පහේ ශිෂ්‍යත්වයෙන් සමත් දකුණේ පාසලක දැරියක සිය පියාගෙන් අපුරු තෑග්ගක් ඉල්ලා ලියුමක් ලියා මවට දුන්නාය.
පියා කකුලක ආබාධයකට රෝහල්ගත වී සිටි පියා බැලීමට ගිය මව එම ලිපිය ඔහු අතට පත් කළාය.
ලිපිය කියවු පියා අඩන්නට විය.වාට්ටුවේ සිටි අය ඔහු අඩනු දුටහ. බොහෝ දෙනා ඊට හේතුව ඔහුගෙන් ඇසුහ.
වාට්ටුවේ වෛද්‍යවරු හා හෙදියෝද ඊට හේතුව ඇසුහ. දැරියගේ ඉල්ලීම දැරියගේ වචනවලින්ම මෙසේය.
‘තාත්තේ මට ලකුණු 172 ක් ලැබුණා.මම විභාගයෙන් පාස්, මට පොරොන්දු වෙන්න ඕනෑ තාත්තා මීට පස්සේ කවදාවත් බොන්නේ නෑ කියා.මගේ තාත්තාට සම්මා සම්බුදු සරණයි.’

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ප්‍රශ්නය තියෙන්නේ බීම නොවෙයි. ප්‍රමාණය ඉක්මවා යාමයි. ගෙදර ඇවිල්ලා පොඩි අඩියක් ගහලා කාටවත් කරදරයක් නැතුව කාලා බීලා අඹු දරුවන් සමග විනෝද වෙලා ඉන්න පුළුවන් නම් ප්‍රශ්න ඉවරයි. මගදී ගහන එක තමයි හෙණය. මේක බීමේ වරදක් නොවේ. පාවිච්චි කිරීමේ දුර්වලතාවයක්. (නි)
ඔයා විශිෂ්ටයි දුවේ..... (ස)
සුගත්, සෙන්තිල් වගේ අය මෝඩයෝ නෙමෙයි. ජාතිවාදී කුහකයෝ. ඉස්ආ ඔලුවේ මොනවද තියාගෙන මං සුදනා කිව්වලු. (ස)
මේ වගේ තාත්තල හින්ද විනාස වෙච්ච පවුල් ගොඩක් තියනවා, මේකේ රගේ දන්නේ වෙච්ච කෙනා විතරයි තාත්ත කෙලින් නැහැයි කියන්නේ මුලු පවුලටම ප්‍රස්නයක් , ඒ දිහා මේ සමාජයේ මිනිස්සු බලන්නේ වපර ඇහෙන් (නදී)
අමිල, ඔයා කියලා තියෙන්නේ කටුක අතීතයක් මැදින් දිවි ගමන සාර්ථක කර ගත්ත කියලනේ.පුළුවන් නම් ලංකාවේ අසරණ දරු පැටවුන්ට උදව් කරන්න. මමත් ඒ දේ කරනවා. (ස)
අමිල , එතකොට ඔබේ දෙමවිපියෝ ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේද? එයාලව බලාගන්නේ ඔයාද? නැත්නම් ලංකාවේ ඉන්න ඔබ තරම් උගත් නැති සහෝදර සහෝදරියොද?(නදී)
ඔබට දෙවි පිහිටයි දුවේ! (නි)
දුව ගෙදරට වාසනාවක්! (නි)
සෙන්තිල් සන්තෝෂද? ඔයාගේ කට්ටිය බබලා වෙන්න ඇති. ඔයා දෙමළද මුස්ලිම්ද කියලා මම දන්නෙ නැහැ.හැබැයි සිංහල රටේ සිංහලයොත් එක්ක ඉන්න සිංහලයන්ට මඩ ගහන මෝඩයෙක් බව පේනවා. (නි)
