IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පියත්, ලැබුණු කාර් එකේ රවුමක් ගියාද?

2016-07-15-ent-142

මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිකර ගත්තේ පියත් රාජපක්‍ෂ නමැති මේ තරුණ ශිල්පියාය. පියත් යන්නෙහි තේරුම ‘‘පියාට ලැදි’’ යැයි ඔහු පවසයි. ඒ ලැදි බව අපූරුවට සනාථ කළ පුතෙකු යැයි සඳහන් කිරීමට පුළුවන. මේ පියත්ගේ පියා වන්නේ ප‍්‍රවීන රංග ශිල්පියකු වන ලලිත් රාජපක්‍ෂය. නමුත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නවා විය හැකිය. රංගන වේදියකු ලෙස පියා පැමිණි ගමනේ දී ඔහුටත් නොහැකි වූ කඩඉමක් පසු කිරීමට අද මේ පුතුට හැකි වී තිබේ. පියකු ලෙස ලලිත් රාජපක්‍ෂ අද එනිසා අපමණ වූ සතුටක් ලබනවා විය හැකිය. පුතෙකු ලබන ජයග‍්‍රහණයක දී එහි හෘද ස්පන්දනය වඩා ප‍්‍රබලව දැනෙන්නේ පියකු හට යැයි කීම අරුමයක් නොවේ. ඒ යථාර්ථය ප‍්‍රායෝගික කළ ‘‘පියත්’’ අපි සඳැල්ලට කැඳවීමු.

 

‘පියත්’ ඒ හැර වෙන නම් තියෙනවද?

2016-07-15-ent-140පියත් ඉසුරු රාජපක්‍ෂ.

 

දැන් වයස එහෙම?

අවුරුදු 21 යි.

 

ඉගෙන ගත්තෙ?

විදුර විද්‍යාලයෙන්.

 

පවුලේ විස්තර?

අම්මයි තාත්තයි, අක්කලා දෙන්නයි.

 

තාත්තා හැර කලාවට සම්බන්ධ වෙන කවුද?

අප්පච්චි තමයි කලාවට සම්බන්ධ. අම්මා නම් ගෘහණියක්. අක්කලා දෙන්නට කලා හැකියාව තියෙනවා. ඒත් ඍජුව සම්බන්ධ වෙලා නැහැ.

 

ඔබ ‘‘ලලිත් රාජපක්‍ෂගේ’’ පුතු බව මේ තරගයට එද්දී බොහෝ දෙනා දැන සිටියද?

ඇත්තටම බොහෝ දෙනෙක් ඒ ගැන දැනගත්තෙ මේ තරගයෙන් පසුවයි. හැබැයි අප්පච්චි එයාගෙ කලා ක්ෂේත‍්‍රයේ යාළුවන්ට කියලා තිබුණා. අනිවාර්යයෙන්ම සෑම දෙනාම උදව් කරන්න ඇති.

 

පියාගේ ආභාෂය තමයි එහෙනම් මේ ඇවිත් තියෙන්නේ.

අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති.

 

‘අප්පච්චි’ ගෙදරදී සිංදු එහෙම කියනවද?

අප්පච්චිගෙ පරපුරේ ඔක්කෝටම ගීත ගැයීමේ හැකියාව තිබෙනවා. නමුත් ප‍්‍රසිද්ධ මාධ්‍යයට ආවේ අප්පච්චි විතරයි.

 

‘අප්පච්චි’ රඟපෑ නාට්‍ය චරිත අතරින් ඔබ සිත් ගත් නාට්‍යය මොකක්ද?

මෑතකදී අප්පච්චිම ‘‘හරිම බඩු තුනක්’’ කියලා නාට්‍යයත් අධ්‍යක්‍ෂණය කළා. එහි රඟපෑ චරිතයට මම ආසයි.

 

අක්කලා දෙන්නා රඟපාන්නෙ නැද්ද?

හැකියාව තියෙනවා. ඒත් තවම සම්බන්ධ වෙලා නැහැ.

 

ඔබ තවම අධ්‍යාපනයෙ නියැලෙනවද?

එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරනවා.

 

ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණකින්ද?

කුඩා කාලයේ ඉඳලා ගෙදර තිබුණු වටපිටාව නිසා සංගීතය කෙරෙහි සෑහෙන උනන්දුවක් කැමැත්තක් තිබුණා. කලාවට තෝතැන්න හැදුණෙ අප්පච්චි නිසාමයි. පාසල් කාලයේදී කලා කටයුතු ක‍්‍රීඩා වගේම අධ්‍යාපනයත් හොඳින් කළා. එක් අවස්ථාවකදී එක් දෙයක් තෝරා ගන්න අවශ්‍ය වුණා. අන්න එතැනදී සංගීතයට වඩා උනන්දු වුණා. උසස් පෙළ ඉවර කරලා. සංගීතය පැත්තට යන්න උනන්දු වුණා.

