ලබන පෙබරවාරියේ සිට සිරකරුවන්ගේ වැටුප් වැඩි කිරීමට බන්ධනාගාරය සැරැසෙයි.
දිනකට රුපියලක් ලැබු සිරකරුවනට රුපියල් 60 ක් ද රුපියල් 1.50 ලැබු සිරකරුවන්ට රුපියල් 75 ක් ද රුපියල් 2.50 ගෙවු සිරකරුවනට රුපියල් සීයය බැගින් ද වැඩි වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි.
මේසන් ,වඩු ,බේකරි ,මුද්‍රණ හා සබන් නිපද වීම ඇතුළු වෘත්තීන්හි කටයුතුවල නියැලෙන සිරකරුවනට වැටුප් ගෙවනුයේ සිව් වැදෑරුම් වර්ගීකරණයක් යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් අරගෙන නම් කීයක් හරි දුන්නට කමක් නැහැ. හැබැයි නිකං ඉන්න අයට දෙන්න ඕනේ නැහැ.(නදී)
කාගේ හෝ කමක් නැහැ පදි වැඩි වෙනවානම් (දී)
ආණ්ඩුව සිරකරුවෙක් වෙනුවන් දිනකට කරන වියදම කීයක් විතර වෙනවද? කොහොම උනත් ඔවුන්ට යම් කර්මාන්තයක් පුහුණු කිරීම ඉතාමත් හොඳයි. අනිත් අතට, ඔවුන් ගෙන් රටේ ආර්ථිකයට යම් දායකත්වයක් ලැබෙනවා. වැටුපක් දීම පිළිබඳව විවිධ මත තියෙන්න පුලුවන්. දැහැමි විදියට ඉපැයීම පිළිබඳව ඉගෙන ගන්නත් පුලුවන්, එහෙම දෙයක් ගැන නොදන්න අයට. සිර කරුවෝ කියන්නේ අපේ සමාජයේම කොටසක්, ඒත් හිර කිරීම කියන සංකල්පය කොතරම් නිවැරදි ද, එයින් සමාජයට අපේක්ෂාකරන ප්‍රතිඵල ලැබෙනවද කියලා හිතන්න ඕන. (දී)
ජොබ් එකක් නැත්නම් ඔන්න නියම තැන යන්ද. (දී)
හිරේ ඉන්නෙත් මිනිස්සු. අපි ඔවුන් ගැනත් සිතිය යුතුයි. (ත)
දැන්නම් හිරේට යන කට්ටිය වැඩි වෙයි. (ත)
එය ඉතා හොද වැටුප් වැඩි කිරීමකි (ත)
හැබැයි මේක නම් ගිනස් පොතට යන වැඩක් වගේ. සියයට හයදාහකින් (6000%) පඩි වැඩි වීමක් කියන්නේ සුළුපටු වැඩිවීමක්යැ. මිනිස්සු හිරේට යන්න පෝලිම් ගැහුනොත් ඒක ගැනත් පුදුම වෙන්න දෙයක් නෑ (ත)
බොහොම ස්තුතියි (ත)
කෑම බිම ඉඳුම් හිටුම් සියල්ලම නොමිලේ ලැබෙන නිසා මෙය හොඳ රැකියාවක්. ජීවිතාන්තය දක්වා හිරේ ගියත් වරදක් නැහැ. හිරේ මේ වගේ රැකියාවක් කරන්න තියනවා නම් (ත)
මේකෙන් තේරෙන්නේ අපේ නීති රීති, අණපනත් කොච්චර පරණද කියල. දවසේ පඩිය රුපියලයි. (ත)
කෑම බීම ඉඳුම් හිටුම් සමග පඩිත් දෙනවා. (ත)
සීයක් ගන්න මොනවද සුදුසුකන් තියෙන්න ඕනා.(නදී)
මේ පඩි විෂමතාවයෙන් හොඳටම පැහැදිලිවෙනවා මේ වෙනකම්ම පවත්වාගෙන ගිහිල්ල තියෙන්නේ සුද්දගේ කාලේ සිරකරුවන්ට ගෙවපු වැටුපයි කියලා. හිරගෙවල් පුරවන්න මෙතෙක් පැවති ආණ්ඩු සියල්ලම දක්ෂ උනාට මේ විෂමතාවය දකින්න මිනිහෙක් මොනම ආණ්ඩුවේ වත් ඉඳලා නැහැ.(නදී)