සමිත් , උපාලි , සමහරවිට ඔයාලා හරි වෙන්නත් පුළුවන්. හැබැයි සමහර දරුවෝ ඉන්නවා පුදුමාකාර බුද්ධිමත් දරුවෝ.මොකද පොඩි එවුන්ගේ මොළය හරිම නිරවුල්.අර අමිල වහෙන් ඔරෝ කියන්න හදන්නෙත් එයාගේ තාත්තත් බොන කෙනෙක් කියලනේ. ඒ වගේ වාතාවරණයක ඉදගෙනත් එයා මහන්සි වෙලා ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවේ හොඳ රස්සාවක් කරනවා කියන එකනේ (නි)
අද හුගක් පියවරුන් මෙම ජරා බිමට ඇබ්බෙහිවෙලා පවුල් පිටින්ම ආගාදයට පත්කරගෙන යනවා. මේ රත්තරන් කිරි කැටි දරුවන්ගේ අනාගත පැතුමන් කාබාසිනියා කරලා දාලා අගතියට පත් කරනවා. මේ බීම බොන්නේ නැතුව මේ මිනිසුන්ට ඉන්න බැරි හැටි. සමහර තාත්තලට තමන්ගේ දියනියනුත් අමතක වෙලා ජරා වැඩ කරන ප්‍රවෘත්‍රි පත්තර දකිනකොට මේ අපේ රට මිනිස්සු ඉන්න රටක්ද වනචාරීන් ඉන්න රටක්ද කියල හිතෙනවා. ඉස්සර දෙමාපියන් තමන්ගේ දරුවන් සැලකුවේ ඇස් දෙක වගේ. ඒවගේම දරුවනුත් දෙමාපියන්ට දෙවිවරුන්ට වගේ සැලකුවා. ඒවා නැතිකරගෙන තිබෙන්නේ මේ වගේ දෙමාපියන් විසිනුයි. මෙම දැරිය එවෙනි තත්වයක ඉදලත් උත්සාහයෙන් ජය අරගෙන තාත්තට සතුට සහ ආදර්ශයක් ගෙනදීල තිබෙන දුවට බුදු සරණින් සෞභාග්‍යවන්ත අනාගතයකට අසිරි වේවා!(නදී)
සමිත්, ගීතාල්, ඔබ කිවූ දේ හරියටම හරි කියලා මාත් හිතනවා. අම්මා හරියටම තැන බලලා, අවස්ථාව බලලා මොලේ පාවිච්චි කළා. ඕං ඕකට තමයි දරුවනේ 'ස්ථානොචිත ප්‍රඥාව' කියන්නේ. අම්මගෙයි දුවගෙයි අති සාර්ථක මෙහෙයුමක්. ජය වේවා! ඒ දෙන්නට මගෙනුත් සුබපැතුම්! (නි)
අගය කළයුතු දෙය අගය කරන්න බැරි අයත් මේකේ අදහස් දානවා (නි)
සමිත් ගීතාල් කියන්නේ ඇත්ත (නි)
අමිල උඹ නම් ටිකක් බීපන් එතකොට ලෙඩේ හොඳ වෙයි.(නදී)
ආදර්ශවත් දැරියක්. (නදී)
අපේ දරුවෝ හොදයි. දෙමව්පියෝ කල්පනාකාරී වෙන්න, (නි)
දරුවන්ට හරි වැරදි කියා දෙන්න දෙමාපියන් හරි තැනක ඉන්න ඕනෑ.ඒක නොවන තැන දරුවෝ සමාජයෙන් කොන් වෙනවා,ලජ්ජාවට පත්වෙනවා. දෙවියනේ ඇයි මේ දෙමාපියන් හදවත බදු තම දරු පැටවුන්ට නිගා කරන්නේ...? දියණිය, ඔබට ජයෙන් ජය! සුබ පැතුම් ...!!! (නි)
අමිල,ලංකාවට ඇවිල්ල ඒ දරුවාගෙන්. ප්‍රස්නයක් තේරුම් අරගෙන පිළිතුරු ලියන විදිය ඉගෙන ගන්න. .ඔබට නැවත පාසල් යාමට වාසනාව උදාවේවි .ඔබට කැන්ගරූ පිහිටයි.(නදී)
