පුනෑව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කොමදෝරු චන්දන හේවාගජමන්ගේ අනුරාධපුර රෝහලේ සිටියදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි. පසුගිය සෙනසුරාදා ඔහු විසින් පැදවූ නාවික හමුදා රිය අනුරාධපුර යාපන හන්දිය අසල හතරස්වෙල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ හැපීමෙන් නාවික හමුදා භටයෙක් මියගොස් ඔහුගේ බිරිය ඇතුළු හය දෙනෙක් තුවාල ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලා ගේ රාජකාරිය බුරුව කරන්න ගිහාම ඔහොම වෙනවා. (නදී)
නිතිය කාටත් පොදු බව ඔප්පු කල වැඩක් ඒ (දී)
මට නම් හිතාගන්න බැහැ කෙනෙක් කෝච්චියේ අන්තිම පෙට්ටියේ හැපුනේ කොහොමද කියලා (දී)
සිය බිරිඳගේ සහ ඥාති පිරිසගේ දැඩි ආරක්ෂාව පතා තමාම වාහනය පදවා ගෙන ගියා වෙන්න බැරිද? (දී)
මොහු නාවික හමුදාවේ ඉන්න ඉතාම හොඳ නිලදාරියෙක් වගේම හොඳ මහත්මයෙක්. (නදී)
චන්දික සමග එකගයි.(නදී)
මොහු නාවික හමුදාවේ සිටින මහත්මා ගති තියෙන හොද නිලධාරියෙක් (දිල්)
මෙතුමා නාවික හමුදාවේ උගත් මෙන්ම බුද්දිමත් නිලදාරියෙක්. අනුන්ට උදව් කරන නිහතමානී පුද්ගලයෙක්. අපි හැමවිටම ඔබ වෙනුවෙන් ඉන්නවා.(නදී)
මොහු ඉතා හොඳ පුද්ගලයෙකු විය හැක.නමුත් යම්කිසි නීති විරෝධී දෙයක් සිදු කර ඇතිනම් ඔහුගේ හොඳ නරක වැඩක් නැත.නීතිය කඩ කිරීමට දඬුවම් ලැබිය යුතුයි.එය ලංකාවට කුඩු ගෙන්වීමට අනුබල දෙන ලොකු තැන්වල ඉන්න අයටත් ක්‍රියාත්මක වේ නම් තවත් හොඳයි.මම ඉන්න රටේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය විභාගය උදෙසා නිකුත් කල නීති පොත කියවුයෙමි.එහි මාර්ග නීති කඩ කරන්නන්ට ඇති දඬුවම් දුටු විට කිසිවෙකුත් ඒවා කිරීමට උත්සාහ කරයි කියා සිතීමටත් අපහසුය.එසේම නීති පුද්ගලයාගේ තරාතිරමට යටත් නොවේ.ලංකාව එසේ වන්නේ කවදාද? (දී)
දැන දැනත් මොකටද එතනින් දැම්මේ මැරෙන බව දැනගෙන (දී)
වරදක් කලාම තරා තිරම නොබලා දඩුවම් දෙන්න ඕනේ එතකොටයි නිතිය ආරක්ෂා වෙන්නේ (දී)
අනුර ඹයාගේ කතාව හරියටම හරි. එචිචරයි මට කියන්න තියෙන්නේ. (දී)