IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පියදස්සී නා හිමි පාප්තුමා හමුවේ

පසුගියදා ධර්මදුත වැඩසටහනක් සඳහා සහභාගීවීමට ඉතාලියේ රෝම නුවරට වැඩම කළ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන්හට වතිකානුවේ විශේෂ ආරාධනාවකින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසීම සඳහා අවස්තාවක් ලැබිණි.

මෙම අවස්තාව සඳහා පියදස්සි හිමියන් සමඟ  අකුරටියේ නන්ද හිමියන් සහ  නාගොඩ අමරවංශ නාහිමියෝද සහභාගී වුහ.

ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභසාධක පදනමෙන් ප්‍රකාශයට පත් කැරුනු  2013 වෙසක් පොසොන් කලාපයේ පිටපතක් පාප් වහන්සේවෙත තුටු පඬුරක් ලෙස පිළිගන්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පියදස්සී නා හිමි පාප්තුමා හමුවේ

ප්‍රදීප් Tuesday, 27 August 2013 06:16 AM

ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙසේ නොයා යුතුයි යන්න මගේ මතයයි (නි)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 28 August 2013 06:10 PM

ප්‍රදීප්, ඔබ අන්තවාදී අදහසක් පළකර ඇති බව මගේ හැගිමය. මේ හිමිවරු කළ දෙය අප අගය කළ යුතුය (නි)

:       0       0

පියල් Tuesday, 27 August 2013 06:26 AM

මෙහි අදහස් දක්වපු අයට වැරදිලා. හාමුදුරුවරු පාප්තුමාට හෝ වෙනත් ආගමික නායකයින්ට විරුද්ධ නැති බව දැනගන්න. හැබැයි වැරදි වැඩ , වැරදි කතා කලොත් ඒවාට හාමුදුරුවරු විරුද්ධයි.අධිරාජ්‍යවාදී ආක්‍රමනයින් ලංකාවට ඇවිත් ඉන්දැද්දී එයාලට යාතිකා කරන්න හාමුදුරුවරු පන්සල් වල ධර්මශාලා බෝධිමළු දුන්නා ! ඒවාට ආපු පියතුමලා සහ සුද්දෝ අපේ අහිංසක මිනිස්සු රවටාගෙන ආගමට හරවගත්තා. ඒත් හාමුදුරුවරු තරහ වුනේ නැහැ. අතීතය නොදන්නා සත්‍ය නොදන්නා අය මේවට අදහස් දමනකොට පරිස්සම් වෙන්න කරුණාකරලා. දැන් ඉන්න පාප්තුමාට හාමුදුරුවරු ගොඩක් ප්‍රියයි.එතුමාව ආදරයෙන් පිළිගනීවි. වැරදි අදහස් පතුරලා රට අවුල් කරන්න එපා (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 04 September 2013 02:40 AM

මෙහෙමත් පහත් ප්‍රතිචාර,ජාතිවාදී ආගම්වාදී සහ අන්තවාදී අදහස් කිසිම ලැජ්ජාවක් නැතුව අපේ පාඨකයන් පළකරන්නේ කොහොමද? අප යන්නේ මොන දෙසටද කියා නොදනිමි (නි)

:       0       0

රේණු Tuesday, 27 August 2013 11:48 AM

සිදුවිය යුතු දෙයකි. හාමුදුරුවෝ පාප්තුමාගේ රටට වැඩියාම ඒ අවස්ථාවෙහි ඒ රටෙහි ප්‍ර‍ධානියා හෝ ලොව වැඩි පිරිසක් අදහන ආගමෙහි නායකයා හමුවිම හාමුදුරුවන්ට අපහාසයක් නොවන අතර එය ආගමික සහජිවනයට හොද අත්වැලකි. සමහරු ආගම් වලට ගරහනවා එක් එක් ආගම් විවේචනය කරනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් එවැනි දේවල් කිරිම පිළිගත නොහැකිය. (නි)

:       0       0

ටෝනි පෙරේරා Tuesday, 27 August 2013 07:33 AM

ප්‍රදීප් ඔයාගේ මොලේ තරම හොඳට තේරෙනවා ඔයා කියලා තියෙන දෙයින්. අනේ මෝඩ කම පෙන්නනේ නැතිව ටිකක් හිතල අදහස් පල කරන්න.(නදී)

