ෆ්‍රැන්සිස් පාප්තුමා ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණිමට බොහෝ දුරට ඉඩ ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තනාපති නාවලගේ බැනට් කුරේ මහතා කියයි.
ශ්‍රී ලංකාවට පැමිණිම සදහා පාප් වහන්සේට ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මියද අද (20) වතිකානයට ගියේය.
ආරක්ෂක ලේකම් හා ඔහුගේ බිරිය පාප් වහන්සේ බැහැ දුටු බවත් නිල ආරාධනය භාර දුන් බවත් කුරේ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන් ප්‍රනාන්දු,,ඔබගේ ප්‍රතිචාරය පිළිකුල් සහගතව හෙලා දකිමි.එසේම ඔබට ප්‍රශ්නයක්ද ඉදිරිපත් කරමි.දෙවෙනි ජුවාන් පාවුළු පාප් වහන්සේ අප රටට සපැමිණි අවස්ථාවේ අප ගෞරවයෙන් පිළිගතිමු.නමුත්, ඉතාලියේදී උන්වහන්සේ ඝාතනය කිරීමට කීප වතාවක් උත්සහ කල බව ඔබට අමතක වෙලා.. (ස)
ඔබතුමා ආවේ නැතත් මගේ නම් අහිතක් නැහැ (නි)
මෙතුමා ආවම අපේ රටට හොද කාලයක් එයිද? (නදී)
ඔය චීනෙට බය වෙලා ඉන්න ඕන නැහැ. දලයි ළාමා උතුමන් වහන්සේටත් පාප් වහන්සේටවත් කියල ආරාධනා කරන්න.(නදී)
පාප්තුමා යනු රෝමානු කතෝලික සබාවේ අධ්‍යාත්මික නායකයාය ය.එතුමන් ජේසු තුමන්ගේ රැල තුල ප්‍රධාන සේවකයාය.ජේසු තුමන් මෙලොව තම කාර්ය බාරය නිමකර තම පියාණන් වෙත යද්දී පත් කර ගිය නායකයා පේදුරු තුමා ය .එතුමන්ගෙන් පැවැත එන අඛණ්ඩ සසුන් පිය පරපුරේ 265 වැන්නය.ලෝකය තුල සිටින කතෝලික ජනතාව එතුමන් ට කීකරු වන අතර කතෝලික වන නොවන බොහෝ ජනතාව එතුමන්ට ගරු කරනු ලැබේ.ආදරය කරනු ලැබේ.පාප් නමැති වචනය සිංහල අදහස සසුන් පියා නම් වේ.සුද්දෝත්තම පියා යනුවෙන් හදුන්වනු ලැබේ. (ස)
වීර...... එයාලට ප්‍රශ්ණයක් නැහැ එයාලාගේ ආණ්ඩුවනේ.(නදී)
ස්තුතියි අමිල අම්පිටිය. (නදී)
අපේ ශුද්ධෝත්තම පියාණන් අපි සාදරයෙන් පිලි ගන්නෙමු.ප්‍රසංසා වේවා ලක්වාසි සියලුම දෙනාට. (ස)
මා බෞද්ධයෙක්මි..ඉතාලියේ රැකියා කරන විදේශිකයන්ට විසා ලබා දීමේදී පාප් වහන්සේලා බොහෝ උදව් උපකාර කොට ඇත.මේ නිසා ඉතාලි රජයේ අප්‍රසාදයට ලක්වීමටද උන් වහන්සේලාට සිදුවූ අවස්ථා එමටය.එවැනි යහපත් මිනිසුන්ට අප රටට පැමිණීමට සහ පිටව යාමට අවස්ථාව ලබා දිය යුතුය..ගෞරවයෙන් පිළිගත යුතුය..අන්තවාදී නොවිය යුතුය..අන්තවාදියා පිටුපස ත්‍රස්තවාදියෙකු සිටින බව අමතක නොකළ යුතුය..අන්තවාදියාට විනාශය වෙනුවෙන් කල නොහැක්කක් නොමැත. (ස)
