(රොමේෂ් මධුෂංඛ)
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ගම්මානයට ඇතුළු වීම හා පිටවීම සීමා කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන ඇත.
පුන්කුඩතිව් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව මිනුවන්ගොඩ ඇඟලුම් ශාලාවේ සිට ඩබ්ලිව්.පී.එන්.ඩී. 6503 නැමති බස් රථයෙන් යාපනයට ගොස් ඇති අතර, යාපනයේ සිට පුන්කුඩතිව් සිය නිවස දක්වා එන්.පී.එන්.ඩී. 8790 නැමති බස් රථවල ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම බස් රථවල ගමන්ගත් මගීන් ළඟම පිහිටි පොලීසියට හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙසට පොලිසිය විසින් මහජනයා දැනුවත් කරන ලදී.
පුන්කුඩතිව් ගම්මානයේ පදිංචිකරුවන්ට ඉන් පිටව යාමේදී අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටව යාමටත් පිටස්තර සිට පැමිණෙන අයෙකුට ගම්මානයේ පදිංචි නම් පමණක් ඇතුළු විය හැකි අයුරින් සීමා පැනවීමටත් කටයුතු යොදා ඇත.
එමෙන්ම කොරෝනා ආසාදිත කාන්තාව ගමන්ගත් බස් රථවල සිටි යාපනය, නාගදීපය, පුන්කුඩතිව් ආදි ප්‍රදේශයන්හි 100කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර යාපනයේ සියලුම වැසියන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුන්කුඩතිව් ගමට ඇතුළුවීම-පිටවීම සීමාකරයි