IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පැයක් වැස්සොත් පිහිනුම් තටාක

කොළඹ නගරයට අවම වශයෙන් පැයකට වඩා වර්ෂාවක් පතිත වුවහොත් කුමක් වේවිද? උත්තරය හරි ලේසියි.මාර්ග පිහිනුම් තටාක බවට පත්වෙයි.

සිදුවන දෙය කොළඹ හා යාවජීව සම්බන්ධතාවක් තිබෙන්නවුන්ට අලූත් දෙයක් නොවේ.මහ වර්ෂාවක් සමග නගරයේ වීදි බොහෝමයක් පිහිණුම් තටාක බවට පත්වන්නේ නිමේෂයකිනි.ඇතැම් තැන් වල ජල මට්ටම අඩි ගණනක් උසය.මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප‍්‍රධානම හේතුව වන්නේ කොළඹ ජලය බැසයාමට සකස් කර තිබෙන කාණු පද්දතියේ දුර්වලතාය.කාණු පද්ධතියේ දුර්වලතා ඇති බව අදාළ බලධරයින් ඇතළු සියලූමදෙනා දන්නා කාරණයකි.නමුත් එය සිහිකැඳවන්නට වර්ෂාවක ආගමනය අපට අත්‍යාවශ්‍යය.

ජලය බැසයාමට සකස් කර ඇති කාණු පද්ධතියේ ඇති දුර්වලතා නිසා වර්ෂා සමයකදී අධික ලෙස පීඩාවට පත්වන ජනාවාසයක් ලෙස පුංචි බොරැල්ල 87 වත්ත හැඳීන්විය හැකිය.බොහෝ දෙනෙක් මෙවන් ජනාවාසයක් ඇති බව පවා නොදන්නෝය.ඔබ පුංචි බොරැල්ල බස් නැවතුමෙන් දිනක් හෝ නැවතී ඇත්නම්, එසේත් නැතිනම් බසයක හෝ වෙනත් වාහනයක යන විටදී පුංචි බොරැුල්ල අවට කඩසාප්පු ගැන අවධානය යොමුකර ඇත්නම්, ගායක බොබ් මාර්ලේගේ, කීර්තිමත් හමුදාපති ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ, සිතුවම් බිත්තියක සිත්තම් කර ඇති බිංගෙයක් වැනි කොටස දැක තිබෙනවාට කිසඳු සැකයක් නැත.87 වත්ත පිහිටා තිබෙන්නේ මෙම බිංගෙය අවසානයේය.එහි පවුල් පණහකට ආසන්න සංඛ්‍යාවක් එකිනෙකට ආසන්නව තනා ඇති නිවාස වල ජීවත් වන්නෝය.

87 වත්ත කොළඹ පිහිටි ‘වත්ත‘ ලෙස හැඳින්වෙන අනෙක් ජනාවාස හා සමකළ නොහැකිය.මෙහි සිටින්නන් සියල්ලටම මනාව සකස් කර ඇති නිවාස හිමිය.බහුතරය රාජ්‍ය, පෞද්ගලික, රැකියාවක හෝ තමන්ගේම යැයි කටයුතු වල හෝ නියැලෙන්නෝය.එසේ නම් ඔවුනට ගැටලූවක් නැතැයි සිතෙන්නට පිළිවන.නමුත් එය එසේ නොවන බව දන්නේ ඔවුන්ම පමණක්ය.

‘වහින වෙලාවට ඇවිල්ලා බලන්න  ඕනෑ මේ පැත්තේ හැටි.වැඩිය වුවමනා නැහැ.පැයක් හොඳට වැස්සොත් අඩි ගාණක් උසට වතුරෙන් යටවෙනවා.‘ එක් නිවැසියෙක් කීවේය.

එය සත්‍යයක් බව පෙන්වන සළකුණු හාත්පසම දැකිය හැකිය.නිවාස සියල්ලේම බිත්ති වල ජල මට්ටම ඉහළ නැග තිබෙන බව අඟවන ලකුණු සටහන්ව ඇත.තීන්ත දියවී, බදාම පළුදු වී ගොස්ය.නිවෙස් බොහෝමයක් ඇතුළත පොළව ඉරිතලා ඇත.

