IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘පත්තරේ දැම්මොත් හදන්නෙම නෑ‘

‘හෙම්මාතගම පොදු වැසිකිළිය උතුරා යන බව පත්තරේ දැම්මොත් හදන්නේ නැහැ. වැසිකිළිය උතුරා යන බව කී අයගේ නම් ටික මට දෙන්න. හවසට හම්බවෙලා දෙකක් කියන්න තියනවා. මම කරන්නේ මට ඕනෑ දේ. එක එක එවුන් කියන විදියට වැඩ කරන්න සූදානම් නෑ.‘ මාවනැල්ල ප්‍රාදේශීය සභාපති පී පී වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ නගරයේ පොලිසිය සමීපයේ පිහිටි වැසිකිළිය උතුරා යෑමට පිළියම් යොදන්නේදැයි ඇසූ අවස්ථාවේ දී ය.

මෙම වැසිකිළිය දවස් පහකට වරක් උතුරා යන බවත්, වසර හයකට පෙර ඉදිකළ මෙම වැසිකිළියේ වළ අඩි හතරක් පමණ බවත්, එය පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් බවත් නගර වැසියෝ කියති.

 

 

 



අදහස් (0)

‘පත්තරේ දැම්මොත් හදන්නෙම නෑ‘

කිරිඅත්තා Tuesday, 21 January 2014 01:05 AM

මේ වගේ සත්තුන්ට ඡන්දෙ දුන්න අයට හොඳම වැඩේ!!!(අ)

:       0       0

අශෝක Tuesday, 21 January 2014 01:29 AM

දැන් මේක කියන්න වෙලා තියෙන්නෙත් ජනාදිපති තුමාට විතරයි. එතුමා විතරයි දැන් බලාගෙන ගියාම වැඩක් කරන්නේ. මේ වගේ සභාපතින්ට ඔවයේ තියෙන එවාම ගහල එලවන්න ඕනේ. (අ)

:       0       0

ලාල් මහනුවර Tuesday, 21 January 2014 02:18 AM

ඌරෝ කැමතිම අහාර තියෙන තැන ,එයාත් ඌරෙක්ද ..........(අ)

:       0       0

ලාල් මහනුවර Tuesday, 21 January 2014 02:19 AM

ඕකෙන් බාල්දියක් අරන් ගිහින් අරයගෙ ඇගේ හලන්න තියෙන්නේ (අ).

:       0       0

ලාල්මහනුවර Tuesday, 21 January 2014 02:21 AM

ඔතන තියෙන පොලිසියේ අයටත් නහයක් නැතිද .(අ)

:       0       0

සුනිල් පෙරේරා Tuesday, 21 January 2014 02:34 AM

මේ කසිකබල් ප්‍රාදේශීය සභා වෙනුවට පුද්ගලික ආයතනයකින් මේ දේවල් ඉතා කාර්යක්ෂමව සිදුකල හැකි .(අ)

:       0       0

දයා අලහකෝන් Monday, 20 January 2014 02:26 PM

මේ වගේ අයට තවත් නම් ඡන්ද දෙන්න එපා (දිල්)

:       0       0

සීල Monday, 20 January 2014 02:48 PM

අන්න නියම දේශපාලනඥයෙක් (දිල්).

:       0       0

කපිල- කෑගල්ල Tuesday, 21 January 2014 06:28 AM

හැම කෙනෙක්ම බලයට එනකම් සද්දයක් නැහැ. අවාම තමයි ගැටලූ. ඊට පස්සේ ඉස්සර කාලය අමතක වෙනවා. තමන් කරන්නේ මොකද්ද මහජනතාව කියන්නේ කවුද මේ සේරම අමතකයි. දැන් ලංකාවේ ප‍්‍රාදේශිය සභාපති වරු ගොඩාක් වැඩ වරද්දාගන්නේ ඒ නිසා. මෙහෙම ගියොත් වැඩි ආයුෂ නැහැ.(නදී)

:       0       0

අනුර එස් ලියනගේ -මුල්ලේරියාව Monday, 20 January 2014 02:50 PM

මෙයා මහඡන නියෝඡිතයෙක් බව අමතක වෙලා වගේ(දිල්)

:       0       0

විජය Tuesday, 21 January 2014 06:36 AM

මේක ගෙදර නෙවෙයි. අමතක වුනාද මහජන නියෝජිතයෙක් කියලා.(නදී)

