ලෝකයේ පුදුම හතට අයත් අයිෆල් කුලුන පුදුම හතේ දැවැන්තයෙකි. යකඩ ටොන් 7300ක් භාවිතයට ගෙන මීටර් 324ක් උස යකඩ කුලූන සිටුවා ඇති සතර පාදයන් අතර ඇති ආරුක්කු හැඩති උළුවස්ස 1889දී ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ පැවැති ලෝක කාර්මික ප‍්‍රදර්ශන භූමියට ඇතුලූවන දොරටුව වුයේය.
ප‍්‍රංශ ජාතික ඇලෙක්සන්ඩර් ගුස්ටව් අයිෆල් නම් රසායනික හා සිවිල් ඉංජිනේරුවාගේ විස්මිත නිර්මාණයක්වූ යකඩ කුලූන දිනපතා නරඹන්නන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. ආදරවන්තයන්ට සංකේතයක්වූ මෙම කුලූන පරිශ‍්‍රය ආදරවන්තයන්ගේ තෝතැන්නකි. දෙඅත් පිරිමදිමින්, සිපවැළඳ ගනිමින්, ආදර බස් දොඩමින් යකඩ කුලූනේ පියගැට පෙල තරනය කරන ආදරවන්තයන්ට අසලින් ගලා බැස යන ශේන් නදියෙන් හමා එන සිසිල් සු
ළං රැලි ඔවුනගේ විඩාව සංසිදුවයි.
ආදරයෙන් පිරීගිය අයිෆල් කුලූනේ යකඩ පඩිපෙලේ කොටසක් පසුගිය සතියේ පැරීසියේදි ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී විකුනුවේය.
1983 වසරේ අයිෆල් කුලූනේ නඩත්තු හා අලුත් වැඩියා ව්‍යාපෘති සිදුකෙරුනු අවස්ථාවක පලමු හා දෙවන මහල අතර ඇති පියගැට පෙලේ කොටසක් සැලසුමට හානියක් නොවන ලෙසට ඉවත් කළේය.
බිම් මහලේ සිට දෙවැනි මහල දක්වා 1665 කින් සමන්විත පියගැට පෙලේ පඩි 19කින් සමන්විත මීටර් තුන හමාරක් උස කිලෝ: 750ක් බරැති දැනට වසර 125ක් අයුස හිමිකර ගත් ඓතිහාසික යකඩ පඩිපෙළ යුරෝ තිස්දාහකට හෙවත් රුපියල් ලක්ෂ 51 කට වෙන්දේසි කරුතක්සේරු කළහ.
පසුගිය සතියේ පැරීසියේ ලෝකයේ සුප‍්‍රසිද්ධ ආර්ට්කූරූසියල් වෙන්දේසි පොළේදී පෘතුගීසි ජාතික සමරු එකතු කරන්නෙක් මිලදී ගත්තේය. ගැනුම්කරුවෝ අට දෙනෙක් ඒ සදහා ඉදිරිපත් වූහ. සිව්දෙනෙක් දුරකතනයෙන් වෙන්දේසි යට තරග කළහ. අවසානයේ පෘතුගීසි ජාතිකයා විසින් ලංකාවේ මුදල් රුපියල් ලක්ෂ 374 ක මිලකට මිලදී ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටවන පුදුමේ ගල් කෑල්ලක් කියලා යයිද? (නදී)
ප්‍රංශයත් බංකොලොත් වෙලාද? එහෙනම් කමක් නෑ. ටික ටික කෑලි කරලා විකුණන්න. (ස)
නැහැ, නැහැ අට වෙනි පුදුමය ලංකාවේ ඇමති මණ්ඩලයයි. (නදී)
මේක පුදුම හතෙන් එකක් උනේ කවදද? (නදී)
මමත් ඉන්නේ පැරිස් වල. (නදී)
සිගිරි ගලේ ගල් කෑල්ලක ලංසුව කීයද? (ස)
ඇයි මෙහෙම දේවල්? (නදී)
අපේ වරායේ කට්ටිය එහෙ හිටිය නම් කුලුන පිටින්ම පරණ යකඩ වලට විකුණලා.(නදී)
මගේ මතකය නම් මෙය පුදුම 7 ට අයත් නැති බවයි. දන්නා අයෙක් ඇතොත් නිවැරදි කොරන්න (නදී)
මෙතන ලෝකයේ තිබෙන බැලිය යුතු ඉතාමත් අලංකාර තැනක්. (නදී)
පුදුම හතෙන් එකක් නොවේ. http://en.wikipedia.org/wiki/New7Wonders_of_the_World (ස)
මමත් මෙහි අසිරිය නරඹා ඇති නිසාවෙන් ..ඇත්තටම ..මනුෂ්‍යයන් වශයෙන් ලෝකේ ඇති විශාල සුන්දර නිමැයුමක් දැකීම ලොකු භාග්‍යක්...!මෙහි අතීත කතාව කුලුණ හා සමානව සුන්දරයි ...!!!! (ස)
කාට කියන්ඩද අපි ? (ස)
කෝ මේ පත්මිණී, එයා තමයි මේ තිරයේ ප්‍රංසය වෙනුවෙන් පෙනී සිටින තානාපතිනිය. නොදන්නා කම මහමුදලි කමටත් වඩා ලොකුයි. පුදුම හත නොදන්නා ප්‍රංස ලංකා (ස)
රීචිගේ කොමෙන්ට් එකට අපි දැන් හිනවන්න ඕනද නැත්නම් අඩන්න ඕනෙද කියල මට තේරෙන්නෑ, තමුන් කොහේ හිටියහම අපිට මොකෝ රීචි,නිකන් කයිවාරු නොගහ අදාල දේගැන විතරක් කතාකරන්න.(නදී)
අයියෝ! (නි)