අපේ අනාගතය බාරගන්න ඉන්න මගේ නංගියේ, ඔබේ ඔය ලියුම අනිවාර්යෙන්ම ඉටුවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දන්නවද චුටි නංගියේ, ඔයාගේ ඔය චුටි හිතේ තියෙන ඒ අපරිමිත සෙනෙහස දයාව පිය සෙනෙහසට ඇති කැමැත්ත.. සත්තකින්ම ඔයාව අගය කළ යුතුමයි. විභාගයට වැඩිය මම ඔබව අගයන්නේ ඔබේ ඔය චුටි මනසේ තිබුණු සිතුවිල්ලටයි නංගියේ. ඔයාට සුබම සුබ අනාගතයක්...! ජේසු පිහිටයි! සම්මා සම්බුදු සරනයි! සියලු දෙවිවරුන්ගේම පිහිටයි.! (නි)
හපෝ .... මේ වගේ දුවෙක් හිටියා නම් පොඩි අඩියක් වත් ගහන්න බැහැ නොවැ. මට නම් මේ වගේ දුවෙක් එපා. (ස)
අමිල එහෙම තම ඉන්න ඕනේ පුතේ ඉතාම හොදයි ....ලංකාවෙන් කාල වෙන රටවලට ගෙවපන් ..(අ)
දුවේ, තාත්තා ඉදලා හිටලා අඩියක් ගහන්නේ දුවත් එක්ක තියන තරහට නෙමෙයි. එයා දුවට ආදරෙයි (නි)
අමිල, ලංකාවේ ඉගෙනගෙන රටට සේවය නොකර ඔසට්‍රලියාවේ ඉන්න එක ලොකු දෙයක්ද?.(නදී)
ඔයාගේ ප්‍රර්ටනව ඉටුවෙනවා ඒකාන්තයෙන්.(නදී)
අමිල, ඔයා මෙතන ඉන්න කට්ටියගෙන් ඉල්ලගෙන කනවා. ඕස්ට්‍රේලියාවේ හිටියට කමක් නැහැ. කට පියාගෙන ඉන්න. මෙතන අදහස් දක්වන සමහර අය ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් බව මම හොදාකාරවම දන්නවා. නමුත් ඒ අය කිසිවිට කියන්නේ නැහැ" අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ "කියලා. (නි)
සංවේදී කතාවක් (දී)
මමත් මගේ තාත්තාගෙන් ඉල්ලුවේත් මේ දේම තමා. (නි)
අගය කළ යුතු දුවෙක්. (නි)
බළලා මැට්ටෙන් වුණත් මොකෝ, මීයෝ අල්ලයි නම්..... (නි)
මත්පැන් වලින් තොර නගර බිහිකරමු (නි)
දුව ඔයා සමාජයෙන් එක් පුද්ගලයෙක් මත්පැන් පානයෙන් අයින් කලා. ඒ වගේම ඔයා ලොකු වෙලා හොඳ පුර වැසියෙක් විදියට තවත් බොහෝ අසරණ මත්ලෝලීන් ඉන් මුදවා ගන්න කටයුතු කරන්න. දුවට පිං. (ස)
බොන හැම තාත්තලට මේක හරිම උතුම් ආදර්ශයක් වේවි. (ස)
මතට තිත ,දුන්න සිත , තුල රඳමි, මගේ සිත. රාජ්‍ය නායකයන්ටවත් කරන්න බැරි වෙච්ච දේ මේ පොඩි කෙල්ල කළා . (නදී)
මේ දාලා අදහස් ඒ පියාට පෙන්වන එක වාර්තාකාර ජනක්ද සිල්වා මහතාටම බාරයි. ඒ පියා ඉන්නේ මොන රෝහලේද කියා දන්නේ එතුමායි. මේ අදහස් වල ඇති අවවාද ඔහු කියවිය යුතුයි. (ස)
චූටි දුවේ ඔයා මගේ නෙතට කඳුලක් එක්කලා වගේම බීමත්ව රට ජාතිය හා තමන්ගේ ලස්සන පවුල් විනාශ කර තමන්ද විනාශ වන කාලකන්නි යක්කුන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා කියා මා සිතනවා. (ස)
