මැණික් මිලදී ගැනීමට එන මුවාවෙන් මහරගම මැණික් ව්‍යාපාරිකයකු හෝටලයට ගෙන්වාගෙන පොලිස් හැඳුනුම්පත් පෙන්වා රුපියල් කෝටි තුනක මැණික් ගල් හයක් පැහැර ගත් බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු අත්ඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මැණික් ගල් රැගෙන හෝටලයට ගිය ව්‍යාපාරිකයා මැණික් ගල් පරීක්ෂා කිරීමට යැයි කියමින් හෝටලයේ කාමරයකට කැඳවාගෙන ගොස් ඇති බවත්, එහි නාන කාමරයේ සැඟවී සිටි කොල්ලකරුවන් පැමිණි පොලිසියේ යැයි කියමින් බුත්තල විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ හැඳුනුම්පතක් පෙන්වා මැණික් කොල්ල කා ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් අපරාධ වර්තා කොට්ඨාසයේ සේවය කරමින් සිටිය දී 2012 පොලිසියෙන් පහ කැරුණු කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද පුංචි පොලිස් මොළේ? (නි)
පුළුවන් තරම් ගේම් දෙන්නේ පොලිසියෙන් හමුදාවෙන් පැන්න අයියල තමයි.(අ)
පොලිස් වැඩක්.(අ)
මෙන්න මේවගේ අයට තමයි අපි කොස්සෝ කියන්නේ (අ)
මෙයාල නිකන් කපුරුහාමිල වගේ හිටියට අවස්ථාව ලැබුනගමන් එයාලත් කරන්නේ ඒ ටිකම තමයි. දැන් කිසි කෙනෙක් විශ්වාස කරන්න බෑ.(අ)
කුමාරි අක්කේ, කව්ද අනේ කපුරුහාමි කියන්නේ? මමනම් අදමයි ඇහුවේ ඒ නම (අ)
අපි පොඩි කාලේ පොඩි කමට "හොරා පොලිස්" කියල සෙල්ලම්මක් කළා. දැන් පොලිසියේ අය මේ සෙල්ලම ඇත්තටම කරනවා. හැබයි නිකම් නොවෙයි සල්ලි, රත්තරන් හා මැණික් වලට. අනේ රටට ගිය කල. (අ)
අපි පොඩි කාලේ පොඩිකමට "හොරා පොලිස්" කියලා සෙල්ලමක් කළා. දැන් පොලිසියේ අය මේ සෙල්ලම ඇත්තටම කරනවා. හැබැයි නිකම් නොවෙයි. සල්ලි, රත්තරන් හා මැණික් වලට. අනේ රටට ගිය කල. (නි)
දැන් ලංකාව සූරාකෑම් වල පාරාදීසයක් වෙලා (නි)
පොලිසියෙන් ගොඩක් වෙලාවට වැඩ තහනම් වෙන්නේ හරියට රැකියාව කරන අයගෙනේ. ඊටපස්සේ ජීවත්වෙන්න විදියක් නැතුව මෙවැනි දේ කරනවා (නි)