IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පෝදා ධර්ම දේශනාව

එක්තරා අවස්ථාවකදී විශාඛා මහෝපාසිකාවට පසේනදී කොසොල් රජුගේ අනුමැතිය යටතේ කරවාගත යුතු කිසියම් කටයුත්තක් යෙදී තිබුණා. මේ සඳහා රජතුමාව හමුවී කතා බස් කළ නමුත් ඇගේ අදහසට ගැලපෙන ආකාරයේ තීරණයක් නොවෙයි රජතුමා දුන්නේ. ඒ නිසා විශාඛාවට ආපසු හැරී එන් සිදු වුණා. ඇය කෙළින් ම පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ වෙතටයි. සිදුවූ සියල්ල භාග්‍යවතුන් වහන්සේට පැවසුවා. ඒ කාරණය අරභයා තථාගතයන් වහන්සේ මේ උදානය පහළ කළා.

‘සබ්බං පවරසා දුක්ඛං - සබ්බං ඉසසරියා සුඛං

සාධාරණේ විහඤ්ඤන්ති - යොගාහි දුරතික්කචා‘ති‘

(සබ්බං ඉස්සරියං සුඛං) සියලුම අධිපතිකම් සැපයි. කොසොල් රජතුමාට සියල්ලටම අධිපතිව සිටි නිසා කැමැති විදියට පාලනය කරන්න පුළුවන්. එය එක්තරා සැපයක්. නමුත් විශාඛාව සම්බන්ධයෙන් තත්ත්වය එසේ නොවෙයි. (සබ්බං පරවසා දුක්ඛ) අනුන් යටතේ තියෙන හැම දෙයක් ම දුකයි. ඊට හේතුව නම් තමාට අවශ්‍ය ආකාරයට පාලනය කළ නොහැකි වීමයි. (සාධාරණ විහඤඤන්ති) සාධාරණය ඉටුකරගන්න යද්දී වෙහෙසට පත්වෙනවා. (යොගා හි දුරතික්කමා) කෙලෙස් ඉක්මවා යාම දුෂ්කරයි. ඒ නිසා සාමාන්‍යයෙන් ලෝක සත්ත්වයා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පීඩා විඳී.

ලාභ-අලාභ, යස (කීර්තිය) - අයස (අපකීර්තිය), ප්‍රශංසා-නින්දා, සැප-දුක වශයෙන් ජීවිතය නම් ලෝකයේ ලෝක ධර්ම 8ක් දකින්න පුළුවන්. (ලෝකධම්මා ලොකා අනුපරිත්තති) මේ ලෝක ධර්ම ජීවිතය නම් ලෝකය අනුව පෙරළෙනවා. (ලෝකෝච ලෝක ධම්මේ අනුපරිවත්තති) ජීවිතය නම් වූ මේ ලෝකයත් ලෝක ධර්ම අනුව පෙරළෙනවා. ඒ නිසා කවදාවත් සාධාරණ ලෝකයක් බලාපොරොත්තු විය නොහැකියි.

රාගය, ද්වේශය, මෝහය කෙලෙස් ඉක්මවා යාම දුෂ්කර නිසා ලෝක ධර්මතාව අවබෝධ නොකළ පුද්ගලයා කෙලෙස්වලට යටවෙනවා. ඔහුගේ සිත ලෝක ධර්මයන්ගෙන් මුළුමනින්ම මැඩගෙන සිටිනවා. (චිත්තං පරියාදාය තිට්ඨති) ලාභය, යස, ප්‍රශංසාව, සැපය හටගත් විට (අනුරුජ්ජති) ඒවාට එකතු වෙනවා, ඇලෙනවා, උද්දාමයට පත්වෙනවා. අලාභ, අයස, නින්දාව, දුක හටගත් විට (පටිවිරුජ්ජති) ඒවාට විරුද්ධ වෙනවා. ප්‍රතික්ෂේප කරනවා, දුකට පත්වෙනවා. ‘අසාධාරණයක් වුණා‘ යැයි සිතනවා. බාහිරට චෝදනා කරනවා. සාධාරණය ඉෂ්ට කරගන්න දඟලනවා. නමුත් ලෝක ධර්මතාව අවබෝධ කළ පුද්ගලයා ලාභය, යස, ප්‍රශංසාව, සැපය හටගත් විට එකතුවෙන්නෙත් නෑ. අලාභ, අයස, නින්දාව, දුක හටගත් විට විරුද්ධ වෙන්නෙත් නෑ. ලෝක ධර්මයන්ගේ අනිත්‍ය වීම දකිනවා. වෙනස්වීම දකිනවා. ‘මෙසේ වේවා! මෙසේ නොවේ වා! කියා තමාට අවශ්‍ය ආකාරයට ලැබිය නොහැකි බව දකිනවා. ලෝක ධර්මයන්ට යට වෙන්නේ නෑ. බාහිරට චෝදනා කරන්නේ නෑ. ඔහුට ලෝකය පිළිබඳව ඍජු දැක්මක් තියෙනවා.

අසාධාරණකම් අතීතයේත් තිබුණා. වර්තමානයේත් තියෙනවා. අනාගතයේත් අනිවාර්යයෙන්ම තියෙනවා. ‘සාධාරණ ලෝකය‘ කියන්නේ සිහිනයක් පමණයි. ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒ නිසා අනිත්‍ය වන්නාවූ ලෝකයේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම හැර වෙනස් වන්නා වූ ලෝකයේ වෙනස්වන ස්වභාවය තේරුම් ගැනීම හැර තම වසඟයේ පැවැත්විය නොහැකි වූ ලෝකයේ ඒ ස්වභාවය තේරුම් ගැනීම හැර අසාධාරණය හමුවේ වෙනත් කිසිදු ප්‍රායෝගික ස්ථිර විසඳුමක් නැත. සියලු කෙලෙස් නැසූ ලෝකයේ සියලු ස්වභාවයන් පවතින ආකාරයෙන්ම අවබෝධ කළ තථාගතයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ලොව සියලු අසාධාරණකම් සඳහා පවතින එකම සාධාරණ විසඳුම මෙයයි.

තෙරුවන් සරණයි!

ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක්



අදහස් (0)

පෝදා ධර්ම දේශනාව

ප්‍රියන්ත Thursday, 24 December 2015 03:42 AM

සාධු..! සාධු..!! සාධු..!!! බොහොම පින් වටිනා ධර්ම දානයට . (කෞ)

:       0       0

විජිත් Thursday, 24 December 2015 04:35 PM

අස්ථිර ලෝකයේ ස්ථිරයි කියා තිබෙන්නේ එකම දෙයයි. ඒ අස්ථිර බවයි.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1293 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 74 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1212 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 196 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2051 4

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32323 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23830 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 448 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 206 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site