ඔය වගේ බොන එකනම් හෙන ගහන අපරාදයක්, දරුවන්ගේ නෝනලාගේ ජීවිතේ එහෙම පිටින් කාලකන්නි වෙනවා. මේ රත්තරන් දරුවාගේ පාඩම බේබදු, කාලකන්නි හැම පියෙක්ටම අවබෝද වේවා! දුවේ නුඹට සම්මා සම්බුදු සරණයි! (ස)
දුව රත්තරන්. ඉල්ලීම ඉටු කලොත් තාත්තත් රත්තරන්. (ස)
ලංකාවේ වැඩිමනත් අරක්කු බොන්නේ දුප්පත් මිනිස්සු. ගොඩක්ම බොන්නේ අමුවෙන්. මේකේ වරද ලොකු අයගේ.මොකද පාලනයක් ගෙනෙන්න බැරි? සිංහල මිනිස්සු වඳ වෙන ජාතියක් (නි)
තාත්තා දුවට ඇහුම්කම් දිය යුතුයි. (නි)
දෝණියේ, උඹ හරි.තුවාලෙට නියම බේත දුන්නා. ජය.වාසනා. (නි)
මේ ඉල්ලීම ඉටුකරන්න නොහැකි නම් ඔහු තාත්තා කෙනෙක් නොවේ (නි)
මේ තාත්තා බබෙක් ද ? දුව කියනකන් මත්පැන් බොනඑක නරක බව තේරුනේ නැද්ද? තමන් බොනවා මිසක් අනිත් අය අල්ලලා පොවනවා ද ? (නි)
බුදු තාත්තේ බොන්න එපා...... (නි)
නියම ප්‍රතිපලය වියයුත්තේ මේ වගේ දේවලුයි (නි)
දියණියගේ ඉල්ලීම පියා ඉටුකලොත් හොදයි (නි)
පියවරුන්ගේ බීම නිසා ,ඊටපස්සේ ගෙවල් වල වන රන්ඩු සරුවල් නිසා මේ පුංචි හිත් මොනතරම් තැලෙනවද ? මේ ප්‍රවෘත්තිය බලලා තව මේ වගේ බොන අයත් ඔලුව කල්පනා කරලා බීම අත් හරිවි කියලා මම හිතනවා. (නි)
මමත් පහේ ශිෂ්‍යත්වයෙන් හොඳට පාස් වුණා. නමුත් සාමාන්‍ය පෙළ නම් හොඳට පාස් නැහැ. ඒ වුණාට උසස් පෙල ඒ 4 ගත්තා. කොළඹ කැම්පස් එකේ පළමු පෙළ සාමාර්ථයක් ගත්තා. දැන් ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරනවා. (නි)
මේවා කරන්නේ ඔක්කොම සිංහල අය පමණි. (නි)
මේ පුංචි දියණිය කතා කරලා තියෙන්නේ මෙරටේ සියළු පියවරුන්ගේ හදවත් වලට බව අමතක කරන්න එපා (නි)
මේ පණිවිඩය හොද එකක්. දරුවන් ඉන්න හැම තාත්තා කෙනෙක්ම සවන් දෙන්න. අනේ තාත්තේ කවදාවත් බොන්න එපා. අඩුම ගනනේ ගෙදරදිවත් බීලා ඉන්න එපා. මගේ තාත්තලාට සම්මා සම්බුදු සරණයි! (නි)
දකුණෙන් තවත් විභාග ප්‍රතිපලයක් (නි)
අනේ රත්තරන් තාත්තේ,! ඒ පුංචි දියණිය ඔබේම දියණියයි. ඇයගේ මේ ලස්සන ජීවිතය ,වටිනා ජීවිතය රැදී ඇත්තේ ඔබේ සුරතේය.මින්මතු නොබී ඇයගේ ජීවිතය ලස්සන කරන්න. ඔබගේ පව්ලම ලස්සන වේවි (නි)
රත්තරන් දුවෙක්,දැන් ඉතින් තාත්තා කෙනෙක් විදියට දුවගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. (නි)
