IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පැමිණිල්ලේ ලියවිලි නාමල්ට දෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරීමෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ කොමිසමට අපහාසයක් සිදු කර ඇති බවට පැමිණිලි කරමින් ගොනු කර ඇති පෙත්සමක් අගෝස්තු 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීරණය කළේය.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය ගොනු කළ එම පෙත්සම විනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප්, බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පැමිණිල්ලේ ලියවිලි ඉල්ලා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබෙන පැමිණිලි හෝ ඒ සම්බන්ධ ලිපි ලේඛන විමර්ශනයට භාජනය වන පුද්ලගයින්ට ලබා දීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන නැති බව නීතීඥ දිලරුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

නාමල් රාජපක්ෂ මහතා තවමත් කොමිසම හමුවේ සිදු කරන විමර්ශනයකට භාජනය වන පුද්ගලයෙකු මිස ඒ සම්බන්ධයෙන් විභාග වන නඩුවක් සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නොවන බව ඇය සඳහන් කළාය.ඒ අනුව නාමල් රාජපක්ෂ සම්බන්ධ පැමිණිල්ල හෝ එහි පිටපතක් ලබා දීමේ හැකියාවක් නැතැයි ද කී ඇය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේ අවශ්‍ය නම් එය ලබා දිය හැකි බවද ඇය සඳහන් කළාය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධ ලියකියවිලි නමයක් ඔහුගේ නීති උපදේශක නීතීඥ අතුල ද සිල්වා මහතා වෙත ලබා දෙන ලදී.

අයථා අන්දමින් මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොමිසම හමුවෙහි 2015 දෙසැම්බර් 14 වැනිදා පෙනී සිටින ලෙස නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැත් ඔහු පෙනී සිට නැත.පසුව දෙවැනි වරටද ඔහුට කැඳවීමක් කර තිබේ.එහෙත් එම නොතීසිය නිතීවිරෝධී බවට ඔහුගේ නීතීඥවරයා කරුණු ඉදිරිපත් කර ඇත.මේ සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් කළද එවැනි දිවුරුම් ප‍්‍රකාශයක් ලාබදීමට මෙතෙක් නාමල් රාජපක්ෂ කටයුතු කර නැතැයි පෙත්සමේ සඳහන් විණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නියෝග දිගින් දිගටම නොසලකා හැරීමෙන් නාමල් රාජපක්ෂ එම කොමිසමට අපහාසයක් සිදුකර ඇති බවට පෙනී යන බැවින් ඒ පිළිබඳ විමර්ශණය කරන ලෙස මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.



අදහස් (0)

පැමිණිල්ලේ ලියවිලි නාමල්ට දෙයි

ඉසුරන්දි Monday, 25 July 2016 12:55 PM

නඩුයි බඩුයි ඔක්කොම එයාලගේ වුණාම එහෙම තමයි. (අ)

:       0       0

සුමුදු Tuesday, 26 July 2016 06:53 AM

ලංකාවේ වැරදිකාරයෙකු වීමේ අනුපාතය 4/%යි. දියුණු රටවල එය 86/% විතර. පේනවා නේද අපි කොහොම ජාතියක්ද කියලා. නීතියේ අාධිපත්‍යය නැති රටක්. (නි)

:       0       0

චතුරි Monday, 25 July 2016 02:27 PM

නාමල් නීති විභාගය ඉගෙනගත්තද කියලත් සැකයි මේවා දකිද්දී. (නි)

:       0       0

ශ්‍රීමාලි Monday, 25 July 2016 03:50 PM

ඉසුරන්දි, එයාට නඩු වැටිලා තියෙන්නේ ඔයාගෙත් මගෙත් රටේ ජනතාවගේත් දේවල් හොරගත් නිසා. ඉතින් නඩු එයාලගේ වුණාට බඩු අපේ (නි)

:       0       0

ඇසළ Tuesday, 26 July 2016 01:34 AM

ඔය නීතියම රජයේ ප්‍රබල දේශපාලකයන්ටත් බලපානවද? (නි)

:       0       0

ධම්ම Tuesday, 26 July 2016 03:32 AM

ඔය නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කතාව මෙතෙන්ට ගැළපෙන්නේ නැහැ.අධ්‍යක්ෂක ජනරාල්තුමියගේ ප්‍රකාශයට අනුව නාමල් රාජපක්ෂ මහතා තවමත් කොමිසම හමුවේ සිදු කරන විමර්ශනයකට භාජනය වන පුද්ගලයෙකු මිස ඒ සම්බන්ධයෙන් විභාග වන නඩුවක සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු නොවේ. (බ)

:       0       0

නිරේෂ් Tuesday, 26 July 2016 05:32 AM

තවමත් මේ වගේ අයට කඩේයන අය ඉන්නවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 74 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 257 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 81 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 55 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 235 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site