පසුගියදා ධර්මදුත වැඩසටහනක් සඳහා සහභාගීවීමට ඉතාලියේ රෝම නුවරට වැඩම කළ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්හට වතිකානුවේ විශේෂ ආරාධනාවකින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා අවස්තාවක් ලැබිණි.
මෙම අවස්තාව සඳහා පියදස්සි හිමියන් සමඟ අකුරටියේ නන්ද හිමියන් සහ නාගොඩ අමරවංශ නාහිමියෝද සහභාගී වුහ.
ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනමෙන් ප්‍රකාශයට පත් කැරුනු 2013 වෙසක් පොසොන් කලාපයේ පිටපතක් පාප් වහන්සේවෙත තුටු පඬුරක් ලෙස පිළිගන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවිය යුතු දෙයකි. හාමුදුරුවෝ පාප්තුමාගේ රටට වැඩියාම ඒ අවස්ථාවෙහි ඒ රටෙහි ප්‍රධානියා හෝ ලොව වැඩි පිරිසක් අදහන ආගමෙහි නායකයා හමුවිම හාමුදුරුවන්ට අපහාසයක් නොවන අතර එය ආගමික සහජිවනයට හොද අත්වැලකි. සමහරු ආගම් වලට ගරහනවා එක් එක් ආගම් විවේචනය කරනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් එවැනි දේවල් කිරිම පිළිගත නොහැකිය. (නි)
බුදුන් දේශනා කළේ තමා අදහන ලෙස නොවේ. තමා දේශනා කළ ධර්මය දකින ලෙසයි. (නි)
ශ්‍රේෂ්ඨ ආගමික සහජීවනයක්. පළමුව ශ්‍රී ලංකික අන්‍ය ආගම් පහත් තත්වෙයේ හෙලන ගුණමකු මිනිසුන්ට හොදම උදාහරණයක්, මොනවට පැහැදිලි කර ඇත. පියදස්සි හිමියන්ට මේ අවස්ථාව ලබාදීමට කටයුතු කළ සංවිධායක මඬුල්ලට මගේ උපහාරය (නි)
හාමුදුරුවනේ, පුළුවන් නම් මෙන්න මේ පොතෙන් කොපියක් හොයලා පාප් වහන්සේට දෙන්න.පුලුවන් නම් තැපැල් කරන්න "what Buddha Taught by Dr Walpola Rahula" (නි)
ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙසේ නොයා යුතුයි යන්න මගේ මතයයි (නි)
මෙහි අදහස් දක්වපු අයට වැරදිලා. හාමුදුරුවරු පාප්තුමාට හෝ වෙනත් ආගමික නායකයින්ට විරුද්ධ නැති බව දැනගන්න. හැබැයි වැරදි වැඩ , වැරදි කතා කලොත් ඒවාට හාමුදුරුවරු විරුද්ධයි.අධිරාජ්‍යවාදී ආක්‍රමනයින් ලංකාවට ඇවිත් ඉන්දැද්දී එයාලට යාතිකා කරන්න හාමුදුරුවරු පන්සල් වල ධර්මශාලා බෝධිමළු දුන්නා ! ඒවාට ආපු පියතුමලා සහ සුද්දෝ අපේ අහිංසක මිනිස්සු රවටාගෙන ආගමට හරවගත්තා. ඒත් හාමුදුරුවරු තරහ වුනේ නැහැ. අතීතය නොදන්නා සත්‍ය නොදන්නා අය මේවට අදහස් දමනකොට පරිස්සම් වෙන්න කරුණාකරලා. දැන් ඉන්න පාප්තුමාට හාමුදුරුවරු ගොඩක් ප්‍රියයි.එතුමාව ආදරයෙන් පිළිගනීවි. වැරදි අදහස් පතුරලා රට අවුල් කරන්න එපා (නි)
ප්‍රදීප් ඔයාගේ මොලේ තරම හොඳට තේරෙනවා ඔයා කියලා තියෙන දෙයින්. අනේ මෝඩ කම පෙන්නනේ නැතිව ටිකක් හිතල අදහස් පල කරන්න.(නදී)
එතුමන්ලා ගෞරවනීය නිසා තමයි මෙවන් ගෞරවනීය පියතුමන් බැහැදකින්න ගියේ (නි)
බුදු හාමුදුරුවොත් නිගන්ට ලගට ගියා ! (දී)
