පුත්තලමේ ගඩොල් කපන්නාට ජනනේන්ද්‍රීය බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වන බවට ලක්ෂණ රෝගියාගෙන් දිස්වන බව කොළඹ ජාතික ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා පවසයි.
ඔහු එසැණට මෙසේ කීවේය.
ඇත්තටම මේ වන විට රෝගියා හොද තත්ත්වයේ පසු වෙනවා අප සියල්ලන්ගේම බලාපොරොත්තුව මෙම ශල්‍ය කර්මය සාර්ථක බව තහවුරු කැර ගැනීමයි.
අප සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වුයේ රෝගියාගේ තත්ත්වය හොදයි.
සැත්කමේ අවදානම ටිකෙන් ටික අඩු වෙනවා මෙය අතක ඇගිල්ලක් බද්ධ කරනවා වගේ ක්‍රියාවලියක් නොවේ.ඉතාමත් සංකීර්ණ සැත්කමක්.
මෙම රෝගියාගේ ජනනේන්ද්‍රීය කැපී යාමෙන් ඔහු මරණය පවා සිදු විය හැකි නේද යැයි අප ඇසු පැනයට පිළිතුරු දෙමින් වෛද්‍යවරයා මෙසේ පැවසුයේය.
නෑ කොහෙත්ම නෑ ජනනේන්ද්‍රීය කැපී යාමෙන් ජීවිත හානියක් සිදු වන්නේ නෑ.නමුත් වෘෂණ කෝෂ තදින් මිරිකුවහොත් හෝ තද පහරදීමකින් පැරා සිම්පතටික්ස් තත්ත්වයක් එකවරම සිදු වී හදවත අක්‍රීය වී රෝගියා මිය යා හැකියි.කැපී යාමකදී ජීවිත හානි සිදු වන්නේ නෑ.
සැත්කමට ලක් කළ රෝගීයාට නැවත සිය ලිංගික කටයුතු පෙර පරිදි ගෙවාලීමට හැකිද යන්න පිළිතුරු දෙමින් වෛද්‍ය දුලීප් පෙරේරා මහතා මෙසේ කිවේය.
අපගේ ශරීරයෙන් වෙන් වී ගිය ගිසිම අවයවයක් යළිදු පෙර තිබු ආකාරයටම ක්‍රියාත්මක වීම සිදු කළ නොහැකි බව අප කාටත් පැහැදිළියි.
නමුත් මෙය ජනනේන්ද්‍රීය ප්‍රාණවත් වීම සිදු වේවි නමුත් රාගික් හැගීම් නිසි අයුරින් ලැබේද යන්න පැහැදිළිව ප්‍රකාශ කළ නොහැකියි රෝගියාගේ එම ස්නායු කැපී ගොස් තිබුණා.
රෝගීයා සුවය ලබා පිටවී යන දිනයක් හරියටම කියන්න බෑ.රෝගීයා සාමාන්‍ය පරිදි සිටින බව පෙනුනත් ඔහු කිසිවකු සමඟ කතා කරන්නේ නෑ.
මොහු කිසියම් මානසික අපහසුතාවකින් පෙලෙන බවත් පෙනී යනවා. මොහු උදේශන සේවාවට පවා යොමු කිරීමේ අවශ්‍යතාව පවතිනවා.සැත්කමේ පරීක්ෂණ කාලය අවදානම් කාලය දින හයක් යන තුරු පවතිනවා ඉද්ධ කළ කොටස් නැවත සිරුරුට හා වේනවාද යන්න මිය යනවාද යන්න නිරීක්ෂණය කරමින් අප පසු වෙනවා.
සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා
සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකට් කපලා ගෙදර ගියාට කලබල වෙනවා එහෙම නෙමෙයි ඔන්න. වෛද්‍යවරුනි, මෙවන් අභියෝග වලට මුහුණ දීමට තව තවත් ධෛර්යය , ශක්තිය ඔබ සැමට ලැබේවා! (නි)
ගඩොල් කපන්නාට නැවතත් තම රැකියාව කරන්නට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
මේක එයාට එපා නිසානේ කපාගත්තේ (නි)
ඔන්න අපේ උදවියට කල්පනාවෙන් ඉගෙන ගන්නවා නම් හොඳම හොඳ පාඩමක් මේ දොස්තර මහත්තයා කියලා දුන්නා. (නි)
මේ වෛද්‍යතුමන්ලාව ලංකාව තුළම රදවා ගන්න ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතුයි (නි)
මේ මනුස්සයා තමන්ගේ අවයවය තමන්ම කපාගත්තා කියනවා නම් මේ සැත්කම සදහා ගිය මුළු මුදල ඔහුගෙන් අයකර ගැනීම සාධාරණයි නේද? (නි)
මේ වගේ දොස්තර මහත්වරුන්ටත් ඒ අයගේ පවුලේ අයටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේම ආරක්ෂාව ලැබෙන්න ඕනෑ (නි)
වෛද්‍යවරුනි, ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා මහතා ඇතුළු සියළුම වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.......!! (නි)
මේ වගේ දොස්තර මහත්වරුන්ටත්, ඒ අයගේ පවුල්වල අයටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේම ආරක්ෂාව ලැබෙන්න ඕනෑ. (නි)
