ඉතාලියේ ජෙනෝවා නගරයේ වාසය කරන දහනව හැවිරිදි ලාංකික තරුණියක් බටහිර පන්නයට ඇඳුම් පැළඳුම් පලඳිනවායයි කියා, ඉන් නොසතුටට පත් පියා සහ මාමා කෙනෙකු සන්පෘත්තූසෝ මහාමාර්ගයේ පහරදීමෙන් පසුව ඒ අවට සිටි ඉතාලිජාතිකයන් ඇය ගිලන්රථයකට නංවා ජෙනෝවා නගරයේ සාන්ත මාටින් රෝහලට ඇතුළත් කැරනු ලැබීය.
රෝහල් වෛද්‍යවරුන් පවසනුයේ තරුණියගේ ශරීරයේ තැලීම් සහ සීරීම් ඇති බවයි.තවද මෙසේ පහර කෑමට ලක්වූ පළමු අවස්ථාවද මෙය නොවන බව පවසයි.
ලාංකික තරුණියට ඇගේ මතය දරමින් ජිවත් විමට නිවසක් සොයාදෙන ලෙස ඉතාලි පොලිසිය සමාජසේවා ආයතනයකට දැනුම්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අපි නොදන්නා වෙන මොකාක් හරි දෙයක් තියෙනවා (දී)
තනිවම තීරණයක් ගන්න පුළුවන් වයසක ඉන්න ළමයෙක් (දී)
ලංකාවට වඩා ලෝකේ වෙනස් (දී)
ඕක ගෙයක් ගන්න කල වැඩක් . මම දානවා මත් ඉතාලි හිටියා (දී)
ලංකාවේ ඒ විදිහට ඇදුම් අදින එක සංස්කෘතියට ගැලපෙන්නේ නැති උනාට ඉතාලියට ඒක ප්‍රශ්නයක් නොවෙයි (දී)
ඒ විදිහට පහර දෙන එක නීති විරෝධී නැද්ද (දී)
විජේසිංහ මහත . ඔබේ ප්‍රතිචාරය අගේ කරමි.ඕක තමා ඇත්ත .. පිටරට ගිය දෙමවුපියන් තමන් ගේ පුතාල දුවල ට ලංකාවෙන් කසාද කරලා දෙන්න හදන්නේ මේ හේතුව නිසා. එක අසරණ අහිංසක උත්සහයක්. කවදාවත් ප්‍රශ්නෙට විසදුම නෙමේ. වෙන රටකට ගිහින් ඒ රටේ දී සිංහල සංස්කෘතියට ඉන්න එක ප්‍රයෝගික නෑ. මුල හැදෙන්න ඕනි පසට අල්ලල්ලා . නැතම් හරි යන්නේ නෑ. (දී)
දෙමාපියන්ට තමා ගහන්න ඹ්නේ. මොන රටෙ ජිවත් වුනත් දරැවො නියම සංස්කෘතියට හදන්න දෙමාපියෝ දැනගන්න ඹිනේ. ටික කාලයක් ලංකාවට ගෙනල්ලා ගමකට දාලා සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා දැනෙන් දෙන්න ඔනේ දරැවන්ටත්. නැත්නමි ඉදිරියේදී දරැවන්ගෙන් දෙමාපියන්ට ගුටිකන්න වෙනවා අනිවාර්යෙන්ම. (දී)
පිට රට ගොස් ලංකාවේ විදිහට ජිවත් වෙන්න හදන එක මෝඩ කමක් කවදාවත් කරන්න බැහැ (දී)
අපි පිටරට ආවේ හොඳින් රස්සාවක් කරලා කීයක් හරි හම්බුකරගන්න. අපේ සමහරුන්ට එක අමතකවෙලා. ජීවත් වෙන්න හදන්නේ කළු සුද්දෝ වගේ.. අනේ පව් අර අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු.(දිල්)
හොඳ නරක යනු සාපේක්ෂ ප්‍රපංචයක්.ලෝකේ ඉතාලියට එන්නේ ලංකාවෙන් විතරක් නොවේ.ලෝකේ රටවල් පනහකින් විතර එන මිනිස්සු තම තමන්ගේ සංස්කෘති ඒ අතරේ ඉතාලියේ රැකගන්ට ගියොත් ඉතාලියේ සංස්කෘතියට මොකෝ වෙන්නේ.(දිල්)