සෑම නිවසකම දොරටුව ඉදිරියේ අඩි කිහිපයක් උසට බදින ලද බැම්මකි.එහි පාදමෙහි බටයක් සවිකර ඇත.මෙයට හේතුව කුමක්දැයි සිතාගත හැකිද?

‘මෙහෙම බිත්ති බැඳලා තියෙන්නේ ඒ තරමට උසට වතුර එන නිසා.ඒ වුනත් වැඩක් නැහැ.හොඳ වැස්සක් වැස්සොත් බැම්මට උඩින් වතුර එනවා.ඇවිල්ලා මුළු ගේම පිරෙනවා.එළියේ වතුර බැහැලා ගියාට පස්සේ ගේ ඇතුලේ පිරිලා තියෙන වතුර ටික යවන්න තමයි ඔය බට කෑල්ලක් හයි කරලා තියෙන්නේ.වතුර බැහැලා ගියාට ඒත් කරදර වල අඩුවක් නැහැ.මුළු ගේම හෝදන්න  ඕනේ.ගඳ ඉවසන්න බැහැ.‘

තවත් නිවැසියෙක් කීවේය.

87 වත්ත පිහිටා තිබෙන්නේ බේසමක් හා සම පෙදෙසක වීම මෙම තත්ත්වයට හේතුව විය හැකිව වුවද පදිංචිකරුවන් කියනුයේ එසේ යැයි කියා අතීතයේ කිසිදු ගැටලූවක් මතු නොවූ බවය.ජනාවාසයේ ජලය බැස යාමට මනාව නඩත්තු කළ කාණු පද්දතියක් තිබූ බවත්, එනිසා ජලය එක තැන නොරැදී බැස යාම සිදුවූ බවත් ඔවුහු පැවසුවෝය.

‘දැන් මේ කාණු සුද්ධ කරන්න තියා, මේ පැත්ත පළාතකවත් කවුරුවත් එන්නේ නැහැ.ඔය සමහර කාණු පස් වලින් වැහිලා තියෙන්නේ.උඩ ඉඳන් ලොකු වතුර පාරක් ආපුවහම ඉතින් වතුර බහින්නේ කාණුවෙන් නෙවෙයි, අපේ ගෙවල් උඩින්.‘

තවත් අයෙක් පැවසුවේය.

පදිංචිකරුවන් පවසන ආකාරයට මෙම තත්ත්වය තවත් උග‍්‍ර වීමට හේතුවක් වී ඇත්තේ මරදාන ප‍්‍රදේශයේ සිට ගලාඑන වැසි ජලය 87 වත්ත පෙදෙසට යොමුකිරීමය.මෙය කොළඹ ජලය බැස යාමේ නව සැළැස්මක් අනුව සිදුකෙරුණක් බවට බලධරයින් තමන්ව දැනුම්වත් කළ බව ඔවුහු පැවසූහ.එම සැළසුමේ ඊළග පියවර වන්නේ 87 වත්ත හා ඊට පහළ කොටස ආවරණය වන පරිදි ජලය බැසයාමේ ක‍්‍රමවේදය සකස් කිරීම වුවත් මේ දක්වාම කිසිදු සාධනීය පියවරක් ඒ සම්බන්ධයෙන් ගෙන නොමැති බවට ඔවුහු චෝදනා කළහ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී හෙළිවූයේ මෙම සැළැස්මේ ඉදිරි පියවර කි‍්‍රයාත්මක වෙමින් පවතින බවය.නමුත් එම වගකීම භාරදී ඇති පුද්ගලයින්ගේ පෞද්ගලික ගැටලූ නිසා නියමිත පරිදි වැඩකටයුතු සිදුනොවන බවද දැනගැනීමට හැකිවිය.එහි ප‍්‍රතිවිපාක අත්විදීමට සිදුව ඇත්තේ ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට වීම ඇත්තෙන්ම අවාසනාවකි.

‘කියන තැන් වලට කියලා, ලියන තැන් වලට ලියලා අපි දැන් හෙම්බත් වෙලා ඉන්නේ.කවුරුවත් මේකට තවම ස්ථීර විසඳුමක් දුන්නේ නැහැ.දැන් නම් වැඩ කෙරෙනවා කියලා කියනවා.ඒත් එතනත් ප‍්‍රශ්නලූ නේ.වැස්ස නැති හින්දා ලොකු ගැටලූවක් නැහැ.ඒත් වහින්න ගත්තම ඔක්කොම විනාසයි.‘

නිවෙස් හිමිකාරිනියක කීවාය.

