IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි

බේරුවල පයාගල යටදොළ මාර්ගයේ පයාගල ගඟ රක්ෂිතයේ කරණ ලද අනවසර ඉදිකිරීම දැනට තහනම් කැර ඇති බවත් එහි ගොඩනැගිලි සැළසුම් සළකා බලා අවසන් තීරණය ගන්නා බවත් කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එස්.ආර්.වීරරත්න මහත්මිය පවසයි.

ගැමියන් පවසන්නේ මේ ස්ථානයේ සෙනසුරාදා ඉරිදා හා රජයේ නිවාඩු දිනයන්හි දී ඇළ මාර්ගය ගොඩකරමින් ඉදිකිරීම් සිදුකළ බවයි. ගොඩනැගිල්ල ලින්ටල් මට්මට ගොඩනගා ඇත. ගොඩනැගිල්ලට ඇළේ සිට ඇත්තේ අඩියක පමණ දුරකි. ඉදිරිපස මාර්ගයේ සිට එයට ඇත්තේ අඩි හයකි.

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පන් ද සිල්වා මහතාගේ රියදුරකු බව කියන පුද්ගලයකු ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය නිලධාරන් බිය ගන්වා මේ ඉදිකිරීම් කරන බව ද ගැමියෝ කියති.

හිටපු සභාපති පුෂ්පන් ද සිල්වා මහතාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.

මේ ඉදිකිරීම් කරණ පුද්ගලයා මගේ රියදුරෙක් නොවෙයි. ඔහු ප්‍රාදේශීය සභාවේ රියදුරෙක්. මා දන්නා තරමින් මේ ඉඩම ඔහුට අයිති ඉඩමක්. ඒත් ගොඩනැගිලි සැළසුමට අවසර අරගෙන නම් නැහැ. මට අයිති ඉඩමක් අනෙක් පැත්තේ තියෙනවා. බද්දක් ගහලා සැලසුම අනුමත කළ හැකියි. වාරිමාර්ග අය කියන්නේ මේ ස්ථානයේ ගඟ රක්ෂිතය අඩි 20ක් කියලා.

ප්‍රාදේශිය ලේකම් පවසන්නේ මේ ඉදිකිරීමට කිසිදු අවසරයක් දී නැති බවයි.

ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ද කීවේ ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාවේ අනුමැතියක් ලබාගෙන නැති බවයි.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එස්.ආර්.වීරරත්න මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ කීවාය.

අපි ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් සොයා බැලුවා. එතැන තිබෙන්නේ ඇළ මාර්ගයක්. ඒ අැළ දෙපස අඩි 20ක ඇළ රක්ෂිතයක් තිබිය යුතුයි. මේ ඉදිකිරිම් කරද්දී ඒ ගැන සැළකිලිමත් වී නැහැ. ඒ නිසා අපි ඉදිකරණ අයට නියෝග කලා ඉදිකිරීම නවතා අදාල සැළසුම් සමග වාරිමාර්ග කාර්යාලයට පැමිණෙන ලෙස. ඔවුන් සමග සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනවා. දැනට ඉදිකිරීම නවතා දැමීමට කටයුතු කැර තිබෙනවා.

WP_20150525_14_22_14_Pro WP_20150525_14_22_25_Pro WP_20150525_14_22_37_Pro - Copy

 



අදහස් (0)

පයාගල ගඟ අයිනෙම කඩයක් හදයි

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 May 2015 12:07 AM

ඇළ අයිනේම ගෙවල් හැදුවහම නොයෙක් කරදර ඇතිවෙන්නේ ඒ ගොඩනැගිලි අයිතිකරුවන්ටමනේ! (නි)

:       0       0

ගගන Tuesday, 26 May 2015 02:50 AM

වහගෙනම වැඩේ දෙනවා වගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 491 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 612 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 373 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1318 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2136 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5147 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24749 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site