පසුගිය 23 පැයේ දී කටුනායක අධිවේගී මාර්ගයයේ වාහන 19000ක් ගමන් කළ බවත්, ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 51ක් බවත් වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා කියයි.
වාහන වැඩි ප්‍රමාණයක් පෑලියගොඩ සිට කටුනායක දක්වා ගිය බවත්, විදේශ සංචාරකයන් වැඩි පිරිසක් ඒවායේ ගමන් කළ බවත් ඇමැති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චින්තනයෙන් කාටද හරි ගියේ .(නදී)
අධිවේගී මාර්ග වල ගමන් කරන රථ වල කාර්මික තත්ත්ව සහතික ලංකාවේ තිබෙනවාද? යම්හෙයකින් කාර්මික දෝෂයකින් වාහනයක් නැවතුනොත් රිය ගැටුම් පෙළක් සිදු වෙන නිසා එය අන්තරාකාරී තත්වයක්. (නි)
මගේ ජීවිතෙන් පැය දාස් ගණනක් කොළඹ කටුනායක මාර්ගයේ ගෙවී ඇත.මන්ද මා සතියකට දින පහක් නොකඩවා අවරුදු විස්සක් මගේ වාහනයකින් මෙම මාර්ගයේ ගමන් කර ඇති හෙයිනි.මෙම මාර්ගය නිසා ඉතිරවන කාලය සහ ඉන්ධන වල වටිනාකම මුදලින් මිල කළ නොහැක (නි)
හොදයි සල්ලිකරයින්ට. පව් අසරණ අහිංසක මිනිස්සුන්ගේ පිටෙත් මේ බර නොදැනීම හරි වැටෙන එක ගැන දුකයි. බලමු බලමු ලංකාවේ අාශ්චර්යනේ (නි)
දිලංක, කුහකයෙක් වෙන්න එපා (නි)
මගේ අදහස පරණ පාරෙන් ගිහින් තෙල් පුච්චාගන්නවට වඩා ඉතා ඉක්මනින් අධිවේගී මාර්ගයේ ගොස් තමන්ගේ කාලයත් වටිනා තෙල් ටිකත් ඉතුරු කරගන්න කියලායි. ඒ ඉතුරු කරගන්නා තෙල් ටික බලද්දී ඔය ගාන මොකද්ද? මෙම අදහස හරි (නි)
ඔය කතාවලට සතුටු වෙන්න අපි කොන්ඩය බැඳපු චීන්නු නොවෙයිනේ? (නි)
ලසන්ත, ඔයාගේ බැංකුවේ තියෙන සල්ලි වලින් මේවා කරන්න පුළුවන්නේ (නි)
මෙහි අදහස් දුටුවහම පුදුම හිතෙනවා.බොහෝ දෙනෙක් කතා කරන්නේ ණය ගැන.පොලිය ගැන. ඔය කවුරුත් හිතුවද පරණ පාරේ ගියාම තිබුණ තදබදය නිසා නාස්ති කරන කාලය, වාතාශ්‍රයට මුසුවන නරක මනුස්ස ජීවිතයට නුසුදුසු වාතය පිළිබද ,නාස්ති කරන ඉන්ධන නිසා පිටට ඇදීයන ධනස්කන්දය ගැන, හදිසි රෝගියෙක් රෝහලක් කරා ගෙනයාමේදී වන ප්‍රමාදය නිසා රටට නැතිවන ජීවිත ගැන? (නි)
ඇත්තටම සතුටුයි ...සුබ අනාගතයක් .... (ස)
ඒ කියන්නේ රුියල් 2685/= වාහනයකට ගෙවන්න වෙනවද? (නදී)
1994 රේ එක පුරවැසියෙක් රුපියල් 92000ක් ණයවෙලා හිටිය එත් දැන් හිතාගන්න බැරි විදියට වැඩි වෙලා මෙවන් නයබරක් කොහොමද ඔඅසවාගෙන ඉන්නේ ජනතාව කබලෙන් ලිපට. (නදී)
