23 වැනි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට පෙරහුරුවක් කොළඹ නෙළුම් පොකුණේදී අද උදෑසන පැවැත්විණි.
එහිදී විදේශ රාජ්‍ය නායකයින් පිළිගැනීමට පාසල් දරු දැරියෝ ජාතික ධජ ලෙළ වුහ.
ත්‍රිවිධ හමුදා හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පෙරදිග වාදන ශිල්පීහු විසින් මඟුල් බෙර වැයුහ.
මෙම පෙරහුරුව නීරීක්ෂණය කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ජනපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු ද ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ප්‍රභූහුද සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට අඩු චීන කොඩිය විතරයි.(නදී)
කුමාරි වගේ රට ගැන හිතන හෙළ කුමරු කුමරියන්ගෙන් ලක් බිම සැරසේවා! අපිට අද නැත්තේ ද එහෙත් අවශ්‍යම දෙය ද එයම වන්නේය. (ස)
ලස්සනයි. (නි)
අපේ හාමුදුරුවනේ, ගොඩක් මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි තමන්ට පිටින් දෙනකන්. අත පය හොල්ලලා තමන් මහන්සියෙන් හම්බ කර ගන්න අකමැතියි. අනික කොපමණ ලැබුණත් සැනසීමක් නැහැ.ඉතින් හැමදාම අනික් අයට දොස් කියමින් ඇගිල්ල දික් කරනවා.එයාලා දන්නෙ නැහැ තමුන්ගේ අතේම ඇගිලි 4ක් තමන්ට විරුද්ධයි කියලා.මගේ ලක් මෑණිට ජය වේවා! (නි)
නිවන්ත, ඔයාට දවස් කියක් පාන් කියාගන්න බැරුව ඉදලා තියෙනවද? අනේ බේගල් කතා නොකර ඉන්න. අබාධිත මිනිස්සු හැර හිටගෙන ඉන්න බැරි කවුරුත් ලංකාවේ නැහැ. ඉතියෝපියාව වගේ රටවල නම් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඔයාලා වගේ අය නිසයි ලංකාවේ සංවර්ධනය අඩු වෙන්නේ. (නි)
මිනිස්සුන්ට ප්‍රශ්න නැති රටක් ලෝකේ කොහෙවත් නැහැ. මම දන්නා අංක එකේ පොහොසත් රටවලත් නගරයේ කුණු කුඩේ අවුස්සලා කෑම හොයන මිනිස්සු දැකලා තියෙනවා. අපේ රටේ නායකයින්ගේ අඩුපාඩු ඇති, ඒවා තිබුනත් අපට මවුබිම අමතක කරන්න බැහැ. රටේ සංවර්ධනයක් ද නැත්තේම නැහැ. ඇස් ඇරලා බැලුවොත් පෙනෙයි. ලෝකෙට අඩබෙර ගහන ඉන්දියාවේ මුළු නගර පූරා සතුන් වගේ මිනිස්සු කුණු ගොඩවල් වල ඉන්නේ, පාරේ මැරී යනවා. අපට එහෙම දෙයක් වෙලා නැහැ නේද? හැමවිටම හොඳ නරක දෙකක්ම තියෙනවා, එනිසා ලංකාවේ ප්‍රශ්න දේශපාලන කෝණයකින් පමණක් නොබලන්න. ඇමෙරිකාව, එංගලන්තය දියුණුයි, එවැනි රටවල මිනිසුන් සොරකම්, මැරකම් කරන්නේ නැද්ද? එනිසා අපේ රටේ යහපත දකින්න අපි ඉගෙන ගන්න ඕනෑ. ඇදුමක් කිළිටු වූ පමණින් එය ඉවත දාන්නේ නැත. සෝදා පිරිසිදුකොට පාවිච්චි කරයි. එසේම අඩුපාඩු තිබූ පමණින් සමස්තය නොහොද වෙන්න බැහැ. දිනේ ලංකා! (නි)
අපේ හාමුදුරුවෝ හොඳ උත්සහයක් කරනවා. අපට නම් පාන් කියාගන්නත් බැරුව ඉන්නේ.රටේ බොහොමයක් කකුල් දෙකෙන් හිටගෙන ඉන්න හරක් හින්ද ගානක් නැහැ. (ස)
