IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පන්දුව අතහැර ඇමරිකාවට ගිය පටන්ගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා

2016-05-12-ent-127

චමින්ද වාස්ගෙන් පසුව ශ්‍රී ලංකාවට දායාද වූ තවත් විශිෂ්ට ගණයේ වමත් පන්දු යවන්නකු හැටියට තමයි අවුරුදු කීපයකට පෙරදී ඔහු ගැන ක‍්‍රිකට් ලෝකය දැන සිටියේ. නමුත් මේ දක්ෂයා ගැන පසුගිය කාලයේදී වැඩිය කතා බහ කෙරුණේ නැහැ. නමුත් රටවල් එකසිය ගණනක් පුරා විකාශය කෙරෙන කළම්බු ටෙලි විෂන් නාලිකාවේ හිමිකරු වන්නේ ඔහුය. ඔහු සුජීව ද සිල්වාය. වේගපන්දු යවන්නකු වූ සුජීව පන්දුව අතහැර කළම්බු ටෙලිවිෂනය පටන්ගෙන දැන් වෙසෙන්නේ ඇමරිකාවේය. තම නාලිකාවේ වැඩ කටයුතු සොයා බලන්නට පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි "සුජීව" සමඟ පිළිසඳරකට එක්වූයේ මෙලෙසිනි.

 

2016-05-12-ent-125සුජීව ඔබගේ ක‍්‍රිකට් අතීතය ගැන මොහොතකට සිහිපත් කළොත්?

මගේ ගමේ පාසල වන අළුත්ගම මහා විද්‍යාලයෙන් ක‍්‍රිකට් පටන් ගත්තෙ. පසුව කළුතර විද්‍යාලයට ආවා. නව ජීවයක් ලැබුණෙ එතැනදීයි. ජාතික කණ්ඩායමට යාමේ මාවත විවර වුණෙත් එහිදීයි. පසුව කළුතර ණඔක්‍ සහ සෙබස්තියනයිට්ස්, ක‍්‍රීඩාකළා. ඊටත් පසුව ගාලූ ක‍්‍රීඩා සමාජයටත්, මුවර්ස් සහ සීසීසී කණ්ඩායම් සඳහා ක‍්‍රීඩා කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබුණෙ ගාලූ ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කරමින් සිටියදීයි.

 

එදා කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වුණේ? මොනවගේ හේතු නිසාද?

වයස 23 න් පහළ තරගාවලියේදී තරග 7 කදී කඩුලූ 49 ක් ලබා ගත්තා. අදටත් ඒ වාර්තාව තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරාගන්නේ ඒ දක්ෂතා නිසයි. පළමුවරට ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට තේරුණේ. සහභාගීවූ පළමු ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය සමඟ කඩුළු 7 ක් ලබා ගත්තා. ටෙස්ට් තරග තුනක් විතරයි ලැබුණේ. එහිදී කඩුලූ 11 ක් ලබා ගත්තා.

 

එදා එච්චර හොඳ පන්දු යවන්නකුවීත් ඇයි ඔබ ශ්‍රී ලංකා පිලෙන් කැපුණේ?

ඇත්තටම එදා තමන් කැමති ක‍්‍රීඩකයා ක‍්‍රීඩාකළ යුතුය යන මතය තේරීම් කමිටුවේ වගේම එදා හිටපු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් අතර තිබුණ දෙයක් වුණා. ඒ නිසාම අවස්ථා අහිමි වුණා. කණගාටුවෙන් වුණත් ඒවා මතක් කළ යුතුයි. නමුත් මගේ අධිෂ්ඨානය වුණේ ජාතික කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමයි. මම එය කළා. නමුත් එයාලා මාව ඉවත් කළේ කඩුළු හතකුත් ලබා සිටියදීයි. ඒත් සැලූනේ නැහැ. අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. ආයෙත් කණ්ඩායමට එන බවට. ඒකත් මම කරලා පෙන්නුවා. ඒ අවස්ථාවේදීත් සහභාගි වූ ටෙස්ට් තරගයේදී කඩුළු 5 ක් ගත්තා. නමුත් ඔස්ටේ‍්‍රලියානු සංචාරයට තෝරා ගත්තෙ නැහැ. ඉන්පසුවත් දිගටම හොඳට ක‍්‍රීඩා කළා. ඒ අතරේ දණහිසේ ආබාධයක් ඇතිවුණේ. හැබැයි මාවනම්, කොහේවත් රටක ප‍්‍රතිකාර සඳහා යොමු කළෙත් නැහැ.

 

සුජීව ඉන්පසුව ක‍්‍රිකට් අත්හැර ඇයි ඇමරිකාවට ගියේ?

ඒක අහඹු සිදුවීමක්. මගේ බිරිඳ පදිංචිව සිටින්නේ ඇමරිකාවේයි. එයා එරට බැංකු සේවයේ නිලධාරිනියක වනවා. නිවාඩුවක් ලැබුණු නිසා තමයි මෙවර ලංකාවට ආවේ.

 

ලංකාවේ ඔබගේ පවුලේ විස්තර කිව්වොත්?

මගේ අම්මා තාත්තා සහ සහෝදරයින් තුන්දෙනයි. එයින් එක්කෙනෙක් එංගලන්තයේ සිටින්නෙ. තව නැගණියක් සිටිනවා. අපි ඔක්කෝම පවුලේ හත්දෙනයි.

 

ඇමරිකාවේ ගෙවන ජීවිතය කොහොමද?

