ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට රුපියල් දස දහසක්ද, පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් පන්දහසක සහන දීමනාවක්ද දෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදි අද (21) පැවැත්විණි.
විවිධ වෘත්තිකයන්, වෘත්තිය සමිති සාමාජිකයන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික අංශ වලට කිසිම සහනයක් මේ වෙනකන් ලැබිලා නෑ.(හේ)
ඇයි එයාලට අඩුවෙන් ඉල්ලන්නේ? (නි)
"ඇයි පුද්‍ගලික අංශයට වෙනම බඩු මිලක් තියනවද" පුද්‍ගලික අංශය පඩි වැඩි කලාම ඒගොල්ල නිෂ්පාදනය කරන බඩුවල මිල එකහමාරකින් වැඩි කෙරෙනවා එතකොට. ඒවා ගෙවන්නේ කවුද ? (හේ)
හරි හොදයි.සිය ගුණයක් මහන්සි වෙලා වැඩි ඵලදායිතාවයකින් වැඩ කරන උදවියට භාගයක්. (හේ)
"විදේශ ගත ශ්‍රමිකයින්ට මොනවද දෙන්නේ" මෙහේ බඩු මිල වැඩි වෙනකොට උද්ධමනය වැඩි වෙනවා එතකොට රුපියල බාල වී ඩොලරයේ අගය වැඩිවෙනවා.(හේ)
පුද්ගලික අංශයට විතරක් නොවයි කාටවත් පඩි වැඩි නොවිය යුතුයි.(හේ)
පඩි වැඩි කරනවා නම් ගොඩක් හොදයි.(හේ)
මාර ප්‍රශ්ණයක් (නදී)
මේ ආණ්ඩුව කිසිම දෙයක් පුද්ගලික අංශයේ රැකියා ලාබින්ට කරලා නැහැ. (හේ)
මම දවසේ කම්කරුවෙක්. එතකොට මට කීයක් දෙනවද. මම වැඩ කරන්නේ සංචාරක කර්මාන්තයේ රියදුරු මාර්ගෝපදේශකයෙක් විදිහට. අපිටත් සුද්දට අත නොපා ගානක් දෙන්ඩ. (නදී)
ඇයි අයිස් ගහන රජයේ සේවකයන්ට පමණක් රුපියල් 10,000/= ක් මැරීගෙන වැඩ කරන පොද්ගලික අංශයට තමයි කුඩම්මාගේ සැලකිලි. (නදී)
ඇයි පුද්‍ගලික අංශයට වෙනම බඩු මිලක් තියනවද? (නි)
පඩි වැඩිකරන්න එපා. එවිට බඩු මිල වැඩිවෙනවා. බඩු මිල අඩුකරන්න, ජීවන බර අඩුකරන්න. එවිට සියලු දෙනාටම සහන සැළසෙනවා. (නි)
පුද්ගලික අංශයට බාගයක් අඩුවෙන් ඉල්ලන්නේ ඇයි? ඒගොල්ලෝ කන්නේ , අඳින්නේ , වෙනත් අවශ්‍යතා ඉටුකරගන්නේ බාගෙටද? (නි)
ඇයි,රාජ්‍ය අංශයට විතරක් 10,000ක්? පුද්‍ගලික අංශයේ අයට බාගෙටද බඩගිනි දැනෙන්‍නෙ. (නි)
විදේශගත ශ්‍රමිකයින්ට මොනවද දෙන්නේ? (නි)
ඒකනම් හොදයි.(හේ)