:       0       0

රෝහණ Tuesday, 27 August 2013 04:53 PM

ක්‍රිස්තුස් වහන්සේත් කොච්චර රෝගීන් සුවපත් කලාද? මෙය හොඳ ආදර්ශයක්. (දී)

:       0       0

නෙතුමි Monday, 26 August 2013 05:52 PM

හොඳ ආදර්ශයක් හැමෝටම, (නි)

:       0       0

නසාර් Monday, 26 August 2013 06:09 PM

නියමයි,ඔහොම සහජීවනයෙන් වැඩ කරන්න පුලුවන් නම් කොච්චර හොදද (නි)

:       0       0

මාමා කෙසෙල් Tuesday, 27 August 2013 12:26 PM

කොහෙද මේ ජාතිවාදී වීර සහ නඩේ ??? හැංගිලද කෝ අදහස්..... (ස)

:       0       0

සුජිත් Monday, 26 August 2013 06:12 PM

ඔන්න දැන් අපේ හාමුදුරුවෝ ජාති ද්‍රෝහියෙක් වේවිද දන්නැහැ.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 26 August 2013 09:49 PM

හොඳ ආදර්ශයක්. ලොව වෙසෙන සියලු ආගම් සමග අත්වැල් බැඳගෙන සාමයෙන් සතුටින් ජිවත් වෙන්න සැමදෙනාට වාසනාව උදාවේවා කියා පතමි. (නි)

:       0       0

රොෂාන් Monday, 26 August 2013 09:52 PM

ආගමික සහජීවනය

:       0       0

ධීනා Tuesday, 27 August 2013 08:30 AM

එතුමන්ලා ගෞරවනීය නිසා තමයි මෙවන් ගෞරවනීය පියතුමන් බැහැදකින්න ගියේ (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 26 August 2013 06:20 PM

සතුටුයි. ආගම් අතර සමගිය ඇතිවෙලා ලෝකයට සාමය ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

ගාමිණි Monday, 26 August 2013 06:24 PM

මිත්‍යා දෘෂ්ටික මතධාරීන් දැන් මොනවද කියන්නේ ? මම කතෝලිකයෙක් (නි)

:       0       0

මන්ජා Monday, 26 August 2013 06:32 PM

හොඳ පියවරක්.(නදී)

:       0       0

කැළුම් Monday, 26 August 2013 06:33 PM

ගාමිණී, ඔයාට සතුටුයි වගේ නේද හාමුදුරුවෝ පාප් වහන්සේ ළඟට ගිය එක, ඒකෙන්ම තේරෙනවා ඔයා ගැන (නි)

:       0       0

කෙවින් Monday, 26 August 2013 06:33 PM

හොද දෙයක් (නි)

:       0       0

රෝහණ Monday, 26 August 2013 06:38 PM

එක ආගමක් එක්ක හැර අනිත් ඕනෑම ආගමක් නියෝජනය කරන අයට ලෝකේ එකට ඉන්න පුළුවන්. (නි)

:       0       0

මර්සි ලංකා Tuesday, 27 August 2013 06:55 PM

විවේඡනය නොවේ සිද්ධ විය යුත්තේ, මෙවැනි දේවල් අප සියලු දෙනා අගය කිරීමය. උපදින විට දෙමව්පියන්ගෙන් උරුම වන ආගමත් ජාතියත් අප සැමට ලොව උතුම් දෙයක් හැටියට අප සිතන දෙයක්.නමුත් වෙනත් ජාතීන්ට සහ ආගම් වලටද ගරු කිරීමක් කළ යුතුය. සියලුම ආගම් වල ගැබ්ව ඇත්තේ එකම දර්ශනයකි. එනම් නරක දේවල් නොකර හොඳ දේවල් කරන්න. පස් පව් හෝ දස පනත් හෝ වෙනත් ආගමික දර්ශනවාදීන් පවසන්නේ මෙයමය. නමුත් ආගමක මුවාවෙන් පහත් වැඩ කිරීමත් අර්ථය විකෘති කර අමානුෂික දේවල් කිරීමත් හෙලා දකිමු (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 August 2013 06:57 PM

