(සුමිත් පොතුපිටිය )
වසර 31 කට පෙර පොලුමුගුරු වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ තිදෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද මරණ දඩුවම නියම කර තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කලේය .
මීගමවත්ත ජනපදය , 5 කණුවේ ප්‍රදේශයේ පදිංචිව සිටී ධනපාල ප්‍රනාන්දු නැමැත්තා 1992 ජනවාරි මස 15 හෝ ඊට ආසන්න දිනක නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලු.මුගුරු වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්දයෙන් ඔවුනටඑ එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අණාවරණය විය.
එකී නඩුවේ 3, 4 සහ 5 වන විත්තිකරුවන් වන, වලගෙදර , පල්ලේගොඩ පදිංචි මල්මුතුගේ දයාරත්න නොහොත් ඔලිවර් , නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ පදිංචි අනගිපුර ආරියරත්න නොහොත් ලොක්කා , 5 කණුව කිරිමැටිය ප්‍රදේශයේ පදිංචි ධර්මතිලක ප්‍රනාන්දු නොහොත් ප්‍රේමතිලක ප්‍රනාන්ද නමැති පුද්ගලයන් හට මෙසේ මරණ දඩුවම් නියම කෙරිණි .
1 වන විත්තිකරු වන බේරුවල , කාලවිල ප්‍රදේශයේ පදිංචි අනගිපුර ප්‍රේමතිලක නොහොත් රත්නා යන අයට වසර 10 ක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂ තුනක වන්දියක්ද එකී වන්දිය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවම්ද නියම කලේය.
එකී නඩුවේ 2 වන විත්තිකරු පිළිකා රෝගයකින් මියගොස් ඇති බවට අධිකරණයේදී අණාවරණය වී ඇත.
දෙපාර්ශවය අතර ඇතිවූ කෝලහලයකින් පසු නවුත්තුඩුව , කීරන්තිඩිය ප්‍රදේශයේ දී පොලුමුගුරු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් විත්තිකරුවන් වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට තිබුණි.
එච් සී 54/96 අංක යටතේ නඩුව විභාගයට ගෙන තිබූණි.
වසර 32 කට ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කල අතර , විත්තිකරුවන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් කළුතර අධිකරණ භූමිය ඉදිරිපිට රැස්ව සිටියහ.
ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල
තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පුද්ගල ඝාතනයකට තිදෙනෙකුට මරණ දඩුවම
කිරිපුතා Tuesday, 10 October 2023 06:28 PM
මිනීමරුවන්ට දඬුවම් ලැබෙනකොට මියගිය පුද්ගලාට වසර 31ක් වෙනවා. ඉපදුණු තැනක...
sunil Tuesday, 10 October 2023 08:14 PM
මේ ගැන කියන්න දෙයක් නැහැ. අවුරුදු 32කට පස්සේ දඬුවම් දීපු මෝඩ ක්‍රමයට මේක අපිට වදයක් වෙයි. ඔවුන් එතැනින් විශ්‍රාම යනවා...!