අද පස්වරුවේ සිට නැවත වැට් බදු පනත සම්මත කර ගන්නා තුරු භාණ්ඩ හා සේවාවලට අයකළ හැක්කේ සියයට 11ක වැට් බදු ප්‍රතිශතයක් පමණකැයි රවී කරුණානායක මුදල් ඇමැතිවරයා කීවේය.
එහෙත් පනත සම්මත වූ පසුව සියයට 15ක වැට්බදු ප්‍රමාණය අය කිරීම මැයි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන බව ද මුදල් ඇමැති සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝටර් රථ වල බදු වැඩිකළාට අපි විරුද්ධ නැහැ. හැබැයි ඒ සල්ලි වලින් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය හොඳිින් දියුණු කළයුතුයි. මන්ත්‍රීලටත් බස් එකේ යන්න කියන්න. කවුද ඡන්දය දුන්නේ වාහන පර්මිට් දෙන්න ඒගොල්ලන්ට. මන්ත්‍රීලට මිනිස්සු විඳින දුක තේරුම් ගන්න නම් ඒ ගැන අවබෝධයක් ගන්න නම් බස් එකේ යන එක අනිවාර්ය කරන්න. (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බස් එකේ යන එක අනිවාර්ය කරන්න. මේගොල්ලෝ කොහොමද නැත්තන් ජනතා ප්‍රශ්න ගෙන අවබෝධයක් ලබාගන්නේ? එහෙම නැත්නම් ජනමත විචාරණයක් තියන්න. රටේ ජනතාවගෙන් 99% ක්ම කියාවි මන්ත්‍රීලට පොදු ප්‍රවාහන සේවය පමණක් පාවිච්චි කරන්න කියලා. යන්න බැරි දුෂ්කර පළාත්වල ඉන්න අයට පමණක් යතුරුපැදි ලබාදෙන්න. (නි)
අපි වගේ දුප්පත් රටකට මන්ත්‍රීලා 100 ක් සහ ඇමතිවරු 20 ක් ඉහටත් උඩින් ඇති (නි)
දැන් කියලා නම්‍යශීලි ආණ්ඩුවක් කියලා , ඔබතුමාලා රැවටුනට ජනතාව රැවටෙන්නේ නැහැ (ම)
අපෙන් අය කරගත්ත ටැක්ස් නැවත ගෙවන්න. (ම)
දෙවියනේ, අපි ඡන්දය දුන්නේ මේකටද? උගුර කඩාගෙන යහපාලනයට කඩේ ගියේ මේකටද? (නි)
අයියෝ! ඒකට මහින්දගේ කාලේ නම් මෙලහට අගවිනිසුරුතුමාට එරෙහි දෝෂාභියෝගත් පටන් අරගෙන (නි)
යහපාලනයෙන් මැති/ඇමතිවරුන්ට අධිසුඛෝපභෝගී නිවාස, කාර් නොදුන්නොත් යහපාලනයෙන් හැලෙන මන්ත්‍රීලා ගන්න, ඒ තුළින් නැවත ඒකාධිපති පාලනයක් ගෙනයන්න රාජපක්ෂලා බලාගෙන ඉන්නවා. රාජපක්ෂලාට ඒ වෙනුවෙන් වියදම් කරන්න මුදල් තිබෙනවා. ඒ නිසා රාජපක්ෂලා රටේ ජීවත්ව සිටිනතුරු ඇමති මණ්ඩලය 100 ට අඩු කරනවා බොරු. ඇමතිවරුන්ගේ වරප්‍රසාද කපනවා බොරු. (නි)
වැඩක් නැති මන්ත්‍රීවරු 225 ක් ඉන්නවට වඩා ඉගෙනගත් මන්ත්‍රීවරු 100 ක් හිටියොත් විශාල වැඩ කොටසකුත් වෙයි. සල්ලිත් ඉතුරුයි. (නි)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණන 100 ට අඩු කරන්න කියලා විශාල ජනතා ඉලීමක් තියෙනවා. මේ ගැන සමාජ වෙබ් අඩවි වල බොහෝ අදහස් පළවුණා. නමුත් මේ ගැන කිසිම මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රශ්න කරනවා මම දැකලා නැහැ. මන්ත්‍රීවරු ගණන් 100 ට අඩුවුණොත් විශාල මුදල් ඉතිරියක් කරගන්න පුළුවන්. මේ මුදල් කෙළින්ම දුප්පත් ජනතාවගේ පෝෂණය නඟා සිටුවීමට ආයෝජනය කරන්නත් පුළුවන්. (නි)