අපගේ අති දක්ෂ වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්! ජය වේවා ..!! (නි)
ඔබ සියලු දෙනාම නිදුක් නිරෝගිව චිරාත් කාලයක් ජීවත් වේවායි එක සිතින් පතමි. (නි)
මෙවැනි වටිනා දූ පුතුන් මෙලොවට බිහිකළ මෙම වෛද්‍යවරුන්ගේ දෙමවුපියන්ට අපි පින් දෙන්න ඕනෑ (නි)
සහාය වූ සැමටම නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා! මේ ලෙඩාට නැවතත් පෙරපරිදිම රැකියාව කරන්නත් හැකිවේවා! (නි)
ඇත්තටම එයාට ඕක ඕනෑ නැති නිසානේ කපා ගත්තේ. ඒ නිසා සැත්කමට යන වියදම ගන්න. නැත්නම් මහජනයාගේ මුදල් තමයි වැය වෙන්නේ. (නි)
බන්දුල,ප්‍රියන්ත, එහෙම බැලුවොත් අපිට හැදෙන සියළුම ලෙඩ හදාගන්නේ අපි විසින්මයි. හේතුව අපේ කට. කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, රුධිර පීඩනය... (නි)
දැන් ඉතින් මොනවා ඉදිරියට සිදුවුණත්, ජීවිතය ගලවා ගත් එක ගැන සතුටු වෙන්න (නි)
වෛද්‍ය මණ්ඩලයට මාගේ උත්තමාචාරය.(දිල්)
ඔබල වැනි දක්ෂ සිටින රටක ඉපදීමත් අපි ලැබූ භාගයක්.ඔබ සැමට සුබ පැතුම්.(දිල්)
ඕක හරියටම සනීපද කියල බලන්න ක්‍රමයක් නම් තියෙනවා (ත)
විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා, ධම්මික ඇතුළු සියළුම වෛද්‍ය කණ්ඩායමට හා කාර්ය මණ්ඩලයට සුභ පැතුම්. මෙන්න දොස්තරලා. හැබැයි ගොඩක් ඉන්නේ සල්ලි පස්සේ යන, ප්‍රයිවට් චැනල් කරන කොන්-දොස්තරලා (දී)
මෙම දු පුතුන්ට මගේ ගෞරවාචාරය! (නි)
සුභ පැතුම් සාර්තක වේවා (අ)
විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා ඇතූථ සියළුම වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.......!! (අ)
දොස්තර මහත්වරු දෙවියන් (නි)
සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා ඇතුළු සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමට මා ඇතුළු අම්බලන්තොට ජනතාවගේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා ඇතූථ සියළුම වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.......!! (අ)
දුලිප් පෙරේරා මහතා නැවතත් දැක ගැනීමට ලැබීම සතුටක්.මටනම් පෙනෙන්නේ මෙතුමා මිහිපිට සිටින දෙවිකෙනෙක් ලෙසය.(දිල්)
ඔබ සියලුදෙනට ලක්වාසී අප සියලු දෙනාගේ ...සුබපැතුම් (දිල්)
ඇත්තටම මෙතුමන්ලා ලංකාවේ රදවා ගන්න වගකිවයුතු අය කටයුතු කරනවා නම් තමයි හොඳ (නි)
දැන් ඉතින් මොටද දොස්තර මහත්තයෝ (අ)
ඔබ සැමට මගේ සුභ පැතුම්! (නි)
මෙයාගේ ඉන්ද්‍රියයන් හරියට වැඩ කරනවද කියල බලාගන්න ක්‍රමයක් නැද්ද (අ)
මේ වගේ දොස්තරලට නව පත්වීම් දෙන්න ඕනෑ.මොවුන් දෙවිවරු සේ සැළකිය යුතුය (නි)
ඔබ ඇතුළු ඔය කණ්ඩායම ශ්‍රී ලංකාවේ විද්‍යා ශේෂ්ට්‍රයේ රණවිරුවෝ ශ්‍රී ලංකා මගේ මව් දෙරණේ (අ)
අපගේ අතිදක්ෂ වෛද්‍ය කණ්ඩායමට සුභ පැතුම්.......!! ජය වේවා ..!! (අ)
සැත්කමේ පසු සියල්ල සාර්ථක වී සියලු දේ හොදින් සිදුවේවා! ලංකාවේ මානසික රෝග ප්‍රවණතාවයත් වැඩිවෙලා. මීට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන්න. (නි)
මෙවැනි හාස්කම් කළ හැකි වෛද්‍යවරුන් සැබෑ දේව පුත්‍රයින්ය. (නි)
ඒ කෙනාගේ මානසික තත්ත්වය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. වෙන වැඩක් කර කර ඉන්න වෙලාවක කකුල් කැපෙන්නේ නැතුව හරියටම ඔය කොටස වෙන්වුණ එක නම් පුදුමයි. ඒ ගැන පරීක්ෂණ කරන්න ඇතිනේ. දින කිහිපයකින් රෝගියාගේ තත්ත්වය නැවත පළකරන්න. (නි)
මෙන්න නියම දෙවිවරුන්. (නි)