 

‘‘සුපර් ස්ටාර්’’ එන්න හිතුවේ?

මගේ වටා සිටි පිරිස වගේම මගේ අම්මා තමයි ඊට මුල් වුණේ. වතාවක මම සේවය කරන එයිට්කන් ස්පෙන්ස් ආයතනය ටැලන්ට්ස් නමින් පැවැත් වූ සංගීත තරගයකදී ජයග‍්‍රහණය ලැබුණෙ මට. කුඩා කාලයේ සිටම එවැනි තරග වලට ගිහින් ජයග‍්‍රහණ ලබා තිබුණා. එවැනි පසුබිමක අම්මා මීට වඩා උන්දු වුණා. අවසාන මොහොතේදී තමයි ඉදිරිපත් වුණේ.

 

එදා කවුද විනිශ්චයට හිටියෙ?

කේ. සුජීවා මහත්මිය සහ ඉසුරු ජයන්ත මහතා ඒ වෙලාවේ මම ගායනා කළේ රූකාන්ත මහතාගේ ‘‘උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ’’ ගීතයයි.

 

තරගයට එන විට ජය ලැබේවි කියලා විශ්වාස කළාද?

යටි හිතේ ආත්ම විශ්වාසයක් තිබුණා. නමුත් ප‍්‍රධාන අරමුණ වුණේ අන්තිම අට දෙනා අතරට පැමිණීමයි. මගේ හඬ දියුණු කර ගැනීම ලොකු අරමුණක් වුණා. අදියරෙන් අදියර යද්දී මගේ ඒ පුහුණුවීම් කියනදේ තව තවත් තීව්ර වුණා. මම සේවය කරන සමාගමෙනුත් විශාල සහයෝගයක් ලැබුණා.

 

‘‘සුපර් ස්ටාර්’’ වුණාම?

තවම ඞී‍්‍රම් එකක්. ඒක ඇත්තට මම දැකපු හීනයක්ද කියලා හිතෙනවා. ඒ සතුට මගේ ජීවිතය පුරාම තියේවි.

 

ලැබුණු කාර් එකේ රවුමක් ගියාද?

තවම ගියේ නැහැ. දැන් ඒ ගැන හිත හිතා ඉන්නෙ.

 

දැන් මීළඟට මොකද හිතන්නෙ?

දින්නාටත් වඩා රැුඳී සිටීම තමයි අපහසු. මම දැනටමත් මගේම නිර්මාණ කරලා තියෙන්නේ. අපේ දේ රැුකගෙන විශිෂ්ට නිර්මාණ සමග ලෝකයට යාම තමයි දැන් අරමුණ. මේ සුපර් ස්ටාර් කියන දේ ගැන සමාජයේ විවිධ මත තියෙනවා. ඒ නිසා ඊට යථාර්ථයක් දිය යුතුමයි.

 

ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?

ලංකාවට තවදුරටත් මෙය වලංගුද? මම හිතන්නෙ ඔව්. ඒක අඩු තරමින් දක්‍ෂතාවය ගැන හරි උරගා බලන්න විශාල අවස්ථාවක්. ප‍්‍රායෝගිකව ලොකු පුහුණුවක් ලැබෙන අවස්ථාවක්.

 

‘‘පියත්’’ කොහොම කෙනෙක්ද?

මම සරල සාමාන්‍ය ක‍්‍රමයට හැඩ ගැසුණ කෙනෙක්. කාගෙවත් හිත් රිදවන්න ආස නැහැ. ජීවිතයට මනුස්සකම අවශ්‍යයි. ඒ මනුස්සකමට ගෞරවයක් දෙන්න උත්සාහ ගන්න කෙනෙක්.

 

‘‘පේ‍්‍රමවන්තයෙක්ද?’’

පේ‍්‍රමයක් තිබුණා. නැහැ, කිව්වොත් ඒක බොරුවක්. වත්මනෙහි පේ‍්‍රමයක් නැහැ. දැන් මට ඊට වඩා මේ කුසලානයට අරුතක් දෙන්න වෙලා. අද ඒ ගැනයි හිතන්නෙ.

 

සඳුන් ගමගේ

 

2016-07-15-ent-141
2016-07-15-ent-139
2016-07-15-ent-138
2016-07-15-ent-137
 

 

related-ARTICAL

 



අදහස් (0)

පියත්, ලැබුණු කාර් එකේ රවුමක් ගියාද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 715 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1539 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 97 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2306 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5934 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4068 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site