IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පන්ති කප්පාදුවට එරෙහිව ගමක් පාරට බසී

ඇල්පිටිය අම්පේගම වෑ නියරවල ගලහේන් කන්ද පාසලේ  හය හත පන්ති  ඉවත් කළැයි  මව්පියෝ  පාසල ඉදිරිපිට මහ පාර හරස් කැර  තෙපැයක විරෝධයක් පැවැත්වුහ.

ඇල්පිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම් ඒ මානෙල් මහත්මිය එහි පැමිණ  සතියකින් විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළාය.

ඉන්පසු උද්ඝෝෂණය අවසන් විය.

වසර  අනු හතක් පැරැණි මෙම පාසලේ වසර තුනක සිට හය හත අට පන්ති අහිමි කිරීමෙන් ගමේ දරුවනට බලවත් අසාධාරණයක් වු බව මව්පියෝ කියති.

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පන්ති කප්පාදුවට එරෙහිව ගමක් පාරට බසී

බන්දුල පෙරේරා Friday, 24 January 2014 06:31 PM

මේවට අදහස් දාන්න තරම් මම ඉගෙනගෙන නැහැනේ. (අ)

:       0       0

ප්‍රසාද් ඇල්පිටිය Friday, 24 January 2014 07:42 PM

මේ පාසල ද්විතීක පාසල් වැඩසටහන යටතේ පවතින පාසලක්. මෙම පාසල අම්පෙගම මහ විදුහලට අයත් පෝෂක පාසලක්. ඒ නිසා තමයි මෙම පාසල ප්‍රාථමික පාසලක් ලෙස සංවර්ධනය කර මෙහි 6 ශ්‍රේණියෙන් ඉහල සිසුන් අම්පෙගම මහ විදුහලට යොමු කර ඇත්තෙ. මෙම පාසල් 2 අතර දුර කි. මි. 3 ක් විතර ඇති. ඒ පාසලේ දරුවන් අඩු පහසුකම් මැද 6 ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලබනවාට වඩා ද්විතීක පාසලක් ලෙස සංවර්ධනය වන පහසුකම් ලැබෙන පාසලකට යොමු කිරීම හොඳයි. (අ)

:       0       0

ඉලේපෙරුම Friday, 24 January 2014 09:58 PM

ප්‍රසාද්ගේ කතාව හරියට හරි. ගම්වල කුඩා පාසල්වල 6න් ඉහළ සිසුන් අඩු ගණනක් ඉන්න විට එම සිසුන්ට අවශ්‍ය ගුරුවරු ලබා දීම, පුස්තකාල ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම, විද්‍යාගාර ලබා දීම රජයකට දුෂ්කරයි. අනිත් අතට එය සම්පත් නාස්තියක්. එනිසා තමයි ද්වීතියික පාසල් 1000ක් පිහිටුවීම මගින් මෙයට විසඳුමක් හොයන්නේ. මෙය ගම්බද සිසුනට යහපතක්. මෙය නොතේරෙන අය තේරුම් ගත්තත් රජයට විරුද්ධ මත දරන අයත් මීට විරුද්ධව කටයුතු කරනවා. කන්නන්ගර ඇමිතිතුමගේ මධ්‍ය විදයාල සියල්ලම ද්වීතියික පාසල් බව දන්නවාද? පකිස්තානේ තලිබාන් සටන්කාමීන් (ත්‍රස්තවාදීන්) එරට දරුවන්ට පෝලියෝ ප්‍රතිශක්ති බෙහෙත් දීමට විරුද්ධ වීමත් මෙයට සමානයි. (නදී)

:       0       0

ගුණේ Friday, 24 January 2014 11:53 PM

අද දේශසපාලුවෝ රටත් ජනතාවත් අනාගත පරපුරත් සමග සෙල්ලමක් කරමින් වින්දනයක් ලබනවා. සිතීමට පවා නොහැකි සිදුවීම් එක දිගට සිදුවන්නට මාර්ගය සලසමින් නිහඬව දෑස් කන් නැති වුන් සේ ඉන්නේ හිස්ගෙඩියෙත් මුකුත්ම නැති උන ගානට. සමහර විට මුන් අලුතෙන් සොයාගත්ත ග්‍රහ ලෝකයක ගිහින් ජිවත් වන්න බලාපොරොත්තුව ඉන්නවද දන්නේ නැහැ. ඒකත් කරන්න බැරිකමක් නැහැ. මේ කරන හොරකම් දුෂණ ක්‍රියා වලින් මංකොල්ල කන හැටියට. (නදී)

