IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පත්තිනි චරිතයට හඬ දායකත්වය ලබාදෙන 'ටනාකා'

2016-07-20-ent-48

ඇගේ හඬ මේ වනවිටත් ඔබ අසා ඇත. හඬ කැවීම් ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට වැඩි දායකත්වයක් ඇය ලබාදෙන්නීය. එමෙන්ම ගායිකාවක ලෙසද කටයුතු කරන්නීය. "පත්තිනි" සිනමා කෘතියේ පත්තිනියගේ චරිතයට හඬ දායකත්වය ලබාදුන් ඇය විශාරද ටනාකා තාරකීය.

 

පත්තිනි සිනමා නිර්මාණයට හඬ දායකත්වය ලබාදීම ගැන මුලින්ම කතා කරමු

2016-07-20-ent-44මම හිතන්නෙ ලංකාවෙ මේ සිනමා කෘතිය ගොඩනැගෙන්නේ නිර්මාණය වුණ දේවතා කතාවක් ආශ්‍රය කරගෙන. තෝරා බේරා ගත්ත ශිල්පීන් පිරිසක් තමයි මෙම සිනමා නිර්මාණයට දායක වුණේ. සුනිල් සර් මාව %පත්තිනි^ චරිතයේ හඬ දායකත්වයට තෝරාගත්ත එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. ආගම් භේදයකින් තොරව වඳින පුදන දෙවඟනක් තමයි පත්තිනි දේවියන් කියන්නේ. උසස් පෙළ විභාගයෙන් පසු බොහෝ නිර්මාණවලට හඬ කැවීම්වලින් දායක වෙලා හිටියා. මම හිතන්නේ ඒ අතරින් ලොකුම අවස්ථාව පත්තිනි දේවියට හඬ කවන්න ලැබීම කියලා. කිහිප දෙනෙක් තෝරා ගැනීමේ පරීක්ෂණවලට යොමු වෙලා හිටියා. %පත්තිනි^ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂකයවරයා ලෙස කටයුතු කළ දේශප්‍රිය අයියාගේ ඇරයුමෙන් තමයි මම මෙයට යොමුවුණේ. මං ගැන විශ්වාසය තියලා මට අවස්ථාව දුන්නට සුනිල් සර්ටත්, දේශප්‍රිය අයියටත් ස්තුතිවන්ත වෙනවා.

 

ඔබට කලා කටයුතුවල නියැළෙන්න පවුල් පරිසරයම ලොකු උදව්වක් වෙන්න ඇති?

ඔව්. මගේ පවුලෙන් කලා කටයුතුවලට විශාල දායකත්වයක් ලබා දෙනවා. මගේ අම්මා සුමිත්‍රා ජයවර්ධන. ඇය ගුරුවරියක් ලෙසත්, ගුවන් විදුලි ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඒ වැඩ කටයුතුත් නවතා දමා මගේ කලා කටයුතුවලට දායක වෙනවා. තාත්තා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. කලාවට සම්බන්ධ දේවල් මට ලැබෙන්නෙ මගේ පවුලෙන්මයි. සීයත් නර්තන පරම්පාරාවක. සංගීතය හා නර්තනය නිවස තුළම තිබුණා. මම ඒ ආභාසයත් එක්ක තමයි මේ කලා කටයුතුවල නිරත වෙන්නේ. මට ගායනයටත් දායක වෙන්න එය විශාල පිටුවහලක් වුණා.

 

මේ දිනවල ගායිකාවක ලෙස සිදුවන කටයුතු ගැන සඳහන් කළොත්?

අලුත්ම ගී නිර්මාණයක් කළා. "මා මඟ බලා හිඳින්නේ දෑස දකින තුරාමයි" කියන ගීතය. මගේ පියා වන නිමල් චන්ද්‍රසිරි තමයි එහි පද රචනය සිදු කළේ. සංගීතවත් කළේ ප්‍රියන්ත නාමලගේ අයියා. එහි රූප රචනාව කරන්න මේ දිනවල සැලසුම් කරමින් යනවා. %ඇතුල් වීම තහනම්^ ගීතයටත් ප්‍රතිචාර ලැබෙනවා.

 

හඬ කැවීමෙන් දායකත්වය ලබාදෙන අනෙකුත් නිර්මාණ?

සිරස එෆ්.එම්.ඔස්සේ සතියේ දිනවල විකාශය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍යයට දායක වෙනවා. ඒ වගේම "ප්‍රේම දඩයම" සිරස ටී.වී.හි විකාශය වන ටෙලි නාට්‍යයට හඬ කැවීමෙන් දායක වෙනවා. "මගේ සඳ ඔබයි" කියන ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන නාට්‍යයට දායක වෙනවා. එය ඉන්දියාවේ "සත්‍යා" කියන මෙගා නාට්‍යයක්. මම එහි "සත්‍යා" කියන ප්‍රධාන චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. හිරු නාළිකාටේ "රෙබින් හුඩ්" නමින් කුඩා ළමයින්ගේ චිත්‍රපටයක් කළා. එහි මැරයින්ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වුණා. අධිරජ ධර්මාශෝක ටෙලි නාට්‍යයේ ජස්ටින්ගේ කුමාරිකාව වන "අග්නිශිකා" චරිතයටත් හඬ කැවීමෙන් දායක වෙනවා. වෙළෙඳ දැන්වීම්වලටත් හඬ කැවීමෙන් දායක වෙනවා.

 

ඉදිරි වැඩකටයුතු හා මතක් කළ යුතු අය?

සංගීත විශාරද විභාගය අවසන් කළ පසු සංගීත් නිපුන් විභාගය කරන්න බලාපොරොත්තු වෙනවා. %සුමිටෝන්^ ඩාන්සින් ඇන්ඩ් මියුසික් ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. කුඩා දරුයන්ගේ සීඩි පටයක් කරන්න තාත්තාගෙ බලාපොරොත්තුවක් තියෙනවා. හඬ කැවීම් හා ගායන යන අංශ දෙකෙහිම මේ වනවිට මම වෘත්තීය මට්ටමෙන් නියැළෙනවා. මගේ දීර්ඝ කාලීන සැලැස්ම ගුරු වෘත්තියේ නියැළෙන්න. ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නත් පුංචිකාලේ ඉඳන්ම බලාපොරොත්තුවක් තිබුණා. මට මේ ක්ෂේත්‍රය තුළ ඉන්න මට උදව්කරන, උපදෙස් ලබාදෙන වැඩිහිටි ශිල්පීන්ට වගේම මට සහාය වන සියලු දෙනාම මගේ ගමනට ශක්තියක් වුණා. ඒ හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා.

 

රංගන මදුසංඛ

 

2016-07-20-ent-47
2016-07-20-ent-46
2016-07-20-ent-45
2016-07-20-ent-43



අදහස් (0)

පත්තිනි චරිතයට හඬ දායකත්වය ලබාදෙන 'ටනාකා'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 124 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1387 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8402 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 496 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1808 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3504 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site