බිරිඳගෙ අම්මා - තාත්තා නැගණිය එහි වෙසෙනවා.

 

ඊටත් වඩා ඔබට සතුටට තවත් කරුණක් තියෙනවා නේද?

ඔව්, දැන් ළඟදීම අපේ කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්න සිටිනවා. එයා එනකල් මාත් බිරිඳත් බලාගෙන ඉන්නෙ.

 

එහිදී ඔබ මොනවද කරන්නෙ?

ක‍්‍රිකට් පුහුණු කඳවුරකුත් කරගෙන යනවා. ඇමරිකානු ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තමයි මම රැකියාව කරන්නෙ.

 

මේ සියලූ දේ අතරේදී ඇයි "කළම්බු ටෙලිවිෂන්" නාලිකාව පටන් ගත්තෙ?

ටෙලිවිෂන් වැඩ සටහන්වලට ගිහින් තිබුණා. ඒවා දැකලා තිබුණා. නමුත් එතැනින් එහාට තිරය පිටුපස සිදු කෙරෙන කාර්යය ගැන ලොකු උනන්දුවක් තිබුණා. ඒ ආසාව එක්ක මට ආ යෝජනාවකට අනුව මගේ සහෝදරයාවත් සම්බන්ධ කරගෙන මේ නාලිකාව පටන් ගත්තා. මේක සැටලයිට් ජාත්‍යන්තර නාලිකාවක්. ලංකාවේ සිට රටවල් 167 කට විකාශය වෙනවා.

 

ශ්‍රී ලාංකිකයින් විතරමද මෙය නරඹන්නෙ?

ඇත්තෙන්ම ඔව්. යුරෝපය, ඔස්ටේ‍්‍රලියාව, මැද පෙරදිග, ඇමරිකාව ඇතුළු බොහෝ රටවල ලක්‍ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජීවත් වෙනවා. මේ පේ‍්‍රක්‍ෂක ජනතාව අතර අද අපේ නාලිකාව ජනප‍්‍රියයි.

 

ඒ විදියට ජනප‍්‍රිය වීමට හේතුව?

අවුරුදු එකහාමාරයි අපි මෙය පටන්ගෙන. එහිදී විදේශීය රටවල වෙසෙන අපේ ජනතාවට අල්ලලා යන වැඩ සටහන් කළහැකි වුණා. ආයුර්වේදය, දේශපාලනය, මංගල උත්සව, කළා, ක‍්‍රීඩා ඒ වගේම ඒ රටවල වෙසෙන ශ්‍රී ලාංකියින්ගේ ගැටළු විසඳන වැඩ සටහනක් තියෙනවා. එයත් හරි ප‍්‍රසිද්ධයි. බුද්ධික රඹුක්වැල්ල ඉදිරිපත් කරන හතරැස් වැඩ සටහන් හරි ජනප‍්‍රියයි. ප‍්‍රවෘත්ති වැඩ සටහනකුත් යනවා. ඇත්තවශයෙන්ම මේ වසර එකහමාර තුළදී ගත්ත ප‍්‍රයත්නය සහ අපට ලැබෙන ප‍්‍රතිචාර ගැන හරිම තෘප්තිමත්.

 

මේ විදියට සැටලයිට් නාලිකාවක් පවත්වාගෙන යාම ආර්ථික අතින් මොන වගේද?

ඒක ඇත්තටම හරිම අසීරු කර්තව්‍යයක්. නමුත් වසරකදී දෙකකදී අපට ලාභ අපේක්‍ෂා කරන්න බැහැ. විශේෂයෙන්ම මුදලට වඩා විදෙස් රටවල වෙසෙන ජනතාවට මෙයින් සිදුවන සේවය ගැන හිතද්දී හිතට දැනෙන තෘප්තිය අපමණයි. ක‍්‍රිකට්වලින් නොලැබුණ සතුට කළම්බු ටෙලිවිෂනය හරහා පේ‍්‍රක්ෂක ජනතාවගේ ආදරය - ගෞරවය නිසා ලැබීම වාසනාවක්. වසර එකහමාරකදී අපට සුවිශේෂී ගමනක් යා හැකි වුණේ ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාව අතර පිළිගැනීමට ලක්වුණ නිසයි. ළඟදීම අපි පියෝ TV ඔස්සේ www.colombotv.lk ලෙස නැරඹීම කළ හැකියි.

 

සුජීව අද ලංකාවේ ක‍්‍රිකට් ගැන මොකද හිතෙන්නෙ?

ටිකක් පසු බැහැලා. ඒකට දේශපාලන වටපිටාව වගකියන්න ඕනෑ. නමුත් තව වසරකින් x දෙකකින් මේ කණ්ඩායම නැගිටීවි. ඒ නිසා ක‍්‍රිකට් ලෝලීන්ට තවදුරටත් ඉවසීමෙන් ඉන්නට සිදුවේවි. නිතරම පළපුරුදු ක‍්‍රීඩකයින් ආදේශ නොකිරීමේ අඩුව පුරවා ගන්න බැරිව තියෙනවා. තවදුරටත්, බලධාරීන්ගේ අවධානය ඊට යොමුවීම වැදගත්.

 

සටහන/ඡා​යාරූප සඳුන් ගමගේ

 

2016-05-12-ent-126
2016-05-12-ent-124
2016-05-12-ent-123
2016-05-12-ent-122

 

 



අදහස් (0)

පන්දුව අතහැර ඇමරිකාවට ගිය පටන්ගත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 750 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 560 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 799 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 596 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 509 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 322 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site