ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2013 පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවට සහභාගී වීම සදහා මෙරටට පැමිණෙන දූත පිරිස් මේ වන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට ලගා වෙමින් සිටිති.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මේ වන විට ස්වාසිලන්තය, කෙන්යාව, ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, නැමීබියාව, ලෙසකෝ සහ ඉන්දියාව යන රටවල් වලින් මෙරටට පැමිණ සිටින දුත පිරිස පන්සිය දහයක් පමණ වන බව වාර්ථා වෙයි.
පොදු රාජ්‍ය මන්ඩලීය සමුළුවේ මහ ලේකම් කමලේෂ් ෂර්මා මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩයියා හරි..! (නි)
අපි දුප්පත් නැහැනේ බලනකොට (නි)
අප්‍රිකාව දුප්පත් නැහැ.රන් අාකර ගොඩක් තිබෙන රටක් වගේම ඇස්බැස්ටෝස් කුඩු තිබෙන්නේත් අප්‍රිකා වල. (නි)
ඉඩි අමින් වීරයෙක්. ඉන්දියන් අය ඔක්කොම පැන්නුවා එංගලන්තෙට. (නි)
එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ නවසීලන්තය අරුණ කොට වෙනත් දියුණු රටක් මේකේ නැහැ. ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ මලයාසියාව විශාල රටවල් උනාට තවම දියුණු වෙමින් පවතින රටවල්. ඉතිරි රටවල් සියල්ලම වගේ අපිටත් වඩා පහල ජීවන තත්වයන් තියෙන අන්ත දිළිඳු තුන්වන ලෝකයේ රටවල් (ස)
මත්තලින් කුරුල්ලෝ කී දෙනෙක් ගොඩ බැස්සද දැන් නැහැ නේද ? (ස)
කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවක්.මෙය රටේ දියුණුවට හොද අවස්ථාවක්. මේකෙන් අපිට සංචාරකයෝ වගේම ව්‍යාපාරිකයොත් හදුනා ගන්න පුළුවන්.අපේ ළමයින්ට පිටරටවල අධ්‍යාපනයට රැකියාවලට පවා හොදයි.පිට රටවල් ගැන දෙනුමක් නැති අපේ උදවියට ටිකක්හරි පොඩි දැනුමක් ලැබෙනවා. (නි)
ඉතින් ඔය මත්තලින් ආපු කට්ටියගේ විස්තරෙත් කිව්වා නම් හොඳයි නේද? (නි)
ස්වාසිලන්තය, කෙන්යාව, ටැන්සානියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, නැමීබියාව යන රටවල් වලින් ලෝකයේ දියුණු රටවල් කියන කාණ්ඩයට වැටෙන්නේ කීයෙන් කීයද. අපි මහ ලොකුවට මේ චෝගම් චෝගම් කිය කියා කෑ ගැහුවට ඕකෙන් නොකියා ලෝකයට කියන්නේ අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය නොහොත් හිරු නොබසින අධිරාජ්‍යාගේ වහල්ලු වෙලා හිටි රටක් කියලා කියලයි මම නම් හිතන්නේ (නි)
ලිඳේ ඉන්න මැඩියෝ වගේ හිතන්නේ නැතුව අනෙක් ලෝකයේ ඇති රටවල් දිහා ඇස් ඇරලා බලන්න.මේ වගේ සමුළු වලින් අපේ රට තව තවත් රටවල් අතර ප්‍රසිද්දියට පත්වේ .සමහර ජාතින් හිතා ඉන්නේ ලංකාව ඉන්දියාවේ කොටසක් හැටියට,ලංකාව ගැන ඔහුන්ට ඒ හැටි අවබෝදයක් නොමැත සමහර විදේශිකයන් ශ්‍රී ලංකා කිව්වහම කොහේ ද තියෙන්නේ කියල අහන අයත් ඉන්නවා.ලංකාවේ නොයෙක් ජාතින් ඉන්නවා ඒ අය ලංකාවේ වුනත් තමන්ගේ මුල් රටේ නම තමා කියන්නේ.මැලේ,එහෙම නැත්නම් ඉන්දියන් ඔරිජින් කියයි. (අ)
තාම උගන්ඩාවෙන් ආවේ නැද්ද? ඔය ඇවිත් තියෙන්නේ ස්වාසිලන්තයේ අපේ නෑදෑයෝ.(නදී)
බොරුවට හරි තීන්ත ගන්ඩ පුළුවන් අපේ ලොක්කට,ඔයාලගේ ලොක්කට බොරුවක්වත් කරන්ඩ දන්නේ නැනේ? අද බොරුව මිසක් අත්තක් තියෙනවද? ලොක්කෝ දෙන්නම දෙපැතේ ඉඳල කරන්නේ බොරුවම තමා, ඊත් අපේ මිනිසුන්ට මේක තේරෙන්නේ ණෑ. අප්පුහාමි අයියට තේරුනේ ටිකයි . මී දෙන්නම නැතුව ගිය දාට අපිට තෙරයි දෙන්ම්නම බොරුකාරයෝ කියල. ඊට පස්සේ තෝරමු ලොකුම බොරු කරය කවුද කියල. (අ)
තනිකරම බොරුව. බොරෙල්ලේ සුපර් මාර්කට් එකේ පේන්ට් ගාල තියෙන්නේ පාරට පේන ටිකට විතරයි.(අ)
කව්ද කියන්නේ මත්තලට ප්ලේන් එන්නේ නැහැ කියල ඔය "හාවා හද දකිනවා" වගේ ප්ලේන් එකක් දෙකක් ඇවිත් තියෙන්නේ. ඒත් මට ලංකාවට මත්තලින් එන්න ප්ලෙන් එකක් හොයා ගන්න බැරිව මම මේ අන්තර්ජාලයම හුරනවා.(නදී)
අපේ රටෙන් යනකොටත් මහජන මුදලින් නිසා එකසිය ගානක් යනවනේ. ඉතින් යලිත් හත්මුතු වරිගයම අරවට මොක වෙනවා.(නදී)
ස්වාසිලන්තය, කෙන්යාව, ටැන්සානියාව, නැමීබියාව, ලෙසකෝ....... දුත පිරිස පන්සිය දහයක් පමණ පැමිණ සිටිති. ඉතියෝපියාව,සෝමාලියාව,කෙන්නියාව,බන්ගලිදීසය තවම ආවේ එහෙම නැත්තේ ඇයි? (නදී)
ලඟදි ආර උගන්ඩාවෙන් හෝ ලයිබිරියාවෙන් කියා තානාපති බලපත් සමග කුඩු සමග ඇල්ලුවෙත් චෝගම් ආපු කෙනෙක්ද දන්නේ නැහැ නේද? මේ එන 500 ත් කීදෙනෙක් ඕවා රැගෙන එනවාද දන්නේ නැහැ. තානාපති වරප්‍රසාද යටතේ චෝගම් එන ගමන්.(නදී)
ස්වාසිලන්තය නම් කලින්ම ඇවිල්ලා.(නදී)
තව පාරවල් වල වැඩ තියෙනවනේ. ටිකක් පහුවෙලා ආව නම් තමා හොඳ.(නදී)