සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පරිශ්‍රයෙන් පිටත වෙළඳහල් හිමියන් ඇතුළු ගැමියන් ගේ ආරක්ෂාව යටතේ එය ඉදිකළ බවත් සිසුහු පවසති.
කලින් ඉදිකෙරුණු අට්ටාලය සරසවි පරිශ්‍රයේ ඉදිකර තිබූ නිසා උසාවි නියෝගයකින් ඉවත්කළ බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරු අපේ බදු මුදල් වලින් තමයි රටේ හැම දෙයක්ම කරන්නේ ඒවායින් වැඩි හරියක් වෙන්නේ දුෂණයට, හොරකමට සහ නාස්තියට විනාශ වෙලා යන එක තමයි. හැබැයි මේ විශ්ව විද්‍යාල සිසුන් තමන් වෙනුවෙන් වියදම් කරන මුදල් වලට ණය නැහැ. මොකද ඔවුන් මේ තමන් වෙනුවෙන් වියදම් කරන මුදලින් උපරිම ප්‍රයෝජනය ගන්නවා විතරක් නොවෙයි තම දැනුම හා ශක්තිය මේ සමාජයේ සුබ සාදනයට හා යහපතටද යොදනවා. (නදී)
සරසවි සිසුන් වූ පළියට හැමදෙයක්ම තමන්ට අතට පයට බලාපොරොත්තු වෙන එක වැරදියි නේද? ආණ්ඩුවටත් තවත් බලන්න දේවල් තිබෙනවා. ඉස්සරහට වැඩිමහලු ජනගහණය වැඩි වුණාම ඒ අයගේ සුභසාධනය බලන්න වේවි. තවත් අත්‍යාවශ්‍ය සේවාවන් තිබෙනවා. ඒ නිසා අර පවුලේ එකම ළමයා මට මේක ඕනෑමයි කියලා අඩි පොළවේ ගහන විදියට හැසිරිලා හරියන්නේ නැහැ. (නි)
කරු, වෙනත් රටවල සරසවි සිසුන්ට අට්ටාලයක්වත් නැහැ . අතින් වියදම් කරගෙන ඉගෙනගන්න ගමන් තමන් නවාතැන් පුද්ගලික මුදලින් සොයාගන්න ඕනෑ. මෙහෙම ගියොත් මේ ළමයින් බැඳලා මධුසමයට යන හෝටලෙත් ආණ්ඩුවෙන් සූදානම් කරදෙන්න කියාවි. ටිකක් ප්‍රායෝගිකව හිතන්න. (නි)
මෙතන බොරුවට කෑගහන උදවිය සරසවියකට ගිය අය වෙන්න බැහැ (නි)
චනිල් හරි. වහළ හදලා, ඒසී දාලා, තරු පහේ පිළිවෙලට නවාතැන් සපයා දුන්නා කියමු. ඊළඟට ඒවා අස්සටම අර අලුතෙන් ආ ළමයින් ටික ඇදගෙන ගිහින් නවක වදය පටන් ගනීවි. මගේ නංගි නවක වදය නිසා ජපුර සරසවියේ ඉගෙනීම නතර කරලා දැම්මා. මානසික අවපීඩන තත්වයක් ඇවිල්ලා බෙහෙත් පවා ගන්න සිද්ධ වුණා. අපි ඒවා ප්‍රසිද්ධ කළේ නැහැ එයා ගැහැණු ළමයෙකු නිසාත් මේවා අනාගතයට බලපාන නිසාත්. අපිට යමක් කමක් තිබුන නිසා අමාරුවෙන් හරි පිටරට සරසවියකට යැව්වා. නැති බැරි මිනිස්සු මොනවද කරන්නේ? මම නම් මේ වැඩ අනුමත කරන්නේ නැහැ. බොහොම කණගාටුයි. (නි)
බදුලලාට සමන්ලාට වඩා පඹහින්න ගැමියන් නිදහස් අධ්‍යාපනයේ වටිනාකම දන්නවා විතරක් නොවෙයි එය රැකගැනීමට ඇත්ත උවමනාවකුත් තියනවා. (නි)