'වතිකානුව පිහිටි ඉතාලි දේශයේ පිහිට පතා යම් කෙනෙක් පැමිණෙන්නේ නම් අපි ඔවුන්ව සාදරයෙන් වැළඳ ගත යුතුය' යන පාප් තුමන් ලා නිතර මතක් කර දෙන රන් වැකිය 'රීතියක්' සේ අදටත් අකමැත්තෙන් හෝ ඉතාලි රජයන් අනුගමනය කරනවා. එපමණක්ද නොව සෑම නගරයකම තෝරාගත් පල්ලි කිහිපයකින් ආර්ථික ප්‍රශ්න ඇති ඕනෑම කෙනෙක්ට ගොස් ඉතා සෞඛ්‍ය සම්පන්නව සාදන ලද උණුසුම් ප්‍රණීත ආහාර වේලක් නොමිලේ රස බැලිය හැක. බෞද්ධාගමිකයන් ලෙස අප එතුමාට මෙම සත්කාරයන්ට පින් දිය යුතුය. පාප් වහන්සේගේ ලංකාගමනය ශ්‍රී ලාංකික අපට අති මහත් ගෞරවයකි. (ස)
අපි සාදරයෙන් පිළිගනිමු. (නි)
ඔබතුමාට සියලු ජාතින් ණයගැති වෙමු.යන්න අපේ රටට අද රටේ තිබෙන දුෂිත දේවල් ගැන පහදා දෙන්න. අදමිටු දේශපාලකයින්ට නොබියව කියන්න දුගී දුප්පත් ජනතාවට සෙත සළසන්න කියා. (නි)
දළදා හිමි නමදින්නට, ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට යන්නේ බෞද්ධයන් පමණක් නොවන්නා සේම සමහර කතෝලික සිද්ධස්ථාන වෙත කතෝලික නොවන අයත් යන්නේ අතීතයේ පටන් අප රට තුල පවතින්නාවූ ආගමික සංහිදියාව නිසාමය. මෑතකදී කල් එලි බැසී සමහර අන්තවාදී ආගමික නිකායවල් මගින් අසරණ බෞද්ධ පවුල් අන්‍යාගමිකරණය කිරීමට යාම නිසාවෙන් බිදුණු ශ්‍රී ලාකික සිත් සතන් පාප් වහන්සේගේ ආගමනයෙන් යලිත් සහජීවනය කරා යනු ඇතැයි බලපොරොත්තු වෙමු. චිරාත් කාලයක් තිස්සේ වෙසක් පොසොන් දන්සල් වලට කතෝලිකයන් සහභාගී වෙමින් නිවෙස් වල වෙසක් කුඩු දැල්වුවා සේම, නත්තලට බෞද්ධ නිවෙස් වල නත්තල් ගස් සැදුවා සේම, පාප් වස්හන්සේගේ ආගමනය සතුටක් කරගෙන, බෞද්ධ සංස්කෘතියෙන් අපට දාදයද වූ සත්කාරයන් උන් වහන්සේ වෙත ලබා දී , සැබෑ ශ්‍රී ලාංකිකත්වය පෙන්වීමට මෙය මහගු අවස්තවක් බව මගේ හැගීමයි. (නදී)
බෞද්ධයොයි, කතෝලිකයෝයි අතරේ හොඳ සංහිඳියාවක් තියෙනවා. අපි දාන මාන කරනවා වගේම එයාලත් දාන දෙනවා. අපි යමක් සඟසතු කරනවා වගේම එයාලත් දෙවියන් සතු කරනවා. අපි පිරිත් නුල් බඳිනවා වගේම එයාලත් සුදුපාට නුල් බඳිනවා. අපේ හාමුදුරුවරු ත්‍රිපිටකය ඉගෙන ගන්නවා වගේම එයාලගේ පියවරුත් ත්‍රිපිටකය ඉගෙනගන්නවා එහෙම එකේ පාප් තුමා ලංකාවට එනවට කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ , සාදරයෙන් පිළිගනිමු.(නදී)
ශ්‍රී ලංකාවේ පවතින ආගමික සහ ජිවනයේ සංකේතයක් ලෙස හොදම උදාහරනයක් නොවේ යැයි කිව හැක්කේද?(නදී)
රොෂාන් ප්‍රනාන්දු, කට තිබුන පලියට අපේ පින් බිමට ඔහොම කියන්න එපා.මෙය බුදුන් වැඩිය වාසනාවන්තම පින් බිමක්. (නි)
පාප් තුමාගේ පැමිණීම කිතුනුවෙක් ලෙස මම අගය කරනවා. එය අපේ රටට ආඩම්බරයක්.(නදී)
මමත් කතෝලික. මම නම් කියන්නේ ලංකාවෙ ආර්ථික අර්බුදයක් තියෙද්දි, කතෝලිකයො වශයෙන් අපි එයට දායක වෙන්න ඕනෑ නැහැ. (නි)