දැන් වෙන්නේ සංදර්සන සංවර්දනයක් ජනතාව මුලා කරලා කොමිස් ගහනවා කටුනායක පාරේ 1කිලෝ මීටරයක් හදන්න කෝටි 250ක් ගිහින්. බරපතල විදියට මුදල් ගසා කනවා ඔතන කියන සංවර්දනයක් නැහැ පාලකයන්ගේ සාක්කුවට සල්ලි යනවා හොදට.(නදී)
අනේ ඉතිං පවට පිං දෙන්න බැහැ කියලා කියන්නේ ඕකට තමා. මම නම් ඔය කිසිම අධිවේගි මාර්ගයක යන්නේ නැහැ. මොකද අපි ඕනෑතරම් ඔය පාරවල ගිහින් තියෙනවා. අනික මම දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. ඒවයේ වටිනාකම දන්නේ මම විතරක් නිසා (නි)
දැන් වෙන්නේ රටම නය වෙන එක විතරයි. මසකට ගෙවන පොලිය විතරක් කෝටී 97000ක් සැම පුද්ගලයෙක්ම ලක්ෂ 32ක් නයයි.බඩු මිල කිසිම පාලනයක් නැහැ. දවසින් දවස හැමදෙයක්ම ගනන් යනවා. රටේ කිසිම නිෂ්පාදනයක් නැහැ හැමදේම විකුණගෙන කෑම තමයි සිදුවෙන්නේ රටට ගිය කලක් ? (නදී)
මැද පෙරදිග ඔය ඕන තරම් අදිවේගී මාර්ග තියෙන්නේ කිලෝ මීටර් 500,800,1000.සමහර ඒවා ඊටත් වැඩයි නමුත් කිසිම මුදලක් අය කරන්නේ නැහැ නිකන් යන්න පලුවන් !! ඒ වගේ ලොකු පාරවල් හදල වීවෘත කරන්න පාලකයෝ එන්නේ නැහැ. කොන්ත්‍රාත් සමාගමේ කම්කරුවෝ පාර ඇරලා සාමාන්‍ය විදියට යන්නකියනවා. ලංකාවේ වීවෘරත කරන දවසටත් කෝටී ගානක් විනාස කරනවා ඉතින් ණයබර කොහොමද ඉවර කරන්නේ ජනතාවට සහන දීම රජයේ වගකීමක් මේ නාස්ති කරන මුදල් රටේ අද්‍යාපනය වෙනුවෙන් වැය කරානම් මොකද ? (නදී)
බුද්ධික, ඔයාගේ අදහසුත් අර අපේ රට කන අන්තවාදී අයගේ වගේම තමා... (නි)
ගිය වියදම උපයාගත් පසු සාධාරන ගණනක් අයකළොත් නරකද?සංවර්ධිත රටවල අයකරන්නේ ඉතාම සුළු මුදලක්. (නි)
බොහොම හොඳයි. (ස)
පළමු අවුරුදු 10යෙහි අදායම චීනයට නේද? (නි)
මාසෙට රු 20, 000 ක් 18, 000 ගන්න රජයේ සේවකයෙක් ඔය පාරේ වැඩට ගියොත් කොහොම හිටීද? මාසේ අන්තිමට හුලං තමයි. (ස)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අය කරන්නේ 100 km සඳහාම රුපියල් 400, මේකේ 29km සඳහා රුපියල් 300 අය කිරීම අසාධාරණයි. රුපියල් 150 අය කරා නම් සාධාරණයි. ඉතාලියේත් අධිවේගී මාර්ගවල දුරට සාපේක්ෂව අය කරන මුදල මෙයට වඩා අඩුයි. (ස)
සමහරු කියනවා මේකේ අයකරන ගාන වැඩියි කියලා. එහෙත් මෙච්චර ආදායමක් ලැබීම තුලින් පේන්නේ සෑහෙන වාහන තොගයක් මේ පාරේ යනවා කියලා. (නි)