මොහමඩ්ලාට තමයි ටිකක් රිදිලා තියෙන්නේ (නි)

:       0       0

කුමුදු මේනකා Tuesday, 27 August 2013 07:01 PM

පාප් වහන්සේ හමුවීම හිමිවරුන්ට ගරුත්වය නැති වීමක් නොවේ. මේවා මන්ද බුද්ධික අදහස් (නි)

:       0       0

මහාමේඝ Tuesday, 27 August 2013 09:14 AM

බුදු හාමුදුරුවොත් නිගන්ට ලගට ගියා ! (දී)

:       0       0

ඇන්ටන් Monday, 26 August 2013 06:45 PM

පාට කන්නාඩි දමා ලෝකය දැකලා ඒ තුලින් අන් අයට නිගා නොකරන්න දැන්වත් පුරුදු වන්න. (නි)

:       0       0

ගාමිණි Monday, 26 August 2013 06:58 PM

කැලුම්, ඔබ දැකුම්කළු නැහෙ වගේ ඇයි හාමුදුරු නමක් තවත් උත්තමයෙක් ළඟට යාම නිසා වරදක් වෙනවද ? (නි)

:       0       0

පාලිත Tuesday, 27 August 2013 01:47 PM

හිමියනි හමුවීම නම් හොදයි නමුත් පැවිදිකමේ ගරුත්වය රැකෙන ලෙස වැදගත් විදිහට (දී)

:       0       0

සුනිල් Monday, 26 August 2013 11:33 PM

කෝ අර කට්ටිය? මොකද සද්දයක් නැත්තේ? (අ)

:       0       0

දිනාන Monday, 26 August 2013 11:43 PM

පාප්තුමා ලංකාවට එනවා කිව්වම විරුද්ද වෙලා උඩ පැනපු අය දැන් නිශ්ශබ්ද ඇයි? (අ)

:       0       0

අමිල කටුනායක Monday, 26 August 2013 07:21 PM

මම ප්‍රියකරන චරිතයක්

:       0       0

අමාලි සිල්වා Tuesday, 27 August 2013 01:21 AM

සියලුම ආගම් වල තියෙන්නේ බොහෝ විට එකම දර්ශනයක්, වෙනස් ආකාරයකට පවසා. සියලුම ආගම් වල අයට සමාදානයෙන් සහයෝගයෙන් ජිවත් වෙන්න පුලුවන් නම් ඒක තමා එකම පැතුම (නි)

:       0       0

පහන් මඩුගල්ලේ Tuesday, 27 August 2013 01:40 AM

ඉපැරණි ලාංකික බෞද්ධ උරුමය මුලුලොවටම අයිති දෙයක්.හරියට ජෙරුසලමේ බෙත්ලෙහෙම වගේ (නි)

:       0       0

පසිදු Tuesday, 27 August 2013 02:07 AM

බුදුන් දේශනා කළේ තමා අදහන ලෙස නොවේ. තමා දේශනා කළ ධර්මය දකින ලෙසයි. (නි)

:       0       0

සුජීව Tuesday, 27 August 2013 02:55 AM

ශ්‍රේෂ්ඨ ආගමික සහජීවනයක්. පළමුව ශ්‍රී ලංකික අන්‍ය ආගම් පහත් තත්වෙයේ හෙලන ගුණමකු මිනිසුන්ට හොදම උදාහරණයක්, මොනවට පැහැදිලි කර ඇත. පියදස්සි හිමියන්ට මේ අවස්ථාව ලබාදීමට කටයුතු කළ සංවිධායක මඬුල්ලට මගේ උපහාරය (නි)

:       0       0

අමරේ Tuesday, 27 August 2013 03:13 AM

හාමුදුරුවනේ, පුළුවන් නම් මෙන්න මේ පොතෙන් කොපියක් හොයලා පාප් වහන්සේට දෙන්න.පුලුවන් නම් තැපැල් කරන්න "what Buddha Taught by Dr Walpola Rahula" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 73 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 358 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2454 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2068 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1531 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8426 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34513 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site