රොෂාන්ගේ කතාව හරියට හරි. ඔය සත්‍ය ලලිත් වගේ සමහරක්ට තේරෙන්නෙ නැති එකනෙ පුදුමේ. තේරුනත් නොතේරුනා වගේ ඉන්නවා අන්ධ භක්තිකයෝ වගේ. සමහර රූපවාහිනී නාලිකා බලන අයගේ මොළ සේදිලා. සත්‍ය කියල හිතන් ඉන්නේ ඒ පෙන්නන කියන දේවල් තමයි. පව් අහිංසක මිනිස්සු. සත්‍ය තේරෙද්දී වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. (නදී)
ඇත්තටම ගොඩක් ආඩම්බරයි අපිට. අපේ හාමුදුරුවො කිව්වා වගේ අපිටත් බලන්න යන්න තිබ්බා නම් හොඳයි.ඉතින් සුබ පැතුම් ශ්‍රී ලංකා මාතා... (ස)
ලලිත්, හිතන්න මිනිහෙක් ඉන්නව මුළු ගමටම ණයයි. එදා වේල කන්නෙත් ගමේ ඉන්න මුදලාලිගෙන් පොතට, මිනිහගෙ බිරිඳ යවනව මුළු ගමේම මිනිස්සුන්ගෙ ගෙවල්වල වහල් සේවෙට. එහෙම ඉන්න මිනිහ ලොකූ ණයක් අරන් දෙනව මුළු ගමටම පාටියක්. මේකෙන් අර මිනිහට ලැබෙන්නෙ කීර්තියක්ද? .(නදී)
රටේ මොන දේ කළත් අඩුපාඩුකම් හොයන සම හරක් කියනවා,දැන් ඉතින් සමුළුවට එන අමුත්තන් පිනවන්න සෑහෙන වියදමක් යනවලු.තවත් අය කියනවා නිර්මාණාත්මක නැතිලු.තව කෙනෙක් බදු ගැන කියනවා.තව කෙනෙක් කියනවා ලංකාවේ බෙරකාරයෝ දැන් කලිසම් ඇඳගෙන බෙර ගහනවලු. හුඟක් දෙනා අමතක කරලා මේ පෙරහුරුවක් කියන එක.මේ තුලින් රටට අත්වෙන කීර්තිය ගැන හිතන්න කැමති නැහැ (නි)
පාලිත ඉතාලියේ හිඟා කන්නේ නැතුව ලංකාවට එන්නකෝ .(නදී)
උඩසිට පහලට තුන්වෙනි පින්තූරයේ ජනාදිපතිතුමා වීදි නාට්‍ය කරුවෙක් දිහාද බලා ඉන්නේ..(නදී)
හරිම ලස්සනයි...!! (නි)
ලංකාවේ බෙරකාරයෝ දැන් කලිසම් ඇදගෙන වගේ ගහන්නේ.(නදී)
මෙවන් සුන්දර පිලිගැණීමක් ඉන්දියාවද ඇතුලු අන් කිසිදු පොදු රාජ්‍ය සමුළුවකින් නොලැබේ. නමුත්,මේ නිසා සුද්දාගෙන් අප රටට කරන කෙණහිලිකම් වලින් කසිදු අඩුවක් නොවනා බව ඉතා පැහැදිලියි. මගේ අදහස නම් මෙම සමුළුව අපට එතරම් වැදගත් නොවන බවයි. එය අපේ ජනපති තුමාද හොදින් දනී.(නදී)
දිලිනි, හමුදාවේ තුර්ය වාදක කණ්ඩායම් ඇවිදින්නේ සපත්තු නැතුවද? (නි)
දිලිනි,මේක පෙරහුරුවක්.ඔයා ශීර්ෂ පාඨය කියව්වේ නැද්ද?හැම වෙලාවේම නරක විදියට බලන්න එපා. (නි)
අපේ හිමියන්ගේ අදහස සමග මමත් එකගවෙනවා අපි ලොවට පෙන්විය යුතුයි අපේ අභිමානය හරිම ලස්සනයි අපේ දරුවෝ .(නදී)
අපේ චන්දවිමල ස්වාමින් වහන්සේ එක්ක මමත් එකගයි.සදා ලෝකයේම බැබලේවා මගේ ලංකා! (දී)
කට කැපුවත් කියන එක කියන්න ඕනේ නේ,සපත්තු නෙමේ සෙරෙප්පු දෙකක් වත් දාගෙන බෙර ගහන සිරිතක් තියෙනවද?අව්වේ රස්නේ තමා එත් මේවා සිංහල සිරිත් විරිත් ,වරදකට නෙමේ දැනගන්න කිව්වෙ (දී)
අන්තිමට අහිංසක මිනිහගේ ජීවන වියදම උහුලන්න බැරි වෙන්න වැඩි කරනවා බදු ගහලා (නි)
මට නම් පෙනෙන්නේ මේ ළමයින්ගේ එතරම් සූදානමක් නැතුවා වගෙයි (නි)
මට නම් එපමණ නිර්මාණාත්මක බවක් පෙනෙන්නෙ නැහැ (නි)
දේශයේ ජය කොඩි නංවා, ලාංකික හඩ ලොව පුරා නින්නාද කලයුතු කාලයයි මේ. දරුවනේ, පෙන්වපන් සිංහයාගේ අභිමානය, කොල්ලනේ නගාපන් බෙරහඩ විදෙස් ජන නායකයින්ගේ කන් තල රත් වෙන්න, ඇස් උඩයන්න. දිනේ ලංකා, මගේ ලංකා, නොවන් සංකා, පිළිබද අපේ ලංකා. (නදී)
දැන් ඉතින් මේ සමුළුවට එන අමුත්තන් පිනවන්න සෑහෙන ගාණක් වියදම් කරන්න වේවි (නි)