දුවට සුභ පැතුම්! (නි)
මෙම දුවගේ අනාගතය රැදී ඇත්තේ පියා අතේය (නි)
දුවේ නුඹේ ප්‍රාර්ථනාව එසේම ඉටුවේවා! තව තවත් ජය ලබන්න ශක්තිය ලැබේවා! දුවට තෙරුවන් සරණ පතමි. (නි)
අමිල අසනීපකාරයෙක්ද? (නි)
ඒ දුවට අපි ලියන මේ දේවල් බලන්න පුළුවන් නම් එයා හුගාක් සතුටු වෙයි,ඒ තාත්තා නොබී හිටියා නම්, මේ දු විභාගේ මීට වඩා හොදට ලකුණු ගන්න තිබුනා.ඒ රත්තරන් දුවට තව තවත් හොදින් ඉගෙන ගන්න ලැබේවා! බුදු සරණයි! අමිල, ඔයා ගැනත් සතුටුයි. හොදින් ඉගෙනගෙන හොද මහත්තයෙක් වෙලා උපන් රටට සේවය කරන්න (නි)
දුවේ, ඔයා ගැන අපිට ආඩම්බරයි.. ඒත්.. බලු වලිගෙ ඇදය උන පුරුකේ දාලවත් අරින්ට බැහැ.. කියනවනේ. මත්පැනට ඇබ්බැහිවීම යනු රෝගයක්.. එය සුව කරන එක ලේසි නැහැ. (නදී)
සමිත් ගීතාල් ,, හිමින් බෝලේ පාස් කරා නේද ,,? දැන් ඉන්න ළමයින්ට ඔයිට වඩා මොලේ තියෙනවා .!! මේ පුංචි දියණියගේ පැතුම සපල ''වේවා'' (නදී)
අමිල මමත් උසස්පෙළ පි දෙකයි කියු දෙකයි .සාමාන්‍ය පෙළ එෆ් හතරයි එෆ් තුනයි එෆ් එකයි .(නදී)
මේක නම් අම්මගේ වැඩක්. පොඩි එවුන් ඕවා ඉල්ලන්නේ නැහැ (නි)
තාත්තා පාඩම හරියට ඉගෙන ගත්තා නම් මුළු පව්ලම දිනුම්. පුංචි කෙල්ලේ උඹයි පවුල හදපු ඔටුනු පලදන්න ඕනෑ රැජින. මේක බොන හැම අප්පෙකුටම පාඩමක් වේවා. (නි)
මේ අහිංසක දරුවා තාත්තා නිසා කොච්චර පීඩාවකින්ද ඉදලා තියෙන්නේ? වාසනාවන්ත දරු පැටියාට තිසරණ සරණයි. (නි)
අමිල, ඔස්ට්‍රේලියාව ලොකුද? (නි)
ඇයි මිනිසුනෙ දරුවන්ට ඇහුම්කන් නොදෙන්නේ.!! (ස)
හැඟීම් වල මිළ කියන්න හදනවා අර අමිල ! (නි)
අනාගතයේ ඉහළම තැනකට යන්න දුවණියගේ ඉල්ලීම ඉටුකරන්න. දියණියට මහමෙරක් වගේ ශක්තියක් වන්නේ පියා නිසානේ ..... (නි)
අර අමිලට පිස්සුද? පොඩි එකෙක්ගේ මෙච්චර සංවේදී කතාවක් අස්සේ එයාගේ ලොකුකම් කියන්නේ? යන්නේ කොහෙද,මල්ලේ පොල් වගේ... (නි)
ලොකු ලොකු හෝටල් වල සමාජ ශාලා වල බොන අපි අපිටත් එක්ක හොදයි මේ පාඩම (නි)
මත්පැන් වලට ස්ප්‍රීතු කන්ටේනර් ගණන් ගෙන්වා මිනිසුන්ට පොවන දේශපාලුවන්ගෙනුත් ඉල්ලා සිටින්න ,අපේ තාත්තලට මත්පැන් පොවන්න එපා කියා. (නි)
දෙමවුපියන්ට ආදර්ශමත් දුවෙක්, දුවට සුබ පැතුම්! (නි)
අමිල, ඔයාගේ ලොකුකම මෙතනට වැඩක් නැහැ (නි)
මේ පොඩිඑකාට කන්දීපන් මනුස්සයෝ! (නි)