සෑම සංවර්ධන ක්‍රියා මාර්ගයක්ම රජය ගැන තියෙන දේසපාලන වෛරය මත විවේචනය කරන පිරිසක් මේ රටේ ඉන්නවා...මේ විදියටම මහවැලි ව්‍යාපාරය, උදා ගම් වගේ සංකල්ප අතීතයේදී විවේචනය වුනු හැටි අපිට මතකයි..එදා විවේචනය කල කට්ටිය අද ඒවායින් පල ප්‍රයෝජන ලබනවා වගේ අනාගතයේදී මේ බනින අයත් මේවයින් පල ප්‍රයෝජන හදපු අයටත් වඩා ගනීවි.පාට කන්නාඩි දැක්මවල් වෙනස් කරන්න යනවට වඩා තමන්ගේ අවංක අදහස දාල සතුටක් ලබන්න උත්සහ ගන්න එක වැදගත්... (ස)
සම්පත් ඔයා හිතන්නෙ මේ රටේ මිනිස්සු හැමොම ගෙවල් හදන්නෙ එයලගෙ අතේ තියෙන සල්ලි වලින් කියලද ? මාසෙ පඩියෙන් ටික ටික ගෙවන්න තමයි අපෙ තාත්තායි අම්මයි අද අපි ඉන්න ගෙදර හැදුවෙ. (ස)
අනේ මන්දා ! මගෙ හිත දන්නවා මේක හොඳ දෙයක් කියලා. නමුත් ඒක ප්‍රසිද්ධියෙ හොඳයි කියල කියන්න දිව නැමෙන්නෙම නැහැ. (ස)
ඕකේ ගාන අඩු කරොත් ඕකත් පරණ පාර වගේම වාහන තද බදයක් එනවනේ පොඩි දුර නිසා .... එකයි ගාන වැඩි.... (ස)
ණය ආධාර ක්‍රමයෙත් අලුත් විදියකට තමයි චීනය මේක දීලා තියෙන්නෙ.අර කොළඹ වරාය මේ ළඟදි හැදුවා වගේ.වරායෙ අවුරුදු 45කට එන සම්පූර්ණ ආදායමෙන් 90%ක් යන්නෙ චීනෙට.මේකෙත් ඒ වගේ තමයි.අපිට තිබෙන එකම සැපත රුපියල් 300ක් හරි ගෙවලා යන්න පාරක් හැදිච්ච එකයි. (නි)
මිනිසුන්ගේ අදහස් එකිනෙකාට වෙනස්. (ස)
ලාල්, ණය ගෙවල ඉවර වෙනකොට ලංකාවේ ඔය පාරවල් වල ප්‍රතිසංස්කරණ එනකොට තවත් ඔය අය කරන ගාන වගේ 2 ගුණයක් අය කරවී. එතකොට නඩත්තු ඇමති කෙනකුත් පත් කරවී. එතකොට දෙවියන්ගේ පිහිටෙ බැරුව ....... අධිවේගි මාර්ගයට බුදු සරණයි රටේ ජනතාවටත් බුදු සරණයි. (ස)
අපිට නම් ආඩම්බරයි පුතේ, නමුත් චීනුන් තව තව ඉදිරියට යයි කියලයි හිතේ ! (ස)
මගරී, නිවැරදි කතාවක් තමයි කියල තියෙන්නේ. (ස)
මාගරි, ඔයා හිතන්නේ ඔයා හරි කියල නේද. හරි තමයි. ඒත් අපි ගේ හදන්න ණය ගන්නේ අපේ ඉඩම උකස් කරලා නම් මොකද වෙන්නේ. අනික අපිට බැංකුව ණය දෙන්නේ අපට ආදරේට නෙවෙයි නේද. අපි එක පාරක් හිනා වෙද්දී එයාලා 10 පාරක් හිනා වෙනවා. රටක් සංවර්ධනය වෙනකොට අධිවේගී මාර්ග ඕන තමයි. ඒත් ඒවා හදන්න ගන්න ණය කොහොමද ගෙවන්නේ. කටුනායක හයිවේ එක නම් කමක් නෑ කියමුකෝ. අනිත් හදපුවා, හදන්න හදන ඒවා ලංකාවට ඇත්තටම දැනට ඕනද. අනික මොකද අප්පා මෙයාල මේ පාරවල්ම හදන්නේ රට වටේට. වෙන ලංකාවේ කරන්න දෙයක් ඇත්තෙම නැද්ද. (ස)
අපේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් වෙන්නත් ඕනේ මේ වගේ වැඩක් කරන්න. (ස)
ආදායම චීනෙට වුනාට අන්තිමට පාර හම්බෙන්නේ අපේ රටට. අනික ඒකේ වාසිය බුක්ති විඳින්නෙත් අපේ රටේ ජනතාව. (ස)
චින්තනයෙන් යුද්ධය දිනුවා, බිය නැති කලා, සංවර්ධනයත් මේ විදියට සිදු වෙනවා!! අනේ විමලෝ !! පෙන්නේ නැත්තේ කණ්ණාඩියේ පාට වෙනස් හින්ද නේද ? (ස)
කලණ ගේ කතාව හරි. මේක පොඩි දුරක්. ගොඩක් මුදල් අය කරන එක අසාධාරණයි (නි)
කලනගේ අදහස හරියටම හරි,පාරේ ඇද කුද කියනවා නෙමෙයි. පාර හදපු එක හොද දෙයක්,අයකරන ගාණ වැඩියි (නි)
මගේ රට පෞඪ ඉතිහාසයක් තිබෙන ශ්‍රේෂ්ඨ රටක්. (නි)
අපේ රටේ මහා මාර්ග පද්ධතිය සහ රට සංවර්ධනයට ආධාර ලබා දෙන චීන ජන රජයට සහ ශ්‍රී ලංකාවකට ජය වේවා! (නි)
මේ මාර්ගයේ අදායම ලැබෙන්නේ ලංකාවට. ලකාවෙන් කරන්නේ ණය වාරිකය ගෙවීමයි. ඔක්කොම සල්ලි චීනෙට යන්නේ නැහැ. (නි)
වැඩේ ගොඩක් හොදයි.ගාන පොඩ්ඩක් අඩු වුණා නම් තවත් හොදයි (නි)
මාගරි, ඔයා දුන්නේ නියම පිළිතුරක්..... (නි)
වැඩේ ඉතාමත් හොඳා එත් ගැන නම් අදහ ගන්න බැහැ. (දිල්)
අවශ්‍යතාවය තියන කෙනෙක්ට මේ පාරේ යන්න පුළුවන්.එකට පක්ෂය බලන්නෙත් නෑ ජාතිය බලන්තෙත් නෑ ,අගම බලන්නෙත් නේ. (දිල්)
ඇත්තටම ගණන වැඩියි,අසාධාරණයි (නි)
ඔච්චරම අාදායමක් එනවා නම් පාර හදන්න ගත් ණය මුදල ඒකෙන්ම ගෙවන්න පුළුවන්. එතකොට රටේ අනෙක් සාමාන්‍ය ජනතාවට බරක් නැහැනේ (නි)
සමහරු හිතේ අමාරුවට එක එක කතා කියනවා. මේවා ණයක් අරන් හරි කෙරෙන්න ඕනෑ වැඩ. (නි)
සුනෙත්ගේ අදහස හරි. මේක ණයක් විදිහට ගෙවන්න තියෙන්නේ. කිසිම පදනමක් නැතුව එක එක අය කියන කට කතා වලට මිනිස්සු නොමග යනවා. (නි)
කලින් පාරේ ගිය කෙනෙක් කවදාවත් මේ පාරට බනින්නේ නැතිවෙයි. (නි)
මේක චීනෙන් දීපු ණය ආධාරයක් නේද?අපි ගෙවන්න ඕනෑ ණය වාරිකය පමණි. ඔක්කොම සල්ලි චීනෙට දෙනවා නම් ණයක් වෙන්නේ කොහොමද? (නි)
ඔබ බැංකුවෙන් ණයක් අරන් ගෙයක් හැදුවොත් ඔබ සතුටු වෙන්නේ නැද්ද .බැංකුවද සතුටුවෙන්නේ ?.(දිල්)
සල්ලි වැඩි කියල කාට හරි හිතෙනවනම් ඔය පාරෙන් නොගිහින් පරණ පාරේ යන්ට පුළුවන්.කාටවත් බල කරන්නේ නැහැ මේ පාරෙන්ම යන්ට කියල.(දිල්)
