හපනුන් කිහිප දෙනෙකුගේ අපුරු නිර්මාණ එකතුවකි.
මේ සමඟ ඇති පින්තුර සියල්ලම බැලූ බැල්මට දිස්වන්නේ ඡායාරුප ලෙසට වුවද ඒ සියල්ලම සම්පුර්ණයෙන්ම දක්ෂ චිත්‍රශිල්පීන් අතින් නිමවූ සිතුවම් වෙති.
තාත්විකත්වය අභිබවා යන තරමේ හපන්කමක් මෙම චිත්‍ර ශිල්පීන් මෙහිදී පෙන්වා ඇත.
මෙම නිර්මාණ සඳහා විවිධ සායම් වර්ග පැන්සල් මෙන්ම එදිනෙදා භාවිත කරන කාබන් පැන්ද කඩදාසි, ලෑලි සහ කැන්වස් රෙදිද භාවිතා කර ඇත.
එක් චිත්‍රයක් හැඳුනුම් පතක පිටපතකි. එහි ඇතුළත්වන සේයාරුව කෙතරම් ස්වාභාවික අයුරින් චිත්‍රයට නගා තිබුනාද කිවහොත් එම චිත්‍රය ගමන් බලපත්‍රයක් සඳහා සුදුසු බවට බාරගෙන ඇති බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපුරුයි මේ පින්තුර කවුරු උනත් හොද වැඩ කාරයෙක්.(නදී)
මෙලොවට බිහි වී ඇති ඇතැම් මිනිසුන්ගේ අපූර්වත්වය වචන වලින් විස්තර කළ නොහැක. මෙම විශිෂ්ට නිර්මාණ වල සුන්දරත්වය වචන වලින් විස්තර කළ නොහැක. (නදී)
සැබවින්ම විශ්මය ජනකයි. මේ වගේ නිර්මානයකට මිලක් නියම කරන්න නම් බැරිවේවි කවදාවත්.(නදී)
හරිම අපුරුයි. ඔබට සුබ පැතුම්. ඉදිරියට යන්න වාසනාව ලැබේවා.(නදී)
කව්රු උනත් ඔහු අවංක පුද්ගලයෙක්.(නදී)
ගමන් බලපත්‍රයක පින්තුරයක් සඳහා ඇති අවශ්‍යතාවයන් සියල්ල සපුරා ඇත්තේ අර දල දෙකක් සහිත අලි මහත්තයාගේ පින්තුරේ විතරයි.(නදී)
මිනිස් සංහතිය ඇත්තෙන්ම ජීවත් කෙරුවේ නිර්මාණශීලිත්වයයි. මිනිසා සතු ඒ විශිෂ්ඨ ගුණාංගයම විටෙක ඒ අහිංසක මිනිසුන්ට මළපුඩුවක් වුයේ නිර්මාණවලට බියේ අනිකා විනාශ කිරීමට කැස කවන මිනිසුන්ද ඒ සමාජය තුලම ජීවත් වීම නිසයි. කලා කරුවා මිය ගියද ඔහු තැබූ සටහන කිසිදා නොමියනු ඇත.(නදී)
සුභ පැතුම් !!!. තව තවත් මේ වගේ අඳින්න දිරිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා . ලෝකයේ පිළිගැනීමට ලක්වී ගිනස් වාර්තා පිහිටවීමට වාසනාව ලැබේවා !!! (නදී)
අදහ ගත නොහැකි මනස්කාන්ත නිර්මාණ. ඉතාම උසස්. (අ)
ශිල්පීන්ගේ නම් දාල තිබුනානම් තමයි හොඳ.(නදී)
ෂාහ් නියමයි. විසිෂ්ටයි.(නදී)
ලියනාඩෝ ඩාවිංචි පිකාසෝ ලා කැළේ.(නදී)
නිර්මාණකරුවන් හදුනාගන්නේ කොහොමද? (නදී)
සුගත් නුගදුව, නිර්මාණකරුවන් හදුනාගන්නේ සීරියල් නම්බර් එකෙන්. එහෙම නැත්නම් බා කෝඩ් ස්ටේටස් චෙක් කරන්න.(නදී)
සුගත් නුගදුව! ඔබ ඔබගේ ප්‍රශ්නය නගා ඇත්තේ අහිංසක ආකාරයකින් නිසා අපට වැටහෙන අන්දමින් පිළිතුරක් දෙමි. විවිධ වූ ක්ෂේස්ත්‍ර වල විශේෂ කුසල තාවයන් පෙන්නුම් කරමින් සාමාන්‍ය පුද්ගලයෙකුට කළ නොහැකි දක්ෂකම් පෙන්වන පුගලයින් නිර්මාණ කරුවන් ගණයට වැටෙන අතරන් ඉතිහාසය පුරාම සමාජයේ ඉදිරි ගමනට දායකත්වයක් දුන් බොහෝ නිර්මාණ කරුවන්ට (සමාජ ප්‍රගමනයට) ඇති බිය නිසාම ප්‍රතිගාමීන් විසින් ඔවුන්ට දඬුවම් පමුණුවා ඇත.(දී)
අතීශයින් දුර්ලබ විශිෂ්ට හැකියාවක්, (දී)