මේ දරුවාගේ කිසිම වරදක් නැහැ. වරද දෙමාපියන්ගේ. හේතුව... දේසේ හැටියට වාසේ කරන්ට බැරිනම් එන්න එපා.අහිංසක දරුවන්ට එහෙ අධ්‍යාපනේ දීල එහෙ සංස්කෘතිය දකින්න අහන්න ඉඩ දීල දැන් කියනවා ලංකාවේ තාලෙට ඉන්න කියල. (දී)
මේ රටේ මෙවන් විදිහට ඇද පැළඳ යාම සදාචාර විරෝදී නැහැ (දී)
ලංකාවේ තාල්ට ඉන්න ඕනේ නම් මොකටද පිට රට ගියේ (දී)
දැන් ගැහැනුන්ට ලංකාවේ තාලෙට ඉන්න කියල කියන පිරිමි ඉන්නේ ලංකාවේ තාලෙටද... මෙන්න මේකට තමා කියන්නේ ලංකාවේ කුණු ගඳගහන කුහක පුරුශාදිපතිය එලියට පැන්නා කියල. (දී)
දුවේ ඔබේ ධෛර්ය අගේ කරමි.ගැනියෙක් විදිහට කෙලින් හිටගන්න කතා කරන්න ලංකාවේ වගේ ඇඹරෙන්න ඕන නැහැ. හේතුව ඉතාලි නිතිය සහ ඉතාලි සංස්කෘතිය ඔබට ආශීර්වාද කරවී.ගැහැනුන්ට අදින්ට උගන්නන පිරිමි බස් එකක යන්ට දන්නේ නැති මිනිස්සු (දී)
දියුණු රටවල මුහුදු වෙරල සහ තමන්ගේ ගෙදර වගේ තැන් වල හැර අන් තැන් වල පිරිමින්ට උඩුකය නිරුවත්ව ඉන්න තහනම්. එකට හේතුව ලෙස කියන්නේ ගැහැනුන්ට උඩුකය නිරුවත්ව සිටීමට නොහැකි නිසා හැකිතාක් දුරට පිරිමි සහ ගැහැණු වරප්‍රසාද සමාන කිරීමක් කියල. (දී)
ලංකාවේ පිරිමි කීදෙනෙක් ඉතාලියේ ක්ලබ් ගානේ යනවද,බටහිර පන්නෙට අදිනවද,කනවා බොනවද.හැබැයි ගැහැණු කලාම නරකයි.ඇයි ඒ කුහක පුරුෂදිපත්තිය නොවේද. අපි උතුම් උතුම් යැයි කියන්නේ එහෙම සංස්කෘතියකටද (දී)
ලෙස්ලි විජේසිංහ ඔබ විවේචනය කරන යුරෝපේ ඔයතරම් නරක නම් මොකටද එහෙ ගියේ. යුරෝපේ සංස්කෘතිය අප නරකයි කියන්නෙත් අපි ඊට හොදයි කියන්නෙත් මොන තර්කයට අනුවද. අනික බටහිර තාලෙට පිරිමින් ඉන්න ගමන් ගැහැනුන්ට ඇගිල්ල දික් කරන්නේ කුහක කම නොවේද.(දී)
ලංකාවේ සන්කෘතිය ලෝකේ අනෙකුත් සංස්කෘති එක්ක ගත්තාම ඉහල තත්වයකා තියෙනවා (දී)
විජේතිලක,සමන්,ශිරන්තගේ අදහස් අනුමත කරනවා. යුරෝපයේ ඉගෙන ලංකාවේ විදියට හිතන්න කියල ළමයින්ට කියන්නේ කොහොමද. ඒ ළමයි හැදෙන්නේ එම රටේ පරිසරයට අනුගතව.(දී)
ඔය ආරක්ෂා කරගැනීමට වෙර දරන දේ ලෝකයෙන් ක්ෂය වෙමින් පවතින දෙයක් . උත්සාහය නිෂ්ඵල වේවි . (දී)
ලාකිකයි තමයි. මෙයාලා සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද වෙනත් ජන වර්ගයක්ද? (දී)
ලෝකේ කොහේ ජිවත් උනත් දරුවන් දෙමව්පියන්ගේ සංස්කෘතියට අනුව හදාගන්න දෙමව්පියෝ දැනගන්න ඕනේ. ගමකට ගියහම තේරෙයි යුරෝපයේ සංස්කෘතියයි මෙහේ සංස්කෘතියයි මොකක්ද කියලා. එතකොට තේරුම් ගනීවි. (නදී)
ඉතාලියේ මෙසිනා වලත් ඔහොම සිද්ධියක් වුනා.. ඒ ගෑනු ළමයාගේ කොන්ඩේ පවා කපලා තිබ්බා එයාගේ තාත්තා.. හිංසා පිඩා ඉවසගන්න බැරිව අන්තිමේදී ඒ ළමයා ගෙල වැලලාගන සිය දිවි හානි කරගත්තා.(නදී)