අපි චීන්නු නොවෙන නිසා සතුටු වෙන්නේ කොහොමද?මේ වගේ දේවල් අහලා. (නි)
ණය අරන් හරි හදපු එක ගැන සතුටු වෙන්න. මෙච්චර කල් කවුරුහරු එහෙමවත් කරන්න උත්සාහ කළේ නැහැනේ. (නි)
මට හිත ගන්න බැරි මේක නිකම්ම චීන ණයක් නම් මොකටද එදා අර තොරණේ ලොකු චීන අකුරු වලින් මොකද්ද ලියලා තිබුනේ කියලා. බැංකුවෙන් ණයක් අරගෙන අපි වැඩක් කළොත් බැංකුවට ණය ගෙවන එක විතරයිනේ තියෙන්නේ. (නි)
මගේ අදහසන් පරණ පාරෙන් ගිහින් තෙල් පුච්චාගන්නවට වඩා ඉතා ඉක්මනින් අධිවේගී මාර්ගයේ ගොස් තමන්ගේ කාලයත් වටිනා තෙල් ටිකත් ඉතුරු කරගන්න කියලා.. ඒ ඉතුරු කරගන්නා තෙල් ටික බලද්දී ඔය ගාන මොකද්ද අප්පා. (නි)
හොද මාර්ග පද්ධතියක් රටට අවශ්‍යයි. එහෙත් අයකරන ගණන නම් සාධාරන නැහැ. කොතනින් නැග්ගත් කොතනින් බැස්සත් රු. 100 කළා නම් ඒක තමයි වඩාත්ම සාධාරන ක්‍රමය. අපේ රටේ ඉන්නේ අඩු අදායම් ලබන අය, එනිසා හැමදෙනාටම මෙම මාර්ගය පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනෑ. මේවා රටේ ජනතාවගේ සම්පත්. කව්රුවත් පෞද්ගලික බුදලයකින් හැදු දේවල් නොවෙයි. (නි)
මුළු වියදම කීයද? (නි)
ඒත් දුප්පත් අයට කිසිම සරණක් නැහැ. (නි)
ජය වේවා ජනපතිතුමනි! (නි)
මොකද මේ මිනිස්සු කරන හොද දේවල් වලටත් බනින්නේ? (නි)
කමක් නැහැ''කලන '' ණය අවසන් වුණහම වුණහම ඔය ගාන අඩුකරයි. පාර හදපු එකනම් ගොඩක් හොදයි (නි)
ඇත්තටම ගාන වැඩියි. පිට රටවලත් මෙච්චර ගණන් නැහැ.පොඩි දුරකට මේ ගාන අසාධාරනයි. අනික මේ සල්ලි ඔක්කොම චීනෙට යන්නේ. (නි)
ආසියාවේ ආශ්චර්යයේ තරම පෙනෙයි ඉදිරියට (නි)
ජනතාව මුලකරලා තියෙන්නේ.පරම්පරා 100ක් ගියත් මේ අරන් තිබෙන ණය මුදල සහ පොළිය ගෙවලා අවසන් කරන්න බැහැ. (නි)
හොදයි. අපිට ඉක්මනට ගෙදර යන්න පුළුවන් (නි)
මේ ණය මුදල කෝටි 5000ක් පොළිය සමග චීනෙට ගෙවන්න වෙනවා (නි)
එතරම් සංචාරකයෝ පිරිසක් ඊයේ පසූවුණ පැය 21 තුල ලංකාවෙන් පිටවෙලාද? (නි)
ලොකු දෙයක්. කරදරයක් නැතුව ගෙදර යන්න පුළුවන් (නි)
ඉක්මණට ණය ටික ගෙවන්න බලමු (නි)
ලංකාවේ මිනිසුන්ගේ ගතිය තමයි හැම දෙයක්ම දෙස පාට කණ්ණාඩි වලින් බැලීම හා අඩු පාඩු සෙවීම. මෙහෙවූ මිනිසුන් ඉන්න රටකට දියුණුවක් නම් කොයින්ද? හොඳ දේ කවුරු කළත් හොඳයි. (නි)