පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩියේදී ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය පසු ගැමියෝ ඔහුගේ සිරුර පාර මැද තබා වනජීවී නිලධරයනට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.
දෙදහසක් පමණ පිරිසක් පාර හරස් කරමින් මේ විරෝධය පාති.
වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.
පුත්තලම කුරුණෑගල මාර්ගයේ කල්අඩියේදී ගැමියකු වල් අලි ප්‍රහාරයකින් මිය ගිය පසු ගැමියෝ ඔහුගේ සිරුර පාර මැද තබා වනජීවී නිලධරයනට එරෙහිව විරෝධයක් ඇරැඹූහ.
දෙදහසක් පමණ පිරිසක් පාර හරස් කරමින් මේ විරෝධය පාති.
වාහන ගමනාගමනය ද අවහිර වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ මිනිසුන් ඇයි මේ තරම් මෝඩ. අලියෙක් මනුස්සයෙක්ව මැරුවත් පාරට බහිනවා.නැත්නම් රජයට දොස් කියනවා.(නදී)
අයියෝ පවු අසරණ මනුස්සයා වන ජීවි ඒක මැදිහත් වෙලා විදුලි වැටක්වත් හයි කරලා ඉතිරි මිනිස් ජීවිත ටිකවත් බේරා ගමු.(නදී)
පහර දුන්නු අලියා කැලේ ඇතුලේ ඉඳන් හිනාවෙනවා ඇති. අනේ මිනිසුනේ ඔය මළමිනියට අපහාස කරන්න එපා. වන ජීවීන්ට බාධා නොවන විධියට කටයුතු කරන හැටි වනජීවී නිලධාරීන්ගෙන් විමසා බලා ඉදිරි කටයුතු කරන්න හිතන්න.(නදී)
අසංග, මිනිස්සු පෙළපාලි යන්නෙ මිනිස්සු බුද්ධිමත් නිසා. මීට කලින් වනජීවී එකෙන් ඉල්ලීම් කරත්, ඔවුන් කරදරකාරී අලියව අල්ලලා යාළට හෝ කුමනට හෝ මින්නේරිය කැලේටවත් ගෙනිහින් දාලා නෑ. විදුළි වැටක් හෝ ගමට ලබාදීලා නෑ. බලධාරීන් තමන්ගේ වගකීම පැහැර හැරිය නිසා තමා ඒ මිනිස්සු කියන්නේ දැන්වත් නිසි පියවර ගන්න අලියා තවත් මිනිසුන් මරන්න කලින් කියලා. මැරුණු ගැමියාගේ පවුලේ අයගේ අනාගතය වෙනුවෙන් දීර්ග කාලීන පියවරක් ගන්න. දැන් අසංගට තේරෙනවා ඇති කට තිබුණු පළියට කටට එන ඕන දෙයක් කියන අසංග කොයිතරම් මෝඩයෙක්ද කියලා.(නදී)
අලි ඇත්තු ජීවත්වූ කැලේ එළිපෙහෙළි කර ඉඩම් අල්ල ගත්තා වගේම උන්ගෙන් බේරෙන්නත් තමන්ම දැනගන්න ඕනේ. ඒ අය ඉන්නේ ගස් කපන්න, වගා කරන්න, වන සතුන් මරන්න, කසිප්පු පෙරන්නයි.(නදී)
අසංග, ආනන්ද ඔබ හරි. සැම්ගේ උසස් බුද්ධිමත් මිනිස්සු ටික ඔවුන්ගේ ප්‍රශ්නය ගැන බලන්න ආපු ප්‍රාදේශීය ලේකම්ටත් පහර දීලා. මෝඩයෝ වගේ ඉවක් බවක් නැතුව නිලධාරීනට පහර දුන්නාම ප්‍රශ්නේ විසඳෙනවද? මේ මිනිස්සුන්ගෙයි හැමදාම අපි විවේචනය කරන මෝඩ ප්‍රාදේශීය දෙස්පාලුවන්ගෙයි වෙනසක් තියෙනවද? (නදී)
අසංග වෙන රටවල ආණ්ඩු මේවට ක්‍රියා ශිලිව උත්තර හොයලා විදුලි, ලේසර්,ශබ්ද තරංග වලින් උත්තර හොයනවා. අපේ රටේ බම්බු ගේට්ටුවක් හයි කරන්ට තාම බැහැ. ඉතින් රජයට නොබැන බනින්නේ ඇමරිකාවටද. හැම පැය72 වරක් අලියෙක් ලංකාවේ මැරෙනවා. මේවට උත්තර හොයන්නේ කවදාද.(නධී)