මරදාන සෝදා ගෙන එන ජල පහරේ මුසුවී එන අපද්‍රව්‍ය ගැන අමුතු පැහැදිලි කිරීමක් සිදුකළ යුතු නැත.කොරේ පිටට මරේ මෙන් කොළඹ ජාතික රෝහල සහ ඒ අවට මල්ශාලා පිහිටි පෙදෙසේ සිට ජලය ගලා එන කාණුවද ගමන් කරන්නේ 87 වත්ත ඔස්සේය.මහ වර්ෂාවකදී මේ සියල්ල ඉතිරී, පදිංචිකරුවන් කොපමණ අපසුතාවකට පත්වන්නේදැයි යන්න සිතාගත හැකිය. වැස්සෙන් පසුව ජලය බැසගියා වුවත් ඔවුනට ගැලවීමක් නැත.ඒ ඉන් අනතුරුව ඔවුන් සොයා එන්නේ විවිධ රෝගාබාධ නිසාය.උදරාබාධ, සහ විවිධ ආසාදන ඒ අතරින් ප‍්‍රධානය.

‘අපේ පන්සලේ හිටපු නායක හාමුදුරුවොත් අපවත් වෙන්නත් හේතුවුනේ මේ ගැටලූව.උන්වහන්සේගේ දේහය අපිට කරපිට තියාගෙන යන්න සිද්ධ වුනෙත් අඩි ගාණක් වතුරේ බැහැගෙන.‘

නිවැසියෝ පැවසූහ.

ජනාවාසයට පසුපස පිහිටා ඇති එක්තරා ප‍්‍රසිද්ධ පාසලකට අයත් බව කියන කී‍්‍රඩා පිටියක් සම්බන්ධයෙන්ද ඔවුහු අදහස් දැක්වූහ.එම අදහස් වලට අනුව මඩ වගුරක් හා සමවන මේ පිටියේ කී‍්‍රඩා කිරීමට තබා ඒ පළාතේවත් දරුවන් එන්නේ නැත.එයට ඇතුල් වන ගේට්ටුව තිබෙනුයේ ඉබියතුරු දමා වසාය.නිසි නඩත්තුවක් නොමැති මෙම පිටියේ වැවෙන්නට ඉඩහැර ඇති වල් පැළද 87 වත්ත වැසියන්ට මාරකයකි.

‘ඔය පැත්තෙන් එන මදුරුවන් හින්දා අපේ කී දෙනෙක් ලෙඩ වෙන්න ඇතිද.විශේෂයෙන් පොඩි දරුවන්.සර්පයින් පවා ආපු අවස්ථා තිබුණා.පිට්ටනියෙන් වැඩක් ගන්නවානම් ඒත් කමක් නැහැ.එහෙම වෙන්නෙත් නැහැනේ.‘

තවත් නිවෙස් හිමිකාරිනියක අදහස් පළකළාය.

පසුගිය මස වට වර්ෂාවෙන් 87 වැසියන් කෙලෙස බැට කන්නට ඇතිද? එනිසාදෝ පිටිය පිරිසිදු කිරීමට දැන් පියවර ගැනෙමින් පවතී.නමුත් එය අඛණ්ඩව සිදුවනු ඇතැයි ඔවුන්ට විශ්වාසයක් නොමැත.

ඒ අතර තවත් ගැටලූවකි. පුංචිබොරැල්ලේ ඇතැම් ආපනශාලා වල අපජලය යොමුකෙරෙන්නේ දැනටමත් අවහිරව ඇති 87 වත්ත කාණු පද්දතියටය.දුර්ගන්ධය පෙදෙස වසාගෙන ඇත.මදුරුවන් හා මැස්සන් එමටය.

‘ලොකු අයට නම් කොහොම හරි ඉන්න පුලූවන්.ඒත් පොඩි අයට? ?ට මේ පැත්තට මදුරුවෝ එන්න වලාකුලූ වගේ.කරදරය ඉවසගන්නම බැරි තැන අපිම සල්ලි දීලා පිරිසිදු කිරීමේ සේවකයින් ගෙන්වාගෙන කාණුව පිරිසිදු කරවනවා.ඒත් මේක හැමදාම කරන්න පුලූවන් දෙයක් නෙවෙයිනේ.‘

කරදරයට පත්ව සිටින නිවැසියෙක් කීවේය.

