන් සැළකෙන කොටස්වලින් බාහිරව බැලුවත්, ඇය කාන්තාවන්ට දැඩි ආදර්ශයක් වී තිබෙනවා. විශේෂයෙන් අපේ රට තුළ වගේම ආසියානු රටවල්වල පවුල් සංස්ථා තුළ අපි ප්‍රධාන වශයෙන් දකින්නෙ කාන්තාවන්ගේ තිබෙන ඉවසීමේ ගුණය වගේම තමන් ගැන නොසිතා අනුන් ගැන සිතන ගුණාංගය. ඇය හරියට පවුලක් එක පුරුකක් ලෙස යාකර තබන මැලියමක් වගේ. ඒත් අපේ කාන්තාවෝ තමන්ගේ වටිනාකම් තේරුම් ගෙන වැඩ කරනවා අඩුයි. ඔවුන්ගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇයට හිමිවෙන්නෙ අවසාන ස්ථානය. ඒත් අපි අපේ වටිනාකම් හඳුනාගෙන, අපේ ශක්තිය, අපේ බලය ගැන විශ්වාසයක් තබාගෙන අපි ගැන අවධානය යොමු කළ යුතුයි. තමන් තමන්ට ආදරේ නොකර කොහොමද තම ස්වාමියාට හෝ දරුවන්ට ආදරේ කරන්නෙ. ඒ සඳහා ඇය හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වෙන්න ඕනෙ.

 

ඔබේ ජීවිතයටත් මේ තුළින් ඔබ යමක් උකහා ගත්තාද?

ඔව්... මම ඒ පිළිබඳව දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා. හෙට දිනයේ මවක්, මිත්තනියක් ලෙස කටයුතු කිරීමේදී පවුල් සංස්ථාව තුළ අපි හැසිරිය යුතු ආකාරය ගැන පාඩම් ගොඩක් මම මේ තුළින් ඉගෙන ගත්තා.

 

අවසානයේදී "කන්නගී"ගේ ශාපය නිසා නගරයක්ම ගිනිබත් වෙනවා?

මම ආශිර්වාද ගැන විශ්වාස කළාට ශාප කිරීම් ගැන පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ. තමන්ගෙ හිතට එකඟව හොඳින් ජීවත් වෙන කෙනෙක් නම් ඒ ශාප කිරීම් ඔබ අසලටවත් එන්නෙ නැහැ. ඒවා ඇතැම් විට ආශිර්වාද බවට පත්වෙනවා.

 

ඔබ "පත්තිනි" චිත්‍රපටය මීට කලින් නරඹා තිබෙනවාද?

නැහැ මම තාම චිත්‍රපටය බලලා නැහැ. ඒත් එය ලස්සන එකක් බවට නම් දැඩි විශ්වාසයක් තිබෙනවා. එහි නිර්මාණවේදී සුනිල් සර්ගේ ප්‍රතිභාව නිසා. සුනිල් සර්, ජැක්සන් අයියා, සෝමේ අයියා (සෝමරත්න දිසානායක) කියන්නෙ මේ ක්ෂේත්‍රයේ මට හමුවුණු මහා ප්‍රතිභාවන්තයෝ. ඕනෑම ප්‍රශ්නයක් ඇහුවත් ඒවාට ක්ෂණිකව නිසි පිළිතුරු දෙන්න තරම් දැනුමෙන් ඉතාම පොහොසත් චරිත. &පත්තිනි* චිත්‍රපටයට දායක වෙන්න ලැබීම මම විශාල භාග්‍යයක් කොට සලකනවා.

 

ඔබ මෙහි රඟපාන්නෙ "කෝවලන්" චරිතයට පණ පොවන උද්දික ප්‍රේමරත්න සමඟ?

ඔව්... උද්දික විශිෂ්ට නළුවෙක්. දර්ශන තලයේදී මගේ චරිතයට අදාළ දෙබස් උච්චාරණය වගේම අවශ්‍ය සියුම් අංගචලනයන් වගේ දේවල් ගැනත් කියා දුන්නෙ. ඔහුත් කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන දක්ෂ රංගන ශිල්පියෙක්.

 

නාන් කඩවුල්, විඩියුම් මුන් වැනි චිත්‍රපටවලට ඉන්දියාවේ හා විදෙස් රටවලින් ඔබට හොඳම නිළියට හිමි සම්මාන ලැබී තිබෙනවා. ලංකාවෙ සම්මානයක් නොලැබීම ගැන දුකක් නැද්ද?

කිසිම දුකක් නැහැ. මොකද මම වැඩ කරන්නෙ සම්මාන ලබා ගන්න නෙවෙයි. මම ඒ තරගයේ කොහෙත්ම නැහැ. මට කිසිම කෙනෙක් එක්ක තරග කරන්න අවශ්‍ය නැහැ. මගේ තරගය තියෙන්නෙ මාත් එක්ක. ඒ හොඳ මනුෂ්යෙක් ලෙස ජීවත් වීමේ අභියෝගය ජය ගන්න. මම කැමති හැමෝම එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. කෙනෙක් මම ළඟට ඇවිත් &පූජා ඔයා හරි හොඳ කෙනෙක්, හොඳ මනුෂ්යයෙක්* කියලා කිව්වොත් ඒ තමයි මම ලබන ඉහළම සම්මානය. ඒවා මුදලට හෝ බලයට ගන්න බැහැ.

 

ඔබට ඉන්දියාවෙන් ලැබෙන ඇරයුම් කොහොමද?

ගොඩක් ඇරයුම් ලැබුණත් මා උපන් මේ රටට මම ගොඩක් ආදරෙයි. මම ලංකාවට හිත දීලා ඉවරයි. මේ වගේ ලස්සන මිනිස්සු ඉන්න සුන්දර රටක් මේ ලෝකෙම නැතුව ඇති.

 

රමේෂ් උවයිස් සේයාරෑ | සන්දේශ් බණ්ඩාර

 

DESHAYA

 

2016-04-29-ent-65



අදහස් (0)

'පත්තිනි' චරිතය මම එපා කිව්වා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 30 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 114 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site