(මලීෂා ගුණවර්ධන)
මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.
ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා 2013-2016 අතර කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර් ගීකරණ අංක යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණි සිටියහ.
තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝපභෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය.
ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය කෙරිණී.
එම රැස්වීමට කෝපා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ ,ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද ,මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක ,අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති ,එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාම් ඔයිල් සමාගම් නිසා රේගුවට රුපියල් කෝටි 613 ක් අහිමි වෙයි
Raveendra Friday, 04 December 2020 10:41 AM
මෙම නිලධාරින් ලෝකයේ පුදුම හතෙන් 21 ක් වන පුදුමය මෙන්ම නිව්ටන්ගේ 18 වන නියමට සමාන සොයා ගැනීමක් කර ඇති බැවින් අප එම නිලධාරීන්ට ස්තුතිය පුද කරන්නෙමු. අප පාසැලේ බාලාංශයට පමණක් ඉගෙනගත් මළපොතේ අකුරක් නොදත් එදා වේල අමාරුවෙන් සරි කරගන්න පිරිසකි. එනමුත් ශ්‍රීලංකා රේගුව පිළිබඳව අපගේ නූගත් මොලයෙන් කියැවෙන්නේ එහි සිටින්නේ කම්බ හොරුන්ගේ 12 ගුණාකාරයටත් වැඩි අගයක් ගන්න හොර ඥාණයෙන් පරිපූර්ණ වූ සුපිංවත් උපාසකයන් පිරිසක් බවයි. (එලෙසම එහි ඉතාමත්ම අවංකව තම සේවය ඉටුකරන ඉතාමත් දක්ෂ නිලධාරීන් සීමිත පිරිසකුත් සිටින බව සඳහන් කරන්නෙමු.. ඔවුන්ට සැමවිටම යහපතක් වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි..!!!)
Bamunuarachchi Friday, 04 December 2020 11:35 AM
පාම් ඔයිල් වලින් කොහොමද පාඩු වුණේ කියලා කියන්න.
ජනකFriday, 04 December 2020 03:03 PM
බොරු කියලා ගෙන්වලා පාම් ඔයිල් කියන්නේ නැතිව වෙන මොනවා හරිිකියලා නිදහස් කරගෙන...
BamunuarachchiSaturday, 05 December 2020 03:20 AM
මාතෘකාව පාම් ඔයිල් කතා කරන්නේ වාහන ගැන...
Prabha Friday, 04 December 2020 01:23 PM
ඔය අතපසුවීම් නොව හවුලේ කරන වංචා.. රේගුවේ සිට ඉහළට එන්නේ හොරු... හොඳ මනුස්සයෙක්ට එන්න දෙන්නේ නැහැ. කොහොමහරි පන්නා ගන්නවා.
RaveendraFriday, 04 December 2020 03:25 PM
ඔබගේ අදහස් 100% නිවැරදිය.
Nihal Saturday, 05 December 2020 12:48 AM
අවුරුදු 3ක්ම අතපසුවීම් වුණා ද? කොච්චර දුර්වල අය ද.
sharm warn Monday, 07 December 2020 03:26 AM
මෙක හරියට හට්ටිය, කේතලේට නුඹ කලු පාටයි කියන්නා වගේ කතාවක්... හොදම හොරු ටිකක් කෝපා කමිටුවෙ ඉදගෙන රෙගුවෙ වැරැදි කියන්නේ...