:       0       0

ධම්ම Friday, 24 January 2014 11:54 PM

ලොක්කාගේ තවත් මුට්ටිය දමා බැලීමක්ද කියලා හිතෙනවා.කොහොම උනත් පාරේ ගින්දර පත්තු කරන එක නම් හොඳ වැඩක් නොවෙයි. 9නදී)

:       0       0

මුණසිංහ Saturday, 25 January 2014 07:16 AM

මේ පළාතේ අයට කියන්න තියෙන්නේ දේශපාලන වාසි තකා විවිද අයගේ බස් වලට රැවටෙන්න එපා කියලයි. මේ වැඩ පිළිවෙල හොදයි. හැම දාම එකතැන පල් වෙන්න එපා. ළමයින්ගේ අනාගතය සරු කරවන්න දෙමාපියන් බුද්දීමත්ව හිතන්න. ළමයින් මොට වෙන තරමට සමහර පක්ෂ වලට අනාගතයක් තියෙනවා. ඔවුන් තමා 88/89 කාලේ බිලි දුන්නේ. (නදී)

:       0       0

චින්තක Saturday, 25 January 2014 11:25 AM

මේ දේශපාලුවන්ගේ මෝඩ වැඩක් නොවේ. ප්‍රථමික පාසල වෙනම සංවර්ධනය කල යුතුයි. ඉහල පන්ති ඒ ළඟ පිහිටි අම්පේගම මහා විදුහලේ තියෙනවා. .දෙතැනක දරුවන් ටික දෙනෙකුට ගුරුවරුන් හා සම්පත් නාස්ති කිරීම පාසල් දෙකේම දියුණුවට බාධාවක් හා රටට අපරාධයක්, තම දරුවනුත් තමන්ගේ මට්ටමී ම තියන්න හදන නුගත් මෝඩ මිනිස්සු කාගෙ හරි උසිගැන්වීම් වලට රැවටෙනවා (අ).

:       0       0

ආර්.ලියනගේ Saturday, 25 January 2014 01:18 PM

ප්‍රසාද් ඔබට විතරයි හරි දේ තේරිලා තියෙන්නේ,හොඳ දේවල් වලට විරුද්ද වීම වැරදියි, මේක ළමයිනට වෙච්ච හොඳක් (අ)

:       0       0

යසිත් Friday, 24 January 2014 01:50 PM

මේක නම් මහාම මහා අපරාදයක්,බලධාරීන්ගේ ඇස් ඇරේන්න උද්ඝෝෂණ කරන්නම ඕනේද.මේක ගම්බද පාසල් වලට විතරයි.කොළඹට කිරි ගානට කැකිරි??(අ)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Friday, 24 January 2014 02:27 PM

රටේ අධයාපනය කනවා. දැන් දරුවන් දිවිනහ ගන්නවා. මොනවද මේ කරන්නේ? (නදී)

:       0       0

ගුණවර්ධන Friday, 24 January 2014 02:38 PM

බන්දුල කියන පෞද්ලික පන්ති කාරයාගේ තවත් විනාස කාරී වැඩක් (අ)........

:       0       0

සත්‍යයා Friday, 24 January 2014 02:45 PM

මේ සියලුම උදඝෝෂණ එක දිනයක මේ සියලුම අසාධාරණ කම් වලට එරෙහිව කරන බලවත්වූ එකම උද්ගෝෂණයක් වේවා! (අ)

:       0       0

සෙන්තිල්නාතන් Friday, 24 January 2014 02:54 PM

මේ වගේ මහජනයාට අයති පාරවල් අවහිරකිරීමෙන් එති පලය කුමක්ද?  ඔන්න ලොක්කෙක්ගේ ගෙදරට යන පාරවල් ටික අවහිර කළ නම් මොකක් හරි ප්‍රථිඵලයක් එයි.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Friday, 24 January 2014 03:59 PM

මේවා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා සිදුවෙන දේවල්.යමක් කරද්දී ඒ බව ප්‍රදේශයේ දෙමාපියන් හොඳින් දැනුවත් කොට කලානම් මෙහෙව් උද්ගෝෂණ ඇතිවෙන්නේ නැහැ.දෙගොල්ලොම රැස් වෙලා සමගියෙන් තීන්දු තීරණ ගත්තානම් තමයි වඩා හොඳ. (අ)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 24 January 2014 05:49 PM

ප්‍රාථමික පාසල් හා ද්වීතක පාසල් වෙන වෙනම දියුණුකළ යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 7 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 80 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 348 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 369 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 295 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 481 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site