IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පනහ පිරුණු දා ලැබුණු සර්ප‍්‍රයිස් එක....

2017-01-06-ent-16

ඔබේ ජීවිතේ සුන්දරම දවස් අතරේ උපන්දිනයත් සුවිශේෂ එකක් නේද? ඒ ගතවුණු කාලසීමාව තුළ ගෙවීගිය සුන්දරම උපන්දින සැමරුම ඔබට මතකද? මේ එවැනි සුන්දර උපන්දින සැමරුමක් ගැන කතා කිරීමක්. ඒ අද දින උපන්දිනය සමරන කලා තරුවක් කියන කතාවක්. ඒ තමයි ඔබ අප ආදරය කරන කලා ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩි.

2017-01-06-ent-15මගෙ ජීවිතේ අමතක නොවනම උපන් දිනය තමයි 2015 ජනවාරි 08 මම 50 වෙනි වියට පා තබපු දවස. ඇත්තටම ඒ දවසෙ හරි සුවිශේෂී සිදුවීමක් වුණා.

මොකද ඒ දවසෙ මගෙ ගෝල බාලයෝ, පවුලේ කට්ටිය, නෑදෑයෝ ඒ හැමදෙනාම එකතුවෙලා සර්ප‍්‍රයිස් පාටි එකක් දුන්නා අපේ ගෙදර. ඇත්තටම මම ඒ ගැන පොඞ්ඩක්වත් දැනගෙන හිටියෙ නෑ. ඒ හැමෝම පාටි එකට ලෑස්තිවෙන වෙලාවෙ මගෙ සැමියා සම්පත් මාව පන්සල් එක්කං ගිහින් හිටියෙ. ඒ ඔක්කොම එයාලා ප්ලෑන් කරලා තිබුණෙ.

මම පන්සල් ගිහින් එන ගමන් සම්පත්ට කිව්වා යද්දි කෑමට මොනවහරි අරගෙන යමු කියලා. ඒත් එයා ඒක ගණන් ගත්තෙවත් නෑ. ඒ වෙලාවෙ ඇත්තටම මම ගෙදර ගියෙත් හරි කේන්තියෙන්. මොකද මට ගෙදර ගිහින් උයන්නත් වෙන හින්දා.

ඒත් ඉතින් ඒ වෙලාවෙ එයා කිව්වෙ ගෙදර ගිහින් මොනවහරි හදාගමු කියලා. ඒ කේන්තියත් එක්ක මම ගෙදර යද්දි ඒ මදිවට ගෙදරත් එක ලයිට් එකක්වත් දාලා තිබුණෙත් නෑ. ඉතින් මගේ තරහ දෙගුණ වුණා.

ඒ වෙලාවෙ මම ගෙදරට ඇතුල් වෙද්දිම බැනගෙන ගියෙ මොකද පුතා මේ ලයිට් එකක්වත් දාන්නෙ නැතිව කරන්නෙ කියලා. එහෙම කෑ ගහගෙන දොර අරිද්දිම මට පේනවා හතර වටේටම ඔළු ගෙඩිවගේ තැන් තැන්වල තියෙනවා. මම ඇත්තටම ඒ වෙලාවෙ හොඳටම බයවුණා ගෙදරට හොරු පැනලද දන්නෙත් නෑ කියලා.

ඒ වෙලාවෙම කළුවරේම කට්ටිය උඩ තට්ටුවෙ ඉඳලා කේක් එකට ඉටිපන්දම් ගහගෙන හැමෝගෙම ෆෝන්වල ලයිට් ගහගෙන වීඩියෝ කළා මම ඒ මොහොතෙ තැති ගැන්වුණු විදිය.

මම ඇත්තටම ඒ වෙලාවෙ මාරම විදියට තැති ගැන්විලා හිටියෙ.

නමුත් එයාලා ඕගන් එකෙන් ඒ මොහොතෙම HAPPY BIRTH DAY කියලා වාදනය කළා. ඒ වෙලාවෙදි මට ලොකු සතුටක් ඇතිවුණා. ඉතින් හරිම පුදුමයි. මම කළුවරේ ඔළු තියෙනවා වගේ බයවෙලා තියෙන්නෙ පාට පාට බැලූම් පුම්බලා තැන් තැන්වල දාලා තිබුණු එකට. ඒ දවස ඇත්තටම සොඳුරු මතකයන් සපිරි දවසක්. මට තෑගිත් ගොඩක් ලැබුණා. මගෙ සැමියාත් පුතාත් අපි තුන්දෙනාගෙ ලොකු පින්තූරයක් රාමු කරගෙන ඇවිල්ලා තිබුණා.

ඒ වගේම මගෙ ගෝලයොත් පොඩි කාලෙ ඉඳන්ම ඒ ගොල්ලො ළඟ තිබුණු ෆොටෝස් එකතු කරලා ලොකු පින්තූරයක් රාමු කරලා දුන්නා. පුතාගෙන් ලස්සන අත්කම් නිර්මාණයකුත් ලැබුණා. යාළුවොත් එක එක දේවල් කෑම, බීම ගොඩක් ගෙනැල්ලා කිසිම අඩුවක් නැතිව ලෑස්ති කරලා තිබුණා. මට ඇත්තටම දැනුනෙ නෑ මේ වගේ දෙයක් කරයි කියලා. ඒ දවස ඉතින් ගොඩක් මතකයි. අපි ගොඩක් සතුටු වුණා.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

පනහ පිරුණු දා ලැබුණු සර්ප‍්‍රයිස් එක....

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1188 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2125 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9186 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3349 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site