ඉපැරණි ලාංකික බෞද්ධ උරුමය මුලුලොවටම අයිති දෙයක්.හරියට ජෙරුසලමේ බෙත්ලෙහෙම වගේ (නි)
කොහෙද මේ ජාතිවාදී වීර සහ නඩේ ??? හැංගිලද කෝ අදහස්..... (ස)
හිමියනි හමුවීම නම් හොදයි නමුත් පැවිදිකමේ ගරුත්වය රැකෙන ලෙස වැදගත් විදිහට (දී)
ක්‍රිස්තුස් වහන්සේත් කොච්චර රෝගීන් සුවපත් කලාද? මෙය හොඳ ආදර්ශයක්. (දී)
විවේඡනය නොවේ සිද්ධ විය යුත්තේ, මෙවැනි දේවල් අප සියලු දෙනා අගය කිරීමය. උපදින විට දෙමව්පියන්ගෙන් උරුම වන ආගමත් ජාතියත් අප සැමට ලොව උතුම් දෙයක් හැටියට අප සිතන දෙයක්.නමුත් වෙනත් ජාතීන්ට සහ ආගම් වලටද ගරු කිරීමක් කළ යුතුය. සියලුම ආගම් වල ගැබ්ව ඇත්තේ එකම දර්ශනයකි. එනම් නරක දේවල් නොකර හොඳ දේවල් කරන්න. පස් පව් හෝ දස පනත් හෝ වෙනත් ආගමික දර්ශනවාදීන් පවසන්නේ මෙයමය. නමුත් ආගමක මුවාවෙන් පහත් වැඩ කිරීමත් අර්ථය විකෘති කර අමානුෂික දේවල් කිරීමත් හෙලා දකිමු (නි)
මොහමඩ්ලාට තමයි ටිකක් රිදිලා තියෙන්නේ (නි)
පාප් වහන්සේ හමුවීම හිමිවරුන්ට ගරුත්වය නැති වීමක් නොවේ. මේවා මන්ද බුද්ධික අදහස් (නි)
ප්‍රදීප්, ඔබ අන්තවාදී අදහසක් පළකර ඇති බව මගේ හැගිමය. මේ හිමිවරු කළ දෙය අප අගය කළ යුතුය (නි)
මෙහෙමත් පහත් ප්‍රතිචාර,ජාතිවාදී ආගම්වාදී සහ අන්තවාදී අදහස් කිසිම ලැජ්ජාවක් නැතුව අපේ පාඨකයන් පළකරන්නේ කොහොමද? අප යන්නේ මොන දෙසටද කියා නොදනිමි (නි)
පාට කන්නාඩි දමා ලෝකය දැකලා ඒ තුලින් අන් අයට නිගා නොකරන්න දැන්වත් පුරුදු වන්න. (නි)
නියමයි,ඔහොම සහජීවනයෙන් වැඩ කරන්න පුලුවන් නම් කොච්චර හොදද (නි)
ඔන්න දැන් අපේ හාමුදුරුවෝ ජාති ද්‍රෝහියෙක් වේවිද දන්නැහැ.(නදී)
සතුටුයි. ආගම් අතර සමගිය ඇතිවෙලා ලෝකයට සාමය ලැබෙන්න ඕනෑ (නි)
මිත්‍යා දෘෂ්ටික මතධාරීන් දැන් මොනවද කියන්නේ ? මම කතෝලිකයෙක් (නි)
හොඳ පියවරක්.(නදී)
ගාමිණී, ඔයාට සතුටුයි වගේ නේද හාමුදුරුවෝ පාප් වහන්සේ ළඟට ගිය එක, ඒකෙන්ම තේරෙනවා ඔයා ගැන (නි)
හොද දෙයක් (නි)
එක ආගමක් එක්ක හැර අනිත් ඕනෑම ආගමක් නියෝජනය කරන අයට ලෝකේ එකට ඉන්න පුළුවන්. (නි)
හොඳ ආදර්ශයක් හැමෝටම, (නි)
කැලුම්, ඔබ දැකුම්කළු නැහෙ වගේ ඇයි හාමුදුරු නමක් තවත් උත්තමයෙක් ළඟට යාම නිසා වරදක් වෙනවද ? (නි)
මම ප්‍රියකරන චරිතයක්
හොඳ ආදර්ශයක්. ලොව වෙසෙන සියලු ආගම් සමග අත්වැල් බැඳගෙන සාමයෙන් සතුටින් ජිවත් වෙන්න සැමදෙනාට වාසනාව උදාවේවා කියා පතමි. (නි)
ආගමික සහජීවනය
කෝ අර කට්ටිය? මොකද සද්දයක් නැත්තේ? (අ)
පාප්තුමා ලංකාවට එනවා කිව්වම විරුද්ද වෙලා උඩ පැනපු අය දැන් නිශ්ශබ්ද ඇයි? (අ)
සියලුම ආගම් වල තියෙන්නේ බොහෝ විට එකම දර්ශනයක්, වෙනස් ආකාරයකට පවසා. සියලුම ආගම් වල අයට සමාදානයෙන් සහයෝගයෙන් ජිවත් වෙන්න පුලුවන් නම් ඒක තමා එකම පැතුම (නි)