:       0       0

සුදර්ශණි Monday, 20 January 2014 02:59 PM

ඔබ තුමාට අවැසි විදිහට වැඩ කරන්න නෙවෙයි ජනතාව ඔබව බලයට පත් කළේ. අනික, බලය පොදු දෙයක් කියා හිතන්න එපා. (දිල්)

:       0       0

ලුම්බිණි Monday, 20 January 2014 03:03 PM

මේක තමා අද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මෙහෙම තමා අද ජනතාවට සේවය කරන්නේ. පුදුමය කියන්නේ මේවා ප්‍රසිද්ධියේ කීම.(දිල්)

:       0       0

ධම්ම Monday, 20 January 2014 03:08 PM

සමන් විජය ඔබ ලියන්න. ඔබ වටා දහස් ගණනින් පාඨකයෝ රැස්වෙලා ඉන්නවා ආරක්ෂාවට.(දිල්)

:       0       0

ග්‍රාම්යා Tuesday, 21 January 2014 07:17 AM

වැසිකිලි කටත් ප්‍රාදේශීය සභාවේ උතුමාගේ කටත් දෙකම එකයි වගේ පේන්නේ. අලුත්පිට දෙකම පිරිසිදුයි. කල් ගත වෙනකොට බලන්න තියා ලඟින් යන්නත් අප්පිරියයි. අද ලංකාවේ 99% ක්ම දේශපාලක කාගේත් තත්වය ඔය විදියයි.(නදී)

:       0       0

වරුන Monday, 20 January 2014 03:18 PM

ඔබතුමා එන්නකෝ ඡන්දේ ඉල්ලන්න (දී)

:       0       0

හේවගේ Monday, 20 January 2014 03:18 PM

ඒ ප්‍රකාශය නම් වැසිකිලි වළක් වගේ ගඳයි (දී)

:       0       0

දාස් Tuesday, 21 January 2014 07:31 AM

හදන්නම එපා සභාපති තුමා ඔතන ඇවිල්ල පදිංචි වෙන්න ඔය මෝඩයින්ට ඔතන තියන සැප තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ජානි Monday, 20 January 2014 03:20 PM

මේවා හොයන්න නායකයෝ නැද්ද? (දී)

:       0       0

අචිනි Monday, 20 January 2014 03:28 PM

ආශ්චර්යය කියන්නේ ඕක තමා ළමයනේ ඡන්දේ දුන්නනම් දැන් ඉතින් විදවපල්ලා...(දී)

:       0       0

පියල් Tuesday, 21 January 2014 08:20 AM

කඩවත ප්‍රාදේශීය සබාවේ එක්කෙනා මෙයාට හපන්. (නදී)

:       0       0

ජානක Monday, 20 January 2014 03:36 PM

ඔබ තුමා වැසිකිලි වළක් ඉතිරුවහම වෙන්නේ මොකද්ද කියලා දන්නවද (දී)

:       0       0

නෝජ් Monday, 20 January 2014 03:38 PM

තව ටික දවසකින් ගෙවල් වල පිටිපස්සෙන් හිටන් එයි වැදගෙන මනාපේ ඉල්ලන්න. එතකොට හොදට සලකන්න තියෙන්නේ මේවා මතක් වෙන්න. එත් අපේ කට්ටියට කෑම පැකට් එක ලැබුණම මේ වගේ දේවල් අමතක වෙන එක තමා මේ දේශපාලකයන්ට තියෙන වාසිය (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 January 2014 03:48 PM

වල උතුරනවට මෙයා කැමතියි වගේ ?(දී)

:       0       0

රුමේෂ් Tuesday, 21 January 2014 09:37 AM

මෙම වැසිකිලිය එතුමාගේ ගෙදර තිබුනා නම් කොහොමද ? (නදී)

:       0       0

මාටින් අයියා Monday, 20 January 2014 04:03 PM

තනතුරකට පත් වුණහම වේදිකාවේ කියන දේවල් කරන්න බැ කියල ඡන්ද දායකයෝ දැනගන්න ඕන (දිල්)

:       0       0

කුමාරිහාමි Monday, 20 January 2014 04:45 PM

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැයට කිරුලක් තියනවා නේද? ඇමැතිලා කී දෙනෙක් නම් ඉන්නවාද?මේ ගැන මීට වඩා බැලුවොත් හොදයි නේද ?(දිල්)

:       0       0

පිටිගල Tuesday, 21 January 2014 10:22 AM

මෙයා ලබන සැරෙත් උඩින් දිනුම්. බොරු නම් බලන්න.(නදී)

