IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පෙනහලු පිළිකා මරුවා සොයා ගනි

ලිංගාශ්‍රිතව පැතිරෙන දරුණුතම වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන  මානව පැපිලෝමා  වෛරසයේ  ප්‍රභේද  පෙනහලු  පිළිකා  සෑදීමට  ඉවහල්  වන  බවට  තහවුරු  කිරිමේ  පර්යේෂණයක් අණුක ජෛව විද්‍යා  තාක්ෂණ ක්‍රම භාවිතයේ  ඇරඹු  බව කොළඹ විශ්ව විද්‍යාලයයේ  සත්ත්ව විද්‍යා  අංශයේ  මහාචාර්ය ප්‍රීති  උඩගම මහත්මිය පැවසුවාය.

මානව  පැපිලෝමා  වෛරසය  පෙනහලු  පිළිකා  සෑදීමට  තුඩුදෙන  බවට  ජාත්‍යන්තර   පර්යේක්ෂණ  සනාථ කර  ඇත.

“ආසියාවේ  චීනය  සහ ජපානය  35.7 % , යුරෝපයේ  17% , ඇමරිකාවේ  15% ක්  මෙම වෛරසය  හේතුවෙන්  පෙනහලු  පිළිකාවට  ගොදුරු  වි  සිටිති.”

දකුණු  ආසියාවේ  ශ්‍රී  ලංකාව ඇතුළු කිසිම රටක්  මේ  ගැන පර්යේෂණයක්  මේ  වනතුරු  සිදු කර  නොමැත. එම නිසා ශ්‍රි ලංකාවේ  පෙනහලු  පිළිකා  සහ  මානව පැපිලෝමා  වෛරසය  අතර   ඇති සබදතාවට  තහවුරු කිරිමේ  පර්යේෂණයක්  සිදු  කිරිමේ  අවශ්‍යතාවය පැන නැගී  ඇති  බැවින්  මෙම ව්‍යාපෘතිය සිදු වෙයි.”

මහාචාර්ය ප්‍රීති  උඩගම මහරගම  පිළිකා  රෝහලේ   විශේෂඥ වෛද්‍ය කාන්ති   පෙරේරා, ළය රෝහලේ ප්‍රධාන ව්‍යාධිවේදි  විශේෂඥ වෛද්‍ය  රොෂානා  කොන්ස්වන්වයින් යන මහත්මීහු ද සත්ත්ව විද්‍යා   උපාදි අපේක්ෂක ප්‍රතිශක්ති  හා   අණුකවේදි  විද්‍යා   විශේෂ හේවාවසම්  ශීෂ්‍යයා ද මෙම පර්යේෂණය කරති.

ශ්‍රී  ලංකාවේ  කාන්තා  පිරිමි දෙපාර්ශවයම අතර  බහුලවම  පවතින  පිළිකාව  පෙනහලු  පිළිකාවයි.

දුම්පානය විකිරණවලට  නිරාවරණයවීම ,පරිසර දුෂණය , ඇස්බැස්ටස් පෙනහලු  පිළිකා  අවදානම ඇති කරවන හේතු  ලෙස හඳුනාගෙන ඇත.

එහෙත්  මේ  කිසිදු  හේතුවක්  නොමැති ව පෙනහලු  පිළිකා  වැළදෙන පිරිසක්ද වෙති .

“මානව පැපිලෝමා  වෛරසය පෙනහලු   පිළිකා  වැලදිමට   හේතු  කාරකයක්  වන  බවට   ප්‍රථම වරට  1979 දි   අනාවරණය  කළේ   යුරෝපයේ   විද්‍යාඥ සිර්ජනන්ය. ඉන්පසු   පර්යේෂණ රැසක්  ඒ  බව තහවුරු  කර  ඇත.”

මෙම වෛරසය ඩී එන්  ඒ  වෛරසයකි. එය සම්ප්‍රේශණය   වන්නේ  ලිංගාශ්‍රිතවය. මෙම  වෛරසයේ  පිළිකා   සාදන  එච් පි වි  16 (HPV) සහ එච් පී වි 18 (HPV) ප්‍රභේද ප්‍රධානතම  අවදානම්   කාරක  ලෙස  හඳුනාගෙන ඇත.

පෙනහලු   ආශ්‍රිත පිළිකා   ආශ්‍රෙයන් ලොව  මිය යන  සංඛ්‍යාව  දස ලක්ෂයක්  බව  වාර්තා වෙයි.

ශ්‍රි ලංකාවේ  මුඛ හා  ගෙළ ආශ්‍රිත පිළිකා   ඇති  කිරිමට   මානව  පැපිලෝමා   වෛරසය   හේතුවන  බව  අණුක විද්‍යාත්මක  පර්යේෂණයක්   තුළින්  සත්ත්ව  විද්‍යා   අංශය   තහවුරු   කරමින්   සිටී. එම  වයාපෘතිය  සඳහා   ජාතික  විද්‍යා   කවුන්සලය  රුපියල්   මිලියන  අටහමාරක  මුල්‍ය   ආධාර   සපයා   දි  ඇත.

මානව  පැපිලෝමා   වෛරසය  ලොවට   වසංගතයක් බවට   ජාත්‍යන්තරය  හෙළිදරව්   කර  ඇත



අදහස් (0)

පෙනහලු පිළිකා මරුවා සොයා ගනි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 769 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 369 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 247 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 762 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 688 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 316 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site