මෙතන අදහස් පළකළ බහුතරක් ආත්මාර්ථකාමි, එදාවේල ජීවත්වෙන්න අදහස් පළකරන උදවිය වගෙයි. හිතන්නේ හෙට ජීවත්වුණොත් ඇති කියලා. තමන්ගේ ළමයා විශ්ව විද්‍යාලේ යනවා නම් එයා එළියට ආවොත් ඇති කියලා. (නි)
චන්න, මොනවද කියන්නේ නවක වදයට ලක්වුණ ළමයින් ගැන? ඒවාත් මේ තැන් වල සිද්ධ වෙන පරාර්ථකාමී වැඩ වෙන්න ඇති. මගේ ගැහැනු දරුවාට කළ දේවල් මෙතන ලියන්න බැහැ. අපි ළමයි හැදුවේ රටට වැඩක් ඇති අපිට බරක් නැති අය වෙනවා දකින්න. එක එක සටන්කාරයින්ගේ සෙල්ලම් බඩු වෙන්න නෙමෙයි. (නි)
මැර බලයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. මෙතන තියෙන්නේ උද්දච්චකම නිසා ඇතිවූ ප්‍රශ්නයක්. ළමයි ඕවට මැදිහත් වෙන්නේ නැතුව ඉගෙනගන්න හිතුවා නම් ඉගෙනගන්න විශ්ව විද්‍යාල ඉතුරු වෙන්නේ නැහැ. (නි)
මේකේ ප‍්‍රතිචාර දක්වන අය හිතන්නේ විශ්ව විද්‍යාල සිසුන් කියන්නේ පොඩි ළමයි කියලා. ඒ අය පොඩි ළමයි නොවෙන නිසා ඇත්ත තේරෙනවා. මේ අය අට්ටාල හදන්නේ ඒ අය වෙනුවෙන් නෙමෙයි, ඉදිරියට විශ්ව විද්‍යාල වලට යන්න ඉන්න ළමයි වෙනුවෙන්. මේකේ විශ්ව විද්‍යාලයකට වැස්සකටවත් යන්න බැරි වුණ අය කුහකකමෙන් ලියනවා (නි)
මගේ පුතා සරසවියේ. මගේ ළමයා රට හදන්නත් එහි පුරවැසි වැඩිහිටියන්ට රට හදන හැටි උගන්නනත් යන්න කලින් තමන් හරිහැටි සරසවියට පැමිණි කාරනාව ඉෂ්ට කරගෙන දැනුම් තේරුම් ඇති අයකු බවට පත්විය යුතුයි. ඊට පස්සේ ඕනෑදෙයක් කමක් නැහැ. චන්න, මට නම් අම්මා කෙනෙකු හැටියට හිතෙන්නේ එච්චරයි. (නි)
වැස්සකටවත් සරසවියකට යන්න බැරි වුණ උදවිය ඉගෙනගත් හැටියට කුමක් හෝ රැකියාවක් සොයාගෙන , අනුන්ටත් කරදරයක් නොවී, සරසවි ගිය අයගේ අධ්‍යාපනයට බදු ගෙවමින්, රටට බරක් නැතුව ජීවත්වෙනවා. දැන් කවුද කුමාර කුහක? (නි)
කිව්වා නාහන අයට හරියන්නේ අට්ටාලම තමයි. විභාග පාස්කළාට සාමාන්‍ය මිනිසුන්ට තරම්වත් මොළයක් නැහැ. අනිත් ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. ඔය අට්ටාලේ ගිහිල්ලා අර අලි එන පැත්තක අටවාගන්න. බෙරිහන් දෙන සද්දෙට අලි එළවලා හරි රටට සේවයක් කරන්න පුලුවන්. (නි)
කුමාර ඔබ හරි. උසස් අධ්‍යාපනය ලබන්න බැරි උන අය කියලා තේරෙනවා.