:       0       0

කුමාරිහාමි Monday, 20 January 2014 04:55 PM

සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති ඉන්නෙත් ඔය පැත්තේ නේද?(දිල්)

:       0       0

රෝහිත Monday, 20 January 2014 05:06 PM

වඳුරට කන්නාඩිය හම්බ වුනාම මොකද වෙන්නේ කියලා අපි ඔක්කොම දන්නවනේ.(නදී)

:       0       0

රාණා Monday, 20 January 2014 05:07 PM

හදන්නම එපා සභාපතිතුමෝ, මෙතන අනිත් අයටකේ ගඳ. ජරා ගොඩේ ඉන්න අපිට ඕකත් ගඳක්ද? (නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 20 January 2014 05:07 PM

වල ඉතුරුවාට වඩා ගඳයි දැන්.(නදී)

:       0       0

විරසිරි Monday, 20 January 2014 05:19 PM

ඒකනේ නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නේ මෙහෙ තමා. නමුත් එයාට සනීප නැහැ මේ දිනවල.(නදී)

:       0       0

මඹූ ප්‍රංශය Monday, 20 January 2014 05:37 PM

මේ වැඩ වැසිකිලියට වඩා ගදයි ! (දිල්)

:       0       0

කුමාරි Monday, 20 January 2014 05:39 PM

ඔබ තුමා පුළුවන්නම් ඔය ප්‍රකාශයම කරලා ඉල්ලන්නකෝ ඡන්දේ මෙයාල මෙතනට ගෙනා අයට ගහන්න ඕන දුවන්න. (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Tuesday, 21 January 2014 11:04 AM

අර කිව්වා වගේ මේයා ලබන වතාවෙත් දිනයි. මේ වගේ අයගේ පස්සෙන් යන්න අය කොච්චර ඉන්නවද? (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 11:05 AM

කුමාරිහාමි, දැයට කිරුළ කියන්නේ මේ වගේ අයට කිරුළු පළඳා ජනතාවට අන් තට්ට්ටුවක් පැළඳවීමයි. මොකද මේ කිරුළ මේවගේ අයට පැළඳ වුයේත් ජනතාවම නිසයි.(නදී)

:       0       0

ජනක Tuesday, 21 January 2014 11:06 AM

අනේ අර පත්තර මහත්තයව පරිස්සම් කරගන්න. අරයා මිනිස්සු දම්මලා මොනවා හරි කරයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

සෙනෙවි Tuesday, 21 January 2014 04:33 PM

මෙයා නම් ලබන ආත්මෙ ඌරෙක් වෙලා උපදියි.(නදී)

:       0       0

චමින්ද Tuesday, 21 January 2014 11:08 AM

මම දේශපාලකයන්ට එච්චර කැමැත්තක් නැහැ. නමුත් සභාපති තුමා අවංකව කෙලින් වැඩ කරන කෙනෙක්. පුද්ගලිකව මම ඒ බව දන්නවා. අවරුදු 20 ක වැඩ මාස දෙකෙන් කොහොම කරන්නද? එයා සභාපති වෙලා තාම මාස 3යි.(නදී)

:       0       0

ගොඩගේ ප්‍රියන්ත Monday, 20 January 2014 05:55 PM

කියන්න බැහැ දැන් ප්‍රාදේශීය සභාවල ඉන්න අය මේවට මහජනතාවට හොරෙන් මුකුත් කරනවාද දන්නෑ (දිල්)

:       0       0

කුමාරණ Monday, 20 January 2014 06:00 PM

මෙතුමාගේ කතාව හරියට එයාගේ සල්ලි වලින් එයාම හදනවා වගේනේ.සල්ලි එයාගේ නෙවෙයි මහජනතාවගේ සල්ලි(දිල්)

:       0       0

පද්මපානි Tuesday, 21 January 2014 11:25 AM

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ට යොදා ගන්නා පෝස්ටරයකට කියාපු පින්තුර ටිකක්. සංවර්ධනය උතුරා පිටාර ගලන හැටි "එව බලව!" කියල විදේශ සංචාරකයින්ට පෙන්වන්න. එනකොට නහය වහ ගන්න ලේන්සුත් අරන් එන්න කියන්න.(දිල්)

:       0       0

සරත් පර්ත් Monday, 20 January 2014 06:28 PM

ඔළුව ඉදිමිලා වගෙයි නුගතාගේ හැටිනේ (අ)

