පාසල් දහසේ ව්‍යාපෘතිය යටතේ පිළියන්දල බටුවන්දර කණිෂ්ට විද්‍යාලයයේ හයවැනි ශ්‍රේණියෙන් ඉහල සියලුම පන්ති ඉවත් කිරීමට යතියි කියමින් එම පාසලේ දරුවන්ගේ මව්පියෝ බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගය බටුවන්දර හන්දියෙන් හරස් කර උද්ඝෝෂණයක් අරඹා පා ගමනින් පිළියන්දල අධ්‍යාපන කාර්යාලයට ගියහ.
අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එහි නොසිටියෙන් ඇය එනතුරු දෙමාව්පියෝ නිල කාමරයේ බිම වාඩි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් මහත්තයෝ..ආණ්ඩුවට කොහොම වෙතත් යන්න ඕන තැන යන්න ඕන කෙනාට අපි කඩේ යනවා ඔබතුමා රජයෙන් කරන ඕනෑම හොද දෙකටත් විරුද්දව බංකලොත් විපක්ෂයට කඩේ යනවා වගේ..ඔබ තුමා කියන ලංකාවට ගැලපෙන විදිය වෙන්න ඇති පාසලට ළමයෙක් දාන්න අම්මලට ලිංගික අල්ලස් දෙන්න තරම් දුර දිග ගිහින් තියෙන්නේ.(දී)
අශෝක මහතා මම ලංකාවේ පාසල් දියුණු වෙනවට කැමතියි. පාලකයෝ එහෙම කරන්නේ නැති එක ගැනයි මම ලිව්වේ .65% දුප්පත් අහිංසක මිනිස්සු ලංකාවේ ඉන්නේ .(නදී)
රොෂාන් මහත්තයෝ, කාලාන්තරයක් ආපු ගමනක ප්‍රතිපල තමයි අද අපි බුක්ති විදින්නේ. අහසින් කඩා වැටුණු තත්වයක් නෙමෙයි. මේ ක්‍රමය වෙනස් කරන්න ගන්න යම් සාර්ථක ක්‍රියා මාර්ගයකට අඩිතාලම මේ රජයෙන් දාල තියෙනවා. ඔබතුමාට ඒක පේන්නේ පාට කණ්ණාඩියකින් බව රෙනවා. කන්නාඩිය ගලවලා පොඩ්ඩක් බලන්න. මොන හොද දෙයක් ක්‍රියාත්මක කරන්න හැදුවත් මේ විදියට ආත්මාර්ථකාමීව හෝ යම් උසිගැන්වීම් මත පාරට බහින කට්ටියක් ඉන්නවා. ඒවාට යට නොවී කල යුතු දේ කිරීම රජයේ වගකීමක්.(නදී)
ලංකාවේ අධ්‍යාපනය විනාශ මුකයේ (දී )
බන්දුල පෙරේරා ඉන්න රට හෝ රැකියාව (ලංකාවේද)මම දන්නේ නැහැ. මොනවා වුනත් දේශපාලන බලයකින් වැඩක් කරගෙන තිබෙන බව පේනවා. පාසලට ළමයෙක් දාගන්න ලිංගික අල්ලස් දෙන්න වෙලා තියනවා කියන්නේ,ඒකෙන්ම පේනවා නේද පාලකයින්ගේ දුර්වලකම්.ඉතින් බංකොලොත් ඒ ගොල්ලොද විරුද්ධ අයද? මම ලිව්වේ ලංකාවේ පාසල් වල තත්ත්වයයි (නි)
කුමාරිහාමි , අත්‍යවශ්‍ය දේවල් මම ඉන්ටෙර්නෙට් එකෙන් තමයි බලන්නේ.රොෂාන් මහත්තයා කැමති නැද්ද ,ඇමරිකාව , ඕස්ට්‍රේලියාව, යුරෝපය වගේ පාසල් ලංකාවේ හදනවට? ලංකාවට ගැලපෙන ක්‍රමය නම් දැන් තියෙන්නේ. අයි ළමයි පාසල්වලට දාන්න, විභාග කරනකොට රෑ එළිවෙනකම් ටියුෂන් යන්න, ළමයා උපදින්නත් කලින් ඉදලා අනුන්ගේ ලොකු ඉස්කෝල කිට්ටුව ලිපිනයවල් හොයලා ලියාපදිංචි කරවන්න....ආදී මේ දේවල්? තමන්ගේ දරුවෝ පිටරට යවලා ලංකාවේ ඉන්න දරුවන්ගේ අනාගතය නැති කරන්න වලිකන අයට කොහොමත් ඔහොම හිතෙනවා. (නි)
ආණ්ඩුව අධ්‍යාපනයට කරන වියදම ටික ටික අඩුකරනකොට මෙහෙම කරන්න වෙනවා. (නි)
දරුවන්ගේ අනාගතය කොයිබටද? (දී)
දැන් 5වසර ශිෂ්‍යත්වය පාස් කරව ගන්න ඕනේනම්,හිතී තිබෙනවානම් ලක්ෂයක් දීල අහවලුන්ගේ නම තිබෙන පාසලකට අදම ඇතුළු කරන්න. ඉදිරියේදී නැතිනම් පසු තැවෙන්න සිද්ද වේවි .