අනේ! අපි නොදන්නා අන්තරේ.... (නි)
හැමෝම එකතුවෙලා මේ ගොල්ලන්ට අට්ටාල හදල නග්ගවලා දුම් අල්ලමු . මේ වයසේ අනිත් ළමයින් රැකියාවල් කරන ගමන් වෘත්තීය විභාග කරලා දියුණු වෙලා දැන් මව්පියන්වත් බරෙන් නිදහස් කරලා. සමහරු ගෙවල් දොරවල් හදා ගන්නත් අත්තිවාරම් දාලා. ඉගෙන ගන්න දක්ෂයි කියල වැඩක් තියේද තුන් ලෝකෙටම බරක් නම් (නදී)
ලුම්බිනියෝ, ළමයින්ට ඇහුම්කන් දෙන්න ළමයි ඔතන ඉන්න එපැයි. ඔතන ඉන්නේ ළමයි නෙමෙයි දේශපාලන පක්ෂයක පුර්න කාලින සාමාජිකයෝ. එයාලට ඇහුම් කන් දෙන්න ගියොත් ඉතින් අබ සරණ තමයි. අනෙක ප්‍රමිතිය ගැන කරු මහත්තය ගිහින් බැලුවද. ඒක හදල තියෙන්නෙත් ඔය සරසවි වලින් බිහිවුණු ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව තමයි. ඔතන බකිංහම් මාලිගාව හැදුවත් ඔච්චර තමයි මහත්තයෝ. ඒකෙත් ප්‍රමිතියක් නැහැ කියාවි (නදී)
සාධාරණ දෙයකට ඉල්ලීමක් ඉල්ලන එක සාධාරනයි. (හේ)
ගිනි තියන්න හරි,ගහලා එලවන්න හරි කරන්න ඉස්සරවෙලා මේකට හේතුව කුමක් දැයි බලන්න.(හේ)
අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරීමට අවශ්‍ය නම් මැතිවරණයකදී ඡන්ද බලය හරහා බල පෑමක් කරන්න පුලුවන්.(හේ)
අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස්කිරීමට අවශ්‍ය නම් මැතිවරණයකදී ඡන්ද බලය හරහා බල පෑමක් කරන්න පුළුවන්.ඡන්දෙ වෙලාවට ඡන්දෙ දීල පස්සේ මේ විදිහට අට්ටාල ගහගෙන 'නිදහස් අධ්‍යාපනය විනාශ කරනවෝ!' කියල කැ ගහල වැඩක් නැහැ. තියෙන විශ්වවිද්‍යාල වහගෙන විකාර කරනවා, ඒ එක්කම ඉගෙනගන්න වුවමනාවක් තියෙන කෙනෙකුට සල්ලි වියදම් කරලා හරි ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. (අ)
අප්පුහාමි ඔබ කීවා හරියට හරි. මෙයාල පඹ ගාලක පැටලිලා වගෙයි. (නදී)
මෙවැනි වැඩ ඉන්දියාව වගේ රටවල දකින්නත් නෑ, ළමයා ඉගෙන ගන්නවා, රට කන්නේ නෑ. (හේ)
මේ සිසුන් අරගල කරන්නේ අනාගත සිසු පරපුරේ නිදහස වෙනුවෙන් කියලා තෙරෙන්නේ නැද්ද?(හේ)
හැම අවුරුද්දෙම අපේ කට්ටිය නවක වදය ගැන බණ කියනවා.. පොඩ්ඩකට හිතන්න බැරිද ගිය අවුරුද්දේ නවක වදය කාපු අය තමා ඔය දැන් නවක වදය දෙන්නේ.(හේ)
හැමදාම සරසවි අරගල නේද? අනේ අවුරුදකට කී දෙනෙක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් හඬ නඟනවද? ඔය හැම අවුරුදකම හඬා වැළපෙන කට්ටිය එකතු වුණා නම් අද වෙද්දී මුළු ලංකාවෙන් බාගයක්ම මිනිසු අට්ටාල ගහගෙන හඬා වැළපෙන්න එපායැ. අනේ! ඔය දඟලන්නේ උපාධිය ගන්නකන් විතරයි. (නි)