මෙච්චර රටේ ලෝකේ වෙන දේවල් හැටියට මේක මොකක්ද? (නදී)
ඕවා කලින් නොකළ නිසා තමයි ඔහොම උනේ (දී)
වවුලගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න ඕන. මේක අපේ රටෙන් එන ගොඩක් අයට තියන වැරදි ආකල්පයක්. රට දාල යන්නත් ඕන. ළමයි ලංකාවේ විදියට හිතන්නත් ඕන. (දී)
ගොඩක් වෙලාවට අපේ ළමයින් ඔහොම වෙන්නේ ඔවුන් තමන් කවුද තමන්ගේ වටිනාකම හා වගකීම් ගැන දන්නේ නැති උනාම එහෙම වෙන්නේ දෙමාපියෝ ඔවුන්ගෙන් දුරස් වුනාම ඔහොම පහරදුන්නම වෙන්න තව දුරස් වෙන එක පමණි (දී)
ගහන්ඩ ඕන දුවට නොව පියාටයි. කුඩා කල සිටම තම දරුවා හට හොද සහ නරක කියා නොදුන්නට.(නදී)
ඉතාලි විතරක් නොමේ රට යන සමහර අයගේ හැදියාව ගැන කතා කරලා වැඩක් නැහැ. හැට පැන්නත් යන හැටි බලන්න එපැයි. සමහර වෙලාවට අපිටම දුකයි ලංකාවේ කියලා කියන්න.(නදී)
ඔහොම විලිසංග නැතුව ගිහින් කව්රු හරි පකිස්තාන් ඉන්දියන් වගේ මන්පහරන්නන්ගේ ගොදුරක් වේවි. ඒක සහතිකයි.(නදී)
මට තියෙන ගැටලුව නම්, මේ ප්‍රශ්නයට මාමා ඇතුලත් වුනේ ඇයි කියලයි? මටනම් පෙන්නේ ඇදුම් පැළදුම් ප්‍රශ්නයට, වැඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. බුද්ධිමත් අය තේරුම් ගනියි මම අදහස් කරන දේ. (දී)
අනේ අනිච්චන්! ඔය ළමයව අවුරුදු 10-12 ගහල හැදුවනම් ඔහොම වෙන්නේ නැනේ . හොද්ද හැදී ගාන්න ඕන වෙලාවට හැදී ගැවේ නැතිනම් කැටි ගැහෙනවා .19 ගැණු ළමයෙකුට පාරේ ගහපු එක වැරැදි (දිල්)
මාපියන් තරවටු කරන විට ළමා අපචාර (චයිල්ඩ් ඇබ්යුස්) කියා පොලිසියට කතා කරන ශ්‍රී ලංකික දරුවන් මේ රටේ බොහෝ සිටිනවා. මිනියක් මරනවා කීවත් කලට වෙලාවට එන්නේ නැති මෙහෙ පොලිසිය මේවාට නම් ඉක්මනින් පැමිණ අර අහිංසක පියාව රැගෙන යන්නේ දරුණු මිනී මරුවෙක් රැගෙන යන ආකාරයටයි.(නදී)
පුක්කුස සහ විජේතිලකගේ අදහස් අනුමත කරමි.අපි ලංකාවෙන් පිට ජිවත් උනත් තවමත් අප සිතන්නේ සිංහල ක්‍රමයටයි! ඒ නිසා ලංකාවේ ම ජිවත් වීම සිංහල අදහස් දරන අපට බොහෝ සේ හිතකරය (දිල්)
මීට අවරුදු 20 කට පමණ පෙර ඔය දේම මගේ යාලුවෙකුට උනා. එයාගේ පුතාට පාරක් ගැහුවම එයා මෙහෙ ඕස්ට්‍රේලියාවේ පොලිසියට දැන්වූවා. විනාඩි ගානකින් පොලිසිය ඇවිත් තාත්තාව අත්අඩංගුවට ගන්න ගියත් අම්මා මැදිහත්වී පුතාගේ හිත වෙනස් කර තාත්තට සමාව දීමට කැමති වීම නිසා වැඩේ ගොඩින් බේරුනා.(නදී)
මේ ළමයා මුස්ලිම්. ඉපණේ ඉතාලියේ. ඇය ඉතාලි ජාතිකයෙක්. මොකක්ද වරද බටහිර පන්නයට ඇන්දාම?(දිල්)
