කොළඹ ඇස්වාට්ටුව පෙදෙසේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයකු එහි ගොඩනැගිල්ලේ වහළට නැගී විරෝධතාවයක් ආරම්භ කළේය.
ස්ථාන මාරුවීම් ලැබූ සියලු දෙනාට වහා වැටුප් ලබාදෙන ලෙසත් වසර ගණනක් එකම තැන නිලධාරීන්ගේ රැකවරණය යටතේ සිටින සියලු දෙනා වහා මාරු කරන ලෙසත් ඔහු ඉල්ලයි. සෞඛ්‍ය ලේකම්වරයා කැකිල්ලේ තීන්දු ලබාදෙන බවත් ඊට විරෝධය පළ කරන බවත් කියන ඔහු ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ භාණ්ඩාගාරික ද වේ.
ඔහු පැය හතරකට පසු බිමට බැස්සේය. ඔහුගේ දුක් ගැනවිලි ගැන ඔහු හා සාකච්ඡා කිරීමට අමාත්‍යංශ ලේකම් එකඟවූ නිසා වහළින් බැස්ස බව ඔහු කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහින්න ඉඩ නොදී වහලේ උඩම ඉන්න අරින්න තිබුණා (ම)
පිටිගල මිලානෝ, අැයි එහෙම කරන්නේ? ඔයගොල්ලන්ගේ ප්‍රශ්න විතරද ප්‍රශ්න.
මෙම තැනැත්තා කියන දේ නිවැරදිය. දොස්තරවරයකුට වසර හතරක් එක තැන සිටිය හැක. ඉන්පසු මාරු වියයුතුය. දැන් වාර්ෂික ස්ථාන මාරුවලින් මාරුවන්නේ ඉතා සුළු දොස්තරවරු පිරිසකි. මාරු නොවන දොස්තරවරුන්ගේ පඩි කැපුවා නම් මාරුවේවි. ඒ පුද්ගලික සේවයේ යෙදෙන්නේ ඉතා සුළු දොස්තරවරු පිරිසක් නිසාය. (නි)