ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
සිය වසරක සම්ප්‍රදාය වෙනස් කරමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කළ අවසන් ඉල්ලීමට අනුව උන් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව මිහිදන් කිරීම සිදුවිය.
රෝමයේ ප්‍රධාන දුම්රියපොළ අසළ, කම්කරු පන්තියේ ජනතාව වෙසෙන කලාපයක පිහිටි ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව සිය අවසන් ගිමන් ස්ථානය ලෙස තෝරාගැනීමෙන් ද පිළිබිඹු වන්නේ සමාජයේ සැලකිල්ලට භාජනය නොවූ මිනිසුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තුළ වූ අනුකම්පාව බව වතිකානය පවසා ඇත.
බිලියන 1.4ක ප්‍රජාවක නියෝජනය කරන කතෝලික පල්ලියේ ප්‍රධානියා වන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයේ කාසා සැන්ටා මාර්තාහි පිහිටි උන්වහන්සේගේ නිවහනේදී ස්වර්ගස්ථ වූයේ පසුගිය සඳුදා දිනයේය. උන්වහන්සේ 88 වැනි වියෙහි පසුවුණි.
පසුව උන්වහන්සේගේ දේහය මහජන බුහුමන් සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරුණේ පසුගිය බදාදා සිටය. එතැන් පටන් දෙදිනක් දේහය පුරා දේහයට ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඒ වෙත පැමිණියහ. කිලෝ මීටර් ගණන් දිගු පෝලිම් පැවැතිණි.
දේහයට ගෞරව දැක්වීමට ඊයේ (25) පස්වරු හයෙන් අවසන් වූ අතර, ඉන් අනතුරුව චාරිත්‍රානුකූලව උන් වහන්සේගේ දේහය මුද්‍රා තැබීමට සිදුවිය.
දේහය සම්බන්ධ අවමංගල කටයුතු අද (26) පෙරවරුවේ ආරම්භ වූයේ ශුද්ධෝත්තමයන් වහන්සේගේ දේහය ශාන්ත පීතර චතුරස්‍රයේ විවෘත භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුවය.
මෙතෙක් සිටි පාප්වරුන් වෙනුවෙන් පැවති වඩා චාම් මෙන්ම සරලවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල දිව්‍ය පූජා යාගය සියැසින් දැකගැනීමට ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් ශාන්ත පීතර චතුරස්‍රය වෙත රැස්ව සිටියේය.
පැය දෙකකට ආසන්න කාලයක් පැවැති අවමංගල දේව මෙහෙය සිදුකෙරුණේ කාර්දිනල්වරුන්ගේ සංසදයේ ප්‍රධානී 91 හැවිරිදි ජියෝවානි බැටිස්ටා රේ කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලොනි, යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඇතුළු රාජ්‍ය නායකයින් අවමංගල්‍යයට පැමිණ සිටියහ. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු මෙන්ම ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු සම්භාවනීයයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(බීබීසී)
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් ය
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසි
ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් මුළු මහනුවර නගරයම එකම කසළ ගොඩක් බවට පත්වූයේ යැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