ඩෙංගු මදුරුවෙක් මරාගන්ට බැරි තරමට දේශපාලකයෝ නිලදාරියෝ අකාර්යක්ෂම වෙලා. මදුරු කොයිල් කොම්පැනිවල ජරාවට යටවෙලා. අමාත්‍යංශ කියක් තිබේද. නිලදාරී කීදෙනෙක් පඩි ගන්නවද. කෝ ඒ වයේ වැඩ බහින්න ටියුනිසියාවේ වගේ පාරට.(නදී)
අලුතෙන් ඇමතිලා මාරුවෙද්දී අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 වියදන් කරාලු. පොදුරද මඩුලු සමුළුවට රෝල්ස් රොයිස් 100 ඇනවුම් කරලා. හැබැයි අලි ප්‍රස්නේ ආපු ගමන් මිනිහ සතාගේ ඉඩම් අල්ලාගෙන වගේ කතා කියල යට ගහනවා ප්‍රස්නේ. හයි කරන්නකෝ ලේසර් වැටක්.මේ 2013නෙ.(නදී)
මේ ගම ඔතනින් අයින්කර වන සතුන්ට ඉඩ දෙන්ඩ. ගම වෙනත් ජනාවස පෙදෙසකට රැගෙන යමු.(නදී)
නීතියක් නැති රටක පන්දමට ආපු හෝ නියම විදියට ආපු නිලදාරියෝ වැඩකරන්නේ නැහැයි කියල පොලිසි ගිහින් වැඩක් නැහැ. මේ වගේ දැක්ක දැක්ක තැන ගුටි දුන්නම එක්කෝ රස්සාව කරයි නැතිනම් දමල යයි. එතකොට මේවා දකින අය ගුටි වලට බයේ රැකියාව හරියට කරයි.(නදී)
මේ හැම දේකටම පාරවල් හරස් කරලා උද්ගෝෂණ කරන එක දැන්ම නතර කර ගත්තේ නැත්නම් අපිට හෙට අනිද්දා වෙනකොට පාරක ගමනක් යන්න බැරිවෙයි.පාරවල් වලට බහිනකොටම දෙන්න උතුර දකුණ මාරු වෙලා දුවන්න පාරවල් හොයා ගන්න බැරී වෙන්න. නැත්නම් මේක හරි කරදරයක් වෙනවා. අසාදාරනයකට විරෝධතා දක්වන්න සාදාරන ක්‍රම තියෙනවා. (නි)
පමා වෙලා හරි මෙහෙම මිනිසුන් ක්‍රියාත්මක වෙන එක හොදයි. බලදාරියෝ නිලදාරියෝ බුදියගෙන ඉදො පඩිගන්න විතරක් ඇහැරෙනවා. දැනට අවුරුදු තිහ හතළිහකට කලින් මේ වගේ දේවලට කන් දුන්නා නම් අද අපේ මිනිස්සු බෝට්ටුවල එල්ලී එල්ලී අතපල්ලෙන් වැටුණු අය වගේ වෙනරටවලට බඩගාන්න ඕනෑ නැහැනේ. (නි)
අද වෙනකොට අලි මිනිස් ගැටුම වර්ධනය වෙලා. මේකට ප්‍රධානම වැරදිකරු වන්නේ මිනිසායි. මේ පිලිබදව වගකිවයුත්තන් මේ පිලිබදව නිසි ක්‍රියා මාර්ග ගත යුතුයි. නැත්නම් අපගේ අලි සම්පත සත්තු වත්තට පමණක් සීමාවෙයි. (නි)
අසංග, ඔය විදිහට කතා කරන්න එපා.මේ මිනිස්සු හරිම අහිංසකයි. මෙයාලා ගොඩක් දුක් විදිනවා. එයාලට බඩට හොද කෑම බීම ඇදුම් පැළදුම් නැහැ අපි ඔයාලට වගේ. ඒත් ලංකවේ මිනිස්සු. ඒ දුක කාටද කියන්නේ? (නි)
වන ජීවී දෙපාර්තමේන්තුව කවදද හරියට රාජකාරි කලේ? පාතාල නායකයෝ යාල කැලෙන් සත්තු දඩයම් කරගෙන ලොරිවලින් ගෙනියද්දි නිවටයෝ වගේ හිටියේ. වන ජීවී නිලධාරී වනය හා ගම අතර රඳවන්න ඕනා. අලි එනවනම් එන්න ඕනේ වනජීවී නිලධාරියාගේ මළකඳ උඩින්. එහෙම නීතියක් ගෙනාවොත් තමා වැඩක් වෙන්නේ. ඇමතිතුමෝ, කැන්ටිමේ දැම්මා වගේ සෙල්ලමක් වනජීවී දෙපාර්තමේන්තුවේත් දාලා මේ නීතිය ගේන්න.(නදී)