කතෘ තුමනි,මා බෞද්ධයෙක් වෙමි.මෙම පිටුවේ අප ලියන දේ සංස්කරණයකින් යුතුව පල කරන බව දනිමි.එසේම,දෙවෙනි පංතියේ අය වෙනුවෙන් වෙනත් තැනක් ඇති බවද දනිමි.දෙවෙනි පංතියේ සිටින අය ලියන දේ මෙම මාතෘකාව සම්බන්ධව ඉතාම කණගාටු තත්වයක පවතී.ඒ ලියන අය දරුවන් වීමද ප්‍රශ්නයකි පුවත්පත මා මිලට ගන්නේ බත් ඔතන්නට නොවන බවද වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමි.ඔබට දරුවන් ඇතැයි මා විශ්වාස කරමි.ඒ නිසාම තීරණයක් ගතයුතු කාලය එළඹී ඇත.ඔබ පුවත්පත ජනප්‍රිය කිරීමට ඔවුන් අවශ්‍ය නැත.පරුෂ වචන ලියන්නට පෙර,ඔවුන් හැදු වැඩු දෙමාපියන්,අධ්‍යාපනය ලැබූ පාසැල,ගුරු දෙමාපියන්,ආගම,සිංහල භාෂාවේ ගරුත්වය,ඔවුන්ට අමතක වී ඇත..බුදු සරණයි !!!(ස)
මේ පාපතරයින් පිරුණු පොළවට ශුද්ධ වූ පාප්තුමා එන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා (නි)
මර්වින් මල්ලි,මෙතුමා මොන රටකට ගියත් ප්‍රශ්නයක් නැති වුණත් ලංකාවට අාවොත් අර කට්ටියට තමයි ප්‍රශ්නයක් වෙන්නේ (නි).
බලාගෙන ලෝගුවක් ගෙන කැමරන් ආයෙත් එන්න බැරි නැහැ ඔය කට්ටිය එක්කලා.(නදී).
අනිවාර්යෙන්ම මෙතුමාගේ පැමිණීම කතෝලික බැතිමතුන් බලාපොරොත්තු වෙනවා, එය ඔවුන්ට ආශිර්වාදයක් (නි)
ලලිත් ඔයා කැමරන්ට ඔචිචරම බයද?(නදී).
ලංකාවේ ආගම් බේද නැහැ. පාප් වහන්සේගේ පැමිණීම වටිනවා මුළු රටටම (නි)
. පාප් වහන්සේට එන්න කියන්න කාදිනල් තුමා තමා හරිනම් යන්න ඕන. (අ)
පාප්තුමා කියලා එතුමාට කියන්නෙ ඇයි? (නි)
මම බෞද්ධ.නමුත් ඔබතුමා සාදරයෙන් පිළිගනිමි. (නි)
මෙතුමා මොන රටකට ගියත් කිසි ප්‍රස්නයක් නැහැ,හොද නායකයෙක්,මෙතුමා අනිවාර්යයෙන්ම එනවා ලංකාවට (අ)
රොෂාන් එතකොට ඔබත් අයිති වෙනවනේ ඔය කියන කාණ්ඩයටම? මේ පොළොවේම නේද ඔබත් ජීවත් වෙන්නේ? (ස)
ආව ගමන් යන්න නම් එපා (ස)
රජය වෙනුවෙන් ආරාධනය කළ එතුමාට ස්තුතිය (ස)
මමත් බෞද්ධ නමුත් අපගේ සහෝදර කතෝලික සහුර්දයන්ට ඒ උත්තරීතර ආගමික නයකය දැක බල ගැනීමට ලැබීම ගැනනම් ගොඩක් සන්තෝස වෙනවා ........මමත් එතුමා බලන්න අසාවෙන් ඉන්නවා .....
ඉතාලියේ වෙසෙන අපගේ ජනතාවට ආඩම්බරයක් එකතු වේවි. ශුද්ධෝත්තම පාප්තුමාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන කෝ අපේ ඒ රටේ වෙසෙන ජනතාවගේ ප්‍රතිචාර? පාප්තුමා අප රටට පැමිණීමෙන් ආශිර්වාදයක් සිදුවේවා! (නි)
මම හිතනවා එතුමා එන එකක් නැහැ කියලා. (නි)
බහුතර බෞද්ධයින් සිටින රටක් වශයෙන්, අපි පාප්වහන්සේ සාදර ගෞරවයෙන් පිළිගනිමු. (නි)
සතර බුදු සමිදුන් වැඩි මේ පින් බිම තවත් 2500 වසරකටම හිමි බොදුනුවන් වන අපි මෙත් මුදිතා කරුණා දහරා සිතින් යුතුව ඕනෑම ආගමික නායකයකු ආදරයෙන් පිළිගනිමු! බුදු සමිදුන් ආදර්ශයෙන්ම මෙය අපිට වදාරා ඇතිබව දනිමු! (නි)