ලෝකයේ කිසිම රටක ශ්‍රී ලංකාවේ තරම් නොමිලේ අධ්‍යාපනය ලබා නොදේ. ශ්‍රී ලංකාව තුලත් ශිෂ්‍ය ණයක් හෝ ලබාදී මොවුන්ගෙන් මුදල් අයකළ යුතුය.මොවුන් රැකියාවක් කරන දිනක එම මුදල අයකරගත යුතුය. දැන් මොවුන් විනාශ කරන්නේ අන් අයගේ මුදල්ය. (නි)
ඇයි අපේ මිනිසුන්ට මුල අමතක? (නි)
මේක ගිනි තියන්න කවුරුත් නැද්ද ? (නදී)
මේ සිසුන්ට උගන්වන්න මුදල් වියදම් කරන්නේ මේ රටේ දුක්විදින මහා ජනතාව. නැතුව ඒ ගොල්ලන්ගේ අම්මගේ අප්පාගේ බුදලයෙන් නෙවෙයි. ඒ නිසා මේ ගොන්පාට් වලට විරුද්ධ වෙන්න මේ රටේ මහජනයා පෙරට එන්න ඕනා.මේ වැඩකට නැති උද්ඝෝෂණ නිසා දිනකට කෙතරම් මුදලක් විනාශ වෙනවද? (අ)
ළගකදී මේ අයට කව්රුවත් හරියට කන්න දුන්නේ නැහැ .මතක හිටින කෑම වේලක් දෙන්නකෝ කව්රු හරි.පින් සිද්ද වෙනවා. (අ)
ජේ.වී.පිය විශ්ව විද්‍යාලවලින් අතුගා දැමීම ඇමතිතුමාගේ මුලික පරමාර්ථය වුණාට මේ ඉන්නේ පෙරටුගාමීන් නේද. මේක හරියට දිය යට බෝලයක් ඔබා තබන්න කරන වැයමක් වාගේ දෙයක්. එක පැත්තකින් ඔබනකොට අනෙක් පැත්තෙන් මතුවෙනවා. ප්‍රශ්න වටහා ගෙන පිළිතුරු හොයන්න ඇමතිතුමා. (අ)
මෙයාලට පිස්සුද නැත්නම් අපිට පිස්සුද? (ස)
ඔව්වා ගලවල මදි. මෙයාලට මොකද මේ වෙලා තියෙන්නෙ. පාඩුවෙ ඉගනගන්නෙ නැතිව. (අ)
ගිනි තියන්න හරි,ගහලා එලවන්න හරි කරන්න ඉස්සරවෙලා මේකට හේතුව කුමක් දැයි බලන්න. (හේ)
ඔවුන් නගන හඬ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවන් බව තේරුම් ගන්න ඕනේ.(හේ)
මේ කාලකන්නි හතර පස් දෙනෙක් නිසා අහිංසක සිසුන් හාර පන්දහකගේම කාලය නාස්ති කර ඔවුන්ද කාලකන්නි වෙනවා,(අ)
ගයාන් මල්ලි, කන්නන්ගර මහත්තයා වලෙනුත් නැගිටලා දුවනවා ඒ නගන හඩ අැහුනානම්. නිකන් නිදහස් අධ්‍යාපනේට අපහාස කරන්න එපා මනුස්සයෝ. ඕවා සහ ගහනවා. (නදී)
මෙහි අදහස් දමන බොහෝ දෙනෙක් එක්කෝ වයස 18 - 30 කාල පරාසය පසුකර නැහැ. එහෙම නැත්නම් එම යුගය අමතකයි. (නි)
මෙයාලට සල්ලි හම්බ කරන්නේ අපි. ඔවුන්ට හැමදාම ඉල්ලීම් විතරයි (නි)
හැම විශ්ව විද්‍යාලයක් ළඟම ස්ථිර අට්ටාල සාදා ඒක නේවාසිකාගාරයක් හැටියට හදනවා නම් වඩාත් හොඳයි. ඉගෙනගන්න කැමති අයට විශ්ව විද්‍යාලයත් අනික් කට්ටියට මේකත් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. (නි)