:       0       0

සුනිල් Tuesday, 21 January 2014 11:30 AM

කෙසේ වෙතත් සභාපති තුමාට මේකට හොඳ පිළිතුරක් දෙන්න තිබුණා. එයාගේ සාක්කුවෙන් දලා මහජන ප‍්‍රශ්න විසදනවා වාගේ තමයි මේ දීපු උත්තරය. ඉතින් ඒක හරි වැරදියි. මාධ්‍යයට මෙයා මෙහෙම කිවා නම් ජනතාවට කොහොම වෙයිද ? (නදී)

:       0       0

අනිල් Monday, 20 January 2014 07:01 PM

මෙ වාගේ පොදු ප‍්‍රශ්නයකට පිළිතුරු දුන්න මෙයා දැන් ලොක්කා වාගේ කථා කරාට අය වැය පැරදෙයි කියලා බයෙන් හිටියේ. ඉතින් කියන්න තියෙන්නේ මහත්තයෝ ඔයාගේ බල පුළුවන්කාර කම් තියාගෙන මාවනැල්ලේ ඉන්න නම් ටිකක් අමාරු වෙයි. මාධ්‍යයට රටේ ජනාධිපතිවත් මෙ වාගේ උත්තර දෙන්නේ නැහැ(අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Monday, 20 January 2014 08:26 PM

වැසිකිලි විවුර්ත කරන්න විතරයි දේශපාලකයෝ දන්නේ (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 20 January 2014 08:26 PM

ඇයි ඔය පැත්තේ වාර්තාවක් රූප පෙට්ටියට දාන්න විද්‍යුත්මාධ්‍ය ඇත්තෝ නැතිද (දී)

:       0       0

ගාමින්ද Monday, 20 January 2014 08:31 PM

ලංකාදීපයට ස්තුති මේ පුවත පත්තරේ දැම්මාටලෝකෙටම බලා ගන්න කට්ටියගේ කෙරුවාව (දී)

:       0       0

සදුනි Monday, 20 January 2014 08:45 PM

අන්න නියම වැසිකිලි වැඩක් රජයට ඉමහත් ගෞරවයක් ගෙනෙනවා...වාසනාවන්... (දී)

:       0       0

ලාල් Monday, 20 January 2014 08:51 PM

මෙයා සුවර් එකටම ආශ්චර්යය කරා යන්න කැමති නැති කෙනෙක් (දී)

:       0       0

චමින්ද Tuesday, 21 January 2014 01:08 PM

මෙයාට කඩේ යන අයත් ඉන්නවනේ. (නදී)

:       0       0

ජයතිලක Tuesday, 21 January 2014 01:12 PM

සභාපති මහත්තයෝ දැන් පත්තරේ දැම්මනේ . පුළුවන් නම් දැන් හදන්නේ නැතුව ඉන්නකෝ බලන්න. (නදී)

:       0       0

කිනිහිර Monday, 20 January 2014 09:38 PM

වැඩි මහන්සියක් නැතිව ලැබුණු රස්සාවක් ඔය ඒක වෙනනැති (දිල්)

:       0       0

ජයතිලක Tuesday, 21 January 2014 01:17 PM

සභාපති වෙලා මාස 3 වුනාට,කටේ සද්දේ නම් අවුරුදු 20 කටත් වැඩිය වැඩියි වගේ. (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 20 January 2014 09:53 PM

මෙහෙම වැඩක්වත් කරගන්න බැරිනම් මේ වගේ අයව නැවත පත් නොකර ඉන්න ඕනා ,ඡන්දේ ළං උනාම බලමු (දිල්)

:       0       0

ජයතිලක Tuesday, 21 January 2014 01:19 PM

" ඕක හදලා වැඩක් නැහැ.ලැබෙන සම්තින් එක බොහොම මදි " (දී)

:       0       0

ෂෙරිෆ් Monday, 20 January 2014 10:12 PM

වර්ෂ 2014 හොඳම දේශපාලනඥයෙක්ගෙන් අහන්න ලැබුණ වදන් පෙළක්.. (දිල්)

:       0       0

පාලිත වීරතුංග Monday, 20 January 2014 10:32 PM

දේශපාලකයෝ දැන් චන්ඩි වෙලා (දී)

:       0       0

සුමිත් බහරේන් Monday, 20 January 2014 10:49 PM

අපේ ප්‍රාදේශිය සභාවල ඉන්නෙම ..මේ වගේ කට්ටිය තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 831 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2236 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 422 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1544 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 35 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site