IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පුත්තලමේ නියං

පුත්තලමේ කුඩා ප්‍රමාණයේ වැවි සහ ජලාශ රැසක ජලය සිඳී යමින් පවතින අතර බීමට ජලය ලබා ගන්නා ළිං වල ජලය ද සිඳීයමින් තිබෙන බව ජනතාව පවසති.

පසුගිය වසරේ ද පුත්තලම දිස්ත්‍රික්කය පුරා පැවැත් නියං තත්ත්වය හේතුවෙන් ජනතාව ලක්ෂ තුනකට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබූ අතර පොල් ඇතුළු බෝග වගාවන්ට ද නියඟයෙන් තර්ජනය එල්ලවී විශාල ලෙස හානි සිදුව තිබුණි. පුත්තලම, ආණමඩුව, නවගත්තේගම, මුන්දලම, මහකුඹුක්කඩවල, වනාතවිල්ලුවට නියඟය උග්‍රවී ඇත. වැව් ඇමුණු රැසක් සිඳිගොස් ඇත. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානි කර්නල් එස්.කේ. රණවීර මහතා කීය.

මෙම නියං තත්ත්වයට සම්බන්ධ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කර දැනට  පානීය ජලය අවශ්‍ය ප්‍රදේශවල ලබා දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශයට දන්වා යවා තිබෙනවා.'

 

 



අදහස් (0)

පුත්තලමේ නියං

උපාලි Tuesday, 27 August 2013 06:04 AM

ඊළඟට අලි ඇතුන් වතුර හොයාගෙන එනකොට තමයි අනික් ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන්මම ඒ ගැන කල්පනා කලොත් හොඳයි මහත්වරුනි. (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 27 August 2013 06:57 AM

අර එක සැරයක් වන්නි පළාතේ නියඟයකට කළා වගේ මන්ත්‍රීතුමාට කියලා කපුවෙක් ගෙන්නලා වලාකුලු වලට වෙඩිතිබ්බා නම් වැස්ස ලබාගන්න පුළුවන්. (නි)

:       0       0

දයිලා Tuesday, 27 August 2013 12:16 PM

මම නම් හිතා හිටියේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් හොඳ සේවයක් වෙනවා කියලයි. එම ඇමතිතුමා ඇතුළු නිලදාරීන් ගියවරත් අපිට හොඳ සේවයක් කළා. ස්තුතියි. (නි)

:       0       0

අර්ෂා Tuesday, 27 August 2013 12:49 PM

බොන්න ජලය හිග ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම මහත් පිනක්. අපේ බලධාරීන්ගේ ඇස් ඇරේවා. (නි)

:       0       0

නිලන්ත Tuesday, 27 August 2013 08:57 AM

ගුරුවරු දණ ගස්සපු අයත් ඔය පළාතෙනේ ඉන්නේ. ඉතින් වහිවීයෑ? (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 27 August 2013 01:27 PM

මේ පළාත් වලට ජන්දය ඉල්ලගෙන එන අයට මේ ප්‍රශ්න මොනවත් පෙනෙන්නේ නැහැ.බලයට කුලල් කාගන්න එක විතරයි කරන්නේ. සමහරු නම් වතුර වෙනුවට මත් වතුර මුලු පළාතටම බෙදනවා.මෙතරම් මුදලක් වියදම් කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිතරම්.ඒ මුදල් මේ මිනිස්සුන්ට වතුර බිදක් දෙන්න වියදම් කරනවා නම් මොනතරම් අගේද?? (නි)

:       0       0

රූපවතී Tuesday, 27 August 2013 01:29 PM

මට මගේ පුංචි සන්දිය මතක් වුණා, වැවේ මාළු අල්ලපු හැටි ...! (නි)

:       0       0

මහානාම Monday, 26 August 2013 11:07 PM

මම මේ ආපදා කළමනාකරණ එකේ ගරු ඇමතුතිමාට දැන ගන්නත් එක්කයි කියන්නේ අපිට පහසුකම් මොනවත්ම නැහැ. ඒවා කියන්න ගිහයම අපි නිකම් නරක මිනිස්සු වෙනවා. පැත්තකට කොන් කරලා දාලා මානසිකව වට්ටවනවා විවිධ හිරිහැර කරදර ඇති කරලා. අන්තිමට මිනිස්සුන්ට රස්සාව දාලා යන්න හිතෙන තරමට මේක සම්පූර්ණයෙන්ම එපා කරවනවා. (අ) .

:       0       0

සුනිල් Tuesday, 27 August 2013 07:15 PM

කොච්චර නියගය තිබුනත් සේප්තම්බර් 21 දින පුත්තලමට මනාප වෙහි වහින හෙටි බලන්න! (අ)

:       0       0

සඳරුවන් Monday, 26 August 2013 11:13 PM

අපිත් තවම වැඩ කරන්නේ අපදා කළමනාකරණ එකේ නම් තමයි. මෙකේ කියලා තියන තොරතුරු ඇත්ත. උඩින් ඔපයට පෙන්නුවට අපදා වලට ලක් වෙච්ච අයට එතරම් ලොකු උපකාරයක් ආපදා කළමනාකණ එනෙන් වෙන බවක් මට නම් පේන්න නැහැ. බොරුවට පඩි කකා, පුටු රත් කර කර නිකම් ඉඳගෙන අනුන්ගේ පෞද්ගලික ජීවිතයේ සැඟවුනු කුණු ගොඩවල් මතු කර කර එහි කුණු රසය ඉතා ගිජු අන්දමින් රස විඳිමින් ජීවත් වන අතලොස්ස අතර සැබවින්ම වීරවරයෙය් මතු කර ගැනීමේ ගැටළු පවතියි. (අ0

:       0       0

කසුන් චාමර Monday, 26 August 2013 11:19 PM

ආපදා කළමනාකරණ එකේ ඉන්නේ මෙලෝ වැඩක් නොකරන මෙලෝ රහක් නැති මහ අමුතු ජාතියක අපතයින් ටිකක්. අනුන්ට ලබාදීමට දෙන සල්ලි ටිකත් හූරං කාලා මහ ලොකුවට කයිවාරු ගහන්න නම් ආපදා එකේ අය ලොක්කෝ තමයි. කොච්චර වැඩ කළත් එක්කෝ වාහනය හොඳලා නැහැ කියයි. නැතිනම් ආදායම් බලපත්‍රය අළුත් කර ගත්තේ නැහැ කියලා බොරුවට කෑ ගහනවා. රටට ලෝකයාට පෙනෙන්න ඔන්න මමත් ලොකු වැඩක් කලා කියලා ලියලා එන්න. (අ)

:       0       0

පද්මසිරි Tuesday, 27 August 2013 12:17 AM

කාලෝචිත ප්‍රශ්නයකට පෙර විසදුම් සෙවීම ගැන කෘතහඥ තාවය . මෙම ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්න හදුනාගැනීමට හැකි දිස්ත්‍රික් ලේකම් වරයකු හා අපද කලමනාකර නිලධාරියකු සිටීම ජනතාවගේ භාගයක්. රජය සමග මැදිහත් වී ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලන ඔබට ජනතාවගේ පැසසුම් ලැබේවි. (අ)

:       0       0

නදී Tuesday, 27 August 2013 03:47 PM

මේ ප්‍රශ්නය සර්ව බලධාරි දෙවියන්ට සැල කරන්ඩ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 339 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2375 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2014 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1492 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8341 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2453 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34493 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site