මේ හතර පස් දෙනෙක් හඬ ලමින් තුන් හාර දාහකගේ වටිනා කාලය අපතේ යනවා.සබරගමුවේ මේ අයට විරුද්ධ ශිෂ්‍ය සංගමයක් නැති වීමේ ඵල විපාක තමයි මේ.(මේ)
මාරසිංහගේ මොළේ තමයි මොළේ. ඔයත් දන්නා දේවල්? (නි)
අනේ මෙහෙම ආශාවක්! (නි)
ඇයි මේ ළමයින් කියන්නේ මොනවද කියලාවත් එකම නායකයෙක්වත් අහන්න උත්සාහ කරන්නේ නැත්තේ? හැම කෙනෙක්ම බලාගෙන ඉන්නේ එක්කෝ ගිනිතියන්න. නැත්නම් ගහලා එලවන්න. හැම ප්‍රශ්නයක්ම විසඳන්න බලන්නේ මැර වැඩ වලින්. (නි)
ලුම්බිනි, ඇහුම්කන් දෙන්න ළමයි ඔතන ඉන්න එපායැ.ඔතන ඉන්නේ ළමා මානසිකත්වක් ඇති අය නෙමෙයි (නි)
ඔය ඔක්කොම ඉල්ලීම් දීලා පන්ති පටන් ගත්තා කියමුකෝ. ඊට පස්සේ පටන් ගනීවි නවක වදය. ඒකටත් කෑගහයි මේකත් ඒ අනාගත දරුවන්ගේ යහපත වෙනුවෙන් කියලා. වර්ජන පිකටින් නැත්නම් අනෙක් කාලයේ මේ ළමයින් මොකද කරන්නේ ? අර අලුතෙන් ආ ළමයි ටික අල්ලාගෙන වද දෙන්න පටන් ගන්නවා. ඒක විසඳන්න කවුරුහරි මැදිහත් වුණොත් ඔන්න ඒ පාර්ශවය නරකයි.මේක ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ ළමයින්ට ඉගෙනගන්න ඕනෑකමක් නැහැ. (නි)
අපි මේ දුක් මහන්සිවෙලා රස්සා කරලා බදු ගෙවනවා. ඒවා කිව්වම සමහරුන්ට තරහා යනවා. අද තමයි මට නිවාඩුවක් ගන්න පුළුවන් වුණේ. මාස 4 කට පස්සේ මෙතන ලියන්න ලැබුනේ ඒ නිසා. මිනිස්සු හම්බකරලා දෙන මහන්සියටවත් සැළකිල්ලක් දක්වන්න ළමයිනේ. එතකොට අපිට අඩු ගානේ මේ බදු මුදලින් කාගේ හරි දරුවෙක් ඉගෙනගන්නවා නේද කියලා සතුටු වෙන්න පුළුවන්. (නි)
හැම දෙනාම දකින්නෙ අට්ටාලය යට ඉන්න ළමයි විතරයි. ඒ ළමයි දකින දේ වටහගන්න අය නෑ වගෙයි. නිසි ප්‍රමිතියට හදල නැති නේවාසිකාගාරවලට වැයවෙන්නෙ බදු මුදල් නොවේද (නදී)
මේ අයගේත් කට වැහුවට පස්සේ අර කට්ටිය ආශ්චර්යටම අරන් යයි අපිව. මේක තේරෙන්නේ නැහැනේ. මේ අයගේ ළමයිට පුද්ගලික විශ්ව විද්‍යාලයකට යන්න උනාම තේරෙයි (නදී)
දැන් තියෙන්නේ මෙයාලට අට්ටාලයටම වෙලා ඉන්න දෙන්න (නි)
මිනිසුන්ගේ සල්ලි වලින් විතරක් ඉගෙනගන්න පුළුවන් කියලද මේ අය හිතාගෙන ඉන්නේ? (නි)
ආණ්ඩුවට කරන්න තිබෙන්නේ අවුරුදු 3 ම ඔහොම අට්ටාලේ උඩ ඉන්න සළස්වන්න. ඊටපස්සේ උපාධිය නැතුව ගෙදර යවන්න. ඉදිරියට එන ළමයිවත් පාඩමක් ඉගෙන ගනීවි. (නි)
මේ අට්ටාල තව කාලයක්ම තියේවි. මේවා කරන අය අතර ඉන්න සුළු පිරිසක් හිතාගෙන ඉන්නෙ එයාලා රටේ වීරයො කියලා. (නි)