කාණු පද්දතිය සකස් කිරීමේ සැළසුම් ඇත්නම් ඒවා වහාම කි‍්‍රයාත්මක කිරීමත්, අඩුම තරමේ මාස තුනකට වරක්වත් පැමිණ කාණු පද්දතිය පිරිසිදු කිරීමත්, ඔවුන් ගැටලූවට විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන යෝජනාය.

‘අර ව්‍යාපෘතිය තියෙනවා, මේ ව්‍යාපෘතිය තියෙනවා කියලා අපිට කියනවා.ඒත් මේ වෙනකන් හරියට කි‍්‍රයාත්මක වෙච්ච මොන ව්‍යාපෘතියක්වත් නැහැ.වහින කාලයටනේ මේ කරදරය.ඒ හින්දා අනෙක් කාලයට අපිව අමතක කරලා දාලා වගේ තියෙන්නේ.වැඩි දෙයක් කරලා දෙන්න නැහැනේ මෙතන ඇත්තටම.කාණුව හරියට පිරිසිදු කරනවානම්, වතුර බහින එක වෙනුවෙන් තියෙන ව්‍යාපෘතිය හරියට කි‍්‍රයාත්මක වෙනවානම් එච්චයි.ඇයි මේ දේවල් කරන්න බැරි?‘ ඔවුහු ප‍්‍රශ්න කරන්නෝය.

1 15 14 13 12 11 10 9 8 7 6 5 4 3 2

                           



අදහස් (0)

පැයක් වැස්සොත් පිහිනුම් තටාක

දහම් Tuesday, 28 June 2016 01:56 PM

මේවා නගර සභාවට අයිති වැඩ නේද? ඔය පැත්තේ නාගරික මන්ත්‍රී කෙනෙක් නැද්ද? (බ)

:       0       0

චන්දන Tuesday, 28 June 2016 09:48 AM

ඒක තමයි සංවර්ධනේ.(හේ)

:       0       0

රජිත් Tuesday, 28 June 2016 11:20 AM

අපේ ගම්වල යමක් කමක් තිබුණු යමක් උගත් හුඟ දෙනෙක් ගම්වල තිබුණු හොඳ සරුසාර ඉඩම් කඩම් විකුණලා කොළඹ නරා තටාකේ පිහිනනවා. ලොකු කාර් එකේ ගමට ඇවිත් අපිට ලොකු කතා කියනවා. අපි ඉතින් අහගෙන ඉඳලා දෙකොනින් හිනාවෙනවා. හුඟක් දෙනෙක් කොළඹ ගියාම හිතන්නේ දිව්‍යලෝකේ ගියා කියලා. (නි)

:       0       0

ගුනේ Tuesday, 28 June 2016 11:21 AM

බුද්ධියක් ඇති බලසම්පන්න තරුණයෝ ඔය ප්‍රදේශයේ ඉන්නවා නම් ශ්‍රමදානයක් සංවිධානය කරලා අවහිරවෙලා තිබෙන කාණු පද්ධතිය පිරිසිදුකර එය නැවත අවහිර නොකරන ලෙස නීති පැනෙව්වා නම් තමන්ගේ ප්‍රදේශය තමන් රැකගත්තා වෙනවා. එවන් මිනිසුන්ට සොබාදහමත් කාරුණික වෙනවා. (නි)

:       0       0

රජින්ද Tuesday, 28 June 2016 06:59 AM

කාලෙන් කාලෙට බලයට එන සහ ආ අය තම තමන්ගේ මනාප ගොඩ වැඩිකරගන්න යාමේ විපාක තමයි ඕවා. මේ ගෙවල් වල ඉන්න උදවියම තමයි වතුරට ගෙවල් යටවුණාම පාලම් උඩට ඇවිත් පවතින රජයට බැන බැන සහනාධාර ගන්නෙත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 160 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 563 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘බන්දුල කලකිරේ‘
2024 ඔක්තෝබර් මස 04 1200 6

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 1036 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 159 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 1015 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25499 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site