වදිඋඑන් හදන්න ඕන ඒවා වදිටෙන් ඉවත් කරනවා (දී)
අයි මේ පාසල වහන්න හදන්නේ? අපිත් ඊට විරුද්ධයි (දී)
හොඳයි දැන් ළමයි කියන්න බලන්න අපට පාරවල් වලින් තියෙන ප්‍රයෝජනය. 'අවහිර කරන්න නේ ටීචර්, ඕකවත් දන්නේ නැද්ද'? (නි)
බන්දුල පෙරේරා,කොහොමත් ආණ්ඩුවට කඩේ යන කතා තමයි ලියන්නේ. චිත්‍රා ,බන්දුල පෙරේරා හිතාගෙන ඉන්නේ ලංකාවත් ඇමරිකාව,ඕස්ට්‍රේලියව ,කැනඩාව ඇතුළු යුරෝපා රටවල් වල වගේ කියලද? ලංකාවට ගැලපෙන ක්‍රමයට තමයි ලංකාවේ පාසල් වල තියෙන්නේ (නි)
මේ ක්‍රමය හොදයි. පිටරට වලත් මෙහෙම තමයි කරන්නේ. ඇයි දෙමාපියන් මේ රටේ යහපතට උදව් කරන්නේ නැත්තේ? (නි)
මේ දෙමාපියන් බොරුවට විරුද්ධ වෙනවා. රජය තම ප්‍රතිපත්ති එලෙසම ක්‍රියාත්මක කළ යුතුයි. බොරු විරෝධතා වලට ඉඩ නොදෙනු. (නි)
කන්නන්ගර මැතිතුමාගෙන් පස්සේ මහපොළ ශිෂ්‍යත්වය පමණයි යම් ආකාරයකට අධ්‍යාපනය නගා සිටුවීමක් සිදුකළේ (නි)
අසෝක, අපි උදේ වැඩට යනවා. හත්වෙනි පැය බලන්න වෙන්නේ නැහැ. එය විකාශනය වෙද්දී අපි පාරේ. (නි)
ගමුවල කවුරුහරි කෙනෙක් කෑ ගැහැවොත් ඔක්කොම එකතු වෙනවා (නි)
ටෙලිවිෂන් එකේ හත් වෙනි පැය වැඩසටහනේදී ඒ පළාතේ ඇමතිතුමා මේ ගැන හොද විග්‍රහයක් කළා. අන්න ඒක බලන්න. (නි)
මේවා දෙමාපියන්ට හරියට තේරුම් කරලා දෙන්න ඕනෑ (නි)
මේවට බය වෙලා රටක් දියුණු කරන්න බැහැ. අපේ ගමේ පාසලෙත් ප්‍රාථමිකය ඉතුරු කරලා අනෙක් පන්ති ඉවත් කරනවා.කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.පන්ති ඉවත් වෙන්නේ වසරින් වසර. කාටවත් අසාධාරනයක් වෙන්නේ නැහැ. අවසානයේ දාහේ පාසලක ප්‍රාථමිකයක් බවට පාසැල පත් වෙනවා කියන්නේ පාසලට වටිනාකමක් ලැබෙනවා කියන එක.පොඩි එකාට හොද පාසල් හොයන්න හතර අතේ දුවන මව්පියන්ට සහනයක් ලැබෙන එක.මේක තේරුම් ගන්න බැරි අයට දෙකේ දෙකේ පොල්ලකින් නෙලලා හරි මේ ක්‍රමේ ක්‍රියාත්මක කරන්න.. (නි)
මොකද මේ කරන වැඩේ? තිබෙන දේ දියුණු කරගැනීමයි විය යුත්තේ නැති කිරීම නොවේ. (නි)