මේ ඇමතිලාගේ කතාව තමා තියෙන්නේ. යහපාලනය විනාශ කරන්නේ මේ වගේ දේවල් වලින්. (නි)
මේකට වැට් බද්ද කියන්න එපා. මන්ත්‍රී සුඛෝපභෝගී වාහන පර්මිට් බද්ද කියන්න. (නි)
මන්ත්‍රී පර්මිට් අහෝසි කරනතුරු මුළු රටම එකා වගේ විරෝධය පළකරමු. (නි)
මන්ත්‍රීලට වාහන පර්මිට් මිනිසුන්ට බදු. ඇයි මේ ගැන මාධ්‍ය සාකච්ඡා වලදී ප්‍රශ්න කරන්නේ නැත්තේ? (නි)
දෙවියනේ! අපි ඡන්දය දුන්නේ මේකටද? උගුර කඩාගෙන යහපාලනයට කඩේ ගියේ මේකටද? මහත්තුරුනේ, යහපාලනයට ඡන්දය දුන්නේ බුද්ධිමත් ජනතාව. ඒ මිනිස්සු මෝඩයාට අන්දන්න ගිහින් වැඩ වරද්දාගන්න එපා. (නි)
මන්ත්‍රීලාට වාහන පර්මිට් දෙන්න නම් මේ බද්ද අයකරන්නම වෙනවා. අපි අපේ දරුවෝ බඩගින්නේ තබා මන්ත්‍රීලා ටික සුඛෝපබෝගී වාහන වල සැපසේ යවමු. අපේ රටේ විදේශ විනිමය ටික නේද මේ කාබාසිනියා කරලා දාන්නේ? මිනිස්සු පොලු මුගුරු අරගෙන පාරට බහින දවස වැඩි ඈතක නෙමෙයි. (නි)
ඕක පාර්ලිමේන්තුවේදී සම්මත වේවී. ඡන්දෙන් පැරදුනු ජාතික ලැයිස්තුවෙන් ආපු අය ඉන්නවනේ ඕකට අත උස්සන්න .(අ)
ආර්ථික විද්වතුන්ට අනුව මේ බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් වියයුතුයි. නමුත් මන්ත්‍රී පර්මිට් ලබාදෙන්න නම් මේ බද්ද දිගටම පවත්වාගෙන යන්න වෙනවා. (නි)
මේතරම් විශාල අැමති මණ්ඩලයක් ඉන්නා තාක්කල් මේ රටට නම් කවදාවත් යහපතක් ඉටුවෙන්නේ නැහැ. වචන වලට කොටුවී නොසිතා සැවොම ප්‍රායෝගිකව සිතිය යුතුයි (නි)
මේ මව්බිම නැවත කාටවත් ගොඩගන්න බැරි තරමටම විනාශ කර තමයි නවතින්නේ. මිනිසුනේ, එතකොට නම් අපි ප්‍රමාද වැඩි බව ඔබටත්, ඔබගේ දරුවන්ගේ නාමයෙන්වත් හිතෙන්නේ නැද්ද? (නි)
කාවද මේ රවටන්න හදන්නේ? මිනිසුනේ, තවත් බලා සිටිමුද? (නි)
කොහොමත් ඕක සම්මත වෙන එකේ ඔන්න ඕක ඔහොමම තියන්න (නි)
අයවැයක් හරියට හදාගන්න බැරි ආණ්ඩුවක් මේක. (නි)
දැන් ඉතින් ගහපල්ලා වැට්. සාක්කු සල්ලිවලින් පුරවනවා කිව්වා. (බ)
අර දුප්පත් කට්ටියටකට ගෙන්නන්න ලැහැස්ති කරලා තියෙන තීරු බදු රහිත සුඛෝපභෝගී වාහන ටික ආවට පස්සේ 20% ක් කළත් කමක් නැහැ. අපි ගෙවන්නම්. (බ)
මෙහෙම රටක් පාලනය කරන්න නම් පාලකයෝ ඕනේ නැහැ. (බ)
සියයට 11ක වැට් බදු ගහනවා කියන්නෙත් සෙල්ලමක්ද? (බ)
ලංකාව ජීවිතේට හැදෙන/හදන රටක් නම් නෙමෙයි. දුප්පත් මිනිසුන්ගේ රීරි මාංශ අනුභව කරන්නම තමයි මොන පාලකයත් හදන්නේ. ඔය නම යහපාලනය කියලා නමට ලජ්ජා කරන්න එපා. (බ)
අනේ කවුරුවත් මොකුත් කියන්න එපා. අපි කොහොමහරි අමාරුවෙන් වැට් එක ගෙවලා අර ඇමතිවරුන්ට අලුත් වාහන ටික ගන්න උදව් කරමු. ඇයි දෙවියනේ අපිට වැඩ කරන්නනේ මෙයාලා මෙච්චර මහන්සි වෙන්නේ. (අ)
කරලා තියෙන වංචාසහගත වැඩේට හරිනම් ගල් ගහල එලවන්න ඕන . (අ)
අපිට මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි වැඩ ඔක්කොම අනාගෙන කියල නම් තේරෙනවා. (අ)