අදහස් ලියන්න පෙර සිතන්න මාත් පියෙක්. අම්මා වගේම පියාත් තමන්ගේ දරුවට ආදරෙයි. ඒ හින්දා තමන්ගේ දරුවාව හොදින් හදා ගන්න උස්සහ ගන්නවා මේ පියාත් දරුවට පහර දෙන්න ඇත්තේ ඒ චේතනාවෙන් වෙන්න ඇති. මොකද යුරෝපයට ගියාට අපි සිංහල බව අමතක නොකළ යුතුයි. හරියාකරව තමන්ගේ ඇදුම පැලදුම තෝරාගෙන ඇදිය යුතුයි. ඒ උනාට සමහර දුවරු නොවේ මවූවරු ද බාගෙට හෙලුවෙන් ඇදගෙන යුරෝපයේ ඉන්නවා මාද දැක තිබේ. අපි අපේ දරුවන් රැක ගත යුතුයි. මා මෙහි අදහස් ලීවාට මටද එය කිරීමට නොහැකි විය. මාද තදින් ඒ ගැන ක්‍රියා කර සිංහල කම රැකිමට උත්සහ කළද කළ නොහැකි විය. එකම දුවක් ලත් මා අදත් ඒගැන දුක් වෙමි. ළමයින්ට ඒ ගැන අවබෝධ වන විට කාලය හමාර වී ඇත. ඔවුන් එවිට දුක් වනු ඇත.(නදී)
ඔය සිද්දියට සම්බන්ද අය සිංහල නොවේ.(නදී)
දුවට පසුව මාමා මාමාට පසුව තාත්තා මේ හැමෝටම කලින් මේ පුවතේ අම්මා ඉතාලියට ඇවිත් වගේ.(නදී)
නරකට යොමු වෙන ළමයා, ලංකාවෙ හිටියත් නරකට යොමු වෙනවා. මම පිටරට වල ඕනෑ තරම් දැකලා තියෙනවා, ලංකාවෙ ඉන්න ළමයින්ටත් වඩා ඉතා විනීතව සංවරව හැදුනු ලාංකිකයින්ගෙ ළමයි. මේ ලඟදි ලංකාවෙ හැදුනු කෙල්ලෙක් ඇමරිකාවට ආවා, දැනටමත් සුද්දෙක් එක්ක ලිවින්-ටුගෙදර්. (නදී)
ඇඳුමෙන් විතරක් සිංහල කම රකින්න හදන එක බොරු වැඩක් කියල මේ තාත්තාට තේරුම් ගිහිල්ල නැති එක පුදුමයි. මම දන්නා තරමට, පිටරට (බටහිර) හැදෙන ළමයි ප්‍රතිශතයක් හැටියට ලංකාවේ හැදෙන ළමයින්ට වඩා අවංකයි, ගුණ ගරුකයි, සහ හොඳ නරක අඳුරනවා. අපේ නගරවල ඉන්න ලංකාවේ ළමයි වැඩි හරියක් හොඳ අධ්‍යාපනයක් හා දහම් පාසල් අධ්‍යාපනය පවා ලබනවා. සමහර විට දෙමව්පියන්ගේ පසු තලයන්/හැසිරීම් රටා ළමයින් ගේ ජීවිත වලට බලපාල ඇති. මට දුවල නැහැ. නමුත්, දුවල මෝස්‌තර වලට ඇඳුම් අඳිනවා. මට නම් එකේ වරදක් පෙන්නේ නැ. ලංකාවේ වගේ, මෙහෙ පිරිමි කෑදර කමන් තරුණ ළමයින්ගේ හා කාන්තාවන්ගේ ඇඟ පසඟ දිහා බලනවා අඩුයි. ලංකාවේ සිදුවන දේවල් වල හැටියට, බටහිර රටවල ඉන්න ළමයි බටහිර පන්නයට හැදුනා කියන එක කණගාටු වෙන්න වත්, තරහ ගන්න වත් අවශ්‍ය කාරණයක් නෙමෙයි. (දී)
මම කියන්නේ නම් මේවට මෝඩ කම කියලා (දී)
ඒ ළමයාට ඇතිවෙන හැඟීම කොහොමද කියල හිතා බලන්න (දී)
මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා (දී)
ලෙස්ලි මයා..අවංකව අදහස් පිලිබදව ප්‍රණාමය ..... (දී)
හරියට හරි මානෙල් ගොඩ දෙනෙකුට ඔය අවබෝදය නැහැ.දිරච්ච කොටු නවන්න බැහැ (දී)