පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයෙන් පසුගිය 24 වැනි දා සොයා ගන්නා ලද ඡන්ද පත්‍රිකා අඩංගු මලු හෙට (4) විවෘත කර ගණන් කරන්නැයි මැතිවරණ නිලධාරීන්ට පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (03) නියෝග කළේය.
මලු වල අත්සන් තැබු අපේක්ෂකයින් දොළොස්දෙනාට හා පුත්තලම පොලිසියේ විමර්ශන අංශයේ නිලධාරීන්ට ද අධිකරණයේ පෙනී සිටින්නැයි ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා මාර්ගයෙන් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න සුළු අත පසුවීමක් නිසා උන දෙයක්,මින්පසු කව්රු කව්රුත් තමන්ගේ රාජකාරිය දේව කාරියක් වගේ කරන්න හොදේ (දී)
දිවුරුම් දීලත් ඉවරයි. මොනාට ගනිනවද? ,අවශ්‍ය කට්ටිය ඇවිත් ඉන්නවා (නදී)
ගැන්නාට වැඩක් නැතිවෙයි (නි)
තමන්ගේ නොසැළකිල්ල නිසා රජයත්, විශාල නිලධාරීන් පිරිසකුත්, අධිකරණයත් අනවශ්‍ය කරදර රැසකට පත්කළ මීට වගකිවයුතු නිලධාරීන්ට උපරිම දඬුවම් දියයුතුයි. කෙලින් වැඩකරන මැතිවරණ කොමසාරිස්තුමා කියන පරිදිම ඒක කෙරෙයි කියලා අපි විශ්වාස කරනවා. (නි)
උපාලි ඔබ හරි,ගන්න පඩියට සාදාරණයක් නොකළ අයට දඩුවම් ලැබේවා.(අ)
ඇත්තටම මැතිවරණ කොමසාරිස්තුමා කලින් හිටිය අයට වඩා හොඳින් වැඩ කරනවා. ඒත් දුෂිත නිලධාරීන් සමග වැඩ කළ නොහැකියි. වැරදි කළ අය සේවයෙන් පහ කළ යුතුයි (නි)
සුළු අතපසුවීමක් ?? රාජකාරිය පැහැර හැරියට හැමගේම වැඩ තහනම් කළා නම් මේකේ තියෙන සුළු බව දැනෙයි මෙයාලට (නි)