බැසිල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙළවල් නිසා දැන් පක්ෂය භේද බින්න වෙන්න පටන් අරගෙන. පොදු විපක්ෂය කියා ගන්නා කන්ඩායම් දැන් සි සි කඩ කැඩෙමින් යන බවත් තව දින කිහිපයකින් ඒ පක්ෂය සුනේ සුන් වන බවත් එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ලකී ජයවර්ධන මහතා පැවැසිය.
දවුලගල හපුගහයටතැන්න වටදෙනිය මාර්ගය කිලෝ මීටර් 8 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඔහු එසේ කීය.
‘ෂැඩෝ කැබිනෙට්ටුවට පත් කරපු නාමික ඇමැතිවරු දැන් ඉල්ලා අස්වෙනවා. රටේ අගමැතිවරු දෙදෙනෙක් නෑ. ඉන්නෙ රනිල් වික්රමසිංහ මහතා පමණයි. ජනපතිවරු දෙදෙනෙක් නෑ. ඉන්නේ මෛත්රිපාල සිරිසේන ජනපති පමණයි.‘ යැයි ද ඔහු පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේ දවල් හීන දකිනවා තව ටික දවසකින් ආණ්ඩුව නැති වේද කියා හිතෙනවා (බ)
මහින්දගේ තණ්හාවට සීමාවක් නැහැ (බ)
අනුන් නැසේවා කියා පොල් ගහපු ඒවායේ ප්රතිඵල වගේ මේ පෙන්වන්නේ (නි)
ඔක්කොම සී සී කඩ වෙලා යන එකනම් ස්ථිරයි. මොකද එකක්වත් හරියට කෙරෙන පාටක් පේන්න නැහැ. රටත් ජනතාවත් අසරණවෙලා වගෙයි. (නි)
ඡන්දයක් තියලා බලන්න. රටේ බහුතර ජනතා මනාපය තිබෙන්නේ කලින් ආණ්ඩුවට (නි)
අපි බලමුකෝ ඔය කියන විදිහටම වෙයිද කියලා (නි)
අනුන්ගේ දේවල් ගැන බලන්න කලින් තමුන්ගේ දේ රැකගත්තොත් නේද හොඳ? මේ යන විදියට අවුරුදු 6 ම අනුන්ගේ රෙදි අපුල්ල අපුල්ලා ඉන්නවෙයි (නි)
කල්ප, මහමැතිවරණය තියන කාලෙත් කට්ටිය ඔය විදිහට කිව්වා. (නි)